iranama
දෙවියන්ට පූජා කරන පූජා වට්ටිය නිවැරදිව සකස් කර ගන්න
ග්‍රහ පූජාවක් තැබීමේදී අදාළ ග්‍රහ රූපය
ඇඳ පූජා වට්ටිය සැකසිය යුතු වන්නේය
එදා බැතිමත්හු දෙවියන්
සතුටු කිරීමට ප්‍රතිපත්ති පූජාව ඉවහල්කොට ගත්හ
අතීතයේ දෙවියන්ට පූජා වට්ටියක් තැබුවේ ඉතාමත් කලාතුරකිනි. එහෙත් වර්තමානය වන විට දෙවියන් උදෙසා පූජා වට්ටියක් තැබීමට බැතිමත්හු බොහොමයක් පුරුදුව සිටිති. එදා බැතිමත්හු දෙවියන් සතුටු කිරීමට ප්‍රතිපත්ති පූජාව ඉවහල්කොට ගත්හ. දෙවියන් කෙරෙහි භක්තියෙන් පුද පූජා තැබීමට කැප වූවන්ට දෙවියන් සඳහා මල් මාලාවක්, තිරයක්, පහනක්, කිරිබත් ස්වල්පයක් මේ අතරින් එකක් හෝ දෙකක් තබා දෙවියන්ට පින් අනුමෝදන් කරවීමෙන් එදා තමන්ගේ බලාපොරොත්තු සපල කර ගැනීමට හැකිකම තිබිණි.
එහෙත් වර්තමානයේ තමන්ට දේව පිහිට ලැබෙන්නේ ලොකු පලතුරු වට්ටියක් තැබීමෙන්, ලොකු මුදලක් පරිත්‍යාග කිරීමෙන් යෑයි බැතිමත්හු විශ්වාස කරති.
මෙසේ පූජා කරන පූජා වට්ටිය බොහෝ අවස්ථාවල දෙවියන්ට තබා ප්රේතයකුටවත් තැබීමට සුදුසු නොවේ. කුණු වී ඇති දිවුල්, කෙසෙල්ගෙඩි වැනි පලතුරු ඇතැම් අවස්ථාවල දක්නට ලැබේ. දෙවියන් පිදීමට පලතුරු වට්ටිය නැතිවම බැරි අංගයක් බවට වර්තමානයේ පවත්ව ඇත.
කෙසේ වෙතුදු දෙවියන් බැතිමතුන් විසින් දෙන පූජා වට්ටි බලා පොරොත්තුවෙන් සිටින අයෙක් නොවේ. එහෙත් තමාට ගරු සත්කාර කරන්නේ යෑයි යන විශ්වාසයෙන් දෙවියන් යම් ප්‍රීති ප්‍රමෝදයකට පත් වෙති.
මෙසේ හෙයින් දෙවියන්ට යමක් පුදන විට ඉතාමත්ව පිරිසිදුව නොඉඳුල්ව පූජා කිරීම යහපත් ප්‍රතිඵල ලැබීමට හේතු වේ. විශේෂයෙන් පූජා වට්ටියක් දෙවියන් සඳහා තබන්නේ දෙවියන් සතුටු කර තමා තුළ ඇති කිසියම් බලාපොරොත්තුවක් ඉටුකර ගැනීමේ අපේක්ෂාවෙනි. මේ නිසා පූජා වට්ටිය විධිමත්ව සකස් කර ගත යුතු වෙයි. මෙහිදී තමා විසින් තබන්නට යන පූජාවෙන් බලාපොරොත්තු වන්නේ කුමන පිහිටක්ද යන්න සිහි කටයුතුය. ඊට අදාළ වන ආකාරයේ ද්‍රව්‍යවලින් පූජා වට්ටිය සකස් විය යුතුය.
තමාගේ සතුරකුගේ වෛර ක්‍රියාවක් සඳහා කිසියම් තැනැත්තෙකු දෙවියන් ඉදිරියේ අවලාදයක් කීමට යැමේදී සතුරන් දුරුවීම සඳහා අදළ ද්‍රව්‍ය පූජා වට්ටියේ තැන්පත් කර පිදීමෙන් තමා බලාපොරොත්තු වන අදහස සඵල වේ. ගොදරදොරේ වැඩි දියුණුව, දරු සම්පත් ඇතුළු යහපත් ප්‍රතිඵල ලැබීමේ අපේක්ෂාවෙන් කරනු ලබන පුද පූජාවලදී බෙලි, දෙලුම්, ඕලු පංචාමෘත්ත කිරි පැණි ආදී ද්‍රව්‍ය සහිත පූජාවෙන් යහපත් ප්‍රතිඵල ලැබේ.
පූජා වට්ටියක් සකස් කර ගැනීමේදී අනුගමය කළ යුතු පිළිවෙත් ක්‍රමයක් ඇත. ග්‍රහ පූජාවක් තැබීමේදී අදාළ ග්‍රහ රූපය ඇඳ පූජා වට්ටිය සැකසිය යුතු වන්නේය. මින් අදහස් වනුයේ ඒ ඒ දෙවිවරුන්ට හිමි ග්‍රහයන්ට අනුව පුද පූජා වට්ටිය සැකසීමයි.
පූජා වට්ටිය සැකසීමේදී වට්ටිය හෝ තැටිය පිරිසිදුව ගෙන ඒ මත බුලත් කොළ එළිය යුතුයි. බුලත් කොළ එළීමේදී විශේෂයෙන් බුලතේ මුල වට්ටියේ හෝ තැටියේ මැද වන්නටත්, බුලතේ කෙළවර මුදුන්වන්නට සේ සිටින සේ උඩ අතට තැබිය යුතු වෙයි. අනතුරුව මුඩ්ඩ සහිත පොල් ගෙඩියක් සෝදා පිරිසිදු කර සඳුන් තිලක තුනක් තබා වට්ටියේ මැද තැබිය යුතු වෙයි. බුලත් හයක් ඇතුළු රවුමටද බුලත් දොළසක් පිටරවුමටද තැබීම සම්ප්රදාය වේ. එයට ලදපස්මල්, මී පොරි හෝ කැකුළු සහල් එක් වගයක් අතුරු පානක චතුමධුර කැවිලි වර්ග පහක් අලංකාරව තැන්පත් කටයුතු වන්නේය. එයටම බෙලි දොඩම් කෙසෙල් ඇතුළු පලතුරු වර්ග පහක් තැඹිලි හෝ පැන් බඳුනක්ද තැබිය යුතු වේ.
මෙසේ සකස් කර ගන්නා පූජා වට්ටිය පිරිසිදු රෙදි කඩකින් වැසීම කළ යුතු වේ. සුවඳ ද්‍රව්‍ය, අගිල් සැවන්දරා, කපුරු සහ පඬුරක් පූජා වට්ටිය සමඟ පිදීම කළ යුතු වේ.
දෙවියන් උදෙසා පූජාවක් තැබීමේදී ගණ දෙවියන්ට පූජාවක් මුලින් තැබීම සුවිශේෂී වෙයි. ඊශ්වර දෙවියන් විසින් මෙය ආඥවක් ලෙස පනවා ඇතැයි වෛදික මතයක් පවතී. මෙම නියමය පරිදි බැතිමතුන් මොන දෙවියන්ට පූජාවක් තැබූවත් මුලින්ම ගණ දෙවියන්ට පූජාවක් තැබීම නියමයයි. මේ අනුව මුලින්ම පූජා වට්ටියේ තබන ලද පොල්ගෙඩිය ගණ දෙවියන්ට හිමිවන බැවින් සහ පැන් බඳුන කඩවර දෙවියන්ට හිමිවන බැවින් ගණ දෙවියන්ට වෙනමම පූජාවක් තැබීම අවශ්‍ය නොවේ.
Wmqgd .ekSu u��u mqj;am; weiqfrks