iranama
දරුඵල ප්‍රමාදද ?
මෙන්න නිවැරදි පිළියම්
දෙමාපියන්ට දරු සම්පත තරම් වටිනා වෙනත් කිසිදු සම්පතක් නොමැත. මෙම හේතුව නිසා විවාහ වීමට පෙර විවාහ වන දෙපළගේ කේන්ද්‍රය ගලපා, ඒ අනුව දරුඵල තිබේද? නැද්ද යන්න නිර්ණය කිරීම ඉතා වැදගත් වේ. විවාහයට පත්වූ අඹුසැමි යුවළක් නොඉවසිල්ලෙන් බලා සිටින්නේ තම පවුලට තුන්වන සාමාජිකයා පැමිණෙනතුරුය. මා සතු ජ්‍යෙdතිෂ අත්දැකීම් මත විවාහයට පත්වී බොහෝ කල්ගත වුවත්, දරුවන් නොමැතිව මානසිකව දුක්විඳින පුද්ගලයන් කොතෙකුත් දක්නට ඇත. දරුවන් නොමැතිකම නිසා දික්කසාදය යන තැනට පැමිණෙන අවස්ථාද මා දැක ඇත. අද සමාජයේ දරු සම්පතක් නොමැතිකම කාන්තා පාර්ශ්වයේ පමණක් ඇති දුර්වලතාවක් බවට පත්කර ගෙන ඇත.
කෙසේ නමුත්, දරුවන් නොමැති දෙපලකගේ කේන්ද්‍ර පරීක්ෂාවේදී ස්ත්‍රී කේන්ද්‍රයේ දරු සම්පත් උරුම වුවද, පුරුෂයාගේ කේන්ද්‍රයට අනුව ඔහුට දරුඵල අහිමිනම් ඔවුන් දෙපළට දරු සම්පත් අහිමි වේ. දිනක් මා වෙත කේන්ද්‍රයක් පරීක්ෂා කර ගැනීමට පැමිණි කාන්තාවක් පළමු විවාහයෙන් දරුවන් නොමැතිකම නිසා ඉතා දුක් සහිත ජීවිතයක් ගතකර පසුව එම හේතුව නිසා වසර 12 ට පසු දික්කසාද වී ඇති අතර, පසුව ඇය දෙවැනි වරටත් විවාහ වී දරුවන් දෙදෙනෙකුගේ මවක් බවට පත්වී ඇති අතර, දෙවැනි විවාහ ජීවිතය ඇය සාර්ථකව ගත කරයි. ඇයගේ මෙම කේන්ද්‍රය සූක්ෂම ආකාරයට පරීක්ෂා කිරීමේදී එම කාරණා ඒ ආකාරයෙන්ම ඇයගේ කේන්ද්‍රයේ සඳහන් වී තිබුණි.
පුත්‍රකාරක ගුරුගේ පිහිටීම, 5 වැන්නේ ඇති ග්‍රහ පිsහිටීම් හා ග්‍රහ දෘෂ්ටීන්, පස් වැන්නාධිපතියා හා පස්වැන්නාධිපතිව සිටින නවාංශකාධිපතියාගේ බල දුබලතාවය හා ඉහත ග්‍රහයන්ට අදාළ ජීව ශරීර ග්‍රහයන්ගේ බල දුබලතාවය හා ඉහත සඳහන් කළ ග්‍රහයන්ගේ අවස්ථාවන් (විශේෂයෙන් ගුරුගේ) සලකා බලා භාව කේන්ද්‍රය තුළින්, දරු ඵල සම්බන්ධව නිවැරැදිව ප්‍රකාශ කළ හැක. ඉහත ග්‍රහයන් 6, 8, 12 දුර්වලව ඇත්නම්, පාප පීඩිතනම්, ගුරු දුර්වලව වඳ රාශියක නම් 7 වැන්නාධිපතියා දුර්වලනම් (සරු බවට බලපායි) යනාදී කරුණු සැලකිල්ලට ගෙන, දරුඵල සම්බන්ධව අහිතකර බලපෑම් පරීක්ෂා කරනු ලැබේ. ඊට අමතරව ඉහත ග්‍රහ පිsහිටීම් පරීක්ෂා කිරීම මගින්, ලැබෙන දරුවන්ගේ අනාගතය පිළිබඳවද (අධ්‍යාපනය මවට පියාට යහපත්ද යන්න විදේශ ගමන්, ලෙඩ රෝග, දියුණුව ආදී) අනාවැකි පැවසිය හැක.
කෙසේ නමුත් ඔවුන්ගේ කේන්ද්‍රවල දරුඵල අහිමි නම්, කොපමණ ප්‍රතිකාර හෝ පිළිවෙත් කළද, දරු සම්පතක් ලබාගත නොහැක. එවැනි අය ගර්භනී මව්වරුන් හා කුඩා දරුවන්ව සම්බන්ධ කරගෙන පිංකම්වල නිරත විය යුතු අතර පන්සිල් රැකීම, සිල්වතුන්ට දන් දීම, මෛත්‍රී භාවනාව වැඩීම ආදී කුසලයන් කිරීම මගින් මතු භවයන්වල දරු සම්පත උරුම කර ගත හැකිය.
දැනටමත් ඔබට දරු සම්පතක් අහිමි නම්, නමුත් ඔය දෙපළගේ කේන්ද්‍රවල දරු සම්පත් උරුමව පවතී නම් ඔබලාගේ කේන්ද්‍රයේ පිහිටා ඇති ග්‍රහ පිහිටීම් හා දශාවලට අදාළව ප්‍රතිකර්ම හා පිළිවෙත් නිසිලෙස කිරීම මගින් හා ඔබට බලපාන අමනුෂ්‍ය දොaෂ හා වාස්තු දොaෂ කේන්ද්‍රය මගින් පරීක්ෂා කර බලා ඒ සඳහා ද පිළිවෙත් කිරීම මගින් ඔබට මෙතෙක් අහිමිව තිබූ දරු සම්පත ලබාගත හැක.
ජ්‍යෙdතිෂවේදී ගෝඨාභය මුදලිගේ
වැඩි විස්තර සදහා 1120718602525, 0115247187,
8/බී/ 54, සිසිල් සෙවණ උද්‍යානය,
කුඩමාදූව පාර, මත්තේගොඩ.
Wmqgd .ekSu /�K mqj;am; weiqfrks