iranama
තුලාවට සෙනසුරු අපල ඉවරද?
පුරා අවුරුදු හත හමාරක් "සෙනසුරු ඒරාෂ්ඨක" අපලය නැතහොත් "ශනි ඒරාෂ්ඨක" අපල කාලයක් ගෙවූ තුලා ලග්න හිමියන් 2017 ජනවාරි 26 වැනිදා සිට ඒ සෙනසුරු ඒරාෂ්ඨක අපල අවසන් වීම ගැන සතුටු වනවා ඇත. "සුභ අනාගතයක්" ගැන බලාපොරොත්තු තබා ගන්නවා ඇත. ඒ නිසා තුලා ලග්න හිමියන්ගේ සෙනසුරු ඒරාෂ්ඨක අපල අවසන්වීම ගැන ජ්යෙdතිෂවේදීන් ලෙස අපද සුබපතමු. සැබෑ ජ්යෙdතිෂවේදීන් යනු තමා වෙත එන පුද්ගලයාව බය ගන්වා මුදල් උපයන්නා නොව අසරණයාට උදව් උපකාර කර ඔහුව සුවපත්කරවන පුද්ගලයායි. ඔහුගේ දුකේදී ඔහු සමග එක්ව ඒ දුක තුරන්කර ගැනීමට උපකාරී වන්නා සේම අපල කාලය අවසන්ව නිදුක් නිරෝගී වාසනාව උදා කර ගත් පසු ඔහු හා එක්ව සැනසුම සතුට බෙදා ගන්නා පුද්ගලයාය. ඇතැම් ජ්යෙdතිෂවේදීන් යෑයි හඳුනාගන්නා "කූට" පුද්ගලයන් බලා සිටින්නේ කෙනකුට "අපලයක්" කෙසේ හෝ ඇති වනතුරුය. ඒ මගින් "කීයක් හෝ" හරිහම්බ කරගන්නටය. ඒත් නියම ජ්යෙdතිෂවේදී මහතුන් මහත්මීන් එසේ නොවේ පරහිතකාමී සාධු චරිතයන්ය. ඒ නිසා ශනි ඒරාෂ්ඨක අපල දුරුවන තුලා ලග්න හිමියන්ටත් මේෂ ලග්න හිමියන්ටත් දීර්ඝ ආයුෂ හා නිරෝගී සම්පත් පතමු.
2017.01.26 දින සිදුවන සෙනසුරු මාරුව සමග තුලා ලග්න හිමියනට මෙන්ම මේෂ ලග්න හිමියනට සහනයක් උදාවන බව පැහැදිලිය. ඒත් මදක් නවතින්න. ඔබගේ පැතුම ඒ ලෙසට ඉටුවේවිද. ඔබට අවුරුදු හතහමාරක් වධ දුන් ශනි ඒරාෂ්ඨක අපලය අවසන් වූයේද, මා මෙසේ පවසන්නේ හේතු සාධක ඇතිවය. අප දන්නා පරිදි සෙනසුරු ඒරාෂ්ඨක වර්ග හතරක් ඇත. තුලා ලග්න හිමියන් අවසන් කරන්නේ ඉන් එක් සෙනසුරු අපලයක් පමණි. අපි බලමු මේ ඒරාෂ්ඨක වර්ග හතර මොනවාද කියා.
1. ජන්ම ඒරාෂ්ඨකය
2. ලග්න ඒරාෂ්ඨකය
3. අෂ්ඨම ඒරාෂ්ඨකය
4. චන්ද්ර අෂ්ඨම ඒරාෂ්ඨකය
මෙයින් තුලා ලග්න හිමියන් අවසන් කළේ "ලග්න ඒරාෂ්ඨකය"යි. ඒ සෙනසුරු යමෙකුගෙ ජන්ම පත්රයේ 12.01.02 රාශිවල ගමන් කරන අවුරුදු හතහමාරයි. (7 1/2) එය අවසන් විය. මේෂ ලග්න හිමියන් ගත කළේ. අෂ්ඨම ඒරාෂ්ඨකයයි. එය ශනි අට (08) වන රාශියේ ගත කළ අවුරුදු 02 1/2 යි.
