iranama
නිවැරැදිව බුද්ධ පූජා තබා මහත් ඵල ආනිශංස ලබා ගන්න
බොහෝ දෙනා නිවැරැදිව බුද්ධ පූජා තැබීමට දන්නේ නැත. ඒ හේතුවෙන් තබන බුද්ධ පූජාවේ ආනිශංස අල්ප වෙයි. අල්ප වූ පිනකට ඔබ අදහස් කරන අරමුණට ඔසවා තැබීමේ ශක්තිය නැත. එනිසා එසේ කීප වාරයක් කළත් ඵලක් නොලබන නිසා ඒ ක්‍රියාව එපාවී එය නිෂ්ඵල දෙයකැයි ප්‍රතික්ෂේප කර දමයි.
බුද්ධ පූජාවක් තැබීමට පෙර බුදුරජාණන් වහන්සේ මැනවින් හඳුනා ගැනීම ඉතා යහපත් වෙයි. එයට හේතුව බුදුන් වහන්සේගේ අද්විතීය ආශ්චර්යවත්, විශ්මයජනක අවබෝධය කෙරෙහි බොහෝ දෙනා නොදන්නා බැවිනි. ඒ පිළිබඳ අවබෝධයෙන් නිවැරැදිව බුද්ධ පූජා පැවැත්වීමෙන් තමන්ගේ දියුණුව සෞභාග්‍ය මෙන්ම සියලු අපල විපත් දුරුකර ගැනීමේ හැකියාව ද එමගින් ලැබේ.
පූජ්‍ය රේරුකාණේ චන්දවිමල හිමියන් ලියූ පුෙණ්‍යාaපදේශය නම් ග්‍රන්ථයෙන් උන්වහන්සේ පෙන්වා ඇති කරුණු සැලකිල්ලට ගැනීමෙන් මේ සම්බන්ධයෙන් දැන උගත් අවබෝධයක් අපට ගොඩනඟාගත හැකිය. අපට පමණක් නොව පාලකයන්ට වෛද්‍යවරුන්ට ධර්මයේ ගැඹුරට විමසන අයට පවා විශේෂ බුද්ධ වන්දනා ක්‍රම එහි දක්වා තිබේ. එසේ විශේෂ වන්දනා ක්‍රම බිහිවීම සේම බුද්ධ පූජාවක් සකස් කිරීමේදී එය වැදගත් වීමට උන්වහන්සේගේ පහත දක්වන ගුණයන් ගැන අප අවබෝධ කළ යුතුය.
බුද්ධත්වය ලද්දේ යයි පවසන්නේ මිනිස් මනසක් ගෙන යාහැකි උත්තම ස්ථානයට ඉහළම ස්ථානයට ගෙන යැමය. උන්වහන්සේ බුද්ධත්වය ලැබීමට පෙර මිනිසකුට තම සිත ගෙනයා හැකි ඉහළම ස්ථානය ආකාසානඤ්චායතන ආදීවූ අරූපාවචර චිත්ත සමාපත්තීන් වෙතට පමණකි. නමුත් උන්වහන්සේ එකී සමාපත්ති ඉක්මවා නිර්වාණ සමාපත්තිය දක්වාම තම සිත ආශ්චර්යවත් ලෙස ප්‍රගුණ කළ සේක. ආනාපාන සති භාවනාව තුළ සිත සමාධිගත කළ උන්වහන්සේ පළමු දෙවැනි තෙවන හා හතර වැනි ධ්‍යාන දක්වා සිත ඔසවා තැබුවේය. එයින් පළමු ධ්‍යානයේදී සිතින් කයේ සම්බන්ධතා මුළුමනින් විසන්ධි විය.
එනම් කයෙන් ඇතිවන වේදනා කැක්කුම් රිදීම් කිසිවක් සුළං පොදක තරමටවත් නොදැනෙන ලෙසින් සිත පමණක් සකස් වීමය. සතර වන ධ්‍යානය දක්වා යන විට ඇස් කන් ආදී ඉJද්රියන් 5 න් ම දකින අසන දැනෙන දේවල් නිසා ඇතිවන පංචකාම රාග ද්වේෂ ආදී සිව් කෙලෙසුන් නසා බුද්ධත්වය ලැබීමත් සමඟ පුබ්බේ නිවාසානුසති Æණය හෙවත් පෙර ගත කළ භවයන් දැකීමේ Æණ බලයත් සත්ත්වයන් මියගොස් ඒ ඒ තැන උපදින හැටි දකිනා Æණ බලයත් ආදී බොහෝ Æණ පහළවිය. ඕනෑම දෙයක් මවන්නට හැකියාව ඇති Rර්ධිවිධ නම් Æණ බල හතරක් ලද සේක.
ඒ වෙලේ උන්වහන්සේ ලද Æණබල මෙසේ ලියා නිම කළ නොහැක. මේ අබ ඇටයකටත් වඩා අඩු ප්‍රමාණයක් මෙහි සඳහන් වෙයි. එනිසා උන්වහන්සේ දෙව් බඹ මිනිස් යන සියල්ලන්ට ඉහළින් සිටින ඉතාම කලාතුරකින් ලොව පහළ වන උත්තමයෙකි. කොතරම් ඒ උතුම් බව පවතී ද යත් උන්වහන්සේ පිරිනිවන් පා අද වන විට වසර 2561 කට සමානව ගෙවී ගියත් ලංකාවේ ප්‍රසිද්ධ සිද්ධස්ථානවල දිනකට මල් කොපමණ සංඛ්‍යාවක් උන්වහන්සේ උදෙසා පිදෙන්නේද?
ආහාර පාන කොපමණ ප්‍රමාණයක් පිදෙන්නේද? දළදා මැඳුරේ දිනකට උන්වහන්සේ උදෙසා හාල් සේරු 32 ක් සහිත දිනපතා දානය ලැබේ. මිල මුදල් වස්තු සම්පත් යාන වාහන කොපමණ නම් උන්වහන්සේගේ නාමයට ලැබෙත්ද? ඉදිරියටත් වසර 2439 ගතවනතුරු උන්වහන්සේගේ මේ මහා පුණ්‍ය බලය පවතී. නිවැරැදි ලෙස උන්වහන්සේගේ ගුණ දරමින් වඳින පුදන සැබෑ ශ්රාවකයන්ටද ඒ මහා භාග්‍ය උදාවේ. වසර 2439 න් පසුව සියලු බුද්ධ රහත් ධාතුන් වහන්සේලා නිරුද්ධ වීමෙන් පසු අබුද්ධෝත්පාද යුගය ඇරැඹී බුද්ධ බලය ලොවෙන් නිරුද්ධ වී යයි.
මෙසේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ ගෞරවය නිවැරැදි ශ්‍රද්ධාව නොමැතිව බොහෝ අය පීරිසි තටුවක සාමාන්‍ය මට්ටමේ කිරිබත් ගුලියක් හෝ පුංචිම කප් එකකට දමා හදාගත් පිට්ටුවක් බඳු කිරි බත් ගුලියක් තබා උන්වහන්සේට පූජා කිරීමෙන් ඇතිවන ඵලය කුමක්ද? ඒ ප්‍රමාණය ඇතැම් විට තම ගෙදර සිටින බල්ලාට හෝ බළලාටත් මදි ප්රමාණයකි.
දෙව් බඹ මිනිස් යන සියල්ලන්ගෙන් අදටත් වැඳුම් පිදුම් ලබන ලොව්තුරා බුදුවරයකුට එසේ පූජා කිරීමෙන් වලකින්න. පූජා කළ යුත්තේ ඔබ උපමා කරගෙනය. ඔබට උදේට කිරිබත් නම් කෑමට කොපමණ අවශ්‍ය දැයි ඔබට දැනේ. ඒ ප්‍රමාණයම ඔබ බුද්ධ පාත්‍රයට දැමිය යුතුය. දහවල් බුද්ධ පූජාවද එසේමය. උදේ දවල් බුද්ධ පූජා තබන මා දන්නා එක් නිවසක සෑම දිනකම දෙදෙනකුට ප්‍රමාණවත් බත් වෑඤ්ජන දිනකට බුද්ධ පූජාවෙන් අස්වෙයි. දවල් 12 ට පමණ බොහෝ දුප්පත් මනුෂ්‍යයෙක් පැමිණ ඒවා රැගෙන යයි.
අස්කරන බුද්ධ පූජාව කෙනෙක් අනුභව කිරීමෙන් පාපයක් නැත. එකී නිවසේ අය බොහෝ බුදුගුණ මෙනෙහි කිරීම පංචශීලය රැකගැනීම ආදී දැහැමි දිවියක සිටින අතර කලකට පෙර බොහෝ දුප්පත් පවුලක්ව සිටි ඔවුන් අද සියලු ලෞකික සම්පත් භුක්ති විඳිමින් ධර්මානුකූල ජීවිතයක් ගෙවමින් සිටී. ඕනෑම කෙනකුට මේ තත්ත්වයට පත්විය හැකිය. එකී නිවැසියන් මෙන් බුදුන් ඇසුරේ ජීවත්ව සියලු ග්‍රහ අපල නපුරු විපත් කරදර ලෙඩ දුක් පවා සමනය කර ගනිමින් කැමති දේ නොලබන දුක පලවා හරිමින්, වස්තු සම්පත් ලැබීමට තමන්ට ඇති භාග්‍යය දිනපතා දියුණු කරගත හැකි බුද්ධ වන්දනාවක් තම ජීවිතයට ඈ¹ ගත යුතුය.
කිරිබත් ගුලියකට ලෝබකම පතුරවා කිසිදු බුදු ගුණයක් පංචශීලයක් නොමැතිව අමූලිකා ශ්‍රද්ධාවෙන් කටයුතු නොකරන්න. සැබෑ බුද්ධ ශ්‍රාවකයෙක් ලෙස අකාරවතී ශ්‍රද්ධාවෙන් කියා ඇති පරිදි කටයුතු කරන්න. නිතිපතා මල් පහන් සුවඳ දුම් ආහාර ගිලන්පස ඔබ ඔබම උපමා කරගෙන බුදුන්ට පූජා කරන්න.
තම නිවසේම බුදුන්වහන්සේ සිටිනවායි සිතාගෙන නිතර දවසකට වරක් හෝ බුදුගුණ සිහිකරන්න. පන්සිල් කියවීම නොව සැබෑ ලෙස රකින්න. එසේ නිතිපතා පහත කියා ඇති පරිදි බුද්ධ වන්දනාව කරන්න. එය දිගටම ජීවිතයට පුරුදු කර ගන්න. එවිට අපල විපත් කරදර කැමති දේ නොලබන දුක අධ්‍යාපන දුර්වලතා ආදිය දුරුවී සෙත යහපත ශාන්තිය ඇති වෙනවා පමණක් නොව මරණින් පසු සතර අපායට වැටීමෙන්ද වැලකී සුගතියක උපදී.
මේ පූජ්‍ය රේරුකාණේ චන්දවිමල නම් මගඵලලාභී යතිවරයාණන් ලියන ලද පුෙණ්‍යාaපදේශය නම් පොතින් හඳුන්වා ඇති "වස්තුව ලැබීමේ භාග්‍ය දියුණු වීමට හේතුවන වන්දනා ක්‍රමය" නම් විස්තරය මෙහි පහත දක්වමි.
"වන්දනේයාති වන්දනේයවූ, පූජනේයාති පූජනීය වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනේක කල්ප කෝටි සතසහශ්රයෙහි රැස්කළ අපරිමිත පාරමිතා කුසල් බලයෙන් පස්මරුන් පරදවා සම්‍යක් සම්බෝධි සමධිගමයෙන් ලෝකයෙහි අග්‍ර දක්ෂිෙණ්යභාවයට පැමිණි සේක. ඒ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ තමන් වහන්සේට දොaත නගා වඳින්නෙකුට ද අපමණ දෙව් මිනිස් සැප ලබා දෙන අචින්ත්‍ය ගුණයෙන් යුක්ත වන සේක. එබැවින් උන්වහන්සේට පුදන පිණිස සුවඳ මල් ආදී නොයෙක් පූජා භාණ්ඩ ගෙන ගංඟාවක් ගලා එන්නාක් මෙන් සතර දිගින් උන්වහන්සේ වෙත ක්ෂත්රීය බ්‍රාහ්මණාදීහු පැමිණියහ.
දිව්‍ය බ්‍රහ්මයෝ පැමිණියහ. නාග යක්ෂයෝ පැමිණියහ. අනුන්ගෙන් බොහෝ පුද පඬුරු ලබන නර රාජ දේවරාජ බ්‍රහ්මරාජ ආදීහු උන්වහන්සේ පුදන්නට පැමිණියහ. පිරිනිවී වර්ෂ දහස් ගණනක් ඉක්ම ඇති අද ද උන්වහන්සේට පුදන මල් පහන් ආහාර පාන බොහෝය. මනුෂ්‍ය දේව බ්‍රහ්ම ආදී ලෝකවාසී සැම දෙනා විසින්ම වැඳීමට පිදීමට සුදුසු වූ ඒ බුද්ධ මහෝත්තමයාණන් වහන්සේව මම සරණ යමි.
"මම උන්වහන්සේගේ ශ්රාවකයා වෙමි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පාද පද්මයන් අත්‍යාදර ගෞරවයෙන් මම නමදිමි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා"
මෙසේ කිරීමෙන් වසරින් වසර දියුණුවීමට හේතුවන බව එහි අවසානයේ දක්වා තිබේ. එසේම පංචශීලය නියත ලෙස තමා තුළ තිබිය යුතුය. මත්පැන් ගැනීම අනිවාර්ය ලෙසට නැවතී තිබිය යුතුය. බුදුන් වහන්සේගේ ගුණ විස්තර වශයෙන් දිනකට වරක්වත් සිහි කළ යුතුය.
දියවැඩියා රෝගය මාරාන්තිකයි. එනිසා මේ මේ ආහාර ගැනීමෙන් වලකින්න කියා වෛද්‍යවරයා නියම කළත් ගෙදර ගොස් එසේ නොකරන මිනිසුන් සිටින අප රටේ මෙය පිළිපදින අය ඉන්නේද කීපදෙනෙකි. එක්කෝ ආත්ම ශක්තිය නැති එක්කෝ අවිද්‍යාව බලවත් අය විශ්වාස නොකරනු ඇත. පිළිගන්නා ස්වල්ප දෙනා මෙයින් ඒකාන්තව සත්‍ය ප්‍රතිඵල ලබත්වා.
වැඩි විස්තර සදහා විමසන්න - 077- 4547797
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks