iranama
පින්වත් සොබමත් දරුවන්
2016 ජනවාරි 19 වැනි කුජ දින උදේ 6 විනාඩි 20ට සිකුරු ධනු රාශිගත වී බුධ සමඟ යෝග වෙමින් 2016 පෙබරවාරි 9 වැනි දින පාන්දර 3 විනාඩි 7 දක්වා ගමන් කරයි. බුධ හා සිකුරු මෙසේ යෝගව ගමන් කරන්නාවූ පෙබරවාරි 9 වැනි දින පාන්දර 3 විනාඩි 7 දක්වා වූ මෙම වකවානුව තුළ මේෂ, සිංහ, වෘශ්චික සහ ධනු ලග්නවලින් උත්පත්තිය ලබන්නා වූ දරුවන් ඉතා වාසනාවන්ත වනු ඇත.
මේෂ ලග්නයෙන් උත්පත්තිය ලබන දූ දරුවන්ගේ බ්රහස්පති පස්වැන්නේත් බුධ හා සිකුරු නවවැන්නෙත් තැන්පත් වෙයි. සිංහ ලග්නයෙන් උත්පත්තිය ලබන දූ දරුවන්ගේ ලග්නගතව බ්රහස්පතිද බුධ හා සිකුරු පස්වැන්නේද තැන්පත් වෙන අතර වෘශ්චික ලග්නයෙන් උත්පත්තිය ලබන දූ දරුවන්ගේ දෙවැන්නෙ බුධ හා සිකුරුත් දහවැන්නේ බ්රහස්පතිත් තැන්පත් වෙයි. ධනු ලග්නයෙන් උත්පත්තිය ලබන දූ දරුවන්ගේ ලග්නගතව බුධ, සිකුරු තැන්පත් වන අතර නවවැන්නේ බ්රහස්පති තැන්පත් වෙයි.
සරස්වතී යෝග බලය සහිතව උත්පත්තිය ලබන්නා වූ දූ දරුවන් සරස්වතී දෙවඟනගේ ආශීර්වාදයෙන් දෙස් විදෙස් ජනප්රිය වෙයි. කලා ක්ෂේත්රයේ බැබළෙන්නේද මේ අයම වෙති. මොවුන් සංගීතයට සහ නැටුමට දක්ෂ වන අතර නීතිය සහ ශිල්ප ශාස්ත්රය දත් අය වන්නේය.
ශරීරයේ පැහැපත් ස්වභාවය නිසා අන් අය වශී කරන්නා වූ රූපයෙන්ද යුක්ත වනු ඇත. ප්රියමනාප කතා විලාසයෙන්ද අසරණ අයට පිහිට වන අන්දමේ මෘදු සිතක් සහිතව උත්පත්තිය ලබන දූ දරුවන් කුඩා කාලයේ සිටම කලා කටයුතුවලට නැඹුරුව කටයුතු කරනු ඇත.
සරස්වතී යෝගයේ බලය වැඩි කරමින්ද රවිගෙන් ෙදාළොස්වැන්නේ බුධ හා සිකුරු තැන්පත් වෙමින්ද වෘශී යෝගය උදාවීමෙන්ද ප්රසිද්ධියට පත්වේ. ප්රියමනාප දේහයකින් යුක්ත වේ. එසේම බලවත් පුද්ගලයකු බිහිවීම මෙම ගෝචර සටහන අනුව සුවිශේෂී වෙයි.
Wmqgd .ekSu u