iranama
මරණයට පත්වන ආකාරය හෙළිකරන
කේද්‍රයේ අටවැන්න හා හයවැන්න
උපදින හැම සත්ත්වයෙක්ම මරණයට පත්වීම ස්වභාවිකය. එහෙත් එය කෙසේ කවදා කොහේ සිදුවේද යන්න නියත වශයෙන්ම කිව නොහැකි වුවත් ජ්‍යෙdතිෂයට අනුව අනුමාන වශයෙන් ඒ පිළිබඳව කිව හැකිය. ජන්මියාගේ කේන්ද්‍රය නිවැරැදි ලෙස සකස් කර ඇත්නම් මරණය සම්බන්ධ අනාවැකි සාමාන්‍ය වශයෙන් කිවහැක. මරණය විවිධාකාරය. සමහරුන්ට එය ඉතා සුවදායක අවස්ථාවක් විය හැකිවුවත්, තවත් අයෙකුට එය විඳ දරා ගත නොහැකි අවස්ථාවක් විය හැකිය. කෙසේ වුවද ඒ ඒ අයගේ ආයු කාලය අවසන් වීම පිළිබඳව කේJද්‍රයේ සටහන්ව තිබෙන බව කිව යුතුව ඇත. කේJද්‍රයේ අටවැන්න හා හයවැන්න ගැන මනා අවබෝධයක් ලබා ගැනීමෙන් කෙනෙකුගේ මරණය පිළිබඳව දැන ගත හැකිය.
මරණය පිළිබඳව අප විමසන්නේ සයවැන්න හා අටවැන්නෙනි. මේ අනුව රවි, සඳු 6, 8 වැනි ස්ථානයක සිටීම සිව්පා සතුන්ගෙන් මරණය ඇති කිරීමකි. සිව්වැන්නේ කුජ සිටින විට ශනි 10 වැන්නේ සිටීම ද තිරිසන් සතුන් නිසා මරණයට පත්වෙන බව පෙන්නුම් කරයි. 10 වැන්නේ රාහු, සිකුරු, සිටීම ද නැතිනම් කුජ, ශනි 8 සිටීම සර්පයන් දෂ්ඨ කිරීම නිසා වන මරණයකි. කුජ 6 වැන්නේ දුර්වලවීම ශල්‍යකර්මයක් හේතු කොට ගෙන සිදුවන මරණයකි. රවි හතේ සිටින විට කුජ ගුරු 10 වැන්නේ සිටීම ද ඒ අයුරින්ම වෙති. මෙය විෂ ශරීරගත වීමෙන් වන මරණයක් වේ.
ශනි, කුජ ඔවුනොවුන් සතුරු වී 8 වැන්නේ සිටීමෙන් සියදිවි නසා ගැනීමට කෙනෙකු පෙළඹේ. මෙය වෘශ්චික ලග්නය හිමි අයකුගේ නම් එයට හේතුව ප්‍රේම සම්බන්ධකමක් හෝ විවාහය බව පෙන්නුම් කරයි.
ජලයේ ගිලීමෙන් ඇතිවන මරණවලට සඳු බලපායි. මේ අනුව 4, 7, 10 යන ස්ථානවලදී ශනි මිශ්‍රව සිටීම නිසා දියේ ගිලීම ඇති කරයි. 8, 12 වැනි ස්ථානවල සඳු දුර්වල වීමෙන්ද මෙසේ විය හැක. සඳු රවි මීන රාශියේ සිටීම ද දියේ ගිලීමෙන් වන මරණයකි. මකර රාශියේ සඳු ද, 10 වැන්නේ ශනි ද සිටීම දියර වර්ගයක් විෂ වීමෙන් මරණයට පත්වීමකි.
හතර අධිපති රාහු සමඟ 6 8 යන ස්ථානවල යෙදීම සොරුන්ගෙන් හෝ ආයුධවලින් පහර ලැබ මරණය ඇති කිරීමකි. කේතු 4 අධිපති සමඟ 6, 8 ස්ථානවල සිටීම ද ඒ අයුරින්ම සිදුවන මරණයකි.
