iranama
නොවැ. 17 රවි-බුධ මාරුවෙන් ලග්න 7කට සුබයි
2015 නොවැම්බර් මස 17 වැනි කුජ දින මධ්‍යම රාත්‍රි 12.04 (00.04)ට ග්‍රහ ලොව රජු වන රවි ග්‍රහයා කුජට අයත් වෘශ්චික රාශියට පිවිසෙයි. එමෙන්ම එදින උදෑසන 7.30ට ග්‍රහ ලොව සුරතලා වශයෙන් හැඳින්වෙන බුධ ග්‍රහයාද වෘශ්චික රාශි ගතවනු ඇත. රවි, බුධ පිය පුතු දෙදෙනා වෘශ්චිකයේදී යෝග වීමෙන් "බුධ ආදිත්‍ය"
නොවැ. 17 රවි-බුධ මාරුවෙන් ලග්න 7කට සුබයි
2015 නොවැම්බර් මස 17 වැනි කුජ දින මධ්‍යම රාත්‍රි 12.04 (00.04)ට ග්‍රහ ලොව රජු වන රවි ග්‍රහයා කුජට අයත් වෘශ්චික රාශියට පිවිසෙයි. එමෙන්ම එදින උදෑසන 7.30ට ග්‍රහ ලොව සුරතලා වශයෙන් හැඳින්වෙන බුධ ග්‍රහයාද වෘශ්චික රාශි ගතවනු ඇත. රවි, බුධ පිය පුතු දෙදෙනා වෘශ්චිකයේදී යෝග වීමෙන් "බුධ ආදිත්‍ය"
නොහොත් "නිපුණතා" යෝගය නිර්මාණය වන බව ජේයාතිෂයෙහි සඳහන්වේ. මෙම ග්‍රහයන් දෙදෙනා නිතරම සංයෝග වීම සාමාන්‍ය දෙයක් ලෙස පිළිගැනෙන අතර බුධගේ අස්ත වීමද එනිසා දෝෂයක් ලෙස ගනන් නොගැනේ. මෙම ග්‍රහයන් දෙදෙනාගෙන් එක් ග්‍රහයකු උච්චව හෝ ස්වක්ක්ෂේත්රව සංයෝග වීම ඉතාම යහපත් පිහිටීමකි. මෙම යෝගය යහපත් ස්ථානයක පිහිටීමෙන් ගණිතය විෂයට දක්ෂ, විවිධ භාෂා හැකියාව ඇති උගතුන් බිහිවනු ඇත. එමෙන්ම මනා කථිකත්වයක් ඔවුනට උපතින්ම දායාද වීම විශේෂත්වයකි.
ජේයාතිෂයෙහි සඳහන්ව ඇති අප්‍රමාණ වූ යෝග අතරෙහි රවි ග්‍රහයාට වැඩි වශයෙන්ම යෝග වන ග්‍රහයා වන්නේ බුධය. රවි ආත්මකාරක ග්‍රහයා වන අතර බුධ බුද්ධියට අධිපති බුද්ධිකාරකයාය. රවි, බුධ යෝගය කිනම් රාශියක යෙදුණද එය අසුබ පල ගෙන නොදෙන බව සහතිකවම පැවැසිය හැකිය. 4, 5, 9, 10 සහ 11 ආදී යහපත් ස්ථානයන්වලදී මෙන්ම 2, 6, 8 සහ 12 යන අසුබ යැයි සම්මත ස්ථානවලදී පවා මෙම "බුධ ආදිත්‍ය" යෝගය එක සේ සුබ පල ප්රදානය කළ බව අවිවාදයෙන් පැවැසිය හැකිය. "ආදිත්‍ය" යනු රවි හෙවත් හිරුට කියනු ලබන පර්යාය නාමයකි.
රවි හා බුධ අප රට කුම්භ ලග්න කේන්දරයේ දස වැන්නවූ කර්මස්ථානයේ මෙවර යෝග්‍ය වේ. මෙහිදී රවි, බුධ හා ශනි යෝග වීමෙන් ත්‍රිග්‍රහ සංයෝගයක් නිර්මාණය වෙයි. මෙම ග්‍රහයන් තිදෙනාගේ සංයෝගය අප රටට යහපත් ප්‍රතිඵල උදාකරනු ඇතැයි සිතීමට නොහැකිය. රවි, බුධ සංයෝගය යහපත් වුවත් ඊට සෙනසුරු සම්බන්ධ වීමෙන් ඇතිවන තත්ත්වය යහපත් නොවනු ඇත.
රජයට විරුද්ධව මහජන විරෝධතා ඇතිකර වීමට සෙනසුරු උත්සාහ දරන අතර ඒ සඳහා සිසු සිසුවියන් යොමු කරවමින් බුධ ග්‍රහයාද දායකත්වය සපයනු ඇත. රවි ග්‍රහයා වෘශ්චිකය තුළ ගමන් කරන දෙසැම්බර් මස 17 වැනි දින දක්වා වූ මාසයක කාලය රජයට ඉතා අයහපත්ය. මෙම කාලය තුළදී විරුද්ධවාදීන්ගේ දැඩි විවේචනයන්ට සහ චෝදනාවලට ලක්වීමට රජයට සිදුවනු ඇත.
සෙනසුරු සමඟ යෝගව ගෝචර වන රවි හා බුධ ග්‍රහයන්ගේ ත්‍රිග්‍රහ සංයෝගය හේතුවෙන් රජය මහජනයා අතර අපකීර්තියට පත්වන අන්දමේ සිදුවීමක් ඇති වීමට බොහෝදුරට ඉඩ ඇත. රටේ පිළිගත්, උසස්, වගකිවයුතු අයකුගේ මරණයක් පිළිබඳ අසන්නට ඉඩ තිබේ. එය රජයට සම්බන්ධ මැති ඇමැතිවරයකුගේ හෝ නැතිනම් රාජකීයත්වයෙන් පිදුම් ලබන ගිහි හෝ පැවිදි උතුමකුගේ වීමටද ඉඩ තිබේ. බුධ හා අඟහරු හෙවත් කුජ අතර පරිවර්තන යෝග තත්ත්වයක්ද නොවැම්බර් 17 වැනිදා සිට දෙසැම්බර් මස 6 වැනිදා දක්වා පවතී.
එය අධ්‍යාපන ක්ෂේත්රයට මෙන්ම ආරක්ෂක අංශවලටද ගැටලු ඇතිකරවිය හැකි ග්‍රහ පිහිටීමකි. මෙනිසා රජය අපහසුතාවට පත්වනු ඇත.
ඉහතින් දක්වන ලද ග්‍රහ චලිතයන්ගේ බලපෑම ලග්න ෙදාළහට කෙසේ බලපානු ඇත්දැයි දැන් විමසා බලමු.
Wmqgd .ekSu u