iranama
දරුඵල අහිමි නම් මෙය කියවන්න
යුග දිවියට ඇතුළු වූ සෑම අඹුසැමි යුවළක්ම වාගේ දරුවෙක් බලාපොරොත්තුවෙන් සිටිති. එම දවස උදා වෙන තුරු දින ගනිමින් පෙරුම් පුරා ගෙන බලා සිටිති. නමුදු කෙනෙකුට එම වාසනාව හැකි ඉක්මනින් උදා වෙන අවස්ථා තිබෙන අතර, තව කෙනෙකුට කාලයක් ගත වන අවස්ථාද දැකිය හැකිය. තවද දරුවෙකුගේ මුහුණ බැලීමේ ආසාව ජීවිත කාලයටම නොලැබෙන අවස්ථා කොතෙකුත් දක්නට ලැබේ. මෙම දරුවන් නොමැතිකම නිසා දික්කසාදය දක්වා යන අවස්ථාද ඇත. මෙහිදී දරුවෙකු නොමැතිකම කාන්තාවගේ පමණක් ඇති දුර්වලතාවක් බවට පත් කර ගැනීමට බොහෝ දෙනෙක් පෙළඹෙති. දරුවන් නොමැතිකම නිසා දුක් විඳීමට පෙර, මා ප්‍රථමයෙන් මතක් කළ යුත්තේ කෙනෙකුට දරු ඵල ලැබීමේ හා නොලැබීමේ වාසනා ගුණය කල්තියා දැනගත හැකි එකම ශාස්ත්‍රය ජ්‍යෙdතිෂය බවත්, යුවළක් විවාහ වීමට පෙර කේන්ද්‍ර ගැලපීමේදී පොරොන්දම්වලට පමණක් සීමා නොවී දෙදෙනාගේ ග්‍රහ පිහිටීම් පරීක්ෂා කර දරු ඵල තිබේද? නැද්ද? යන්න නිර්ණය කිරීම ඉතා වැදගත් බවයි.
කෙසේ නමුත් දරුවන් නොමැති දෙපළකගේ කේන්ද්‍ර පරීක්ෂාවේදී ස්ත්‍රී කේන්ද්‍රයේ දරු සම්පත් උරුම වුවද, පුරුෂයාගේ කේන්ද්‍රයට අනුව ඔහුට දරු ඵල අහිමි නම්, ඔවුන් දෙපළට දරු සම්පත් අහිමි වේ. දිනක් මා වෙත කේන්ද්‍රයක් පරීක්ෂා කර ගැනීමට පැමිණි කාන්තාවක් පළමු විවාහයෙන් දරුවන් නොමැතිකම නිසා ඉතා දුක් කරදර සහිත ජීවිතයක් ගත කර, පසුව එම හේතුව නිසා වසර 12 ට පසු දික්කසාද වී ඇති අතර, ඇය දෙවැනි වරටත් විවාහ වී දරුවන් දෙදෙනකුගේ මවක් බවට පත් වී ඇති අතර, දෙවැනි විවාහ ජීවිතය ඇය සාර්ථකව ගත කරයි. ඇයගේ කේන්ද්‍රය සූක්ෂ්ම ආකාරයට පරීක්ෂා කිරීමේදී එම කාරණා ඒ ආකාරයෙන්ම ඇයගේ කේන්ද්‍රයේ සටහන් වී තිබිණි.
පුත්‍රකාරක ගුරුගේ පිහිටීම, 5 වැන්නේ ඇති ග්‍රහ පිහිටීම් හා ග්‍රහ දෘෂ්ටීන්, පස්වැන්නාධිපතියා හා පස්වැන්නාධිපතිව සිටින නවාංශකාධිපතියාගේ බල දුබලතාව හා ඉහත ග්‍රහයන්ට අදාළ ජීව ශරීර ග්‍රහයන්ගේ බල දුබලතාව හා ඉහත සඳහන් කළ ග්‍රහයන්ගේ අවස්ථාවන් (විශේෂයෙන් ගුරුගේ) සලකා බලා භාව කේන්ද්‍රය තුළින්, දරු ඵල සම්බන්ධව නිවැරදිව ප්‍රකාශ කළ හැක. ඉහත ග්‍රහයන් 6, 8, 12 දුර්වලව ඇත්නම්, පාප පීඩිත නම්, ගුරු දුර්වලව වඳ රාශියක නම්, 7 වැන්නාධිපතියා දුර්වල නම් (සරු බවට බලපායි.) යනා දී කරුණු සැලකිල්ලට ගෙන දරු ඵල සම්බන්ධව අහිතකර බලපෑම් පරීක්ෂා කරනු ලැබේ. ඊට අමතරව ඉහත ග්‍රහ පිහිටීම් පරීක්ෂා කිරීම මඟින් ලැබෙන දරුවන්ගේ අනාගතය පිළිබඳව (ඉදිරි අධ්‍යාපනය, දෙමාපියන්ට යහපත්ද, විදේශ ගමන්, ලෙඩ රෝග. අනාගත දියුණුව) අනාවැකි පැවසිය හැක.
කෙසේ නමුත් ඔවුන්ගේ කේන්ද්‍රවල දරු ඵල අහිමි නම් කොපමණ ප්‍රතිකාර හෝ පිළිවෙත් කළද දරු සම්පතක් ලබාගත නොහැක. එවැනි අය ගර්භණී මවුවරුන් හා කුඩා දරුවන් සම්බන්ධ කරගෙන පිංකම්වල නිරත විය යුතු අතර, පන්සිල් රැකීම, සිල්වතුන්ට දන් දීම, මෛත්‍රි භාවනාව වැඩීම ආදී කුසලයන් කිරීම මඟින් මතු භවයන්වල දරු සම්පත උරුම කර ගත හැකිය. දැනටමත් ඔබට දරු සම්පතක් අහිමි නම්, නමුත් ඔබ දෙපළගේ කේන්ද්‍රවල දරු සම්පත් උරුමව පවතී නම් දෙදෙනාගේම කේන්ද්‍ර සටහන් සූක්ෂ්ම ලෙස පරීක්ෂා කර, ග්‍රහ පිහිටීම් හා දශාවලට අදාළව ප්‍රතිකර්ම හා පිළිවෙත් නිසි ලෙස කිරීම මඟින් හා ඔබට බලපාන අමනුෂ්‍ය දොaෂ හා වාස්තු දොaෂ කේන්ද්‍රය මඟින් පරීක්ෂා කර බලා ඒ සඳහාද පිළිවෙත් කිරීම මඟින්, ඔබට මෙතෙක් අහිමි වී තිබූ දරු සම්පත ලබාගත හැකිය.
තවද මෙහිදී විශේෂයෙන් දේශීය හා බටහිර වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳ මතක් කළ යුතුය. දරු ඵල ලබා ගැනීම සඳහා විශාල මුදලක් වියදම් කරමින් සිදු කරන විවිධ නවීන වෛද්‍ය ප්‍රතිකාර බොහෝ තිබෙන අතර, එම ප්‍රතිකාර සාර්ථක වී නිරෝගිමත් දරුවන් කොතෙකුත් මෙලොවට බිහි වන අතර, විශාල මුදලක් වියදම් කරමින් මෙම ප්‍රතිකාර වරක් නොව කීප වතාවක් සිදු කළද, ඉන් කිසිදු ප්‍රතිඵලයක් නොලද අවස්ථාද ඇත. තවද මෙම ප්‍රතිකාර මඟින් කීප වතාවක්ම දරුවන් පිළිසිඳ ගෙන (ගැබ්ගෙන) එම සෑම අවස්ථාවකදීම කෙසේ හෝ තම දරුවා ගබ්සා වන අතර, රෝගී දරුවන් (අංගවිකල, මන්ද බුද්ධික) බිහි වන අවස්ථාද ඇත.
මා මෙහිදී මේ පිළිබඳව මතක් කළේ නවීන වෛද්‍ය විද්‍යාවට අපහාස කිරීමට නොව, වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම මඟින් සිදු කරන්නේ දරු සම්පතක් සඳහා යෝග්‍ය ශරීර සෞඛ්‍ය තත්ත්වයක් ගොඩනඟා දීම බව මතක් කිරීමටය.
මෙහිදී දෙදෙනාගේම වෛද්‍ය පරීක්ෂණ පවත්වා වෛද්‍ය වාර්තාවලට අනුරූපීව, දරුවෙකු බිහි කිරීමට නොහැකි කිසිදු ගැටලුවක් නොමැති අවස්ථාවක (වෛද්‍ය වාර්තා අනුව) දරුවන් නොමැතිව මානසිකව පීඩා විඳින විවාහකයන් කොතෙකුත් ඇත.
කර්මානුරූපීව ඔබට දරු සම්පතක් නොමැති නම්, එවැනි අය මතු භවයන්වල දරු සම්පත උරුම කර ගැනීමට දාන ධර්ම, පිංකම් කර, දරු සම්පත ප්‍රාර්ථනා කළ යුතු වේ.
නොමිලේ උපදෙස් සදහා - 071-8602525, 011-5248187
විද්‍යාවේදී ගෝඨාභය මුදලිගේ
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks