iranama
පැවිදි යෝග හඳුනාගන්නේ මෙහෙමයි
ගිහි සැප සම්පත් අතහැර ගොස් පැවිදි වීමට බොහෝ දෙනාට හේතුවන්නේ උප්පත්ති ග්‍රහ බලයයි. ඇතැම් අය කුඩා කාලයේම පැවිදි වුවද පසුව මහණ දම් හැර යති. එහෙත් නියම පැවිදි යෝග ඇතිව මහණ වූවෝ සසුන් කෙත ප්‍රභාමත් කරති. පැවිදි යෝගය සමඟ ඥන යෝගද පිහිටි අය උතුම් සංඝ පීතෘවරු වෙති. එබැවින් කුඩා කාලයේදීම ඔබේ දරුවාගේ ජන්මපත්රයේ මෙබඳු යෝග තිබේ දැයි හඳුනා ගෙන දරුවා ඒ මඟට යොමු කිරීම වඩා ප්රඥගෝචර වේ.
පැවිදි වීමට ඉවහල් වන ග්‍රහ යෙදුම්
ග්‍රහයන් පස්දෙනෙක් හෝ ඊට වැඩි ගණනක් කේන්ද්‍රයෙහි එකම රාශියක තැන්පත්ව සිටීම පැවිදි බිමට ඇතුළුවීමේ ග්‍රහ පිහිටීමකි.
ලග්නය, සඳු හා ගුරු ශනිට පෙනෙන්නේ නම් ගුරු නව වැන්නේ සිටී නම් එයද පැවිදි යෝගයකි.
ලග්නයේ කුජ තැන්පත්ව සිටියදී රවි පස්වැන්නේ සිටීමද පැවිදි යෝගයක් සේ සැලකේ.
සෙනසුරු සමඟ සිකුරු යෝගව හතර වැන්නේ පිහිටීමද, හතර වැන්නේ සිටින සිකුරුට සෙනසුරුගේ දෘෂ්ටි ලැබීමද පැවිදි යෝගයකි.
කුජ හත් වැන්නේ සිටියදී රවි නව වැන්නේ පිහිටීමද පැවිදි යෝගයකි. එවැනි අය ගිහිගෙයි සිටියත් සිය ජීවිතය ගත කරන්නේ පැවිද්දෙකු මෙනි.
රවි හෝ සඳු සමඟ හෝ දෙදෙනාම සමඟ ග්‍රහයන් හතර දෙනෙකුට වඩා එක රාශියක සිටීමද පැවිදි බිමට පත්වීමට හේතුවන පිහිටීමකි. සඳු සිටි රාශියේ අධිපතියා වෙනත් කිසිදු ග්රහයෙකුට නොපෙනී ශනිට පමණක් පෙනීමද පැවිදි යෝගයකි.
කේන්ද්‍රයෙහි ග්‍රහයන් බලවත්ව රාජයෝග උදාකරමින් සිටියදී සෙනසුරු කිසිදු වෙනත් ග්‍රහ දෘෂ්ටියක් නොලබා නව වැන්නේ තැන්පත් වීමද පැවිදි යෝගයකි.
තුලා ලග්නයෙන් ඉපිද කුජ, බුධ, සිකුරු තිදෙනා ලග්නගතවද , සෙනසුරු දෙවැන්නේද ගුරු සත් වැන්නේද රවි එකොළොස්වැන්නේ ද ස්වක්ෂේත්ර බලයෙන්ද රාහු නව වැන්නේ යෙදීමද පැවිදි යෝගයකි.
කේන්ද්‍රයක රවි, සඳු, සිකුරු පීඩාවට පත්ව සෙනසුරු නව වැන්නේ නැත්පත්වීමද ලෞකික සැපසම්පත් වලින් තොරව ආගමානුකූලව දිවි ගෙවීමට හේතුවන පිහිටීමකි.
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks