iranama
භාව කේන්ද්‍රයෙන් නොවරදින පලාපල
කියන්නේ මෙහෙමයි
ජ්‍යෙතිෂය ගත් කල, ලංකාවේ පලාපල කියන ක්‍රම කීපයක් වේ. මෙහිදී සම්ප්‍රදායික ජ්‍යෙdතිෂ්‍ය, නාඩි ජ්‍යෙතිෂ්‍ය, ක්රිෂ්ණ මූර්ති, තත්කාල සහ භාව කේන්ද්‍ර සංකල්පය ආදී ක්‍රම කීපයක් ඇත. මෙහිදි භාව කේන්ද්‍ර සංකල්පය තුලදී ග්‍රහයාගේ ශඩ් වර්ගයම පරීක්ෂාවට ලක්වන අතර සම්ප්‍රදායික ජ්‍යෙdතිෂ්යයේදී සිදු වන්නේ රාශි සහ නවාංශකය පමණක් පරික්ෂාවට ලක් කිරීමයි. මෙහිදී ග්‍රහයන්ට අදාළ ශඩ් වර්ගය යනු රාශිය, හෝරාව, දෙර්කාණය, නවාංශකය, ද්වදසාංශක, ත්රිමංශාංශකය වේ. මීට අමතරව ග්‍රහයන්ගේ අවස්ථාවන්, නැකත්, යන කරුණු 02 ද මෙහිදී සැලකිල්ලට ගත යුතුය.
මෙහිදී කේන්ද්‍රයක ලග්න ස්පුටකය, මිථුනයේ අංශක 20 යි උපකල්පනය කරමු. එනම් එහි ලග්නය මිථුන වේ. නවාංශකය තුලා වේ. මෙම කේන්ද්‍ර හිමියාගේ පළමුවන භාවය නියෝජනය වන්නේ ලග්න ස්ඵුටකයේ සිට 150 ක් ඉදිරියට හා පසු පසට වේ. එනම් වෘෂභයේ 170 සිට මිථුනයේ 170 දක්වා ප්‍රදේශය වේ. මෙහි බුධ වෘෂභයේ 250 සිටියහොත්, සම්ප්‍රදායික ජ්‍යෙdතිෂ්යයට අනුව එය සටහන් වන්නේ කේන්ද්‍රයක 12 වන භාවයේය. නමුත් භාව කේන්ද්‍ර සංකල්පය අනුව බුධ පිහිටවන්නේ පළමු භාවයේය. එනම් ලග්නයේය. මෙහිදී බුධ දිග්බල වේ. එම බලය සම්ප්‍රදායික ජ්‍යෙdතිෂ්යයට අනුව බැලූ බැල්මට නොපෙනේ. මෙය එක් උදාහරණයක් පමණි. මෙහිදී අනෙකුත් භාවයන් ඒ ආකාරයටම තීරණය වේ. ඒ භාවයන්වලට අදාළ පලාපලද නිශ්චිත ආකාරයට ප්‍රකාශ කිරීම මෙහිදී සිදු වේ. මෙම ක්‍රමය තුළදී භාවය හා ෂඩ් වර්ගය පටලවා ගැනීමක් සිදු නොවේ.
තවත් උදාහරණයක් නම්, කේන්ද්‍ර හිමියෙකුගේ සෙනසුරු ඒ රාශ්ටක සම්බන්ධ ඉහත ආකාරයෙන් ලග්න භාවයන් අෂ්ටක භාවයන්, චන්ද්‍ර භාවයන් ගත යුතු වේ. වෘශ්චික රාශියේ 12 වන අංශකයේ චන්ද්‍රයා පිහිටි අයෙකුගේ ජන්ම ඒ රාශ්ටකය ලැබීම සිදුවන්නේ තුලා රාශියේ 270 ට ශනි පැමිණි විටය. මෙහිදී ශනි ගෝචර වන්නා වූ නවාංශකය අනුව සෙනසුරු ඒරාශ්ටකයේ ප්‍රතිඵල වෙනස් වේ. එය අවසන් වන්නේ ශනි වෘශ්චික රාශියේ 270 ට ගිය අවස්ථාවේදී වේ. මෙම සංකල්පය මගින් කේන්ද්‍රයක් පරික්ෂා කිරීමට ගතවන කාලය දීර්ඝ නමුත්, නොවරදින අනාවැකි ප්‍රකාශ කළ හැක.
තවද සම්ප්‍රදායික ජ්‍යෙdතිෂයේදී සැලකෙන ග්‍රහයෝග භාවකේන්ද්‍ර සංකල්පයේදී නිශ්චිතවම සිදු වී ඇත්දැයි පරීක්ෂණයට භාජනය වේ. මෙහිදී ඇස රවටන යෝග, පෙන්නුම් කරන දළ කේන්ද්‍ර සටහන භාව කේන්ද්‍රය තුළදී නාම මාත්‍ර යෝග බවට පත්වේ. එසේ දළ කේන්ද්‍රයක මහත් අනිටුපල විපාක දෙන යෝග පෙන්නුම් කරන අවස්ථාවක භාව කේන්ද්‍ර සංකල්පයට අනුව එම කේන්ද්‍රය පරීක්ෂා කිරීමේදී එවැනි යෝග වල කිසිදු බලයක් නොමැති, පලවිපාක නොදෙන යෝග බවට පත්වන අවස්ථාවන් මා දැක ඇත. එයට හේතුව භාවකේන්ද්රය සංකල්පයේදී සූQක්ෂම පරීක්ෂාවකට ලක්වීමයි. මෙහිදී විෂය සරල වන තරමට අනාවැකි ප්‍රකාශ කිරීම සරල වන අතර, නිරවද්‍යාතාවය අඩු වේ. නමුත් විෂය සංකීර්ණ වන තරමට අනාවැකි ප්‍රකාශ කිරීමට විශාල කාලයක් ගතවනවා මෙන්ම, අසීරු කාරණයක් වන අතර නොවරදින පලාපල නියම ආකාරයට ප්‍රකාශ කළ හැක.
තවත් උදාහරණයක් ලෙස, පරිවර්තන යෝග වලදී සම්ප්‍රදායික ජ්‍යෙdතිෂයේදී, රාශි පරිවර්තන ගැන පමණක් විශේෂ අවධානයක් යොමු කරයි. නමුත් ඉහත සඳහන් කළ ශඩ් වර්ගයටම පරිවර්තන ඇත. එසේම නැකැත් පරිවර්තන ද මහා ධනයෝග නැකැත් පරිවර්තනය තුළින් ඇති වේ. සම්ප්‍රදායික ජ්‍යෙdතිෂයේදී කිසිදු සුබ කටයුත්තක් සිදු නොවේයයි පවසා ඇති කේන්ද්‍ර හිමියන්, විශාල වශයෙන් ජයග්‍රහණ ලැබූ අවස්ථාවන් කොතෙකුත් ඇත. තවද සම්ප්‍රදායික ජ්‍යෙdතිෂයට අනුව, යම් යම් කාලවලදී ශුභ පල උදාවන බව පැවසු නමුත්, කිසිදු යහපතක් සිදුනොවූ කේන්ද්‍ර හිමියන්ද මා වෙත ඕනෑ තරම් පැමිණ ඇත. මෙවැනි දේ සිදුවීමට හේතු වී ඇත්තේ, නිවැරදි ආකාරයට හා සූක්ෂම ආකාරයට, කේන්ද්‍ර පරීක්ෂාව සිදු නොවීමයි. මෙම විෂය කෙනෙකුගේ ජීවිතයේ ඉදිරි අනාගතය සැලසුම් කරගත හැකි දෙයක් වන අතර, එය නිසියාකාරව යොදා ගැනීමෙන් ජීවිතය ජය ගත හැක.
වැඩි විස්තර සදහා 071-8602525
011-5248187
විද්‍යාවේදී ජ්‍යෙතිෂවේදී
ගෝඨාභය මුදලිගේ
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks