iranama
දෙවි පිහිටෙන් විභාගය සමත් වෙන්න පුතේ
දෙවි පිහිටෙන් විභාගය සමත් වන්න යැයි මාපියන් සිය දරුවන්ට පවසනු ඔබ කොතෙකුත් අසා ඇත. එම පැතුමෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද? විභාගයට පිළිතුරු ලියන මොහොතේදී දෙවියන් විභාග ශාලාවට වැඩමවා පිළිතුරු කියා දීමක්ද? එසේ නැතහොත් වෙනත් දෙයක්ද? දෙවි පිහිටෙන් විභාගය සමත් වන්න යැයි පවසන මාපියන් බොහෝදෙනකුටද එම ප්රකාශය පිළිබඳ නිශ්චිත අදහසක් නැත.
දෙවි පිහිටෙන් විභාගය සමත් වන්න යැයි මාපියන් සිය දරුවන්ට පවසනු ඔබ කොතෙකුත් අසා ඇත. එම පැතුමෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද? විභාගයට පිළිතුරු ලියන මොහොතේදී දෙවියන් විභාග ශාලාවට වැඩමවා පිළිතුරු කියා දීමක්ද? එසේ නැතහොත් වෙනත් දෙයක්ද? දෙවි පිහිටෙන් විභාගය සමත් වන්න යැයි පවසන මාපියන් බොහෝදෙනකුටද එම ප්රකාශය පිළිබඳ නිශ්චිත අදහසක් නැත.
විභාගය සමත් වීමට දෙවි පිහිට දරුවාට ලැබෙනුයේ කෙසේද? මේ පිළිබඳව නිවැරැදි අවබෝධයක් සෑම මාපියකුටම තිබිය යුතුය. දරුවා විභාගයට හොඳින් සූදානම් වූයේ නැති අයකු නම් කෙතරම් දෙවි පිහිට අයැද සිටියද විභාගය සමත් වන්නේ නැත. කිසිදු දෙවි කෙනකු විභාගයේදී පිළිතුරු කියා දෙන්නට විභාග ශාලාවට වඩින්නේ නැත. එසේ නම් දෙවි පිහිට ලැබෙන්නේ කෙසේද?
විභාගයට සූදානම් වන සෑම දරුවකුගේම සිතෙහි බරපතළ ගැටලු සහගත තත්ත්වයක් පවතී. එනම් තමාට විභාගය සමත් විය හැකි දැයි යන අවිනිශ්චිතභාවයයි. දෙවිවරු සිදු කරන ප්රධානම මෙහෙවර නම් තම පිහිට ඉල්ලා සිටින දරුවන්ගේ චිත්ත ශක්තිය ඉහළ ස්ථාවරයකට රැගෙන යෑමයි.
තමා අනිවාර්යයෙන්ම විභාගය සමත් වන බව දරුවාට සිතෙන්නට පටන් ගන්නේ දෙවි පිහිට සෘජු ලෙස ලැබීමෙන්ය. දරුවාගේ සිතේ තිබුණු අවිනිශ්චිත භාවය ඉවත් කරනු ලැබුවේ පිහිට ඉල්ලා සිටි දෙවියන් විසිනි. විභාගය සමත් වන බවට දැඩි විශ්වාසයක් සිතේ ඇති වූ දා සිට දරුවාගේ කාර්යක්ෂමභාවය සර්පිලාකාර ලෙස ඉහළ යයි. එය විභාග ජයග්රහණයට මහත් රුකුලකි.
විභාගය ආසන්න වෙත්ම ඇතැම් දරුවන්ට වෙනදා නොතිබූ ලෙඩ දුක් ඇති වේ. එයට ප්රධානම හේතුව වනුයේ සිතෙහි ඇති වන වික්ෂිප්තභාවයයි. මේ තත්ත්වය වෙනස් කොට චිත්ත ඒකාග්රතාවක් නිර්මාණය කොට ගත සිත දෙකම නිරෝගීව තබන්නටද දෙවියන් පිහිට වේ. ඒ අනුව නිරෝගී දරුවකු විභාගයට යවන්නට දෙවියන් උපකාරී වේ. එය දෙවි පිහිට ලැබීමකි.
විභාගයට යන එන අතරමඟදී පවා කිසිදු බාධකයක් හිරිහැරයක් ඇති නොවන්නට දෙවියන්ගේ බැල්ම නිරතුරුව හිමි වීමද දෙවි පිහිට ලැබීමකි. නිසි වේලාවට විභාගයට යෑමට හැකි වීමද විභාග ජයග්රහණයකට මහත් රුකුලකි.
ප්රශ්න පත්රයට පිළිතුරු දෙවියන් විසින් ලබා නොදුන්නද ඉහත කී ආකාරයේ අගනා රැකවරණයක් ලැබෙන්නේ නම් එය කෙතරම් අගනේද. විභාග ජයග්රහණයකට එය මහත් පිටිවහලකි. ඉහත කී සියල්ල නිසි පරිදි ලැබෙන්නට නම් අප දෙවි පිහිට ඉල්ලා සිටිය යුතුය. එය නිසි පරිදි කරන්නේ කෙසේදැයි අප දැන සිටිය යුතුය.
තමා අදහන දෙවියන් උදෙසා පඬුරක් ගැටගසා දෙවියන් සමඟ සම්මුතියකට එළැඹීම දෙවි පිහිට අපේක්ෂා කළ හැකි එක් ක්රමයකි. විභාග ජයග්රහණ උදෙසා පඬුරක් ගැටගසා බාරයක් වූ අයකු විභාග ජයග්රහණයෙන් පසු බාරය ඔප්පු කළ යුතුය.
ඒ හැරුණු විට බෝධි පූජාවන්ට සම්බන්ධ වී හැකිතාක් පින් රැස් කරගෙන තමා අදහන දෙවියන්ට හෝ දේව සමාගමේ පින් ගන්නා දෙවිවරුන්ට පින් අනුමෝදන් කිරීමෙන්ද දෙවි පිහිට ඉල්ලා සිටින්නට සුදුසුකම් ලබයි.
විභාග ජයග්රහණ උදෙසා දෙවි පිහිට ඉල්ලා සිටිය හැකි නොවරදින ශාස්ත්රීය ප්රවේශය වනුයේ නිසි ලෙස ගණ පිහිටුවා බලගන්වන ලද සෙත් කවියක් හෝ සෙත් කවි දෙකක් මඟින් දෙවි පිහිට ඉල්ලා සිටීමයි. විභාගයට මුහුණදෙන දරුවාගේ නම ඇතුළත් කොට ලියන ලද සෙත් කවියක් හෝ සෙත් කවි සුමිහිරි හ
Wmqgd .ekSu u