iranama
බල සුබ නිමිති පෙරමඟ නැකතටත් වැඩී
සුබ අසුබ නිමිති පිළිබ`දව විශ්වාසය ජනතාව අතර ඇති වූයේ අද ඊයේ සිට නොවේ. ඉදිරියට හමුවන, දකින ඇසෙන දේවල් නිසා සුබාසුබ දේ සිදු වන්නේ යෑයි මතයක් බුදුරජාණන් වහන්සේ ලොව පහලවීමට පෙර සිටම පැවතුණි. ඒවා හැඳින්වුයේ පෙර නිමිති වශයෙනි. පෙර නිමිති යනු හුදු අන්ධ විශ්වාසයක් ද මිථ්‍යාවක්ද යන්න පිළිබ`දව සාකච්ඡා කිරීම මේ ලිපියේ අරමුණයි.
ගමනක් යන විට ඉදිරියට හමුවන හිස් කළයක්, අසුබ වන්නේත් පිරුණු කළයක් සුබ වන්නේත් කෙසේ ද? බස්සෙකුගේ මූසල හ`ඩ මරණයක පෙර නිමිත්තක් ද? නරි හූ කීම බලල් පොරය අසුබ වන්නේ ඇයි? මංගල උත්සව අවස්ථාවක මුල් ගල් තබන අවස්ථාවක ජය මංගල ගාථා නැතහොත් පිරිත් කීමේ අරුත කුමක් ද? කළු ඇ`දුම අසුබ වන්නේත් සුදු ඇ`දුම සුබ වන්නේත් කෙසේ ද? මේවා පැරණි ගැමියන්ගේ විශ්වාස මත පමණක් ඇති වූ මිථ්‍යාවන් නොවිය හැකි ද ? කෙසේ නමුත් මෙවැනි නිමිති දුටු අවස්ථාවකින් පසුව ඊට ගැලපෙන ලෙසම සුබ හෝ අසුබ දෙයකට මුහුණ පාන්නට සිදුවන බව ද බොහෝ අය අත්දැක තිබේ. එසේ වන්නේ ඇයි ?
අවට පරිසරය දෙස විමසිල්ලෙන් බලන්න. පරිසරයේ සිදු වන සෑම ක්‍රිsයාවකටම පෙර යම් සංඥාවක් නිකුත් වන බව මෙසේ පැහැදිලිව පෙනේ.
උදෑසන හිරු න`ගින්නේ එකවරමද? නැත. ඊට පෙර කුකුළකුගේ හ`ඩලෑම, කුරුල්ලන්ගේ නාදය, අරුණෝදයේ මඳ හිරු එළිය දක්නට ලැබෙනවා ඇත. හිරු උදාවන බවට පෙර නිමිති බෙහෝය. අප ඔරලෝසුව බලා එළිවීමට ආසන්න බව දැන ගනිමු. එහෙත් කුකුළා නැතහොත් කපුටා එය දැනගන්නේ කෙසේ ද?
වර්ෂාවක් ගැන හිතන්න. එය ජල කරාමය කරකැවූ විට ජලය ගලා එනවා මෙන් නොවන බවත් වැස්සට පෙර ඒ බව සංඥා කරන බොහෝ දේ ඇති බවත් පෙනේ. අහස ගොරවයි. විදුලි කොටයි. වතුර බි`දු ටික ටික වැටෙයි. මහ වැස්ස ඉන්පසුවය.
රාත්‍රිය උදාවන්නේ ද එසේය. සැඳෑ අහස දෙස බලන විට පෙනෙන්නේ බොහෝ පක්ෂීන් රංචු පිටින් එකම දිශාවකට ගමන් කරන බවය. හිරු එළිය ටිකින් ටික අඩුවෙමින් ගොස් රාත්‍රිය උදාවන්නේ ය.
ගෙඩි හට ගැනීමට පෙර මල් හටගනී. එය පලදාව ගැන පෙරනිමිත්තකි. දැරියක් මල්වර වීම, මවක් වීමේ පෙරනිමිත්තකි. අහක බැලීම කතා නොකිරීම, අමනාප බවේ පෙරනිමිත්තකි. හිසරදය උණ අසනීපයක පෙරනිමිත්තකි. බඩගින්න පිපාසය ආහාර අවශ්‍ය බවේ පෙරනිමිත්තකි. තිරිංග ක්‍රියා විරහිත වීම අනතුරක පෙරනිමිත්තකි. මුදුදේ ජල මට්ටම පහතට යැම සුනාමියක පෙරනිමිත්තකි. මීදුමකින් වැසී මහා ශබ්දයක් නිකුත්වීම නායයැමක පෙරනිමිත්තකි.
ඉහත ස`දහන් කළේ බොහෝ ක්‍රියාවන් සිදු වීමට පෙර සංඥා නිකුත් කරන බවය. මේ අනුව පෙර නිමිති යනු හුදු මිථ්‍යාවක් නොවන බව පෙනී යයි.
සිදුවීමකට පෙර ඇසට පෙනෙන දේ අනුව (දර්ශන නිමිත්ත) ශ්‍රවණය වන ශබ්ද අනුව (ශ්‍රවණ නිමිත්ත) දකින සිහින අනුව (සුපින නිමිත්ත) හිතට එන අදහස අනුව (චිත්තාරම්මන නිමිත්ත) ඉදිරියට එන දේ අනුව (ආගත නිමිත්ත) ආදී වශයෙන් අනාගත සිදුවීම විනිශ්චය කිරීමට නිමිති කීම යෑයි ව්‍යවහාර කරනු ලැබේ.
එසේ නමුත් පෙර නිමිති අනුව ශුභා ශුභ විනිශ්චය කිරීම වැරදි බවත් ශුභාශුභ සිදු වන්නේ කර්ම විපාක අනුව බවත් බුදු දහම අවධාරණය කරයි. දකින දේ අනුව ශුභා ශුභ විපාක ලැබෙන්නේ යෑයි පැරැන්නෝ විශ්වාස කළහ. එයට දිට්ඨ මංගල යෑයි කියනු ලැබේ. මේ අතර ශුභා ශුභ ගැන ඇති වන්නේ දකින දේ අනුව නොව අසන දේ යෑයි සමහරු තර්ක කළහ. එයට '
'
සුත මංගල'
'
යෑයි කීහ. මෙයට බොහෝ තර්ක විතර්ක ඇති වීමට හේතු වූ අතර මෙය මංගල කෝලාහලය නම් විය. දියුණුවට කරුණු මොනවාදැයි දෙවියෙකු පැමිණ බුදුන් වහන්සේගෙන් අසන්නේත් මංගල සූත්‍රය දේශනා කරන්නේත් මෙහි ප්‍රතිඵලයක් වශයෙනි.
එහෙත් නිමිති පිළිබ`දව බෞද්ධ සාහිත්‍යයේ ද ස`දහන් වෙයි. විශේෂයෙන් සිහින පලාපල පිළිබ`දව අවස්ථා රාශියක් දැකිය හැකිය. මහාමාය දේවිය දුටු සිහිනය ගැන බ්‍රාහ්මණයන් කැ`දවා සුද්ධෝදන රජු විමසූ බවත් එය පින්වත් කුමාරයකුගේ පිළිසි`ද ගැනීම බවත් සිහින පලාපල වශයෙන් දක්වා ඇත. ඉන් පසුව මහ බෝසතාණන් වහන්සේම සිහින පහක් දුටු බවත් මේ සිහින වල පලාපල වශයෙන් උන්වහන්සේ ආනගතයේ දී බුදු වන බව අවබෝධ කරගත් බවත් ස`දහන් වේ. තවද කොසොල් රජතුමා දුටු සිහින 16 ක් ගැන ද ස`දහන් වේ. ඒවා අනාගතයේ ලෝකයේ සිදු වන සිදුවීම් ලෙස බුදු හිමියන් විසින් විස්තර කරන ලදී. සුප්‍රසිධ බෞද්ධ ග්රන්ථයක් වන'
'
මිලින්ද ප්රශ්නය'
'
නම් ග්‍රන්ථයේ ද සිහින දැකීම ගැන පරිච්ඡේදයක් වෙන්ව තිබේ. '
'
මහා ස්වප්න ප්රශ්නය'
'
නම් එහි සිහින දැකීමට හේතු පහක් දක්වා ඇති අතර අනාගතයේ සිදුවන දෙයක පෙර නිමිත්තක් වශයෙන් දකින සිහින සත්‍ය බවත් අන් ඒවා බොරු වන බවත් ස`දහන්ය.
මේ අතර මහ බෝසතාණන් වහන්සේ පෙරනිමිති සතරක් දැකීම අභිනිෂ්ක්‍රමණය කිරීමට හේතු වෙයි. මහල්ලෙක්, ලෙඩෙක්, මළමිනියක්, පැවිදි රුවක් යන මේ '
'
සතර පෙර නිමිති'
'
වූ කලී ජීවිතයක යථා ස්වභාවය පෙන්වන දර්ශන වේ. එය ලෝකය පිළිබ`ද රහස අවබෝධ කර ගැනීමට උන්වහන්සේට උපකාර විය.
එසේ නම් මංගල සූත්‍රයට පාදක වූ පෙරනිමිති නිසා සුබාසුබ සිදුවන්නේය යන්න මිථ්‍යා විශ්වාසයක් බවත් එහි ප්‍රධාන හේතුව පෙර කරන කර්ම විපාක බවත් පෙන්වයි. එසේ තිබියදී නිමිති ගැන විවිධ තැන්වල ස`දහන් වීම ගැටලුවක් නොවන්නේ ද යන්න මෙසේ විමසා බැලීම වටී. මංගල සූත්‍රය පිළිබ`දව දීර්ඝ විවරණයක් '
'
මංගල ධර්ම විස්තරය'
'
නම් මාහැ`ගි ග්‍රන්ථයේ පෙරවදන කියවා බැලීම වටී. මේ අනුව සුබ හෝ අසුබ සිදුවීමකට හේතුව කර්මය මිස පෙර නිමිත්ත නොවන බවත්, එසේ වුවද ඒ පිළිබ`ද ශාස්ත්‍ර දන්නා අයට ප්‍රයෝජනවත් වන බවත් දක්වා තිබේ.
එනම් යම් සිදුවීමකට පෙර දකින්නට හෝ අසන්නට ලැබෙන නිමිත්ත හේතුවෙන් සුබාසුබ සිදුවනවා නොවේ. නිමිත්ත යනු කර්මයක විපාකය පෙන්වන සංඥාවයි. මහා මාර්ගයක මාර්ග සංඥා මෙනි. රතු එළිය අනතුරක් ඇති බව සංඥා කරයි. එහෙත් අනතුර සිදුවන්නේ එළිය නිකුත් කරන බල්බයෙන් නොවේ. ගමනක් යන විට හිස් කළයක් රැගෙන එන අයට බැණ වැදීම හෝ පිරුණු කළයක්
රැගෙන එන කෙනෙකුට ප්‍රශංසා කිරීම හෝ නිෂ්පලය. ඒවා කර්ම විපාකය පෙන්ව සංඥා බැවිනි.
කලබලවලින් තොර තැන්පත් මනසක් හෙවත් සංවේදී මනසක් ඇති කෙනෙකුට මේ සංඥා ග්රහනය කර ගැනීම පහසු වෙයි. දකින දෙයක් හෝ අසන දෙයක් හෝ හිතට නැඟෙන සිතුවිල්ලක් මගින් ප්‍රශ්නයකට පිළිතුරක් ලබාදෙයි. ප්රශ්නය න`ගන විටම උදාවන පෙර නිමිත්ත අනුව ප්‍රශ්න විස`දීම හෙවත් ප්‍රශ්න ශාස්ත්‍රය ජ්‍යෙතිර් විද්‍යාවේ එක් අංශයකි.
'
'
මේ යුවළ අතරේ අ` දබර ඇතිවෙලා. දීක්කසාද වෙන්නයි යන්නේ. හරිම ප්‍රශ්නයක් යනුවෙන් එක්තරා කෙනෙකු ජ්‍යෙdaතිර්වේදියකුගෙන් ප්‍රශ්න කළේය. මේ අවස්ථාවේ ජ්‍යෙතිර්වේදියා සිටියේ ලණුවක් ගැටගසන ලද බාල්දියකින් ළිඳේ වතුර අදිමිනි. එක් වරම ලණුව කැඩී බාල්දිය ළි`දට වැටුණේය. ජ්‍යෙdතිර්වේදියා සිනහ වී මෙසේ කීවේය.
'
'
නෑ..දික්කසාද වෙන්නේ නෑ,
ඔය වතුර බාල්දිය ගන්න හැදුවට අයෙත් ළි`දට වැටුණේ...'
'
මෙවැනි සිද්ධියක් හ`දුන්වන්නේ '
'
තත්කාලික සිද්ධ නිමිත්ත'
'
වශයෙනි. ඒ ප්‍රශ්න කරන වේලාවේ සිදු වන දේ අනුව හිතට පිළිතුරු දීමයි. වරෙක ඉතා හදිසියෙන් අප වෙත පැමිණි කාන්තාවන් දෙදෙනකු බුලත් අත පිළිගැන්වූයේ කලබලයෙනි. එහෙත් එය මා අතට පත්වීමට පෙර බිමට වැටුණේය. මුදල් ද ඉවතට විසි විය.
'
'
පාඩුවක් අලාභයක් සිද්ධ වෙලා ද? මම ඇසුවෙමි.
'
'
ඔව් ඔව් කියමින් ඇය එක`ග වූවාය.
'
'
වැඩක් නෑ..ඒක ආයෙ හම්බවෙන්නේ නෑ'
'
මම කීවෙමි.
එය එසේම විය. මේ තත්කාලික සිද්ධ නිමිත්තයි.
තවත් වරෙක රජ කෙනෙකුට තම පුරෝහිත බ්‍රාහ්මණයාගේ දැනුම පරීක්ෂා කිරීමට සිතුණි. රජු මුතු ඇට තුනක් තම අතේ මිට මොලවාගෙන මේ අතේ ඇත්තේ මොනවාදැයි පුරෝහිතගෙන් ප්‍රශ්න කළේය. පුරෝහිත මෙවිට වටපිට බලන විට දුටුවේ බිත්තියේ සිටින මැස්සෙකු අල්ලා ගන්නට පනින හූනෙකි. එයින් මිදීම යන්නට '
'
මුක්තා'
'
යෑයි කියනු ලැබේ. මුතු වලට ද මුක්තා යෑයි කියයි. රජතුමනි ඔබේ අතේ ඇත්තේ '
'
මුතු'
'
යෑයි පුරෝහිතයා පිළිතුරු දුන්නේය. මෙය අංගුත්තර නිකායේ අට්ඨකතාවල එන උදාහරණයකි.
සුqබ නැකතක් බලා කටයුත්තක් ආරම්භ කළත් පෙර නිමිත්ත අසුබ නම් එයින් කියන්නේ කර්මානුරූපව ඒ කාලය එම කටයුත්තට සුදුසු නොවන බවය. මේ නිසා සැළලිහිණි සංදේශ කතුවරයා සිය කාව්‍ය ආරම්භයේදීම ලියා ඇති කවියේ අවසන් පදය වන්නේ '
'
බල සුබ නිමිති පෙර මග නැකතටත් වැඩී'
'
වශයෙනි. එනම් නැකතටත් වඩා පෙර මඟ නිමිති බලන්න යන්නය.
නිමිති ශාස්ත්රයේදී පිරුණු කළ, අලි ඇතුන්, මුදල් ගණන් කරමින් එන අය, කුඩා දරුවන් සේසත් කොඩි, හිත මිතුරන්, කලකින් නොදුටු ඥාතීන්, සිල්වත් භික්ෂුන් වහන්සේලා ආදී හිතට ප්‍රිය නිමිති ඉදිරියට පැමිණිම එම ගමන සුබ වන බවට සංඥාවක් බව කියනු ලැබේ. එමෙන්ම ජය වේවා, සැපවේවා, සුබ ගමන්, වැනි ශුභාශිංසන වචන ද පිරිත් ද ශ්‍රවණය වීම ශූභ නිමිත්තකි.
තවද හිස් භාජන, ආයුධ රැගෙන එන අය, ගින්දර රැගෙන එන අය, කළු පාට ඇ`දුම් ඇ`දගෙන එන අය, දුශ්සීල මහණුන්, හිස මුඩුකළ අය, වැරහැලි ඇ`දගත් මහලු අය සි`ගන්නන්, මළමිනී, ආදිය ඉදිරියට පැමිණීම අසුබ නිමිත්තක් ලෙස සලකනු ලැබේ.
එමෙන්ම වර, ඔහොම හිටපිය, කෙහෙ යන්නද, නවතින්න, ඉන්න, ආදී වචන ඈතින් ශ්‍රවණය වීමද අශුභ පලදායක වේ. මෙය එක් එක් නිමිති වශයෙන් දීර්ඝ ලැයිස්තුවක් ලිවීම අවශ්‍ය නොවන අතර හිතට දැනෙන ප්‍රිය නිමිති සුබ බවත් අප්‍රිය නිමිති අසුබ බවත් අවබෝධ කර ගත යුතු වේ.
පෙර නිමිති ගැන කතා කරන විට තත්කාල නිමිත්ත නම් ජ්‍යෙdතිෂයේ උසස්ම අංශය ගැනද ස`දහන් කිරීම උචිතය. එනම් යම් කටයුත්තකට පෙර ඒ පිළිබ`දව තත්කාල නිමිත්ත දන්නා ජ්‍යෙdතිර්වේදියකුට ප්‍රශ්න ඉදිරිපත් කිරීමයි. මේ ස`දහා සිරිත් වන්නේ කාරණය පමණක් සිතේ තබාගෙන බුලත් අතක් පිළිගැන්වීමයි. බුලත් අත දෙන ප්රශ්නය ඉදිරිපත් කරන වේලාව සටහන් කර ගන්නා ජ්‍යෙdතිර්වේදියා ඒ වේලාවට උදාවන ලග්න නවාංශක හෝරා හා ග්‍රහචාරය සටහන් කරගෙන ඒ අනුව ප්රශ්නයේ ස්වභාවයත් පිළිතුර හෙවත් විස`දුමත් ලබා දෙයි. තත්කාල නිමිත්ත එයයි.
නිමිත්ත යනු සංඥාවකි. එය හරිහැටි ග්‍රහණය කර ගැනීමට සංවේදී තැන්පත් මනසක් තිබීම අවශ්‍ය වේ. ජ්‍යෙdතිෂය ගැන ගැඹුරු දැකීමක් නැති කෙනෙකුට වුවද නිමිති හෙවත් අවට පරිසරයෙන් නිකුත් වන සංඥා ගැන අවබෝධයෙන් ක්‍රියා කළහොත් ඉදිරියේ සිදුවන්නේ කුමක්දැයි වටහා ගැනීම අපහසු නොවේ.
කෑගල්ලේ
සුනිල් කුමාර ගම්ලත්
නොමිලේ උපදෙස් සඳහා
දුරකථනය - 0771234313
Wmqgd .ekSu ,la�u mqj;a m; weiqfrks