iranama
දෙවියන්ගේ ප්‍රේමය ප්‍රකාශිත විශ්වශක්ති සංකේත
ඔබගේ නිවෙසේ ශක්තිය වැඩිකර ගැනීමට නම් විශ්ව ශක්තිය මනාව කාන්දු කරගැනීමට අවශ්‍ය වටපිටාව සකස් කළ යුතුයි. මේ සඳහා නිවෙසේ මූලික වාස්තු සිද්ධාන්තයන් නිසි පරිදි ආරක්ෂා කරගත යුතු වෙනවා. නිවෙසේ වාස්තු සිද්ධාන්ත නිසි පරිදි සකස් කරගත් පසුව ඒවා තව තවත් උද්දීපනය කිරීම සඳහා ප්‍රබල වාස්තු සංකේත සහ හැඩතල ඔබගේ ගෘහයට එකතු කරගැනීමෙන් විශ්ව ශක්තිය ප්‍රබල කළ හැකිය.
ඔබගේ නිවෙසේ ශක්තිය වැඩිකර ගැනීමට නම් විශ්ව ශක්තිය මනාව කාන්දු කරගැනීමට අවශ්‍ය වටපිටාව සකස් කළ යුතුයි. මේ සඳහා නිවෙසේ මූලික වාස්තු සිද්ධාන්තයන් නිසි පරිදි ආරක්ෂා කරගත යුතු වෙනවා. නිවෙසේ වාස්තු සිද්ධාන්ත නිසි පරිදි සකස් කරගත් පසුව ඒවා තව තවත් උද්දීපනය කිරීම සඳහා ප්‍රබල වාස්තු සංකේත සහ හැඩතල ඔබගේ ගෘහයට එකතු කරගැනීමෙන් විශ්ව ශක්තිය ප්‍රබල කළ හැකිය. එසේම නිවෙසේ දැනට පවතින යම් යම් වාස්තු දෝෂ බලවත් නොවී පවත්වා ගැනීමේ හැකියාවද විශ්ව ශක්ති වාස්තු හැඩතල සහ වාස්තු සංකේතවලින් ලැබෙන තවත් ප්රයෝජනයකි.
නිවෙසේ විශ්ව ශක්තිය බලවත් කිරීමට වාස්තු සිද්ධාන්ත උපකාර කරගත්තා සේම ඒවා තවදුරටත් බලවත් කිරීමට හැඩතල සහ සංකේත යොදා ගැනීම මහා වාස්තු ශිල්පය තුළ ප්රබලව සිදුවෙනවා. මෙම ලිපියෙන් ඔබගේ අවධානය යොමු කිරීමට උත්සාහ ගන්නේ දෙවියන් කැමැති හැඩතල සහ විශ්ව ශක්ති සංකේත ඔබගේ නිවෙසට එකතු කරගැනීමට අවශ්‍ය දැනුම ලබා දීමටයි.
දෙවියන් කැමැති විශ්ව ශක්ති ස්වස්තික යන්ත්‍රය හා ඕම් සලකුණ
ඔබගේ නිවසේ බලවත් වී තිබෙන වෙනස් කළ නොහැකි වාස්තු දෝෂ පවතින්නේ නම් ඔබට ඒ සඳහා යොදාගත හැකි ප්‍රබල යන්ත්‍රයක් වන්නේ විශ්ව ශක්ති ස්වස්තික යන්ත්රයයි. මහා වාස්තු ශිල්පය තුළ මෙම විශ්ව ශක්ති ස්වස්තික යන්ත්‍රය මඟින් විස්මිත ශක්තීන් උද්දීපනය වන බව පෙන්වා දී තිබෙනවා.
මෙහිදී ඔබ මතක තබාගත යුතු විශේෂිත කරුණක් තිබෙනවා. එනම් විශ්ව ශක්ති ස්වස්තික යන්ත්‍රය නිවැරැදිව හඳුනා ගැනීමයි. එසේ නොමැති වුවහොත් සිදුවන්නේ දෙවියන්ගේ ශක්තිය වෙනුවට මාරයාගේ ශක්තිය ඔබගේ ගෘහයට ආරෝපණය වීමයි. මෙය හරියට ආදරය සහ වෛරය අතර තිබෙන සියුම් පරතරය වගේ දෙයක්. එනම් එකම කාසියේ දෙපැත්තක් බව ඔබ මනාව හඳුනා ගත යුතු වෙනවා. නිවැරැදි විශ්ව ශක්ති ස්වස්තික යන්ත්‍රය හඳුනාගෙන දෙවියන්ගේ ඇල්ම බැල්ම ඇතිකරගෙන නිවෙසට විශ්ව ශක්තිය කැන්දා ගන්න.
දෙවියන් කැමැති විශ්ව ශක්ති ස්වස්තික යන්ත්‍රය
මාරයා කැමැති විනාශම් යන්ත්‍රය
මහා වාස්තු ශිල්පයේ සඳහන් විශ්ව ශක්ති ස්වස්තික යන්ත්‍රය ඔබට භාවිත කළ හැකි ආකාරය පහතින් දක්වා තිබෙන අතර මෙම විශ්ව ශක්ති ස්වස්තික යන්ත්‍රය ගණ පිහිටුවා නියමාකාරයෙන් පේ කොට යොදාගැනීමෙන් නිවෙසට සෞභාග්‍යය උදාකරගත හැකියි.
ප්‍රධාන ද්වාරයට පෙනෙන ලෙස නිවෙස තුළ බිත්තියේ එල්ලන්න.
ඔබගේ ගෘහයේ ආගමික කටයුතු සිදු කරනු ලබන ස්ථානයෙහි තැන්පත් කිරීම.
නිවෙසේ ඊශාන දිශාවට මුහුණලා සිටින සේ තබන්න.
බ්‍රහ්ම පාදය මත තබන්න.
ගෘහයකට මුල්ගල තබන විට එම මුල්ගල තැබිය යුත්තේ මෙම විශ්ව ශක්ති යන්ත්‍රය මත වේ.
විශේෂයෙන් ඔබගේ පින පාදන විශ්වශක්ති ලාංඡනය ස්වස්තිකය වන අතර විශ්වයේ හඬ සංකේතයන් වන්නේ 'ඕම්' සලකුණ මඟිනි. මේ නිසා ඔබගේ නිවෙසට සෞභාග්‍ය උදාකරවීම උදෙසා විශ්ව ශක්ති ස්වස්තිකය සමඟම ඕම් සලකුණද එකට භාවිතා කිරීම ඉතාමත් යහපත්ය.
එසේ වුවද ත්රිශූල් සලකුණ සමඟ කිසිම විටෙක ස්වස්තිකය හෝ ඕම් සංකේත භාවිත නොකිරීමට වගබලා ගන්න. ස්වස්තිකය සහ ඕම් සංකේත එකට එකතු කළාට ත්රිශූල් සංකේත එකට එකතු කළ නොහැකි බව මහා වාස්තු ශිල්පය තුළ සඳහන් වී තිබෙනවා. ත්රිශූල් සංකේතය තුළින් සෑම විටම දඬුවම, ප්රචණ්ඩත්වය හා ප්රකෝපකාරී බව සංකේතවත් කරවන අතර එය පූජනීය සංකේත වන ස්වස්තිකය සහ ඕම් සංකේත සමඟ එකට භාවිත කිරීමෙන් යහපතක් ඇති වන්නේ නැත.
ස්වස්තික ලාංඡනය යනු සම්මා සම්බුදුවරුන්ගේ ශ්‍රී පතුලේ පහළ වන විශ්ව ලාංඡනයක් වන අතර එය දෝලනය වන්නේ දක්ෂිණා වෘත්තවයි. ඕම් සලකුණ යනු විශ්වයේ හඬ නියෝජනය කරන සංකේතයයි.
මෙම සංකේත තැන්පත් කිරීමේදී ඒවා පිහිටුවීම නිවැරැදිව කළ යුතු වෙනවා. ඒ අනුව ඕම් සලකුණ මත ස්වස්තික යන්ත්‍රය පිහිටුවීම කළ යුතු අතර ස්වස්තිකය මත ඕම් සලකුණ තැබීම නිවැරැදි වන්නේ නැහැ.
දෙවියන් කැමැති ඕම් සලකුණ මත ස්වස්තිකය තැබීමේ නිවැරැදි ක්‍රමය
මාරයා කැමැති ත්රිශූල් ඕම්
මාර සලකුණ (විනාශම් ලකුණ)
ඉහතින් පෙන්වා දී ඇති පරිදි විශ්ව ශක්ති හැඩතල සහ සංකේත නිවැරැදිව භාවිත කිරීම තුළින් ඔබගේ ගෘහයට ව්‍යාපාරයට දෙවියන්ගේ ඇල්ම බැල්ම ලැබී විශ්ව ශක්තිය ප්රබලව එකතුවී සෞභාග්‍යය උදා කරගත හැකි අතර මාරයාගේ ශක්තිය උද්දීපනය වන ලෙස එම සංකේත වැරැදි ලෙස භාවිත කිරීමෙන් ඔබගේ නිවෙසත් ව්‍යාපාරයන් පිරිහීම හා කඩාවැටීම සිදුවන බව කිව යුතුයි.
මහා වාස්තු ශිල්පය තුළ සඳහන් විශ්වශක්ති සංකේත සහ හැඩතල ඔබගේ ගෘහයේ හා ව්‍යාපාරයේ දියුණුව සහ සෞභාග්‍ය ඇතිවීමට නිවැරැදිව යොදාගැනීමට ඇවැසි වාස්තු දැනුම ඔබට ලබාදුන්නේ නූතනයේ මෙම සංකේතය වැරැදි ලෙස භාවිත කිරීම නිසයි. නූතනයේ මෙම චතුර් විද්‍යා ශිල්ප ඥානය වාණිජකරණය වී තිබීමේ ප්‍රතිඵලයක් ලෙස වැරැදි හැඩතල සහ වැරැදි සංකේත භාවිතයට සමාජය පුරුදු වී ඇති අතර එහි අයහපත් ප්‍රතිඵලද සුලබව දකින්න පුළුවන්.
පිරිසිදු මහා වාස්තු ශිල්ප ඥානය ශ්‍රී ලංකාව තුළ පවතින අතර එහි ප්‍රබල දැනුම ඔබට ලබාදීමට උත්සාහ ගන්නේ එම ශිල්පය මහා වාස්තු ශ්‍රී විෂ්ණු දෙවියන් ලෝකයාගේ යහපත පිණිස ලොවට දායාද කර ඇති හෙයිනි.
Wmqgd .ekSu u