තවමත් දරු සම්පත් නැත්නම්... (5)
මිනිස් ලෝකය සිසාරා බැලූ විට මනුෂ්‍යයා දුක ලෙස සලකන්නේ බුදුරදුන් ''දුක ලෙස හඳුනාගත් දේ '' නොවන බව පෙනේ. පෘථග්ජන මනුෂ්‍යයා දුක ලෙස සලකන්නේ දත් හැලීම, හිසකෙස් පැසීම, ඉන්ද්‍රීය බෙලහීනතා, රෝගා බාධ, දුප්පත් කම, විරුකියාව, ගේදොර ඉඩකඩම් සහ යාන වාහන නැති කම හා ප්‍රියයන්ගෙන් වෙන් වීම ආදියයි. මේ අනුව මනුෂ්‍යයා තාවකාලික අස්ථිර දේ මත්තෙහි හැපෙමින් හැඟෙමින් කාලය ගෙවන බවත්, බුදුරදුන් පෙන්වා දුන් සැබෑ දුක් නොතකා හරින බවත් පැහැදිලිවම දැක ගත හැකිය.
'' අහිමි දරු සම්පත් හිමි කර ගැනීමට" යන මාතෘකාව යටතේ ලංකාවේ ප්‍රසිද්ධ වයලින් වාදක ශිල්පියෙකුට හා ඔහුගේ බිරිඳට රුවන්වැලි සෑයේදී දරු ඵල අහිමි වීම හේතුවෙන් ඔවුන් දෙදෙනාට සඡ්Cධායනා කිරීමට ගාථාවක් හා බොදු පිළිsවෙතක් මම කියා දුන්නෙමි. එම ගාථාව කුමක්ද කියා විශාල දුරකථන ඇමතුම් ප්‍රමාණයක් අසපුවට ලැබිණි. ඔබ දන්නවාද එදින මම ධ්‍යානයෙන් ඔවුන්ගේ කර්ම ශක්තිය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි ඔවුන්ට පමණක් හිමි බොදු පිළිවෙත් හා ගාථාවක් කියාදුන්නේ. මෙය හැමෝටම සෑහෙන ගාථාවක් හා බොදු පිළිවෙතක් නොවන බව ඔබ කාරුණිකව තේරුම් ගත යුතුයි., දුරකථනයෙන් කිසියම්ම කෙනෙකුගේ රෝග විනිශ්චය නොකරන බවද ඔබ දැනගත යුතුයි.
දරුඵල අහිමි වන්නේ කාන්තාවගේම දුර්වල කම නිසා නොවේ. පුරුෂයන්ගේද විවිධ දුර්වලකම් ඇත. පුරුෂයන්ගේ දුර්වල කම් ඇතිවීමට ප්‍රධාන හේතු අතර රියදුරු අසුනේ බොහෝ වේලාවක් සිටීම, බේකරි උ`ඵ පෝරණු වැනි උෂ්ණාධික ස්ථානවල සේවය කිරීම, විෂ මත්ද්‍රව්‍ය භාවිතය හා වර්තමානයේ අඹුසැමියන්ගේ අසමගි කම හා මානසික රෝගද මෙයට බලපායි. බොහෝ අඹුසැමියන්ට ඇති ප්‍රධානතම ගැටලුව වන්නේ දරුඵල අහිමි වීමයි. මෙසේ දරුඵල අහිමි වීමට ප්‍රධාන හේතු කාරණා අතර පාරිසරික හා ආහාර පාන හේතු පවා දරුඵල අහිමි වීමට බලපෑ හැකිය.
දරුඵල අහිමි වීමට කාන්තාව පමණක් හේතුවන බව මෙරට සමාජයේ මුල් බැසගත් මතයකි. '' ව`ද ගැහැනිය'' වැනි වදන් වලින් ලේලියට නැන්දම්මා විසින් දෝෂාරෝපණය කිරීම අද බහුල වශයෙන් දැකිය හැකි කරුණකි.
මා හමුවීමට එන බහුතරයක් කාන්තාවන් හඬා වැලපෙන්නේ මෙසේ නැන්දම්මාගේ දෝෂදර්ශනයට භාජනය වන නිසාවෙනි. නමුත් ඇයත් සිතුවා නම් මමත් ගැහැනිsයක් යන වග...... එසේ නොමැති නම් මමත් එA තත්ත්වයට පත්වුණා නම් යන වග...... නැන්දම්මා විසින් මෙසේ තාඩන පීඩන කොට ලේලියව මානසිකව පහලට ඇද දමයි. සත්‍ය වශයෙන්ම කාන්තාව මෙන්ම පුරුෂයා තුළද දරුඵල අහිමි වීමට හේතු කාරණා තිබිය හැකිය. මේ අනුව එකී හේතු කාරණා සොයා බටහිර වෛද්‍ය විද්‍යාව අනුව ශල්‍යකර්ම කළත්, ආයුර්වේද ක්‍රම අනුව ඖෂධ පාවිච්චියෙන් ශල්‍යකර්ම නොමැතිව සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි ක්‍රම ඇත. දරුඵල අහිමි වීම යනු රෝගයක් නොව දුබලතාවන් නිසාද, ප්‍රජනන ඉන්ද්‍රියවල දුබලතා නිසාද විය හැකිය.
දරුඵල අහිමි වන පුද්ගලයන් රෝගීන් ලෙස හැඳින්වීම නොකළ යුතු දෙයකි. පොහොර, ජලය, හෝමෝන ආදිය ලබාදුන් විට ඵල නොදරන ගස්වල පවා ඵල දැරිය හැකිවෙනවා සේම දරුඵල නැතිවීමට ඇති හේතු කාරණා ඉවත් කර නිසි ප්‍රතිකාර ලබාගැනීමෙන් ඉහළ සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය. මෙසේ ඇතිවන ගැටලුවලට නවීන වෛද්‍ය විද්‍යාවේ ශල්‍යකර්ම ඇතත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ශල්‍යකර්ම වලින් තොර ප්‍රතිකාර තිබෙන බව නොරහසකි .
ශරීරය උෂ්ණ වීම වළක්වා නිෂ්ක්‍රීය බීජ සක්‍රීය කර බීජ වර්ධනයට බීජ මෝරා නිරෝගී කරන ගර්භ වර්ධනී සක්‍රිය බීජ මෝරන ප්‍රතිකාර ක්‍රම දේශීය වෛද්‍ය විද්‍යාවේ ඇත. ගැහැනු දරුවකු වැඩිවියට පැමිණි පසු ඇය හඳුන්වන්නේ ''සෘතුමතී'' තත්ත්වයට පත්වූ යුවතියක් ලෙසයි. එA අතර ස්වෙතත් ප්‍රදරය හෙවත් සුද යැමේදී ශරීරයේ ඇති පෝෂණ කොටස් පිටවී යැම සිදුවන නිසා ශරීරයේ හෝමෝන දුබලවීම ආදී විවිධ දුර්වලතා මතුවිය හැකිය.
මේ හේතු කාරණා නිසාද දරුඵල අහිමි වන අවස්ථා ඇත. රක්ත ප්‍රදර හෙවත් අනවශ්‍ය ලෙස රුධිරය පිටවීම රෝගී තත්වයකි. කාන්තාවන්ට මාස් ශුද්ධිය සිදුවීම සාමාන්‍ය තත්වයකි. එහෙත් දින 28 වරක් මාස් ශුද්ධිය සිදු නොවීම, මාස කීපයකට වරක් සිදුවීම අස්වාභාවික සිද්ධියකි. නොනවත්වා වරින්වර රුධිරය පිටවීම භයානක රෝග රාශියක රෝග ලක්ෂණ විය හැකිය.
පැලෝපීය නාල අවහිරතාව, ඊස්ට්‍රජන් හෝමෝන අක්‍රිය වී බීජ මේරීම නැවතීම, ස්ත්‍රී බීජනාල අවරෝදය නොවන සුලුගැට ගර්භාශයේ ඇතිවීම ආදී රෝග දරුඵල අහිමි වීමට හේතුවේ. ඉහත සඳහන් කළ පරිදි කාන්තාවන් පමණක් නොව පුරුෂ පක්ෂයේ ඇති ගැටලු නිසාද දරුඵල අහිමි වීම සිදුවිය හැක.
පුරුෂ බීජ ක්‍රීයාකාරී නොවීම, තරුණ වියේදී ඇතිවන කම්මුල්ගාය, විවිධ දුරාචාර හා විෂ වර්ග භාවිතය, උෂ්ණ ස්ථාන වල වැඩ කිරීම , තද යට ඇඳුම් ඇඳීම, වෘෂණ කෝෂවල ගැට, ජාන සම්බන්ධ කරුණුq හා ලිංගික අප්‍රානිකත්වය ආදී විවිධ හේතු ඇත.
තවද මෙහිදී කිවයුතු විශේෂ කරුණු කිහිපයකි. අනවශ්‍ය පරිදි උපත් පාලන එන්නත් භාවිතය හා ගබ්සා යන කරුණු මතද දරුඵල අහිමි විය හැකිය. කාන්තාවන්ට උපරිම වයස 45 දක්වා ප්‍රතිකාර කිරීමට හැකියාව ඇති අතර, ඉන්පසු ප්‍රතිකාර කිරීමෙන් යහපත් ප්‍රතිඵල බලාපොරොත්තු විය නොහැක. එයට හේතුව ''අර්තවහරණය'' යයි. නමුත් පුරුෂ පාර්ශ්වය කෙරෙහි වයසෙහි බලපෑමක් නැත. සංසාරික පැවැත්මේ අනිත්‍ය බව, දුක් සහගත බව, අවදානම් සහිත බව සහ අනතුරු සහගත බව බුදුරජාණන් වහන්සේ ඉතා පැහැදිලිව සහ හේතු සාධක සහිතව දක්වා තිබේ .
එහෙයින් මනුෂ්‍යයා දිවිපැවත්ම සඳහා පමණක් තම පංෙච්න්ද්රියන්හී අවශ්‍යතා සපුරා ගත යුතුය. එA ආස්වදන අනිත්‍ය බව පමණක් වටහා ගෙන එAවායේ නිමග්න නොවිය යුතුය. ආර්ය මාර්ගයට කෙමෙන් කෙමෙන් ළඟාවිය යුතුය . එවිට සසර බියෙන් මු`ඵමනින්ම තොර වූ සැබෑ සැනසිලි සුවස අත්කර ගත හැකිය. නොඑ සේ නම් දුකින් පිරි සංසාරයේ අවුරුදු කල්ප ගණන් සැරිසැරීමට සිදුවනු ඇත.