iranama
පුෂ්පරාගයෙන් ධන උල්පතක්
ධනවත් වෙන්න අපි හැමෝම කැමැතියි. බොහෝ දෙනෙක් තම උපරිම උත්සාහය යොදා කරන්නෙ ධනවත් වෙන්න ක්‍රම උපායන් හොයන එක. ඒ සඳහා වෙහෙසෙන එක. අපි අපේ ජීවිතවල නොයෙකුත් උස් මිටි තැන් හා පහසු, අපහසු අවස්ථා කේන්දරය අනුව සොයා ගන්නව. ඉතින් මෙසේ සොයා ගන්නා කරුණු අනුව ගැළපීමෙන් අපිට අපේ ජීවන ගමන වඩාත් පහසු සහ සාර්ථක කරගන්න අවශ්‍ය විශ්ව ශක්තිය ලබාගන්න අපි මාණික්‍ය විද්‍යාව උපයෝගී කරගනු ලබනවා.
මේ සතිය ඔබට ඉදිරිපත් කරන්නට යන්නේ ඉන්දියානුවන් ඉතාමත් ඇලුම් කරන සහ ඉන්දියානු සමාජය තුළ ජනප්‍රියම මැණික් වර්ගය වන පුෂ්පරාග (yellow sapphire) පිළිබඳවයි.
කොරැන්ඩම් මැණික් පවුලේම තවත් එක් සාමාජිකයකු වෙන පුෂ්පරාග මැණික්ද සෑදී තිබෙන්නේ ඇලුමිනියම් ඔක්සයිඩ් කියන රසායනික සංයුතියෙන්. ඒ කියන්නෙ පුෂ්පරාග මැණික් ගලෙහිත් දෘඪතාවය අනෙක් කොරැන්ඩම් කුලයේ මැණික්වල වගේම නවයක් වෙනව. ළා කහ වර්ණයේ සිට තද කහ වර්ණය දක්වා දිවෙන වර්ණ කාණ්ඩයන්ගෙන් යුත් පුෂ්පරාග මැණික්වල හොඳම වර්ගය ලෙස රත්ත්‍රන්වල වර්ණයට සමාන වර්ගය අපි හඳුන්වනව.
පුෂ්පරාග මිලදී ගැනීමේදී ඔබ ඉතා ප්‍රවේශම් විය යුතු බව මම ඔබට අවධාරණය කරන්නේ පුෂ්පරාග මැණික් වෙළෙඳපොළේ නොයෙකුත් වැරැදි ප්‍රතිකර්ම ක්‍රම මඟින් වර්ණය වැඩිදියුණු කරලා විකුණන්න තිබෙන නිසාවෙන්.
මැණික් තාපකරණ ක්‍රියාවලියට භාජනය කළ වර්ණය වැඩිදියුණු කරපු පුෂ්පරාග පැලඳීම කිසිම ගැටලුවක් නැහැ. නමුත් මෙසේ තාපකරණයට ලක් කරපු මැණික් තුළ එළියට මතුවන පරිදි පලුදු තිබේ නම් ඒවා පැලඳීම නුසුදුසුයි.
ඇතම් මැණික්කරුවන් මේ පුෂ්පරාග මැණික් ගලෙහි වර්ණය තීව්ර කිරීමට එසේත් නැති නම් වැඩිදියුණු කිරීමට (ඔ අචර) එක්ස් රේ කිරණ ගලට කාවැද්දවීම සිදුකරනව. මේ මඟින් ගලෙහි පරමාණුවල ඉලෙක්ට්‍රෝන හුවමාරුවේ වෙනසක් තාවකාලිකව සිදු කරන්නට පුළුවන්. එසේ කළ විට ගලෙහි වර්ණය මාස කිහිපයක් යනකන් වැඩිවෙලා පෙනෙනවා. නමුත් යම්කිසි කාලයකදී මෙම වර්ණය අඩුවෙලා යනවා. මෙසේ එක්ස් කිරණ මඟින් වර්ණය තීව්ර කරන ලද පුෂ්පරාග පැලඳීම ශරීරයට ඉතා හානිදායකයි. එවැනි මැණික් ඔබගේ ශරීරයේ පිළිකා සෛල පවා ඇති කරන්නට ඉඩකඩ තිබෙනවා.
ඒ වගේම තමයි මේ පුෂ්පරාගවල පාට වැඩි කිරීමට බෙරිලියම් කාවැද්දවීම සිදුකිරීමත්. තාපකරණ ක්‍රියාවලියේදී බෙරිලියම් රසායනිකයන්ද සමග තාපකරණය සිදු කිරීමෙන් මි.මී. 0.2ක් තරම් සියුම් මතුපිට ප්‍රදේශයට බෙරිලියම් මෙමඟින් කාවැද්දවීම තුළ කහ වර්ණය තීව්ර වී පෙනෙන්නට ගන්නව. මෙවැනි බෙරිලියම් ප්‍රතිකර්මයට භාජන කර තිබෙන පුෂ්පරාග මැණික් පැලඳීමද ශරීරයට ඉතා අහිතකරයි.
ඔබ මැණික් තෝරා ගැනීමේදී නිවැරැදි දැනුවත්කමක් ඇතිව එම කාර්යයන් සිදු කර ගැනීම වඩා වැදගත් බවයි මම ඔබට නැවතත් ප්‍රකාශ කර සිටින්නේ. කෙසේ වෙතත් නිවැරැදිව පුෂ්පරාග පැලඳීම සිදුකළහොත් ඒ වගේම ඔබගේ කේන්දර සටහන සමඟද ගැළපීම තුළ පුෂ්පරාග පැලඳීම ඔබට ගැළපේ නම් ඔබගේ ජීවිතය ඉසුරෙන් පිරවීමට තරම් ශක්තියක් පුෂ්පරාග මැණික තුළ අන්තර්ගත වෙනව.
ධනයට අධිපති මැණික ලෙස හඳුන්වන පුෂ්පරාග මැණික් යම් පුද්ගලයකුගේ ගුරු මහ දශා කාලයන්හි පැලඳීම තුළ ඉතා සාර්ථක ආර්ථික දියුණුවක් ළඟා කර ගැනීමට හැකියි. මොකද සෞරග්‍රහ මණ්ඩලයේ ගුරු ග්‍රහයා නියෝජනය කරන විශ්ව කිරණ හා සම්බන්ධ වන්නේ පුෂ්පරාග මැණික් නිසයි. ඉන්දියානු ධන කුවේරයන් පවා වහ වැටුණු මේ පුෂ්පරාග මැණික ඔබටත් ගැළපේදැයි පරීක්ෂා කර බලා පැලඳීම තුළ එහි ඇති උපරිම ශක්තිය ඔබගේද ව්‍යාපාර දියුණුවට, ජීවිතයට අවශ්‍යම කරන ආර්ථික පසුබිම ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය විශ්ව ශක්තිය නොඅඩුව ලබාගත හැකි බව මෙහිදී ඔබට කිව යුතුයි.
Wmqgd .ekSu u