එහෙත් ජන්ම ඒරාෂ්ඨකය සහ චන්ද්ර ඒරාෂ්ඨකය ගැනද දැනගත යුතුව ඇත. ජන්ම ඒරාෂ්ඨකය යනු යමෙකු උපදින විට චන්ද්රයා සිටින (සඳු සිටින) රාශියෙන් දොළොස්වැන්නට ශනි පැමිණීමයි. එහිදී ද චන්ද්රයා සිටි රාශියෙන් 12.01.02 රාශිවල ගත කරන අවුරුදු 07 1/2 (හතහමාර) ශනියෙන් ඒරාෂ්ටක අපල පැවතීම සිදු වේ. ඉතින් යම්කිසි තුලා ලග්න හිමියෙකුගේ උපතින් චන්ද්රයා දෙවැනි - තුන්වැනි හෝ හතරවැනි රාශිය (2-3-4) රාශියක සිටී නම් ඔහුගේ ශනි ඒරාෂ්ඨක අපලය අවසන් නොවේ.
ඉහත දැක්වූ සටහන්වලට අනුව උපත සිදුවූ දිනයේ චන්ද්රයා 2 - 3 -4 රාශිවල සිටියහොත් ඇතිවිය හැකි තත්ත්වය බලමු. උපතින් සිදුවූ දිනයේ චන්ද්රයා 2 -3 -4 රාශිවල සිටියහොත් ඇතිවිය හැකි තත්ත්වය බලමු. උපතින් චන්ද්රයා 2 (දෙවැනි) රාශියේ සිටියේ නම් දැන් සෙනසුරු ගමන් කරන්නේ දෙවැනි රාශියේ ය. 2017.01.16 දින සෙනසුරු තුන්වන (03) රාශියට ගමන් කරනු ඇත. එවිට එම තුලා ලග්න හිමියාට තවත් අවුරුදු දෙකහමාරක් (2 1/2) ඉදිරියට ශනිගේ ඒරාෂ්ටක අපලය පවතිනවා ඇත.
එසේම උපතින් චන්ද්රයා තුන්වැනි රාශියේ සිටියේ නම් ඉදිරියේදී අවුරුදු 05 (පහේ) සෙනසුරු ඒරාෂ්ඨක අපලය පවතිනවා ඇත. එසේම උපතින් හතරවැනි රාශියේ චන්ද්රයා සිටියේ නම් සෙනසුරු ඒරාෂ්ඨක අපල ඉදිරියට අවුරුදු 07 1/2 (හතහමාරක්) පවතිනවා ඇත. මේ නිසා තුලා ලග්න හිමියන් සියලු දෙනාම තමාට සෙනසුරු ඒරාෂ්ඨක අපලය අවසන් වූයේ යෑයි සතුටු නොවිය යුතුයි. ලග්න ඒරාෂ්ඨකයට වඩා ජන්ම ඒරාෂ්ඨකය තදබල වැඩිය. එසේ නම් ඔබ තුලා ලග්න හිමියෙක් නම් ඔබගේ ජන්ම පත්රය පරීක්ෂා කරගන්න. උපතින් සඳු හෙවත් චන්ද්රයා 2 -3- 4 යන රාශියක සිටියේද? කියා ඔබටම එය සිදු කරගන්නට අවස්ථාව ලබාගත හැක. ඉහත දැක්වූ සටහන ඉතාම සරල එකකි.
එසේම උපතින් යමෙකුගේ ජන්ම පත්රයේ චන්ද්රයා 08 (අටවන) රාශියේ සිටියේ නම් ඔබට චන්ද්ර අෂ්ඨම ඒරාෂ්ඨකය අවුරුදු 02 1/2 (දෙකහමාරක්) විඳින්නට වනවා ඇත. එය එතරම් තදබල නැත. ඒත් සුභදායක ද නැත. දැන් තුලා ලග්න හිමියන් තමාට ඇත්තටම ගත් ඒරාෂ්ඨක අපලය අවසන්ද කියා සොයා බලා දැනගන්න. එසේම තුලා ලග්න හිමියනි ශනි ඒරාෂ්ඨක අවසන් වුවත් ඒ ඒරාෂ්ටක අපල කාලය තුළ ඔබ ගත කළ "යහපාලනය" අමතක නොකරන්න සුරා සූදුවෙන් වළකින්න. මස් මාංශ නොගන්න. දෙවියෝ බුදුන් වඳින්න දන් පින්කරන්න. එය ඔබට සෙතක් ශාන්තියක් ගෙන දෙනවා ඇත.
වැඩි විස්තර සදහා 071-4430179
Wmqgd .ekSu ��r mqj;am; weiqfrks