iranama
දස වැදෑරුම් සුබපල දෙන සෞභාග්‍යයේ මංජුසාව
'පරමානන්ද යෝග' වෙබ් අඩවිය වෙත පිවිස යෝග දර්ශනය පිළිබඳ වඩාත් සාක්ෂාත් කර ගන්නා ලෙස මම ඔබට ආරාධනය කරමින් අදට නියමිතව තිබෙන යෝග අභ්‍යාසය වෙත යමු.
මෙහි මම දක්වන සෞභාග්‍යයේ මංජුසාව ගැන ඔබට පැහැදිලි කිරීමට කැමැත්තෙමි. 'සෞභාග්‍යයේ මංජුසාව' යනු ගෙදර - ෙදාර සිරියාව ඇති කරන, ශ්‍රී දේවිය කැන්දා දෙන 'ලක්ෂ්මී බඳුනකි.' මෙම සෞභාග්‍යයේ මංජුසාව නිර්මාණය වන්නේ ඉන්දියාවේ ඉපැරැණි ගුරුකුලවල යෝග ආචාර්යවරුන් යටතේය.
සුවිශේෂී කරුණක් වන්නේ එකල මෙම ඔෟෂධ බඳුන භාවිත කර තිබෙන්නේ ආශ්‍රම තුළ වන වාතය පිරිසුදු කිරීමට වුවද පසුකාලීනව එය නිවෙසේ ෙදාස් දුරු කර වාසනාව ළඟා කර ගත හැකි මංජුසාවක් වශයෙන් භාවිතයට ගැනීමය.
මෙම මංජුසාව සෑදීම සඳහා එකතු කර ගන්නේ අප ඔෟෂධ ලෙස භාවිතයට ගන්නා සොබාවික අමුද්‍රව්‍යය. සෞභාග්‍යයේ මංජුසාව සෑදීමට වේලාව තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතුය. මෙහිදී 'රාහු කාලය' බිඳ එන සුබ හෝරාවක් ඒ සඳහා පිළියෙල කර ගත යුතු වන අතර එය උදෑසන 'බ්‍රහ්ම මුහුර්ත' පවතින හෝරාවක් වීමද වඩාත් වැදගත් වේ. එමෙන්ම එම අවස්ථාවේ ඔබ හොඳින් ස්නානය කර කහ වතුරෙන් සිරුර සෝදා මංජුසාව පිළියෙල කිරීමට ලකලැහැස්ති විය යුතුය.
මේ සඳහා පළමුවෙන් නැවුම්, තරමක ලොකු මැටි හැළියක් තෝරා ගන්න. පසුව එම මැටි හැළියට පහත සඳහන් දෑ එකතු කර ගන්න.
= සුදු හඳුන් කැබැලි 01යි
= රත් හඳුන් කැබැලි 01යි
= කට්ටකුමන්ජල් ග්‍රෑම් 01යි
= කපුරු පෙති 02යි
= කස්තුරි කහ කැබැලි 01යි
= මූනමල් පොතු කැබැලි 01යි
= වෙනිවැල්ගැට කැබැල්ලක්
= අගිල් / ගුගුල් ස්වල්පයක්
= සැවැන්දරා මුල් කැබැල්ලක්
= සමන්පිච්ච මල් ස්වල්පයක්
මේ සියල්ල ඉතා කුඩා කැබැලිවලට වෙන් කර ගත් පසුව ඔබ පිළියෙල කර ගත් මැටි බඳුනෙහි අසුරන්න. මෙම ඔෟෂධ වර්ග පිළියෙල කිරීමේදී ඉතා පිරිසුදුව තිබිය යුතු අතර දූවිලි, කුණු තිබේ නම් ඒවා පිරිසුදු කර ගත යුතුය.
ඉන්පසු සකසා ගත් මංජුසාව තමා සමීපයට ගෙන මහා ලක්ෂ්මී ස්තෝ්ත්රය හෝ ගයාත්‍රි මන්ත්‍රය 108 වාරයක් මතුරා එයට ආකර්ෂණය ඇතුළත් කළ යුතුය. මෙහිදී 'ශබ්ද ශක්තියත්් - මන්ත්‍ර ශක්තියත්' එකතු විය යුතු හෙයින් නිවැරැදිව වචන උච්චාරණය කරමින් එය නිම කිරීම යෙහෙකි. විශේෂයෙන් මෙම මංජුසාව පිළියෙල කරන විට දෙවියන්ට ඉතා ළැදිව භක්තිමත්ව වන්දනා මාන කරන කාන්තාවක් විසින් එය ඉටු කිරීම වඩාත්ම වැදගත් වෙයි. ඉන්පසුව නිවැරැදි වත් පිළිවෙත් අනුව සිද්ධි කර ගත් ඔෟෂධ මංජුසාව නිවෙසේ සාලයෙහි තැබිය යුතුය. මෙතැනදී සතියෙන් සතිය කපුරු පෙති අවසන් වූ පසු මාරු කළ යුතු අතර මාස තුනකට වරක් මංජුසාව අලුත් කර ගත යුතුය. එලෙසම මෙම මංජුසාවෙහි බල මහිමයෙන් ඔබට නිසියාකාර සිද්ධි වුවහොත් පහත සඳහන් ප්රතිලාභ ඔබට අත්විඳිය හැකිය.
= රැකියා ලාභ
= ධනය ලැබෙන මාර්ග පෑදීම
= සුව නොවන රොගවලින් රෝග සුවය
= අධ්‍යාපන කටයුතු සාර්ථක වීම
= සාර්ථක විවාහ ජීවිතය
= පින්වත් දරුපල
= විභාග දියුණුව
= නිවෙසේ ආරක්ෂාව
= නිවෙසට, වෙළෙඳසලට දේව ආරක්ෂාව ලැබීම.
= නිවැසියන් අතර සමඟිය සහ
සමාදානය ඇතිවීම.
ඉහත ප්‍රතිඵල ඔබ මෙම මංජුසාව පිළියෙල කරන ආකාරය අනුව සිදුවන අතර නැවතත් මා ඔබට පවසන්නේ ඉතාම යහපත් සිතින් භක්තියෙන් මෙය සාදා ප්‍රතිඵල ලබන ලෙසය.
දීඝායු!
Wmqgd .ekSu u