සඳු මේෂ, වෘශ්චික වැනි රාශියක 6, 8 අධිපතීන්ට සම්බන්ධ වී සිටීම ආයුධ වලින් වන මරණයක් පෙන්නුම් කරයි. සඳු පාප දෘෂ්ටි සහිතව හෝ ශනි රවි සමඟ එකම රාශියක සිටීමෙන් තමන් විසින්ම දිවිනසා ගැනීමකි. මෙහිදී සිකුරු මේෂ, වෘශ්චික සිටී නම් ස්ත්‍රියක් නිසා මරණය සිදු වෙයි.
ශනි, බුධ 8 වැන්නේ සිටීම බරපතළ පහරවල් වලින් ස්නායු පීඩාවට පත්ව දුකසේ මියයැමකි. අටවැන්න මේෂ රාශිය වූයේ නම් හිස තැලීම ද, වෘෂභය නම් මුහුණ ද ආදී වශයෙන් ඊට ගොදුරු වේ.
රවි, කුජ, යන ග්‍රහයන් දෙදෙනා විසින් ගෙන දෙන මරණය මෙයට වඩා වෙනස් වේ. රවි, කුජ 10 හෝ 4 සිටීම උසකින් වැටීමකින් වන මරණයකි. මේෂ, සිංහ ධනු යන ලග්න හිමියන්ගේ 4 වැන්නේ මෙම යෝගය යෙදීම උසකින් වැටුණ දෙයකින් හෝ මරණය සිදුකරයි. මිථුන, කුම්භ, තුලා යන ලග්නවලින් උපන් අය මේ යෝගය 10 වැන්නේ යෙදීම එම ප්‍රතිඵලයම ඇති කරයි.
සෙනසුරු අටවැන්නේ සිටීම ද රිය අනතුරුවලට හේතුවය. කුජ 12 වැන්නේත්, සෙනසුරු 8 වැන්නේ සිටීමත් හෙතෙම කොතරම් ධනවත් වුවත් සුඛෝපභෝගී ජීවිතයක් ගත කළත් ඉතාම දුක්ඛදායී ලෙස මරණයට පත් වේ.
සිව්වැන්නාධිපතිගේ පිහිටීම අනුව නොයෙක් අයුරින් මරණ ඇති කරයි. ඒ අනුව 4 අධිපති 6 වැන්නේ සෙනසුරු හෝ රාහු සමඟ යෙදීම 8 වැන්නේ 12 අධිපතියන් සමඟ මිශ්‍ර වීම ද වාහනවලින් වන අනතුරුවලට හේතුවකි.
කැපුම් කෙටුම්වල හේතුවෙන් සිදුවන මරණ මීට වඩා වෙනස් පිහිටීම් ඇති කරයි. මෙයද සඳුගේ බලපෑම අනුව සිදුවේ. රවි, කුජ, ශනි 10 වැන්නේ සිටීම 5, 9 ආදී ස්ථානවල සඳු දුර්වලව සිටීම. ඊට රාහු, ශනි කුජ සංයෝග වීම, 2, 4, 10 ආදී ස්ථානවල සඳු, කුජ, සිටීම ආදී යෝග පිහි පහරවල් නිසා මරණයට පත්වෙන බව කියෑවේ. ශනි, කුජ රාහු 8 වැන්නේ සිටීම ද ආයුධ පහරවලින් වන මරණයකි. එය ක්ෂණිකවම සිදුවේ.
එමෙන්ම රවි 8 සිටින විට ගිනි හෝ විදුලි සර නිසාද, සඳු සිටි කල විෂ දියර වර්ගවලට මැදි වී මරණයට පත්වීම හෝ බුධ සිටීම ස්නායු දුර්වලකම් නිසාද, බ්‍රහස්පති සිටීම බඩේ අසනීපවලින් හෝ වාතබාධ ආදියෙන් ද සිකුරු සිටීම ආහාර නොමැතිකම නිසා ද සෙනසුරු සිටීම පිපාසය වාතාබාධ ආදිය නිසාද මරණයට පත් වෙයි.
වැඩිදුර විස්තර සදහා 071 - 6212020
හිඹුටානේ පියතිලක ද අල්විස්
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks