iranama
නාරි ලාලිත්‍යයෙන් කියවෙන රහස්
දේහ ලක්ෂණ ගැන විමර්ශනය කර බැලීමේදී ස්ත්රීන්ට ගති ලක්ෂණ අටක් ඇත. ඒවා ගැන සලකා බැලීමේදී ස්වර, ආවති, ඡායා, සත්ත්ව, සංස්ථාන, ගන්ධ, වර්ණ. ගති යනුවෙන් වර්ග කර දැක්වීම උචිතය. ස්ත්‍රියගේ දේහ ලක්ෂණ පරීක්ෂා කිරීමේදී දෙපතුළ සිට හිස දක්වාම විමර්ශනයට ලක් කිරීමේදී සුබ අසුබ වෙන් වෙන් වශයෙන් දැන හැඳින ගත හැකිවෙයි.
සාකල්යවශයෙන්ම ස්ත්‍රිය භාග්‍යවන්තියක් වේ. එසේ වන්නේ පයේ යටි පතුළ මෙන් සිනිදු සම උණුසුම් ස්වභාවයක් දැකිය යුතුවේ. වියළී ගිය පා තලයක් ඇත්නම් ඇය දිළිඳුය. දුප්පත්කම ඉහ වහා යයි. ඉහත කී ලක්ෂණ යම් යුවතියකට පිහිටා තිබේ නම් ඇය අනිවාර්යයෙන්ම දුක් වීඳීමට උපන් තැනැත්තියකි.
සමහර ස්ත්‍රීන් රාජ්‍ය මහේසිකාවන්ගේ තත්ත්වයට පත්වේ. එවන් ස්ත්රීන්ගේ පාදයෙහි සේසත්, චක්‍ර, ස්වස්තික හැඩ, මත්ස්‍ය ලක්ෂණ නිරන්තරයෙන්ම දක්නට ලැබේ. සමහර ස්ත්රීන්ගේ සුබදායක ලක්ෂණ තිබේ. එයින් එකක් වන්නේ මාංශ පේෂීන් පිරිච්ච ස්වභාවයකි.
තම පරම්පරාවෙන් එන කුලයද අකා මකා දමන එය නසන ස්ත්‍රීන්ද එදිනෙදා ජීවිතයේදී අපට දක්නට ලැබේ. ඇය අපට ලෙහෙසියෙන් හඳුනා ගත හැකිවන්නේ වක්‍ර ඇඟිල්ලක් ඇති නිසාවෙනි. දාසියක් මෙන් වැඩෙහි යෙදෙන ස්ත්රීන්ට මහත් වූ ඇඟිලි පිහිටයි. සමහර විට ඇයගේ ගති ලක්ෂණ පෙන්නුම් කරන්නේ ස්ත්‍රියගේ අවයව පිහිටන ආකාරයටයි. ඒ අනුව දේහ ලක්ෂණ විද්‍යාවෙන් ගති ලක්ෂණ චමත්කාර ලෙස විග්රහ කළ හැකිය.
සමහර විටෙක ඇය නිතර නිතර දුක් කරදර උසුලන්නියක් නම් තරවූ ඇඟිලි ඇයට උපතින් දායාද කර ඇත. ඇත්තටම සත්‍ය වශයෙන්ම ඇය භාග්‍යවන්තියක් නම් ඇයගේ ඇඟිලි පියුමක් දිලෙන ස්වභාවයක් පෙන්නුම් කරන්නේය. දේහ ලක්ෂණ විද්‍යාවේදී හොඳට ඇඟිලි පරීක්ෂා කර බැලීමේදී ඉහතින් සඳහන් කළ පියුමක ස්වභාවය ස්වරූපය පෙනේනම් එක එල්ලේම ඇය භාග්‍යවන්තියක් ලෙස නම් කළ හැකිය. සිරියාවන්ත සිරිකතක් බඳු ස්ත්‍රියක් ලෙස නිගමනය කළ හැකිය.
යම්කිසි ස්ත්‍රියක් පාරේ ගමන් කරද්දී ඇගේ පාදයේ ඇඟිලි තුඩු වලින් දූවිලි එහි මෙහි විසුරුවයිද එවැනි තැනැත්තියකට කිසිම කලක මනාලියක් ලෙස සැරසී කුලගෙට පිවිසෙන්නට නොහැකි වෙයි. ඇයගේ ඇඟිලි ඉතාමත් සිහින් ස්වභාවයක් පිළිබිඹුq කරයි. නම් ඇය නිතර කලකෝලාහලවලට පැටලෙන කතක් බව නිගමනය කළ හැකිය. සමහර විටෙක ස්ත්‍රියක් බහු පුරුෂ සේවනයේ යෙදෙන අවස්ථා ඕනෑ තරම් අසන්නට දක්නට ලැබෙයි. එවැනි ස්ත්‍රීන් තම ස්වාමි පුරුෂයා මරා දමන ලද අවස්ථාද කොතෙකුත් පුවත්පත්වල පළවී තිබෙනු ඔබ දක්නට ඇත.
එවැනි චරිත ලක්ෂණ ඇති ස්ත්‍රියකගේ ඇඟිලි කිසිම විටෙක බිම ස්පර්ශ නොකරයි. බිම සිප නොගනී.
ශ්‍රියා කාන්තාවක් මෙන් රූප සම්පත්තියකින් ආඪ්‍ය වීමට නම් ඇගේ දණ තරමක් උස් වී මසින් පිරුණු ස්වභාවයක් පෙන්නුම් තැනැත්තියක් වීම අනිවාර්ය ලක්ෂණයකි. දීර්ඝ වශයෙන්ම දේහ ලක්ෂණ පරීක්ෂා කිරීමේදී ගතිගුණ මෙන්ම ගති ලක්ෂණ ගැනද සත්‍ය අනාවැකි පවසන්නට හොඳින්ම පුළුවන්කම ලැබේ.
සමහර ස්ත්‍රීන් ඇවිදින විට මස් පිඬු වේගවත්ව රිද්මයකට සැලෙයි නම් වඩාත් විමසිල්ලකින් බැලිය යුතුයි. එසේ කිරීමෙන් සක් සුදක් සේම සාක්ෂාත් කර ගත්තේ නම් සැකයකින් තොරවම එම ස්ත්‍රිය අභාග්‍ය සම්පන්න බව පැවසිය හැකිය.
යම් කිසි ස්ත්‍රියකගේ කලව රඹ කඳක්මෙන් දිස්වේ නම් ඇයටද රජ මෙහෙසියක් වීමට තරම් වරමක් ඇත. ස්ත්‍රියගේ ලෝම රළු ස්වභාවයක් උසුලයි නම් ඇය බොහෝ විට දුප්පත් මෙන්ම කනවැන්දුම් තැනැත්තියක් බව නිගමනය කිරීමට පුළුවන.
පිරීගිය සඳක් වන් රහසඟක් ස්ත්‍රිය සතුව තිබේ නම් එය ස්ත්‍රියකගේ සැබවින්ම සුබ ලක්ෂණයක් බව නිර්භයවම ප්‍රකාශ කළ හැකිය. තවත් ක්රමයක ස්ත්‍රිය වාසනාවන්ත වේ. ඒ ඇයගේ මස් පිඬු සුසිනිදු බව දනවන අවස්ථාවලදීය. එවැනි ලක්ෂණ ඔබට පෙනේ නම් එය හරියටම තහවුරු කර ඇය වාසනාවන්තියක් බව ස්ථිර වශයෙන්ම පැවසිය හැකිය.
යම් කිසි ස්ත්‍රියකගේ බෙල්ලෙහි ඉරි තුනක් පිහිටා තිබෙන අයුරු ඔබ දැක ඇතුවාට සැකයක් නැත. මේ අයුරින් ඉරි තුනක් පිහිටා ඇති කාන්තාව ඉතා වාසනාවන්තියක් බව නිර්ලෝභීව පැවසිය හැකිය.
යම් ස්ත්‍රියකගේ පියයුරුවල හැඩ තල පරීක්ෂා කිරීමේදී ඇයගේ ගති ලක්ෂණ එමඟින්ද පැවසිය හැකිය. යම් කිසි ස්ත්‍රියකගේ පියයුරු තද ගතියකින් යුක්ත නම් එබඳු තැනැත්තිය ඉතාමත් සුබ ලක්ෂණයන්ගෙන් පොහොසත් බව පළකරයි.
යම් කිසි ස්ත්‍රියක් වංක ස්වභාවයකින් යුතුව කටයුතු කරයි නම් ඇයට ස්වභාවයෙන්ම පිහිටා ඇත්තේ දිගු බෙල්ලකි. තවද යම් කිසි ස්ත්‍රියකගේ දෙකම්මුල් පිරී ඉතිරී ගිය වැලි තලපයක් මෙන් දිස්වේ නම් ඇයගේ සුබ ලක්ෂණ එමගින් මනාව පැහැදිලිකර පෙන්විය හැකිය. දෙකට බෙදී ගිය ස්ත්‍රී තොල් සඟලක් යම් ස්ත්‍රියකට දායාද කොට ඇත්නම් එවැනි ස්ත්‍රියකගේ යටි තොල් මනහර බවක් පළ කරන්නේය. උඩු තොල පරීක්ෂා කර බැලීමේදී එය මහත්ව පිහිටා ඇත්නම් එවැනි ස්ත්‍රිය කලහ කිරීමට පෙළඹෙන තැනැත්තියක් වශයෙන් නිගමනය කර ඒ බව පෙන්වා දිය හැකිය. එවිට ඔබේ දේහ ලක්ෂණ අනාවැකි නිවැරදි වේ.
වඩ වඩාත්ම ධනය ලබන ස්ත්රීන්ගේ දත් කොඳ කැකුළු මෙන් බබලන්නේය. උඩු හා යටි ඇන්දේ දත්වල සමානත්වයකි. එසේත් නැත්නම් සමාන දත් පිහිටා ඇත්තේද ඇයටද රාජ්‍ය අනුග්‍රාහිකාවක් වීමට වාසනාව ඇත.
එමෙන්ම ස්ත්‍රියකගේ තොල් විවර කර දත් නොපෙන්වා දත් සඟවා සිනාසීමද අගනේ වෙයි. තොල මත පෙති මෙන් තෙත්වී තිබේ නම් ඇය පර පුරුෂයන් ඇසුරට කැමති බව ඉඳුරාම පැවසිය හැකිය. ඔබත් තෝරා බේරාගෙන දේහ ලක්ෂණ අනාවැකි හරියටම පවසන්න.
Wmqgd .ekSu