iranama
භූත වරමට ආයුෂ නැත
එරඬු තෙල් ආලේප කළ පීරිසියක යටි පැත්ත කපුරු දල්වා නැඟෙන දුමෙන් කළු වී ඇත. එය අඳුන නමින් හැඳින්වෙයි. මල් බුලත් තටුව මත පලතුරු, කැවිලි සහ තැඹිලි ගෙඩිය තබා පොල්තෙල් පහන දැල්වීමෙන් සහ මැතිරීමෙන් අංජනම් බැලීම ඇරැඹෙයි.
එරඬු තෙල් ආලේප කළ පීරිසියක යටි පැත්ත කපුරු දල්වා නැඟෙන දුමෙන් කළු වී ඇත. එය අඳුන නමින් හැඳින්වෙයි. මල් බුලත් තටුව මත පලතුරු, කැවිලි සහ තැඹිලි ගෙඩිය තබා පොල්තෙල් පහන දැල්වීමෙන් සහ මැතිරීමෙන් අංජනම් බැලීම ඇරැඹෙයි.
අංජනම් බැලීමේදී පුද සත්කාරයට බඳුන් වන්නේ අංජනම් දේවිය සහ හනුමන්තාය. රාම-රාවණ යුද්ධයේදී වානර ගෝත්‍රික චරපුරුෂයකු ලෙස මහඟු සේවයක් කළ හනුමන්තාගේ මෑණියන් අංජනම් දේවියයි. පන්දමක් අත දරා සිටින අංජනම් දේවිය ඇදුරු මන්ත්‍රයෙන් බලවත් වී අංජනම් බලන්නාට ඇවැසි කරුණු දක්වයි.
අංජනම පැරැණි ගුප්ත ශාස්ත්‍ර ක්රමයකි. භූත විද්‍යාවේ එක් අංගයකි. වරම් ලැබීමෙන් ආරාධනා කිරීමෙන්, පහන් දැල්වීමෙන් මේ සියල්ල සිදුවෙයි. වරම් ලැබීමෙන් පහන් දැල්වීමත්, පහන් දැල්වීමෙන් වරම් ලැබීමත් යනු බන්ධනය වූ ක්‍රියාකාරකම් යුගලකි.
වරම් ලැබීම විවිධාකාරය. පහන් දැල්වීමත් විවිධාකාරය. වරම් යනු අනුමැතියයි. ලෞකික ජීවිතයේ සියලු දෝමනස්සයනට පහන් දැල්වීම, වරම් පැතීම නොපෙනෙන බලවේගයන්ගේ පිහිට පැතීමකි. එවන් වූ වරම් යක්ෂ, භූත වරම් සහ දේව වරම් යනුවෙන් හැඳින්වෙයි.
මෙම ගුප්ත වරම් හිමි වීම දෙවියන්ගේ පිහිට ලබා ගැනීමකි. දෙවියන් පහදවා ගැනීමකි දෙවියන් පහදවා ගැනීමට පහන් තැබීම හෙවත් පහන් දැල්වීම එහි මූලාරම්භයයි. කාලයක් පුරා පහන් දැල්වීමෙන් වරම් හිමි වීම දේව අනුමැතිය අනුව සිදුවෙයි. දේව අනුමැතිය දේව අවසරය වරම් ලෙස හැඳින්වුවද එය යහපත් වූ දේව වරමක් නොවන්නේමය.
එසේ නම් දේව වරම් හිමිවීම යනු කුමක්ද? දෙවියන්ට පහන් දැල්වීම යනු කුමක්ද? පහන් දැල්වීම කවර ආකාරයකින් කළ යුතුද? අප විමසුම් කළ යුත්තේ එයයි. ආවේශය, ආරූඪය, ප්‍රලය වීම යනුවෙන් හැඳින්වෙන්නේ වරම ක්‍රියාත්මක වීමේ පළමු අදියරයි. පහන් දැල්වීමෙන් බැතිමතාට දෙවි පිහිට ලැබෙන්නේ දේවගැතියාගේ මාර්ගෝපදේශය අනුවය. මෙම කවර ආකාරයකින් හෝ දෙවි පිහිට ලැබීම යහපත්ය.
වරම් ලැබීම යහපත් බලවේගයන්ගෙන් හිමිවීම යහපත්ය. අයහපත් බලවේගයන්ගෙන් වරම් හිමිවීම කෙදිනක හෝ දේවගැතියා අයසට, අයහපතට බඳුන් වීමකි. වස්තු තණ්හාවෙන් සහ අඹුදරුවනට අසල්වැසියනට කේරා්ධයෙන්, වෛරයෙන් මියයන මිනිසා භූතාත්මයක ප්‍රතිසන්ධියක් ලැබීම ඉඩකඩම්වලට, අඹුදරුවන් සහ අසල්වාසීන්ට අයහපත්ය. භූතාත්මය තමන් පෙර කල ජීවත් වූ පරිසරය, හිතවතුන්, සතුරන් අතහැර නොයයි. එම භූමිය සහ ඔවුන් අසලම රැඳී සිටියි. තණ්හාව, වෛරය තුළ ජීවත් වන්නවුන් හට විවිධ රෝග පීඩා බාධක ගෙන දෙයි. එම භූතයන්ගේ දිෂ්ටිවලට, ආවේශයනට, වරම් ලැබීමට යොමු වන ජීවිත කෙදිනක හෝ පිරිහීමට ලක් වෙයි.
ශරීරාවේශයට පත් භූතයන් පෙර ආත්මයේ ඥාතීත්වය පවසයි. තමන් හට පීඩා කළවුන් පිළිබඳව වෛරයෙන් තොරතුරු පවසයි. හඬමින්, වැලපෙමින් මිනිස් ශරීරයට ආවේශයෙන් පීඩා ඇති කරවමින් තම පාපී සිතිවිලි ක්‍රියාත්මක කරවයි. යකැදුරන් විසින් ෙදාළ පුද තුළින් ඔවුන් පලවාහැරෙයි. සමනය කෙරෙයි. ඇතැම් භූත කොටස්වලට පමණක් එම පිළිවෙත ක්‍රියාත්මකය.
මෙම ආවේශයන් වළකා ගැනීමද පලවා හැරීමද විමසිලිමත්ව කළ යුතු වෙයි. දේවාල භූමි වෙත ගොස් ෙදාළ පුද පූජා තැබීමෙන් ආවේශ වන්නා වූ භූතාත්ම බලවත් වෙයි. දේවාල භූමි තුළ ෙදාළ පුද සඳහා බලවත් වන්නේ යක්ෂයන්ය. දැඩිමුණ්ඩ යක්ෂ දෙවියෙකි. කාලි වරම දැඩිමුණ්ඩ වරම ගැන නිතරම අසන්නට ලැබෙයි. කාලි දේවතාවිය යක්ෂ දෙව්දුවකි. මුන්නේශ්වරම් ප්‍රදේශයේ ඇගේ පරිවාර යක්ෂණියන් බලවත්ව කටයුතු කරන බව පැවසෙයි.
භූතාත්මයක් ආවේශ වූ තැනැත්තාට එවන් දෙවොලකින් පිළිවෙතකින් වරම් හිමිවීම යනු යක්ෂ බලවේගයක ආකර්ෂණය හිමිවීමයි. වරම තුළ ආවේශයෙන් මිනිසුන්ගේ පින්පෙත් ලබා ගැනීමේ බලවත් අරමුණ පෙරදැරිව යක්ෂ බලවේග විෂ්ණු, කතරගම යන දේව නම්වලින් තමන් හඳුන්වා දෙයි. විෂ්ණු, කතරගම වැනි මහා දෙවිවරු කවර කලෙකවත් මිනිසුන් හට ආවේශ නොවෙයි. යහපත් වූ දෙවියන්ගේ ප්‍රාර්ථනය මෙලොව මිනිසුන් පිනෙහි යොදවා එම පින් අනුමෝදන් වීමයි. ඇතැම් දේවාලයන්හි විෂ්ණු, කතරගම, සමන්, පත්තිනි ආදී දෙවිවරුන් හමුවේ පළිගැනීම්, පළිගැසීම්, වස්කවි ආදිය සිදු කරන්නේ එම දේවගැතියන් පවා දෙවියන් ගැන නොදන්නා නිසාය.
