iranama
පාඩු ලබන ව්‍යාපාරයට නව ජීවයක් දෙන්නේ මෙහෙමයි
අද පවතින තරගකාරී ජීවන රටාව තුළ බොහෝ තරුණ පිරිස් ව්‍යාපාර ක්ෂේත්රයට පිවිසෙමින් සිටී. එහෙත් බොහෝ පිරිස් තමන්ට ගැලපෙන දියුණුවක් ලැබිය හැකි ව්‍යාපාරය කුමක්ද යන්න හඳුනා නොගෙන තම හිතුමනාපයට අනුව වෙනත් කෙනෙකුගේ දියුණුව දැක ව්‍යාපාර ක්ෂේත්‍ර තෝරා ගැනීම හේතුවෙන් පාඩු ලබා අසාර්ථක තත්වයට පත්වන අවස්ථා දිනෙන් දිනට අපට අසන්නට දකින්නට ලැබේ.
එබැවින්a ව්‍යාපාර ක්ෂේත්රයක් තෝරා ගැනීමට පෙර ජ්‍යෙdතිෂවේදියකු ලවා තම කේන්ද්‍රයට අනුව තමන්ට ගැලපෙන දියුණුව ළඟා කරගත හැකි ව්‍යාපාර කටයුත්ත කුමක්ද යන්න පිළිබඳව දැනුවත්ව ඒ සඳහා යොමුවීම අත්‍යවශ්‍යම සාධකයකි.
අද වන විට බොහෝ තරුණියන් තම මිතුරිය අරඹා දියුණුවට පත්වූ පමණින් රූපලාවන්‍යාගාර ඇරඹීමද තරුණයන් නිමි ඇඳුම් ව්‍යාපාර ආදියද අරඹා අතරමන් වන අවස්ථා දැකගත හැකිය. එයට හේතුව දියුණුවට පත් තම මිතුරියට හෝ මිතුරාට එකී ව්‍යාපාරය සුබ ඵල ගෙන දුන්නද තමන්ට එම ක්ෂේත්රය නොගැලපෙන හෝ ඒ තුළින් දියුණුවක් ලැබීමට හිමිකමක් නොමැති බව අවබෝධ කර නොගෙන ඒ සඳහා යොමුවීමය.
එබැවින් මේ සඳහා යොමු වන සෑම ජන්මියකුට තම ජන්ම පත්‍රය හොඳින් පරීක්ෂා කර බලා පවතින ග්‍රහචාරයට අනුව තමන් ව්‍යාපාරයක් ඇරඹීම සුදුසුද එකී ව්‍යාපාරය කුමක්විය යුතුද ඒ සඳහා මෙම කාලය යහපත්ද යන්නත් ඒ තුළින් බලාපොරොත්තු වන්නා වූ දියුණුව ලැබිය හැකිද යන්නත් නුවණින් විමසා බැලිය යුතුම කාරණාවන්ය.
සිකුරු මහ දශාව හෝ ගුරු මහ දශාව ලබා එම ග්‍රහයන් උප්පත්ති කේන්ද්‍රයේ පිහිටීම තුළ ස්ථිර වශයෙන්ම තමන්ට ගැලපෙන ව්‍යාපාරය පිළිබඳ දැනුවත්ව ඇරඹීමෙන් ඒ තුළින් විශාල ලෙස ලාභ ලබන තත්ත්වයට පත්විය හැකි අතර සෙනසුරු ඒරාෂ්ටකයක් පවතින කාලවකවානුවක ව්‍යාපාර වෙත යොමුවන්නෙකුට සෙනසුරු මහ දශාව හෝ සෙනසුරු අතුරු දශාව ලැබුවේ නම් අදාළ ජන්මියා අරඹන්නට යෙදෙන කුමන අංශයේ ව්‍යාපාර කටයුත්තක් වුවද ස්ථිර වශයෙන්ම පාඩු ලබන තත්ත්වයට පත් වන්නේය.
එබැවින් කවුරුන් හෝ කුමන ව්‍යාපාර කටයුත්තක් ඇරඹුවද එය තම හිතුමනාපයට සිදු නොකොට තමන්ට හිමිකම් ඇති දෙය තෝරාගත යුතු අතර එසේ තෝරාගත් ව්‍යාපාරයද අපගේ පෙර අකුසල් මත කාලයෙන් කාලයට පාඩුq ලබන අවස්ථාවන්ට පත්වීමට ඉඩකඩ ඇත. එවැනි අවස්ථාවන්ට පත්වූ විට ඒවා මඟ හරවා ගැනීමට අප බොහෝ ශාන්තිකර්ම අනුගමනය කරමු.
එවැනි අවස්ථාවකට මුහුණ දීමට සිදුවන ඕනෑම අයෙකුට පහසුවෙන් එම තත්ත්වයෙන් මිදීමට හැකි ශාන්ති කර්මයක් "නැකත" පාඨක ඔබ වෙත මෙසේ ඉදිරිපත් කරමු.
කාම සුඛල්ලිකානු යෝගය බැහැර නොකළ සුවිශේෂී දේවාත්මයක් ලෙස සැලකෙන කඳ සුරිඳුන් හෙවත් කතරගම දෙවියන්ගේ රූපයක් ඔබගේ ව්‍යාපාරික ස්ථානයේ තබා පළමුව බුදුරජාණන් වහන්සේට මල් පහන් සුවඳ දුම් පූජා කර තිසරණ සහිත පංචශීලයෙහි පිහිටා වැඳ නමස්කාර කොට සෙත් පිරිත් සඡ්ජායනා කර දේව සමූහයාට පින් අනුමෝදන් කරන්න.
අනතුරුව කතරගම දෙවියන් උදෙසා රතුමල්, අබතෙල් පහනක්, සුවඳ දුම් පූජා කර
කාචරේ දේව ගෝවින්දං
රක්ඛන්තු ලෝක සාසනං
ඒතං දේවානු භාවේන
ස්කන්ධ සාමි නමෝ වරං
විපුල ජයතු දේහං- වාහනං මයුර හේමං
පවර කදිර දේවං- පාද යුග්මං නමාමි
විදස නයන හස්තං- භ්රාජිතං රක්ත වස්ත්‍රං
ගෘහිත පරසු යද්විං- සංඛ තුන්තාය භාහුං
උදිත මයුර යානං- තේජසා දිත්‍ය කුලසං
පවර කදිර දේවං- පාද යුග්මං නමාමි
යන ගාථා රත්නය 07 වරක් කියා දෙවියන්ට පින් දී බිඳ වැටුණු ව්‍යාපාරය නැවත යථා තත්ත්වයට පත් වීමට අවශ්‍ය ආශිර්වාදය ඔබ වෙත ළඟා කර දෙන මෙන් භක්තිමත්ව ඉල්ලා සිටින්න. අවසානයේ පහත දැක්වෙන සෙත් කවි පංතියක් වන් අති ප්‍රබල ශ්‍රී ස්කන්ද කුමාර අෂ්ටකය 21 වරක් ගායනා කිsරීමෙන් පතන දියුණුව ඔබ වෙත ළඟා වනු ඇත.
ශ්‍රී ස්කන්ධ කුමාර අෂ්ටකය
කොටි භානු තෙජවානු දග්රභාව ශ්‍රී තනුම්
ක්ෂේම දායකාද්භුතං ගුණාකරං කෘපාරකම්
හෙම යෂ්ඨි කාග්ර ඝට්ට මාන කුක්කුට ද්වජම්
ස්කන්ධ දේව රාජ නාම ස්වාමි පුංගවංනමේ
දීන ජීව ශාන්ති දාන පාරි ජාත සන්නි භම්
වංක ලොක පඬක ශොෂ නොරු තේජ රශ්මි කම්
කාච රාග්ර ග්රාමදේව මන්දිරාධි වාසිනම්
ස්කන්ධ දේව රාජ නාම ස්වාමි පුංගවංනමෙ
වීර ලක්ෂ්මි නිත්‍ය වාස භද්රභානු මන්දිරම්
යාචකාලි පාලි සෙව්ය මාන පාද පංකජම්
හාරි තාරි දුෂ්ඨ සත්ත්ව ක්ලිෂ්ඨ පාප භීෂණම්
ස්කන්ධ දේව රාජ නාම ස්වාමි පුංගවංනමෙ
තාරකාදී දෛත්‍ය නාශ මාන වික්රමොදිතම්
ලොක කුක්ෂි පූරිතං යශොග්රශ්රෙය භාවනම්
දෙව කල්ප පාද පොපමං මහා ගුණොදධිං
ස්කන්ධ දේව රාජ පාද ස්වාමි පුංගවංනමෙ
ශ්‍යාම රත්න භුෂණ ඡ්වලක් කිරීට මණ්ඩලම්
කාම ධෙනු තුල්‍ය ත්යාගිවාන් සදා ජනපිs්රයම්
දුෂ්ට ප්‍රාණි සර්ව සත්ව පක්ෂිනා සමන්විතම්
ස්කන්ධ දේව රාජ පාද ස්වාමි පුංගවංනමේ
ක්ෂීර නීර ධීත රංග කීර්ති රාශි භ්රාජිතම්
වීර වික්රමප්රතාප දේව ශෘංග රත්නභම්
භග්න දෘෂ්ඨ§ සත්ත්වමාන පාප රෝග නාශනම්
ස්කන්ධ දේව රාජ පාද ස්වාමි පුංගවංනමෙ
divaina.com