iranama
ප්‍රේමයේ අවසානය හදහනෙන් දැනගන්න
දෙදෙනකු විවාහ වන්නේ ප්‍රේම කිරීමකින් පසු හෝ මංගල යෝජනාවක් මගිනි. ජ්‍යෙdතිෂයට අනුව ප්‍රේමය යනු විවාහයට පෙර ඇති වන්නා වූ සම්බන්ධතාවක් වන අතර, විවාහයෙන් පසු ඇතිවන්නා වූ ප්‍රේම සබඳතා "අනියම් ප්‍රේමය" ලෙස හැඳින්විය හැකිය. කොයි කවුරුත් පාහේ විවාහයට පෙර පවත්වන මෙම ප්‍රේමය පිළිබඳ මෙවර හැඳින්වීමට හේතු වූයේ පෙම්වතුන් නොයෙකුත් ගැටලුවලට මුහුණ දෙන නිසාය. මා සතු ජ්‍යෙdතිෂ අත්දැකීම් මත පෙම්වතුන් බොහොමයක් සිටින්නේ විවාහ වෙනවාද? නැද්ද? යන අවිනිශ්චිත තීරණයක් යටතේය. ප්‍රේමය පිළිබඳව කතා කිරීමේදී ප්‍රේමය ජයගෙන විවාහයකින් අවසන් වන අවස්ථාද, ප්‍රේමයෙන් පරාජිත වී නින්දා අපහාස විඳීමට සිදුවන අවස්ථාද, ප්‍රේමය නිසා තම ජීවිතය අහිමිකර ගන්නා අවස්ථාද, ප්‍රේමයෙන් පරාජිත වී නැවත තම ජීවිතය යහපත් ආකාරයට ගොඩනඟා ගන්නා අවස්ථා සහ ප්‍රේමය නිසා තම ජීවිත කාලය පුරාම අවිවාහකව සිටින අවස්ථාද අද සමාජයේ කොතෙකුත් දක්නට ලැබෙන අතර, මේ සියලු අවස්ථාවන් ජ්‍යෙdතිෂයට අනුව විග්රහ කළ හැකි අතර, මෙම හේතු කාරණා නිසා පෙම්වතුන් බොහොමයක් ජ්‍යෙdතිෂයේ සරණක් පතා පැමිණෙන අවස්ථාවන් එමටය.
ජ්‍යෙdතිෂයට අනුව ප්‍රේමය පිළිබඳව සැලකීමේදී 5 වැන්නාධිපතියා, 5 වැන්න, කුජ, සිකුරු, චන්ද්‍ර යන ග්‍රහයන්ගේ පිහිටීම ඉතා වැදගත් වේ. ඊට අමතරව ඉහත ග්‍රහයන්ගේ, ජීව හා ශරීර ග්‍රහයන්ගේ පිහිටීම ද පරීක්ෂා කළ යුතුවේ. කුජ, සිකුරු, චන්ද්‍ර යන ග්‍රහයන් බලවත්නම් එම පුද්ගලයා ප්‍රේමාන්විත පුද්ගලයකු බවට පත්වේ. එනම් සිකුරු ග්‍රහයා, මීන, තුලා, වෘෂභ, රාශියක පිහිටීම චන්ද්‍රයා, කටක හා වෘෂභ රාශියක පිහිටීම, මෙම ග්‍රහයන් මිත්‍ර ග්‍රහයන්ගේ හා සුබ ග්‍රහයන්ගේ දෘෂ්ටි ලැබීම සහ ඉහත සඳහන් කළ ග්‍රහයන්ගේ ජීව හා ශරීර ග්‍රහයන් ප්‍රබල නම් එම පුද්ගලයා සත්‍ය ප්‍රේමයකින් යුත් පුද්ගලයෙක් වෙයි. 5 වැන්නේ ග්‍රහයන් කීප දෙනෙකු සිටියේ නම් ප්‍රේම සබඳතා කීපයක් පැවතිය හැකිය. නමුත් ගුරුගේ ශුභ දෘෂ්ටියට නතු වූයේ නම් එය එසේ සිදුනොවේ.
එසේම ඉහත සඳහන් කළ ග්‍රහයන් දුබලව 6, 8, 12 යන ස්ථානවල පිහිටියේද, එවැනි ග්‍රහ පිහිටීම් ඇති පුද්ගලයන් හට ප්රේ්රමය නිසා රැවටිලිවලට හසුවීමට, මරණ තර්ජන, චිත්ත පීඩා ඇතිකර ගැනීම්, නින්දා අපහාසවලට ලක්වීම්, තම ගරුත්වය නැතිකර ගැනීම ආදිය සිදුවිය හැකිය. කුජ බලවත් වීම තුළින් ආවේගශීලී බව ඇතිවන හෙයින්, යම් අවස්ථාවල ප්‍රේමයට එය බාධාවක් වන අතර, රාහු, ශනි, දුබලව 5 වැන්නේ පිහිටීමද ප්‍රේමයට බාධා ඇති කරයි. ඉහත සඳහන් කළ ග්‍රහ බලපෑම්වලට අමතරව මෙම අවස්ථාවේ නොකියූ යෝග ගණනාවක් ජ්‍යෙdතිෂය තුළ පවතී. එයට හේතුව වන්නේ ග්‍රහයන්ගේ වර්ග පරීක්ෂාව, භාව පරීක්ෂාව, නැකැත් පරීක්ෂාව හා ජීව ශරීර ග්‍රහයන්ගේ දායකත්වය ආදිය පිළිබඳව සංකීර්ණ විග්‍රහයක් කිරීමෙන් පලාපල කථනය සිදුවිය යුතු අතර, අශුභ යෝගයක් දුටු පමණින් එහි අශුභ ඵලද ශුභ යෝගයක් දුටු පමණින් එහි ශුභ ඵලද සිදුවේද යන්න තීරණය කළ නොහැකි අතර, සියලු ග්‍රහයන්ගේ දුබලතාවය විග්‍රහයක් කර පලාපල කථනය සිදුකළ යුතු අතර, ග්‍රහයන්ගේ දුර්වලතාවය, ප්‍රබලතාවය කුමන අංශයෙන් විකාශනය වේද යන්න තීරණය කර, පලාපල කථනය සිදුකළ යුතුවේ. එවිට විෂය සංකීර්ණ වන අතර, අනාවැකියද නිවැරැදි වේ.
ඉහත සඳහන් කළ විෂයට අදාළව (ප්‍රේමය) අනාවැකි ප්‍රකාශ කිරීමේදී, එනම් ප්‍රේමය ජයගෙන විවාහයකින් කෙළවර වේද? සියලු බාධා බිඳ ජය ගනීද? පරාජයට පත්වේද? නින්දා විඳීමට සිදුවේද? සියදිවි හානිකර ගනීද? එසේ නැතහොත් ජීවිත කාලය පුරාම අවිවාහකව සිටීද? යන ආදී කර්මානුරූපී බලපෑම ජන්ම පත්‍රයට අනුව පැවසිය හැකිය. නමුත් සියලු දේ කර්මය මගින් සිදුවේ යන්න තථාගතයන් වහන්සේගේ ධර්මයට අනුරූපීව සිදු නොවන අතර, තව න්‍යාය ධර්ම 4 ක් බලපෑමකට ලක්වේ. එනම්, උතු නියාම, බීජ නියාම, චිත්ත නියාම හා ධම්ම නියාම වේ. ඒ අනුව කෙනකුගේ කේන්ද්‍ර සටහන මගින් කර්මය විග්රහ වන අතර උත්සාහය, මහන්සිය, වීර්යය ආදිය යොදා ගනිමින් කර්මානුරූපී බලපෑම වෙනස් කර ගැනීම සඳහා දාන, ධර්ම, පිංකම් හා පිළිවෙත් ප්‍රතිකර්ම ආදිය හේතු කරගෙන ජීවිතය ජය ගැනීමට හැකි අතර, ප්‍රේමය නිසා තම ජීවිතය නැතිකර ගැනීමට හෝ තව කෙනෙකුගේ ජීවිතය නැති කිරීමට යැම ආදී කාරණා සිදුනොකළ යුතුවේ.
ජ්‍යෙdතිෂය තුළින් කාලයට යටත් වන්නා වූ පෘතග්ජනයන් හට තම ප්‍රශ්න කල්තියා හඳුනාගෙන පිළිවෙත්, ප්‍රතිකර්ම කර ගනිමින්, ජීවිතය සාර්ථක කර ගැනීමට උපකාරී වන, ඉතාම සාර්ථක මාර්ග උපදේශකයක් ලෙස යොදාගත හැකි වේ.
වැඩිදුර විස්තර සදහා 0718602525, 0115248187
විද්‍යාවේදී ජ්‍යෙතිෂවේදී
ගෝඨාභය මුදලිගේ
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks