iranama
පෞරාණික වස්තු පිළිබඳ වැඩි කතා බහක්
ප්‍රබල සාමාජ නායකයකුට දැඩි අපල කාලයක්
ග්‍රහ ලෝව සෙනසුරු 2017 ජනවාරි මස 26 වනදින ගුරුට අයත ධනු රාශියට පිවිසේ. මෙම අවස්ථාවේ කුම්භ ලග්න ලංකා කේන්ද්‍රයේ ලග්නයේ ශක්‍ර, කේතු දෙවැන්නේ කුජ හත් වැන්නේ රාහු අට වැන්නේ ගුරු, එකොළොස් වැන්නේ ශනි හා බුධද, දොළොස් වැන්නේ රවිහාචන් ද්‍රයාද ගමන්කරයි. දුකට අධිපති සෙනසුරු ග්‍රහයා ධනු රාශිගත වීම රටක් වශයෙන් ගත් කළ ඉතා සුභ දායක කාලයක් උදාවීමක් ලෙස පවසන්න පුළුවන්. සෙනසුරු එකරාශියක අවුරුදු 2 1/2 ක ආසන්න කාලයක් රැදි සිටි. එම අවුරුදු 2 1/2 තුළ එම රාශියට අදාල බලය විහිදුවයි. ඇත්තටම සෙනසුරු මාරුවකදි අප බය විය තු ද කියලා ඔබට සිතෙනවා ඇති. සමහර රාශි සඳහා සෙනසුරු ගමන් කිරීමේදි නම් අප කල්පනාකාරි හා සුපරීකෂාකාරීව එම කාලය ගත කල යුතුය. මෙය සෙනසුරු ඒරාෂ්ඨක ගෙවන පිරිසට ද විශාල බලපෑමක් කිරීමට හැකියාව තිඛෙනවා. නමුත් මෙම සෙනසුරුමාරුව සුභදායක වශයෙන් සිදුවනවා කියලා කියන්න පුළුවන්
මෙම ග්‍රහ මාරුව තුළ විශේෂ සිදුවීම් දෙකක් පිළිබඳව සැලකිලිමත්වෙන්න ඕන. මුල්ම කරුණනම් අප්‍රේල් මස 06 වන දින සිදුවන සෙනසුරුවක්ර වීම ධනු ලග්න
හිමියන්ට මෙන් ම වෘෂභ ලග්නහිමියන්ට ද, 2017 අප්‍රේල් මස 27 වන දින දක්වා තරමක් අපල කාලයක් ගෙනදෙනවා. මෙයදවස් 21 ක කාලයක් පවතිනවා. කන්‍යා, මිථුන ලග්නවලට තරමක සුභකාලයක් ලෙසත් අනෙකුත් ලග්න සඳහා මධ්‍යස්ථ බව ද කියන්න පුළුවන්.සෙනසුරුවක්ර වීම තුළ පූජ්‍ය පකෂය හා ජනතාව අතර විවිධ මත ගැටුම් නිර්මාණය වීම ද සිදුවියහැක. පෙබරවාරි 02 න් පසුකාලය තුළ පූජ්යපකෂයේ මෙන්ම ප්‍රබල සමාජ නායකයකුට දැඩි අපල කාලයක් උදාවෙනවා.
දෙවන කරුණ ලෙස ගත් කල 2017 ජුනිමස 21 වන දින සිදුවන සෙනසුරු වෘශ්චික රාශි ගත වීමයි. සෙනසුරු වෘශ්චික රාශිගත වීම තුල ස්වභාවික විපත් හා පෞරාණික වස්තු පිළිබඳ කතාබහට ලක්වන කාලයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මෙම කාලය තුල කෘෂිකර්මය පිළිබඳ ප්‍රශ්ණ මත ගැටුම් නිර්මාණය වේ. එසේම ආර්ථීකමය වශයෙන් වාසිදායක නව සොයාගැනීමක් නියත වශයෙන් සිදුවෙනවා.
දු.ක. 071 - 5709000 /041 - 5709000
Wmqgd .ekSu ��r mqj;am; weiqfrks