iranama
නිවැරදිව බාරයක් වන්නේ කෙසේද?
* බාරවීම යනුවෙන් අදහස් කෙරෙන්නේ
බාරවීම යනු පුරාණයේ සිට විශේෂයෙන් ම සිංහල බෞද්ධ ජනතාව අතර දැඩි විශ්වාසය මත පවතින ජන ඇදහීම් හා බැඳුන චාරිත්‍රයක් මෙන්ම ජ්‍යොතිෂ විද්‍යාවේ එන එක්තරා ප්‍රතිකර්ම ක්‍රමයක්
* එම ප්රතිකර්මය හෙවත් දෙවියන්ට බාරවීමෙන් අපේ අරමුණු ඉටුකර ගත හැකිද?
දෙවියන්ට බාර වීම යනු අප දෙවියන් සමඟ කරන ගනුදෙනුවකි. මාගේ මේ කාරණය ඉටුකර දුනහොත් ඔබ වහන්සේට ....... පූජාකර, සිදුකර පිං අනුමෝදන් කරනවා" යනුවෙන් දෙවියන් ඉදිරියේ දිව්රා පොරොන්දු වීම බාර වීමයි. මේ ආකාරයෙන් තම සාධාරණ, යහපත් බලාපොරොත්තුවක් ඉටුකර ගැනීම සඳහා දෙවියන්ට කන්නලව් කර භක්තිමත්ව ඉල්ලා සිටිමින් වන්නා වූ බාරයකින් අපගේ බලාපොරොත්තු ඉටුවීමට අවශ්‍ය පසුබිම සැකසීම සත්‍යයකි.
* ජ්‍යොතිෂයේදී ජන්මියකු වෙත පැමිණෙන අපල කාල සීමාවන් සපල කර ගැනීමට පිළියමක් වශයෙන් දෙවියන්ට බාර වීම අද සුලබ සිද්ධියක්. මෙය කොතරම් දුරට සාර්ථකද?
අපල කාලයක් ලෙස හඳුන්වන්නේ කවරෙකු වුවද පෙර ආත්මයේ සිදුකළ අකුසල් සඳහා වන්දි ගෙවිය යුතු කාලයයි. එම කාලය උදාවීමත් සමඟ අදාළ පුද්ගලයාට විවිධ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දීමට සිදුවිය හැකිය. එම අහිතකර තත්ත්වය හෙවත් ග්‍රහ අපල මැඩ පවත්වා ගත හැක්කේ කුමන දෙවියන්ට බාරවීමෙන්ද යන්න අපේ පැරැණි සෘෂිවරුන් පෙන්වා දී ඇත. ඒ අනුව ඊෂ්වර දෙවියන්ට බාර වීමෙන් රවි අපලයද, සඳු - සමන් දෙවියන්, කුජ - කතරගම, බුධ - දැඩිමුන්ඩ, ගුරු - මහා බ්රාහ්මයා, සිකුරු - පත්තිනි, ශනි - විෂ්ණු, කේතු - කතරගම, රාහු - සූනියම් වශයෙන් බාරවීමෙන් ග්‍රහ අපල මඟහැර ගත හැකිය.
* මීට අමතරව අපට දෙවියන් වෙත බාරවීමට හැකි අවස්ථා සඳහන් කළොත් ?
අධ්‍යාපනයේ නියෑළෙන දරුවකුගේ එම කටයුතු සාර්ථක කර ගැනීමට ගණ දෙවියන් සහ සරස්වතී දේවිය, විවාහය හෝ දරුඵල සම්බන්ධයෙන් පත්තිනි මෑණියන්ට, වෙළෙඳ ව්‍යාපාර, රැකී රක්ෂා දියුණුවට කතරගම දෙවියන්, සතුරු කරදර සඳහා භද්‍රකාලි මෑණියන් වැනි දෙවිවරුන්ගෙන් පිහිට ලබා ගත හැකියි. අදාළ කාරණය ජ්‍යොතිෂවේදියකු සමඟ
Wmqgd .ekSu u