iranama
බෝධි පූජාවෙන් සුවය ලැබෙන රහස මෙන්න
බෝධි පූජාවෙන් තමන්ට විශාල සෙතක් ශාන්තියක් සැලසෙන බව බොහෝ බෞද්ධයෝ විශ්වාස කරති. බෝධියක් සෙවණේ සිටීමෙන් විශාල සහනයක් දැනෙන බවට විශ්වාසයක්ද බෞද්ධ සමාජයේ පවතී. තවත් සමහරුන්ගේ මතය බෝධි පූජාව කිසිදු පලක් නැති මිථ්‍යා ඇදහිල්ලක් බවයි. පුරාණයේ පැවති ගස්වලට වන්දනාමාන කිරීම ආශ්රයෙන් ගොඩනගාගත් මිථ්‍යාවක් බවයි. බෝධි පූජාව නිෂ්ඵල මිථ්‍යා ඇදහිල්ලක්ද නැතිනම් එය නූතන විද්‍යාව මගින් පවා තහවුරු කළ හැකි ඵලදායී ක්‍රියාවක්ද යන්න විමසා බැලීම මේ ලිපියේ අරමුණයි.
අප අවට ඇති පරිසරය ඇසට නොපෙනන විවිධාකාර ද්‍රව්‍යවලින් යුක්තය. දූවිලි, ජල වාෂ්ප, රොඩු, දුම්, ඔක්සිජන්, කාබන් ඩයොක්සයිඩ්, නයිට්රජන් වැනි විවිධ වායු වර්ග ආදිය පරිසරයේ ඇති බව බොහෝදෙනා දනිති. එහෙත් බොහෝදෙනකු නොදන්නා ඇසට නොපෙනන ක්ෂුද්‍ර වස්තු ගණනාවක් අප අවට පරිසරයේ තිබේ. ඒ අතර ඇති ඉතාම වැදගත් ද්‍රව්‍යයක් වන්නේ ණ අයනයි. මේවා පරිසරයේ සෑම තැනකම නැති බවද මෙහිදී අප සිහියට නගාගනිමින්ම ණ අයන යනු මොනවාදැයි පැහැදිලි කර ගනිමු.
කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයන ආයතනයේ මෘදුකාංග සංවර්ධන එ්කකයේ ප්‍රධානී හර්ෂ විජයවර්ධන
කොළඹ විශ්වවිද්‍යාලයේ
පරිගණක අධ්‍යයන ආයතනයේ
මෘදුකාංග සංවර්ධන එ්කකයේ ප්‍රධානී
හර්ෂ විජයවර්ධන
පරිසරයේ අන්තර්ගත ඔක්සිජන්, කාබන් ඩයොක්සයිඩ්, නයිට්රජන් වැනි වායු, ජල අංශු ආදිය අතර ශක්ති හුවමාරු ක්‍රියාවලියක් සිදු වේ. එම ක්‍රියාවලියේදී ඉවත් වී හුදෙකලා වන ඉලෙක්ටේරා්නයක් අසල පිහිටි අංශුවක් සමග එක්වීමෙන් ණ අයන සෑදෙයි. (මෙය ණ ආරෝපණයක් ලෙස හැඳින්වේ) ඉලෙක්ටේරා්නය ඉවත්වුණු මුල් අංශුව ධන අයනයයි. ඒ අනුව එහි එක් ඉලෙක්ටේරා්නයක් අඩුය. විද්‍යාඥයන් පැහැදිලි කරන පරිදි ධන අයන මිනිසාට මෙන්ම සතුන්ට හා ශාකවලටද අහිකරය. සුළඟට ගසාගෙන එන ධන අයනවලට හසුවීම නිසා මිනිසුන්ට විවිධ රෝග, මානසික ව්‍යාධි ආදිය වැලඳේ. ‘ධනාත්මක චින්තනය’ වැනි යෙදුම් අසා පුරුදු නිසා, ධන යන්න සමග සම්බන්ධ යමක් ගැන අසන විට බොහෝ දෙනකු සිතන්නේ එය යහපත් දෙයක් විය යුතු බවයි. එහෙත් මෙහිදී එය විරුද්ධ අතට අවධානයට ගත යුතු බව මෙහිදී අවධාරණය කළ යුතුය. මෙහිදී යහපත් වන්නේ ණ අයනයි. මීට හේතුව මේ පිළිබඳව විද්වතුන්ගේ අවධානය යොමු වුණු 1700 ගණන් වන විට පරමාණුව හා ‘ණ ආරෝපිතයක් සහිත ඉලෙක්ටේරා්න පිළිබඳව නිවැරදි අවබෝධයක් නොතිබිමයි. එනිසා ධන අයන අයහපත් ලෙසත් ණ අයන යහපත් ලෙසත් සලකා තිබේ. අදටත් අප කරන්නේ මේ කණපිට ගැසූ හැඳින්වීම භාවිත කිරීමයි.
අයන නිර්මාණය වන ක්‍රම කීපයකි. අඩකට වැඩි සංඛ්‍යාවක් නිර්මාණය වන්නේ විකිරණශීලී වායු නිසාය. පස, අන්තරීක්ෂ කිරණ, අල්ට්‍රාවයලට් කිරණ, වායු ධාරාවන්හි ඝර්ෂණය, ඇදහැලෙන ජල ධාරා, ශාක ආදී සියල්ල මගින් ඉතිරි කොටස නිර්මාණය වේ. ශාකවලින් අයන නිර්මාණය වීමේදී ඊට දායක වන්නේ ශාක පත්‍රයි. විශේෂයෙන්ම තුඩු සහිත පත්‍රයි. ඊට හේතුව ණ අයන ශාක පත්‍ර තුඩුවල ඉතා පහසුවෙන් තැන්පත්වීමයි.
බෝ පත්‍රවල අග කොටසේ දිගු කොටසක් උල් හැඩයෙන් යුතුය. උල් හැඩයෙන් යුතු නිසා බෝපත් තුඩුවල ණ අයන විශාල වශයෙන් ඒකරාශී වේ. බෝගසක බෝ පත්‍ර විශාල සංඛ්‍යාවක් තිබෙන නිසා බෝ ගසකින් පරිසරයට මුදාහැරෙන ණ අයන සංඛ්‍යාව අති විශාලය. මේ නිසා බෝ ගසක් යට සිටින පුද්ගලයන්ගේ සිරුරුවලට විශාල ණ අයන ප්‍රමාණයක් පතිත වේ. බෝපත් තුඩු පහළට නැමී ඇති නිසා ණ අයන ඔවුන් වෙත ළඟාවීමේ ප්‍රවණතාව වැඩිය.
එසේ විශාල ණ අයන සංඛ්‍යාවක් සිරුරට පතිත වන නිසා ඔවුන්ගේ මොළයේ ඇල්ෆා කිරණ ක්‍රියාකාරිත්වය ඉහළ යයි.
ඇල්ෆා කිරණ මොළය පුරා වැඩි වැඩියෙන් සංසරණය වේ. මේ හේතුවෙන් සිහිකල්පනාව වැඩි වේ. සිත සන්සුන් වේ. හෘදයේ හා ස්වසන පද්ධතියේ ක්‍රියාකාරිත්වය යහපත් අතට හැරේ. බෝ ගසක් යට සිටින විට සිතට සුවයක් දැනෙන බවට ඇති මතය ආගමික භක්තිය නිසා ප්‍රචලිත වූවක් නොවන බවට මෙය හොඳ සාක්ෂ්‍යයකි. පුරාණ වැසියන් වෘක්ෂ වන්දනාවට පෙලඹෙන්නට ඇත්තේද වනස්පතීන්ගේ ඇති මේ සුවිශේෂත්වය අවබෝධ කරගෙන විය හැකිය. ඊට වන්දනාව මුසු ආගමික ස්වරූපයක් එක් කිරීම ජනතාව ඒ කෙරෙහි ආකර්ෂණය කරගැනීමේ උපක්‍රමයක් විය හැකිය.
එසේම ණ අයන නිසා උණ, හිසේ රුජා සහ විවිධ කැක්කුම් සමනය වෙයි. තුවාල පැසවීම අවම වී ඉක්මනින් සුවපත් වීමටද කැලැල් අවමවීමට ණ අයන මහත් බලපෑමක් කරයි. වෛද්‍ය ඉගෝ හාට් කෝන්බ්ලූගේ පරීක්ෂණයකින් හෙළිදරව් වී ඇත්තේ ශල්‍යකර්මවලට බඳුන් වූවන්ට ණ අයන පරිසරයක වාසය කිරීමට ඉඩලබාදීමෙන් ඔවුන් සෙසු රෝගීන්ට වඩා ඉක්මනින් සුවපත් වන බවයි. ඔවුන්ට වේදනාව අඩුවෙන් දැනී ඇති අතර සිතේ අසහනයත් තුවාලවල ආසාදන තත්වයත් අවම වී ඇත.
වෛද්‍ය ආර්. ගුලටෙරොට්ටි පවසන පරිදි ණ අයන නිසා මිනිස් සිරුරේ ෙසෙලවලට හා පටකවලට ඔක්සිජන් සැපයීම වේගවත් වේ. ස්ථුලබව, දියවැඩියාව, හෘද රෝග, මෙටබොලික් සින්ඩේරා්මය වැනි රෝග සඳහාද ණ අයන නිසා සහනයක් ලැබෙන බව විද්‍යාඥයෝ පවසති.
අයන නිසා මිනිසාට බලපෑම් සිදුවන බව බටහිර ලෝකයට මුලින්ම හෙළිදරව් කර ඇත්තේ යුරෝපයේ විසූ ආගමික නායකයකු වූ අබේ බර්තලොන් විසින් 1789දීය. ඉන් සියයකට පමණ පසු 1899 දී එල්ශ්රීසටර් හා ගීතල් නම් විද්‍යාඥයන් දෙදෙනා විසින් මේ බව විද්‍යාත්මක ලෙස තහවුරු කර ඇත. එහෙත් විද්‍යාඥයන් මේ පිළිබඳ සැබෑ කතිකාවක් අරඹා ඇත්තේ 1930ට පසුවය.
ණ අයන විද්‍යුත් උපකරණ මාර්ගයෙන් නිෂ්පාදනය කළ හැකිය. 1932දී එබඳු යන්ත්‍රයක් මගින් පර්යේෂණ පැවැත්වූ වෛද්‍ය සී.ඩබ්. හැන්සල් යන්ත්‍රයෙන් ණ අයන නිකුත් කෙරෙන විට අයහපත් මානසික මට්ටමකින් සිටි පුද්ගලයන්ගේ මානසිකත්වය යහපත් වන බවත් ධන අයන නිකුත් කෙරෙන විට ඔවුන්ගේ තත්ත්වය වඩාත් රළු ස්වභාවයක් ගන්නා බවත් සොයාගත්තේය. පාසල් සිසුන් සම්බන්ධ කරගනිමින් පැවැත්වූ පර්යේෂණයකින් හෙළිදරව් වී ඇති පරිදි ණ අයනවලින් පිරි පරිසරයේ කාලය ගත කළ සිසුන් ඉතා සන්සුන් භාවයට පත්ව ඇත. කලහකාරී සිසුන්ගේ එම තත්ත්වය පහව ගොස් ඇති අතර පාසල් පැමිණීමේ ප්‍රතිශතයද වර්ධනය වී තිබේ. එම පන්ති කාමරවල සේවය කළ ගුරුවරුන්ගේ මානසික මට්ටමද යහපත් වී ඇත. මේ වන විට ඇතැම් රටවල ණ අයන ජනනය කෙරෙන යන්ත්‍ර ජනප්‍රිය වෙමින් පවතී. පුද්ගලික පරිහරණයටත්, රෝහල් බඳු පොදු ස්ථානවල පරිහරනය සඳහාත් නිෂ්පාදිත අයන ජනක යන්ත්‍ර තිබේ.
මේ සියලු කරුණු සැලකිල්ලට ගත් විට පැහැදිලි වන්නේ ණ අයන නිසා ගතට මෙන්ම සිතටද සහනයක්, සුවයක් ලැබෙන බවයි. බෝධි පූජාවක් පවත්වමින් දිගු වේලාවක් බෝධියක් යට ගත කරන විට ණ අයන සිරුරට පතිත වීමෙන් අපේ සිතට මෙන්ම ගතටත් සුවයක් ලැබෙන බවද එයින් පැහැදිලි වේ. වැඩි වශයෙන් හිසට ණ අයන පතිත වන නිසා මානසික සුවය වැඩියෙන් දැනීමට හේතුවක් වේ. මෙහිදී සැලකිල්ලට ගත යුත්තේ වැඩි ණ අයන ප්‍රමාණයක් හිසටත් සිරුරටත් පතිත වන්නට අවස්ථාව සලසමින් හැකිතාක් පහළට බෝපත් එල්ලා වැටෙන බෝධියක් යට එම බෝපත්වලට හැකිතාක් ආසන්නයෙන් හැකිතාක් වේලාවක් සිටිය යුතු බවයි. ඔබේ සිරුරට පතිත වන ණ අයන ප්‍රමාණය වැඩි වන විට ලැබෙන කායික මානසික සහනයද වැඩි වනු ඇත.
Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks