iranama
පෙබරවාරි 20 වැනිදාට කුජ පනින්න හදන පැනිල්ල රටට කොහොමද?
ග්‍රහ ලොව සෙන්පතියා ලෙසින් විරුදාවලි ලත් අඟහරු හෙවත් කුජ ග්‍රහයා පෙබරවාරි මස 20 වැනි ශනි දින පස්වරු 4.41 (16.41)ට තම දෙවැනි ස්වක්ෂේත්ර රාශිය හා මූල ත්‍රිකෝණ රාශියද වන වෘශ්චිකයට පිවිසෙයි.
කුජගේ මෙම ග්‍රහ චලිතය හේතුකොට ගෙන වෘෂභ, සිංහ, වෘශ්චික හා කුම්භ යන ලග්නවලට පංච මහා පුරුෂ යෝගයක් වන "රුචක" යෝගය උදාවනු ඇත.
සාමාන්‍යයෙන් මාසයත් මාස එකහමාරත් අතර කාලයකදී රාශියෙන් රාශියට මාරුවන කුජ ග්‍රහයා මෙවර මාස හතක කාලයක් අසාමාන්‍ය ගමනක යෙදෙනු ඇත. දින 211ක කාලයක් තුළ වෘශ්චික හා තුලා රාශි දෙක තුළ වක්‍ර හා නිවෘත (ආපසු හා ඉදිරි) ගමනක යෙදෙන කුජ ග්‍රහයා සැප්තැම්බර් මස 18 වැනි දින පෙරවරු 07.43ට ගුරු ග්‍රහයාට හිමි ධනු රාශියට පිවිසෙයි. ධනුව කුජට මිත්‍ර රාශියකි.
කුජ නොහොත් අඟහරු යන ග්‍රහලෝකයේ ගණන්කාරයාය. ආධිපත්‍ය දැරීමටත්, ආධිපත්‍ය පැතිරවීමටත් කුජ තරම් දක්ෂයකු ග්‍රහලොව තවත් නැත. සෑම දෙයක්ම පිළිවෙළකට, සැලැස්මක් අනුව ප්‍රතිපත්ති ගරුකව ඉටු කරන කුජ අවස්ථානුකූලව ක්‍රියාත්මක වන ග්‍රහයෙකි. හිත හිතා වැඩ කල් දමමින් කාලය නොමරන මොහු කිසිම විටෙක වැඩ අනාගන්නේ නැති කාර්යක්ෂම ග්‍රහයකු ලෙස ග්‍රහ ලොව ප්‍රසිද්ධියක් උසුලන්නෙකි.
නායකත්වය දැරීමට කැමැති කුජ හොඳින් බැරිනම් නරකින් හෝ තම අරමුණ සාක්ෂාත් කරගැන්මට පසුබට වන්නේද නැත. උපායශීලීව දක්ෂ අන්දමින් මනුෂ්‍යයන් වසඟකර වැඩ ගැනීමේ ක්රමවේදයද කුජ හොඳින් දනී. මොහු ආඥාදායකය. තම ආත්ම ගෞරවය රැක ගැනීමට තම දිවි පරදුවට තබා හෝ ක්රියාකරන්නන්ගේ ජන්ම පත්‍රවල කුජ බලවත්ව පිහිටා ඇත.
සහෝදර කාරකයා ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති කුජ ග්‍රහයා භූමියටද, ඉඩකඩම්වලටද අධිපතිත්වය දරයි. එනිසාම "භූමි පුත්‍ර", "මහී සුබ" යන නම්වලින් කුජ හැඳින්වීමට පුරාණ සෘෂිවරු පුරුදුව සිටියහ.
මනුෂ්‍යයාගේ සිරුරේ නළල, නාසය, රහස් ස්ථානය, ලේ, මස්පිඬු ආදියට කාරකත්වය දරන කුජ, ජන්මියාට දරුණු උෂ්ණ රෝග සාදන අතර මාරාන්තික වසංගත රෝග සාදමින් පීඩාවට පත් කරලීමට මූලිකවී ක්‍රියා කරනු ඇත. ලේ නහර පිපිරීම, නහර හීන් වීම හෝ නහර ගැටගැසීම මෙන්ම අවි ආයුධවලින් පීඩාවට පත්වීමද කුජ දුර්වල වීමෙන් සිදුවේ.
විශේෂයෙන්ම ස්ත්රීන්ගේ ඔසප් දෝෂ, ගබ්සා වීම්, මුත්‍රා දෝෂ වැනි රුධිරය සම්බන්ධ බරපතළ රෝග සම්බන්ධයෙන් කුජගේ දායකත්වය නිරතුරුව හිමි වෙයි. වේදනා සහගත දරුණු රක්තවාත රෝගද, තරුණ තරුණියන්ගේ රහස් රෝගද, ඇඟ උණුකරවා යෑම වැනි උෂ්ණ රෝගයන්ද, වස විස කැවීම් ආදියද කුජ දුර්වලවූ අයට පහසුවෙන් ඇති වන උපද්‍රවයන්ය.
කුජ නරක අයුරින් උපතින් පිහිටා ඇති අයට සෑදෙන රෝග අතර අධික තරබාරුව, සෙම අධික වීම, ලේ විසවීම, මොළේ තදවීම, පෙණහලු ආශි‍්‍රත ආබාධ, මුඛ පිළිකා, දිය පීනස, ගැස්ට්‍රයිටීස්, මුත්‍රා සමඟ ධාතු පහවීම, දියවැඩියාව සහ වකුගඩු ආබාධ ප්‍රධාන වේ.
කුජ ග්‍රහයා සත්මසක් පුරා වක්රවෙමින් හා නිවෘත වෙමින් පවත්වාගෙන යන ග්‍රහ චලිතය අප රට කුම්භ ලග්න කේන්දරයේ දසවැන්න වූ කර්මස්ථානය තුළ සිදු වෙයි. එය සුවිශේෂී ග්‍රහ චලිතයක් ලෙස පෙන්වා දිය හැකිය. මෙම ග්‍රහ මාරුව හේතුකොට ගෙන අප රටේ සුවිශේෂී සිදුවීම් රාශියක් සිදුවීමට නියමිතය. පවතින රජයට බොහෝ කරදර හිරිහැරවලට මුහුණපාන්නට සිදුවන අතර විරුද්ධවාදීන්ගෙන් දැඩි පීඩන එල්ලවීමට ඉඩ ඇත. උද්ඝෝෂණ, වැඩ වර්ජන හා විරෝධතා දිනෙන් දින වැඩිවේ.
සතුරු කරදර රහසිගතව මෙන්ම එළිපිටම වාගේ දිගින් දිගටම ක්‍රියාත්මක වන බවක් පෙනේ. ආණ්ඩුව පෙරළා දැමීමේ රහසිගත කුමන්ත්‍රණ දියත් වන අතර ඉතිහාසයේ කිසිදා සිදු නොවූ සිදුවීම් මාලාවක් ඉදිරියේදී දැකගන්නට ලැබෙනු ඇත. ආගම හා නීතිය පිළිබඳ වාදවිවාද ඇතිවන අතර ජුනි මස සිට ඒ පිළිබඳ සංශෝධන හා නව නීති රීති සකස් වේ. නීතිය තදින්ම ක්‍රියාත්මක වන කාලයකි. වැරැදිකරුවන්ට දඬුවම් හිමිවන අතර ඒ සඳහා තරාතිරම නොබලනු ඇත. එය කුජ ග්‍රහයාගේ භූමිකාව ලෙස පෙන්වා දිය හැකි අතර යහපාලනයේ නියම ස්වරූපය මෙම කාල පරාසය තුළ ජනතාව ඉදිරියේ දිස්වනු නොඅනුමානය.
ශ්‍රී ලංකාවේ කුම්භ ලග්න කේන්දරයේ දසවැන්නේ දී කුජ තම නෛසර්ගික බලය උසස් තත්ත්වයකට පමුණුවා ගනී. ඒ නිසා රජයේ හා ආරක්ෂක අංශයන්හි බලයද ඉහළ අගයකට පත්වන බව ඉඳුරා පැවැසිය හැකිය. කුමන අන්දමේ බාධාක, හිරිහැර පැමිණියද ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු ක්‍රම ක්‍රමයෙන් ඉටුකරන බවක් ඉදිරියේදී දැකගත හැකිය.
ආණ්ඩුව හා ජනතාව අතර ගැටුම්කාරී තත්ත්වයක් උද්ගත කිරීමට විරුද්ධවාදීන් උත්සාහ කළද එය එතරම් දුරට සාර්ථක නොවනු ඇත. රට තුළ සශ්රීකත්වයක් ඇති කරවන මෙම ග්‍රහ චලිතය හේතුකොට ගෙන රට වැසියාට ඉදිරි කාලයේදී සහන රැසක් හිමිවනු නියතය.
අප්‍රේල් මාසය වන විට රටේ ආර්ථිකය යහපත් වන අතර ආදායම් තත්ත්වයද ඉහළ යනු ඇත. විවිධාකාරයේ ආදායම් ලැබීමෙන් භාණ්ඩාගාරය සරුවන ආකාරයේ කටයුතු සිදුවේ. රජය සමහර අවස්ථාවලදී මුරණ්ඩු පිළිවෙතක් අනුගමනය කිරීමට ඉඩ ඇත. සතුරු හා විරුද්ධවාදීන්ගෙන් එල්ලවන අභූත හා අස්ථාන චෝදනාවලට රජය නොබියව මුහුණ දෙන ආකාරයක් ඉදිරියේදී දැකගත හැකිය.
ජනතාව කිසිලෙසකින්වත් අපේක්ෂා නොකළ අයුරින් රජය තම පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා නීතිය ඉතා ඉහළින්ම උපයෝගී කර ගනු ඇත. ක්‍රමයෙන් ජනතාව රජයේ වැඩපිළිවෙළ අනුමත කරන තත්ත්වයකට පත්වන්නේ කුජගේ මෙම වක්‍ර ගමනේ අභිමානයෙන් වීම විශේෂත්වයකි. ජනතාවගේ සෞඛ්‍යයට බාධා පැමිණෙන අතර වසංගත රෝග බෝවීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කෙරේ. ගින්නෙන් සිදුවන හානි වැඩි වන අතර දුම්රිය, අහස් යානා, නාවුක යාත්‍රා මෙන්ම රථ වාහන අනතුරුද වැඩි අගයක් ගනු ඇත. කාම අපරාධ බහුලව සිදුවන අතර තරුණ තරුණියන්ගේ ආවාහ, විවාහ කටයුතුද ප්‍රමාද වීමට මෙම කුජ ග්‍රහ චලිතය හේතුවිය හැකිය. හැඟීම්වලට වඩා බුද්ධියට තැනදී කටයුතු කළ යුතු කාලයකි.
Wmqgd .ekSu u