iranama
නීච ග්‍රහයින් පිහිටීම දරුවා හට බලපාන හැටි
තමන්ගෙ දරුවත් එක්ක යම්කිසි ප්‍රිය සාදයකට ගිය මව හෝ පියා සමහරවිට ටික වේලාවකට පසු විනෝද වෙමින් සිටින තම දරුවා ළඟට ගොස් zදැන් වෙලාව හරි අපි යංZ යනුවෙන් සාමාන්‍ය ස්වරයෙන් කියයි. ඒ වචනවලින් ඒ වාගෙ සාමාන්‍ය අර්ථයට වඩා යමක් ඔහු ගම්‍ය නොකරනු ඇත. එහෙත් වෙනත් කලබලකාරී මවක් හෝ පියෙක් නොසන්සුන් ලෙස එම වචන පේලිය ඒ පිළිවළටම යොදාගනිමින් සිය ස්වරය වැඩිකරමින්, තද බැල්මකින් ප්‍රකාශ කළහොත් ඒ දරුවා තුළ ඇතිවන්නේ තමා ඕනෑවට වඩා ප්‍රමාද වූයේ යෑයි වරදකාරී හැ`ගීමක් ඇති කරන එකයි. මේ ක්‍රම දෙකම එතරම් පලදායක ඒවා නොවන නමුදු දෙවැන්න දරුවා තුළ තමන් පිළිබ`ද දොම්නසක් හෝ අතෘප්තියක් ඇති කිරීමට සමත්වනු ඇත.
අප හැම දෙනා තුළම සු`ඵ සු`ඵ නොරිස්සුම්කම් පුරුදු පුහුණු වී තිබේ. මේ නිසාම අපි හැමෝම හැමදාම පාහේ ඉ`දහිට හෝ අනුන්ගේ දොස් දකින්නට පෙලඹේ. ඇතැම් විට අපගේ එම දොස් දැකීම දරුවන්ගේද කන වැකෙනු ඇත. නිරතුරුවම වරද පමණක් දැකීමේ අපේක්ෂාවෙන් හැම විටම අනුන්ගේ දොස් සෙවීමේ සහ දැකීමේ පුරුද්දට එය සමාන කළ නොහැකිය.
දොස් දැකීම හෝ දොස් පැවරීම නිතර නිතර සිදුකරන විට එය රෝගයක් මෙන් පවුල් ජීවිත දෙස සෘණාත්මක ලෙස බැලීමට අප පොළඹවන පුරුද්දක් බවට පත් වේ.
නොදරුවන්ගේ දෙමව්පියන් වන අපට විකල්ප මාවත් දෙකක් විවෘතව පවතී. එක්කො ඔවුන් ස`දහා හැමවිටම දොස් පමණක් දකින අන් අයට නිග්‍රහ කරන දොම්නස් සහගත පරිසරයක් ගොඩනැගිය හැකිය. එසේ නැතහොත් දිරිගන්වන සුලු අන් අයට උදව් කරන ඔවුන් පුබුදු කරන ප්‍රබෝධ ජනක පරිසරයක් ගොඩනැගිය හැකිය. එසේනම් අපි තෝරාගත යුත්තේ මෙයින් කුමක්ද?
දරුවො හරියට දිය උරා බී ගන්නා ස්පෝන්ච් කෑල්ලක් වගේ වැඩිහිටි අපි කරන කියන දකින අසන සියලුම දේ ඔවුන් හනි හනික උකහාගනී. දැනුවත්ව හෝ නොදැනුවත්ව අපි ඔවුන්ට උගන්වමිනුයි සිටින්නෙ. ඒ වගේම හැම මොහොතක් පාසාම ඔවුනුන් අපෙන් ඉගෙනගනිමුයි සිටින්නෙ. මේ නිසා අපි නිතර නිතර ඔවුන් ගැන හෝ අන් අය ගැන මැසිවිලි නගමින් අනුන්ගේ දොස් දකිමින් සිටීමේ පුරුද්දට ගොදුරු වී සිටියහොත් අප කරන්නේ අන් අයට ගරහන සැටිත්, ඔවුන් පහත්කොට සලකන සැටිත් අපේ දරුවන්ට ඉගැන්වීමයි.
මෙම ඉගැන්වීමේ වඩාත්ම සෝචනීය ප්රතිවිපාකය වන්නේ මෙමගින් අනුන් පමණක් නොව තමන්ද පහත්කොට සැලකීමට එනම් දීන ලෙස සිතීමට දරුවන් ඉගෙන ගැනීමයි. වෙනත් අයුරකින් කිවහොත් අප මෙමගින් කරන්නේ ලොවෙහි සුබදායක පැත්ත නොව අසුබ පැත්ත පමණක් දකින අයුරු ඔවුනට ඉගැන්වීමයි. එසේ උගන්වන්නේ අපි නීච ග්‍රහයින් අපට කියාදෙන දේ නිසාය. අපේ දෛවය අපි වෙනස් කර නොගත්තොත් ඒ නීච ග්රහයින්ගේ පිහිටීම දරුවන්ටද බලපානු ඇත.
ජ්‍යොතිෂවේදී,
ආරියතිලක වත්තගේ
Wmqgd .ekSu