iranama
පොරොන්දම් සහ දරු සම්පත්
කළුකුමාර දොaෂය දරු සම්පත් ප්‍රමාද කරයි
පොරොන්දම් පරීක්ෂාව සූක්ෂමව කළ යුතුය
විවාහයකට පොරොන්දම් බැලීම අත්‍යාවශ්‍යද? පොරොන්දම් පරීක්ෂාවෙන් පසු සිදුකළ විවාහ කීයක් අසාර්ථකද?පොරොන්දම් පරීක්ෂා නොකර සිදුකළ විවාහ කීයක් සාර්ථකද මෙවැනි ප්‍රශ්න අප අතර සාකච්ඡා වෙන ප්‍රශ්නවලින් කීපයක් පමණි. මේවාට පිළිතුරු කුමක්ද? අප දිගු ගමනක යෙදෙන විටෙකදී එක්කරා හතර මං හන්දියකට පැමිණයහොත් හරිපාර සොයා ගැනීමේ යම් ගැටලුවකට මුහුණ පානවා. නියම මාර්ගය තෝරාගැනීමේදී හරිහැටි දන්නා කෙනෙකුගෙන් අසා දිශාව නිවැරදිව දැනගත හැකියි. නමුත් දැනීමක් නොමැති අයෙකු ගෙන් පාර ඇහුවොත් අප අතරමං වීම ඒකාන්තයි. යම් කෙනෙක් කිසිවකුගෙන් නොඅසා තමාම දිශාව තෝරා ගත්තොත් සමහර විට ඉතාම කලාතුරකින් නිවැරදි මාර්ගය තෝරාගත හැකියි. හතරමං හන්දියක් නිසා නිවැරදි විය යුත්තේ එක් දිශාවක් පමණයි. ඒ කියන්නේ මාර්ග 3 ක්ම වැරදි මාර්ග කියන එකයි. විවාහයද එසේමයි කිව්වොත් නිවැරදියි.
පළපුරුදු දක්ෂ ජ්‍යෙdතිෂශාස්ත්රඥ මහතෙකුගෙන් නිවැරදිව පොරොන්දම් බලාගැනීමෙන් එකකුදු විවාහයක් වත් අසාර්ථක නොවනු ඇති. පොරොන්දම් බැලීමේදී විවාහය සිදුවන්නේ කුමන කාලයකද? ලැබෙන්නේකොහොම කෙනෙක්ද යන්න දැන ගැනීමද අත්‍යවශ්‍ය කරුණකි. පොරොන්දම් බැලීමේදී සාමාන්‍ය වශයෙන් උත්පත්ති කේන්දරයේ ලග්න අංශකයේ සඳු හෙවත් චන්ද්‍රයාගේ පිහිටීමට විශේෂ ස්ථානයක් දිය යුතුව ඇත. මොකද කිවහොත් ජීවිතයට සතුට ලබා දෙන්නේ මේ චන්ද්‍රයාගේ පිහිටීම වන නිසාය.
පොරොන්දම් බැලීමේදී මුල සිට ඔබටම තමාගේ පෙරොන්දම් ගැලපීම හෝ නොගැලපීම දැනගැනීමට හැකිවන සේ මෙම ලිපියේදී කරුණු දැක්වීමට බලාපොරොත්තු වෙයි. එනම් ජන්ම පත්‍රයේ ලග්න ස්ථානයේ (පළමු කොටුව) හෝ විවාහක ස්ථානයේ (7 වැනි කොටුව) චන්ද්‍රයාගේ ගෝචරය හෙවත් පිහිටීම සුභදායක වීමෙන් හා පුරතිථියට ජන්මියා උත්පත්තිය ලැබීම සුභ විවාහයක පූර්ව ලක්ෂණයකි. අශූභ දායකව පිහිටීම ඒ අයුරින්ම අශුභ ලක්ෂණයකි. දෙවනුව අඟහරුවා හෙවත් කුජ ලග්නයේ හෝ විවාහක ස්ථානයේ පිහිටීමත් මේ අයුqරින්ම සුභ හෝ අශූභ වශයෙන් ප්‍රතිඵල ලැබෙන බව ඔබ දැනගත යුතුයි. විවාහය සාර්ථක වීම අසාර්ථක වීම හෝ ඉක්මන් කිරීම සිදු කරන්නේ අඟහරුවාගේ ක්‍රියාවයි. විවාහය අවශ්‍ය කාලවලට ග්‍රහ පොරොන්දම දස පොරොන්දම, විසි පොරොන්දම වැනි දැ මූලිකව බලා විවාහය තීරණය කිරීම නිවැරදි ක්‍රමය නොවේ. පොරොන්දම් බැලීමේදී ස්ත්‍රී කේන්දරය පුරුෂ නැකත සසැදීමේදී ප්‍රතිඵලය ජන්ම ක්ෂේම, සාධක වලට වැටුනේද විවාහය සුබය. සැසදීමේදී ප්රත්යාරි නම් අශූභය ප්‍රතිඵලය සම්පත්, මෛත්‍රී, පරම මෛත්‍රි නැකතකට වැටුනේද ඉතා සුභය. ප්‍රතිඵලය විපත් වධ තැනකට වැටුණේද විවාහය ඉතා අශූභය නරකය.
(දෙවනුව ලග්නාධිතියා විවාහකාධිපතියා ඔවුන්ගේ පිහිටී හා සම්භබන්ධථාවය හා අඟහරුවාගේ සම්බන්ධය බැලිය යුතුවේ. තෙවනුව කේන්දරයේ 1-5-9 කාම ත්‍රිකෝණය පරීක්ෂා කළ යුතුය. මින් දරුවන් , ඥනය, ඉගෙනීම, පුණ්‍යස්ථානය ගැන දැනගත හැකිවේ.මේවා පරීක්ෂාවෙන් ඔබටම මූලිකව දැනගත හැකිය. විවාහය ප්‍රමාද ඇයි? කෙරෙන්නෙ කොයි කාවලටද? කොහොම කෙනෙක්ද? විවාහය අත්‍යවශ්‍ය නැද්ද? ඒ බැව් දෛවඥ මහතකු ලවා පරීක්ෂා කරගත යුතු කරුණුය. මේ දෛව්යඥවරු නමට පමණක් නොවිය යුතුය. උදාහරණයක් වශයෙන් කේන්දරයේ සරාගි යෝග හෙවත් යෝනි පොරොන්දම උදාසීන නම් විවාහවීමට කැමැත්තක් නොදක්වයි.
පොරොන්දම් පරීක්ෂාව ඉතා කාරුණිකව සූක්ෂමව ආදරයෙන් පරීක්ෂා කළ යුතුය. මක්නිසාද යත් හදවත් දෙකක් යාකරන කටයුත්තක් හා ඉදිරියට හැදෙන පරම්පරාවක මූලික පියවරක් බැවිණි. ඇතැම් දෛවඥවරු නිවැරදි දත්ත පරීක්ෂාවෙන් තොරව පොරොන්දම් බැලීමෙන් ඉදිරියේදී සිදුවන අපරාධයකට කොටස් කරුවකු වීම සිදුවේ. ඕනෑම ජන්ම පත්‍රයක චන්ද්‍රයා පිහිටීම බලවත් වුවහොත් හා පුර තිථියට ජන්මය ලැබීම විවාහය ප්‍රමාද වුණත් විවාහක තෘප්තිය ලැබීමට හේතුවන කරුණකි.
චන්ද්‍රයා දුර්වල නම් විවාහ වුණත් විවාහක තෘප්තිය නොලැබීමෙන් පවුල් ආරවුල් ඇතිවීමට බොහෝ සෙයින් ඉඩ ඇත. පොරොන්දම් බැලීමේදී 1 හා 7 ස්ථාන පරීක්ෂාව වගේම චන්ද්‍රයා හා අඟහරුවාගේ පිහිටීම් රටාව දැනගත යුතුමය. අඟහරුවා බලවත්ව. ලග්නයේ හෝ විවාහක ස්ථානයේ හෝ කේන්දරයේ පිහිටීමෙන් විවාහය කෙරෙන්නේ ඉල්ලුවත් නැතත් දෑවැද්දක් සමඟය. එකකුදු ජන්ම පත්‍රයත් වත් පාලු හෝ විවාහයක් නැති ඒවා නොවේ. ඊට සරිලන ජන්ම පත්‍රයක් ගැනීමට අසීරු කරුණු වේ. කාලීනව විවාහයක් නොවීම කරන ලද කුසලා කුසලය මත රදා පවතී. පොරොන්දම් බැලීමේදී නිර්දේශයට මණක් සීමාවූ ග්‍රහ පොරොන්දම් දස පොරොන්දම්, විසි පොරොන්දම්, පරීක්ෂාවෙන් පමණක්ම කළ නොහැක. විශේෂයෙන් ලිංග පොරොන්දම යෝනි පොරොන්දම වෘක්ෂ පොරොන්දම පරීක්ෂා කළ යුතුම වන්නේ දරු සම්පත් සඳහා ප්රමුඛස්ථානයක් ගන්නා හෙයිනි. ඕනෑම කේන්දරයක කාම ත්‍රිකෝණය බලවත් වී සරාගි යෝගද ඇතිව චන්ද්‍රයා හා අඟහරුවා සුභ හෝ බලවත් තත්ත්වයේ සිටීද ඉතා යහපත් විවාහයක් වන්නේය. කුමන අයුරකින් වත් අඹුසැමි ගැටලු නැති උතුම් වූ දූ දරුවන් ලැබෙන විවාහයක් වේ.
සමහර විවාහයන් අවශ්‍ය කරුණු සම්පුර්ණව තිබියදීත් විවාහයෙන් පසු දරු සම්පත් ප්‍රමාදයක් හෝ දරුවන් නොලැබීමක් සිදුකරයි. ඒ ග්‍රහ බලපෑම මිස ග්‍රහ දුර්වල තාවය නොවේ. එසේ වන්නේ මල්වරයේදී සිදුවූ තනිවීමකින් හෝ එවැනි දුර්වලතාවයකින් බව පැහැදිලිව කිව යුතුවේ. විවාහ වී දරු සම්පත් ප්‍රමාද නම් කළුකුමාර දොaෂය නිසාම විය යුතුවේ. එය එසේ මද යන්න මූලිකව දැනගත යුතුය. එනම් විවාහක ස්ත්‍රියට තද නින්ද යාම, සයනයේ ඇය වැතිර සිටින අවස්ථාවේ තව කෙනකු සිටින බවට මානසිකව දැනීම, නින්දෙන් කව්දොa කනට පිඹීම හීනෙන් කළු බෝල කළු වර්ණ දැකීම කළු නාගයන් දැකීම, ගබ්සාවීම කළු කුමාර දොaශයේ ලක්ෂණයි. මෙම දරු සම්පත් ප්‍රමාද අයට හා දරු සම්පත් නැතිවීම හා කළුකුමාර දොaශවලට, කුමාර මණ්ඩලය ඉන පැළැඳීමෙන් දරු සම්පත් ලබාගෙන හැකි බව අපි පළපුරුද්දෙන් දනිමු. මෙම යන්ත්‍රය කළුකුමාරයාට හෝ කළුකුමාර දිශ්ඨියට කළ යුතුවේ. යන්ත්‍රය ක්‍රමානුකූලව තඹ පතක ලියා රත්තරන් ආලේප කර ඖෂධ ගල්වා අවශ්‍ය වාර ගණන මන්ත්‍ර කරවා ඉන පැළඳීමෙන් දරු සම්පත් උදාකරගත හැකිවේ.
තවද ජන්මියාගේ උත්පත්ති කේන්දරයේ රවි කුජ, ශනි, රාහු යන පාපීන් චන්ද්‍රයාගෙන් හෝ ලග්නයෙන් 7 වැන්නේ හෝ 8 වැන්නේ සිටීමෙන් කනවැන්දුම් වන බව අපි දන්නා කරුණකි. මේ අයුරින්ම සෙනසුරු, සඳු , සිකුරු ඕනෑම තැනක එකට සිටීම ගිහි සැප අතහරින බවත් 4,7,9 හි පිහිටීමෙන් එය අනිවාර්ය බවත් පොත්වල සඳහන් ව පවතිනවා.
පොරොන්දම් පරීක්ෂාවේදී යෝග ගැනද විවාහක දොaෂ ගැනද මනා අවබෝධයක් තිබිය යුතුවේ. විවාහක දොaශවලදී අනෙක් කේන්දරයේත් දොaශයක් ඇත්නම් ඒවා දොaශ භංග කේන්දර වී විවාහයට සුදුසු වේ.
ජන්ම පත්‍රයේ පුත්‍ර ස්ථානයේ හෝ විවාහක ස්ථානයේ සඳු හෝ කුජ හෝ රාහු සිටීම සරාගි යෝග වේ. එමෙන්ම කුජ හෝ රාහු 8 වැන්නේ සිටීම තවත් සරාගි යෝගයකි. එනම් විවාහයට යහපත් පිහිටීමකි. කුජ සහ රාහු 8 සිටීම අවිවාහක දොaශයකි. පොරොන්දම් පරීක්ෂාව නිවැරදිව නොකොළොත් ලැබෙන දරුවන් මන්ද බුද්ධික විෂමාචාරවලට ඇබ්බැහි වන හෝ රටකට නුසුදුසු දරුවන් වීමට බොහෝ විට ඉඩ ඇත. විවාහක යුවළකට මෙම ස්ලෝකය අනුව ක්‍රියාත්මක වන්නේ නම් වාසනාවන්ත දිවියකට මග පෑදේ -එනම්
කාර්යශු මන්ත්‍රී - කරනේසු දක්ෂි
රූපේසු ලක්ෂ්මි - සම්යාන්ත්ර රාඥ
ස්නේසු මාතෘ - සයනේසු වෛශ්‍යා
ශඩ්හිස්තු නාරි- කුලමුද භවන්ති
බ්‍රහස්පති මෙන් ක්රියාශිලී බවෙන් යුක්ත වූද
ලක්ෂ්මි මෙන් රුපශ්‍රියෙන් යුක්ත වූද
මව හා සමානව සෙනහසින් යුක්ත වූද
සයනයෙහිදී වෛශ්‍යාවක මෙන් සැමියා සතුටු කෙරේද
එවැනි වාසනාවන්ත කාන්තාව කුලය බබලවන බව මෙම ස්ලෝකයෙහි අදහසයි. පැරණි පොතෙහි ඒ බව සඳහන් වෙයි. මේ පිළිබඳ ඔබට වැඩිදුර තොරතුරු දැගැනීමට අවශ්‍ය නම් 0722174553 අංකය අමතන්න.
Wmqgd .ekSu