තණ්හාව, වෛරය සමග භූතාත්මයක් ලද අයෙක් තම නෑසියන් පීඩාවට පත් කරවන ලෙසම එම ස්ථානයේ පහන් දල්වන්නේ නම් අයහපතට වඩාත් බලවත් වෙති. ජීවත්ව සිටියදී යහපත්ව ගත කර භූතාත්මයකට පත්වීම පෙර කල නෑ හිතවතුනට, ඔවුන් වසන භූමියට ආශීර්වාදයකි. නිවැසියන් විපතින් ආරක්ෂා කර ගනියි. එවන් ස්ථානයක දෙවියන් වෙනුවෙන් පහනක් දැල්වීම එම භූතාත්මයේ ප්‍රසාදයට හේතු වෙයි. නිවෙස් තුළ දෝෂ ඉවත් කළ හැකිය. දෝෂයන් දුරු කිරීමත් සමඟම පහත් භූත කොටස්ද දුරු වෙයි. භූත දෝෂ බලපෑ ස්ථානයන්හි දෙවියන් හට පහන් තැබීම සුදුසු නැත.
පහන් දල්වන ස්ථානය හෝ නිවෙස අපිරිසුදු වීම, කිලි දෝෂ ඇතිවීම යහපත් වූ බලවේගයන් ඉවත් වීමක් ලෙස හැඳින්විය හැකිය. එවිට බැහැර වූ අයහපත් භූතයා පහනට ආකර්ෂණය වී නැවත නිවෙසට, නිවැසියනට තම අයහපත් ආධිපත්‍ය පතුරුවාලයි.
නිවෙසක දෙවියන් හට පහන් දැල්වීම සුදුසු නැත. දෙවිපිහිට පතන බැතිමතා යහපත් වූ කුසලයක් කොට කෝවිල්, දේවාල භූමි වෙත ගොස් පහන් දල්වා දෙවියන් හට කළ කුසලයේ පින් අනුමෝදන් කොට දෙවි පිහිට පැතීම වඩාත් නිවැරැදි පිළිවෙතයි. පහන් දැල්වීමෙන් දෙවි පිහිට ලැබෙන්නේද දෙවි පිහිටෙන් යහපත් වූ බලවේගයක ආකර්ෂණයක් හිමි වන්නේද එවිටය.
දෙවියන් හාස්‍යයට උපහාසයට පත් කරවන පිරිස් ව්‍යසනයේදී රහසින් කොපමණ වාර ගණනක් දෙවි පිහිට පතා ඇද්ද? පර වී ගිය පලතුරු වට්ටියකට කුරුවල් පොල් ගෙඩියක් තබා ප්‍රේත තටුවක් මෙන් පුද වට්ටියක් දෙවියන් වෙත පුද දෙන පිරිස් අපමණය.
රනින් දෙමි, රිදියෙන් දෙමි, රුවට රුවක් දෙමි යනුවෙන් සපථ කොට කාරිය ඉටු වූ පසු බෙලෙක් තහඩු කැබැල්ලක් පුදන්නෝද, නිහඬ වන්නෝද බැතිමතුන් අතර සිටිති. දෙවියන් රැවටිය නොහැකිය. මිනිසුන් බලවතුන්ගේ පිහිට පැතීමේදී ආචාරශීලී විය යුතුය. එවිට නිසි ලෙස පහන් දැල්වීමෙන් සහ යහපත් වූ වරම් හිමිවීමෙන් දේව කරුණාව මිනිසා වෙත නිසැකවම හිමි වෙයි.
Wmqgd .ekSu u