iranama
බුධ පරදා කුජ ජය ගනී
යම් ග්‍රහයන් දෙදෙනෙකු එකම රාශියක එකම අංශකයක් තුළ ගෝචර වශයෙන් ගමන් කරන විට එම එක් ග්රහයෙකුගේ කිරණ වළල්ලට අනෙක් ග්‍රහයා ආවරණය වීම අප ජ්‍යෙdතිෂයේ දී සරලව ග්‍රහ යුද්ධයක් ලෙස හඳුන්වනු ලබනවා. මෙහිදී ජයග්‍රහණය හිමි වන්නේ යුධ වදින ග්‍රහයන් දෙදෙනාගෙන් උතුරින් සිටින ග්‍රහයාටය. මෙම සංසිද්ධියෙන් පරාජයට පත්වන ග්‍රහයා අසුබ කිරණ විහිදුවන සුබ බලයෙන් ඉතාමත් අඩු දුර්වල ග්රහයෙකු ලෙස ජ්‍යෙdතිෂයේදී සලකනු ලබනවා. ඒ අනුව එවන් වූ ග්‍රහ යුද්ධයක් අප සෞරග්‍රහ මණ්ඩලයේ දොළොස් ග්‍රහයන් අතරින් ග්‍රහලොව කුඩාම හා විශාලතම ග්‍රහයන් දෙපළ අතර එළඹෙන සැප්තැම්බරයේ සිදුවීමට නියමිතය.
මෙම ග්‍රහ යුද්ධය අද දින (සැප්තැම්බර් මස 03 වැනි ඉරිදා) සවස 03.09 ට සිදුවීමට නියමිත අතර මෙහිදී ග්‍රහලොව ප්‍රබල ග්‍රහයන් දෙදෙනෙකු වන අඟහරු හෙවත් කුජ හා ග්‍රහලොව කුඩාම ග්‍රහයා වන බුධ අතර සිදු වේ. මෙම ග්‍රහ යුද්ධයෙන් බුධ පරදා අඟහරු ජයගනු ඇත. මෙම ග්‍රහ යුද්ධය සිදුවන විට තත්කාල කේන්දරය තුළ රවිට අයත් සිංහ රාශිය උදාව පවතින අතර රාහු හා රවි පරිවර්තන යෝගයක්ද පවතින විට මෙම ග්‍රහ යුද්ධය සිදුවීමට නියමිතය.
ඒ අනුව බුධ පරාජය වීම හේතුවෙන් හා කුජ ජය ගැනීම හේතුවෙන් කුජගේ බලය තවත් ඉස්මතු වීම හරහාත්, එසේම බුධගේ පරාජයෙන් බුධගෙන් නියෝජනය වන අංශවලට දැඩි අසුබ බලපෑම් එල්ල වීමේ ප්රවනතාවක් දැකගත හැකිය.
විශේෂයෙන් මෙම ග්‍රහ යුද්ධයේ බලපෑම හේතු කොටගෙන සැප්තැම්බර් මාසයේ ආරම්භයේ සිට ඉදිරි ඔක්තෝබර් මාසය අවසානය දක්වා වූ කාලය තුළ අප රටට පමණක් නොව මුළුමහත් ලෝකයටම යම් පීඩාකාරී හා කරදරකාරී කාලයකට මුහුණ දීමට සිදුවනු ඇත. ස්වාභාවික විපත් බහුලවම සිදුවන කාලයකි. ගංවතුර, නායයැම්, භූමිකම්පා, ලැව්ගිනි, සුළිසුළං තත්ත්ව මුහුදු විපත්, හදිසි අනතුරු, මරණ අධිකවීම කැපී පෙනෙන ලෙස වර්ධනය වන කාලයකි. රහස්‍ය කටයුතු බහුලව සිදුවන කාලයකි. ජනතාවගේ මානසික සෞමතාවය බිද වැටීම හේතුවෙන් ජනතාව අතර නොයෙක් වසංගත රෝග හා නොසන්සුන්තා ඇති වනු ඇත. විශේෂයෙන් පරිපාලන ක්ෂේත්රයේ හා අධ්‍යාපන ක්ෂේත්රයේ ගැටලු හා ප්‍රශ්න බහුල වන කාලයකි. උසස් ප්රභූන්ට බුද්ධිමතුනට මෙන්ම කුඩා දරුවන්ට අපල දායකය. පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නොයෙක් ගැටලු හා කරදර ඇතිවනු ඇත.
දේශපාලන ලෝකය තුළ නොසිතූ නොපැතූ හැලහැප්පීම් ඇතිවේ. උද්ඝෝෂණ, උපවාස, වැඩ වර්ජන ඇතිවන කාලසීමාවකි. රට තුළ සිදුවන මංකොල්ල හා මිනීමැරුම් හා දුරාචාර ඉහළ යන අතර ඒවාට නීතිය ක්‍රියාත්මක වනු ඇත. රථවාහන අනතුරු වල කැපී පෙනෙන වැඩිවීමක් සිදුවනු ඇත. ආහාරපාන වල මිල ඉහළ යනු ඇත.
බුධ මහ දශා හා අතුරු දශා, විදශා ගතකරන අය පරිස්සම් විය යුතුය. ලග්න වශයෙන් ගත් කල මේෂ, සිංහ, වෘශ්චික, ධනු, මීන යන ලග්නවලට යම් පමණක සුබ ප්‍රතිඵලත් වෘෂභ, මිථුන, කටක, කන්‍යා, තුලා, මකර කුම්භ යන ලග්නවලට අසුබ ඵලත් ඇති වනු ඇත. මෙම ග්‍රහ අපල සඳහා බදාදා දිනවල බෝධි පූජා පැවැත්වීමත්, විෂ්ණු, කතරගම හා පත්තිනි දෙවියන්ට පින් අනුමෝදන් කිරීමත් යහපත් වනු ඇත.
ජ්‍යෙතිෂවේදී, බණ්ඩාරගම,
සම්පත් එස්. කල්පගේ
වැඩි විස්තර සදහා -0382293771 / 0772753100
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks