iranama
පෙබරවාරි 9දා බුධ මාරුවක්
ලොව බුද්ධිමතුන්, උගතුන් වැඩි පිරිසක් මෙලොවට ජනිත කරවන බුද්ධියේ සංකේතය වන බුධ ආදිත්‍ය නම් ඥාන යෝගය උදාකරමින්, එළැඹෙන 2016 පෙබරවාරි මස 9 වැනි අඟහරුවාදා දින පෙ.ව. 03.07ට බුධ ග්‍රහයා තම සම රාශියක් වූ සෙනසුරුට අයත් මකර රාශියට පැමිණෙනු ඇත. එසේම මේ වන විට ග්‍රහ ලොව රජු වන රවි ග්‍රහයාද මකර රාශිය තුළ සිය ග්‍රහ ගෝචරය පවත්වා ගනිමින් සිටී. ඒ අනුව මෙම ග්‍රහ ගෝචරය සමඟින් රවි හා බුධ ඉතා සුබ බලයක් ඉස්මතු කරමින් මකරයේ බලවත් වනු ඇත.
මෙම ග්‍රහ දෙපළ මේෂ ලග්න විශ්ව කේන්දරය තුළ 10 වැන්න හෙවත් විෂ්ණු ස්ථානයක යෝග වීම කුඩා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධ අකුරු කියැවීම වැනි කටයුතු සඳහා තම උපන් නැකැත් අනුව සුබ නැකැත් යොදා ගැනීම ඉතාම සුබ දායකවනු ඇත. මෙය ආසන්න වශයෙන් වසරකට දෙවරක් පමණක් සිදුවන සුවිශේෂී ග්‍රහ මාරුවක් හෙවත් ග්‍රහ එකතුවකි. ඒ අනුව එතැන් සිට 2016 මාර්තු 02 වැනි දින මධ්‍යම රාත්‍රි 00.11ට කුම්භ රාශි ගත වන තුරු මාසයකට ආසන්න කාලයක් බුධ ග්‍රහයා මකරයේ ගමන් කරනු ඇත. මිථුන, කන්‍යා, ධනු, මීන යන ලග්නවලින් උපන් අයට අන් ග්‍රහ ගමන් මත ඔවුන්ගේ කරන කියන සියලු අංශවලින් අතිශය සුබ ප්‍රතිඵල උදා වනු ඇත. අනෙකුත් ලග්නවලට මධ්‍යම සුබඵල උදා වනු ඇත.
ග්‍රහ මණ්ඩලයේ නව ග්‍රහයන් අතරින් ළාබාල මෙන්ම කුඩා ග්‍රහ ලොව වන බුධ ග්‍රහයා සූර්යයාට ඉතාම ආසන්නයෙන් පිහිටි විශාලත්වයෙන් සැතපුම් 2,705ක පමණ විෂ්කම්භයක් ඇති ග්‍රහයෙකි. අප වාසය කරන පෘථිවි ග්‍රහ ලොව මෙන් හරි අඩක් පමණ විශාලත්වයකින් යුත් නිරන්තරයෙන් සූර්යයා හෙවත් රවි සමඟම ගමනක යෙදෙන බුධ ග්‍රහයා විශ්ව කේන්ද්‍රයේදී 3 හා 6 යන රාශි දෙකට අධිපති වන අතර මිථුන හා කන්‍යා යන ලග්න දෙකට අධිපතිත්වය දරනු ඇත. ග්‍රහ ලොව ඥාන කාරකයා ලෙසින් හඳුන්වන බුධ අධ්‍යාපනයට, ළමා වියට, පොතපතට, ලේඛන කලාවට, ගුරු වෘත්තියට මෙන්ම චතුර කථිකත්වයට මෙන්ම කවියට, පොත්පත් වෙළෙ
Wmqgd .ekSu u