iranama
නීච භංග යෝගය
කේන්දරයක ග්‍රහයකු නීච වීම යනු එම ග්‍රහයාගේ බලය බොහෝ දුරට හීන කිරීමක් සේ සැලකේ. එසේම ග්‍රහයා උච්ච වීම යනු එම ග්‍රහයාගේ බලය උපරිම තලයට නැංවීමක් බඳුය. ජන්ම කේන්දරයක ග්‍රහයන් දෙතුන් දෙනකු නීච වූ අවස්ථාද දක්නට ලැබේ. එසේ වූ විට එම නීචය බිඳී නැත්නම් ජන්මියාගේ පෞරුෂය බොහෝ දුරට දුර්වල කරන අතරම ශාරීරික වශයෙන් යම් යම් ඉන්ද්රිය දුර්වලකම්වලටද ඉඩ ඇත.
යම් අයුරකින් නීච ග්‍රහයා ජන්ම කේන්දරයේ උච්ච ග්‍රහයකු සමඟ සිටීමෙන් හෝ අනෙක් අයුරකින් එම නීචය භංග වී ඇතොත් උච්ච ග්‍රහයාගේ බලයටත් වඩා ඉහළ බලයක් මතු කරනු ඇත. එබඳු නීච භංගය රාජ යෝගයක් වශයෙන්ද, ධාර්මික චක්‍රවර්ති රාජ යෝගයක් වශයෙන්ද නම් කරනුයේ එහෙයිනි.
ග්‍රහයකුගේ නීචය භංගවන අවස්ථා හයකි. ඒ මෙසේය.
පළමුවැනි අවස්ථාව
ජන්ම කේන්දරයක කිසියම් ග්‍රහයකු නීච වෙයිද එම රාශියේම (සමහරවිට කිට්ටු අංශක ගණනක) එම රාශියට උච්ච ග්‍රහයා වෙතොත් පළමු සඳහන් කළ ග්‍රහයාගේ නීචය බිඳේ. නිදසුනක් වශයෙන් තුලා ලග්න හිමියකුගේ හතරවැන්නේ ගුරු හා කුජ වෙයි නම් තුලාවෙන් හතර වැන්න වූ මකරයට ගුරු නීච වන අතර, කුජ උච්ච වෙයි. මේ නිසා ගුරුගේ නීචය භංග වේ. ග්‍රහයකු උච්ච නොවී ස්වකේෂ්ත්‍ර බලයෙන් සිටියද නීචය භංග වනු ඇත. නිදසුන් වශයෙන් තුලා ලග්න කේන්දරයක 10 වැන්නේ සඳු, කුජ වෙතොත් කුජගේ නීචය ස්වක්ෂේත්ර සඳු නිසා බිඳේ.
දෙවැනි අවස්ථාව
යම් ග්‍රහයකු නීච වේද එම නීච වූ රාශිය අධිපතියා ලග්නයෙන් කේන්ද්‍රස්ථානගත වෙයිද එවිටම නීච භංග යෝගය යෙදේ.
තුන්වැනි අවස්ථාව
යම් ග්‍රහයකු නීච වේද එම රාශියට අධිපති ග්‍රහයා සඳුගෙන් කේන්ද්‍රගත වෙතොත් එම නීචය බිඳේ.
හතරවැනි අවස්ථාව
එසේම යම් ග්‍රහයකු නීච වූ විට එම රාශියට අධිපතියා උච්චව ලග්නයෙන් කේන්ද්‍රගත වේද එවිටද නීචය භංග වේ.
පස්වැනි අවස්ථාව
එසේම එම ග්‍රහයා සඳුගෙන් කේන්ද්‍රගතව උච්ච වේද එම නීචය භංග වේ.
හයවැනි අවස්ථාව
යම් ග්‍රහයකු නීච වූ විට එම නීච වූ ග්‍රහයාට හිමි රාශියේ ශුභයකු උච්චව සිටි නීච ග්‍රහයා දකීද එවිටද නීචය භංග වේ.
ඉහත දැක්වූ සය විධි නීච භංග යෝගය ධාර්මික චක්‍රවර්ති යෝගය වශයෙන්ද ප්රකටයි. පහත සඳහන් අයුරින්ද නීච භංග රාජ යෝගය යෙදේ.
කිසියම් ග්‍රහයකු නීච වේද එම නීච ග්‍රහයා හිමි රාශියේ සිටින උච්ච ග්‍රහයා විසින් නීච වූ ග්‍රහයා දකිනු ලබයිද එවිට නීච භංග යෝගය යෙදේ.
කිසියම් ග්‍රහයෙක් නීච වේද එයට අධිපතියා එම රාශියට කේන්ද්‍රගත වේද එවිටද නීච භංග වේ.
ග්‍රහයකු නීච වේද එම නීච රාශියට 3, 10, 11 යන තැනෙක පුර සඳු, ගුරු, බුද, සිකුරු යන ග්‍රහයෙක් වේද එවිටද නීච භංග යෝගය යෙදේ.
නීච ග්‍රහයා සඳු කෙරෙන් කේන්ද්‍රගත වෙතොත් එවිටද නීච භංගය යෙදේ.
ග්‍රහයන් දෙදෙනකු නීචව ඒ දෙදෙනාම පරිවර්තනය වී සිටීද එවිටද නීච භංග වේ.
නීච ග්‍රහයා සිටි රාශියට අධිපතියා ලග්නයෙන් ත්‍රිකෝණගතව සිටියොත් නීච භංගය යෙදේ.
කිසියම් ග්‍රහයෙක් ලග්න කේන්දරයේ නීචව සිටියදී එම ග්රහයාම නවාංශක කේන්දරයේ උච්චව සිටිතොත් ලග්නගත නීචය බිඳෙතැයිද සැලකේ. එහෙත් රාශියේ උච්ච ග්‍රහයා නවාංශකයේ නීච වූවොත් ලග්නයේ උච්ච ග්‍රහයාගේ උච්ච බලය අහෝසි වේ.
Wmqgd .ekSu u