iranama
ජූලි 14 ගුරු මාරුව ඔබේ ලග්නයට කොහොමද බලන්න (පළමු කොටස)
ගුරු ග්‍රහයා කටක රාශියෙන් සිංහ රාශියට ඒම 2015 ජූලි 14 වැනිදා සිදුවෙයි. ලග්නයෙන් ලග්නයට ගුරු මාරුව ඔබට කෙසේදැයි විමසා බලමු.
මේෂ ලග්නය
මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ජන්ම කේන්දරය අනුව ගුරු 9 රාශි අධිපතියා මෙන්ම 12 රාශි අධිපතියාය. 2015 ජූලි 14දා සිට 2016 අගෝස්තු 11 දක්වා ගුරු සිංහ රාශිය වූ 5 භාවයට පැමිණෙයි.
එනිසා ඉතා චමත්කාරව නිර්මාණාත්මක කටයුතුවල නිරත වීමට ආසාවක් ඇතිවෙයි. හොඳ නිර්මාණාත්මක ප්‍රකාශන හා හොඳ සාර්ථක ව්‍යාපෘති කිරීමටත් යොමුවෙයි. ධනාත්මක සිතිවිලි වර්ධනය වෙයි.
තමාගේ පිරිස් අතරේ නායකත්වයක් හිමිවෙයි. තමා බලාපොරොත්තු වන ආකාරයේ සහයෝගයක් හිතමිතුරන්ගෙන් ලැබේ.
තමන් බලාපොරොත්තු වන වෘත්තියෙන් හෝ ව්‍යාපාරවලින් උසස් දියුණුවක් ලැබේ. අලුතින් වාහන හා නිවාස ඉඩම් අපේක්ෂා කරන්නේ නම් ඒවාද ඉටුවෙයි.
වෙළෙඳ ව්‍යාපාරවලින් ලාභ ලැබේ. මුදල් යොදා ආරම්භ කරන ව්‍යාපාරවලින් හොඳ ලාභ ලැබේ.
උපකාරක පන්ති පවත්වන ගුරු භවතුන්ට තමන්ගේ ව්‍යාපාර හා අධ්‍යාපනික වෘත්තීන්ගෙන් උසස් දියුණුවක්, සාර්ථකත්වයක්, පන්තිවලට පැමිණෙන ශිෂ්‍ය සංඛ්‍යාවේ වර්ධනයක්ද ආකර්ෂණයක්ද ලැබේ.
ඉඩකඩම් දේපොළ අලෙවි ක්ෂේත්රයේ නියැළෙන අයටත් ක්‍රීඩා භාණ්ඩ අලෙවි ක්ෂේත්රයේ ව්‍යාපාරිකයන්ටත් ආදායම් වැඩිවී ලාභ ගෙන දෙයි.
මෙසේ ගුරු ග්‍රහයා 5 වැනි රාශිය වූ සිංහයට ප්‍රවිෂ්ට වීම නිසා ඉහත යහපත් ප්‍රතිඵල හා අපේක්ෂා ඉටුවන අතර සෙනසුරු ග්‍රහ බලපෑමද අමතක කළ නොහැකිය.
හේතුව වනුයේ 10, 11 රාශි අධිපති වූ ශනි 8 වැනි රාශිය වූ වෘශ්චිකයේ සිටීමය. රැකියා තනතුරු අධ්‍යාපන කටයුතුද බිඳ වැටීමටත්, ආදායම් පහත වැටීමටත් හේතු යෙදෙයි. රෝග පීඩාවන්ටද නොසිතූ පරිදි ගොදුරු වීමට සිදුවෙයි.
මේ කාලයම රාහු 6 රාශිය වූ කන්‍යාවේද, කේතු මීන රාශිය වූ 12 වැන්නේද ගමන් කරයි.
රාහුගෙන් වෙළහෙළදාම්වලින් දියුණුවක් ගෙන දෙයි. ණය ගනුදෙනුවලින්ද ලාභ ලැබේ.
නමුත් කේතු 12 වැන්නේ නිසා රෝග, තුවාල, සිත් තැවුල් ඇතිවෙයි. ශනි 8 හා කේතු 12 නිසා ලෙඩ රෝග තුවාල අනතුරුවලට වියදම් කිරීමට සිදුවෙයි.
සෙනසුරු හා කේතු බලපෑම අවම කර ගැනීමට හෝ දුරු කර ගැනීමට අවශ්‍යය. එවිට ගුරු ග්‍රහ ප්රවේශයේ යහපත් ප්‍රතිඵල අත්විඳ ගත හැකියි. පවුලේ සහ දරුවන් වෙනුවෙන් වැඩිපුර වියදමක් දැරීමට සිදුවෙයි.
සෙනසුරු අපල දුරුකර ගැනීම ශනි ග්‍රහ පූජා, විෂ්ණු දේව පූජා, බෝධි පූජා පවත්වන්න. කේතු අපල දුරුකර ගැනීමට පත්තිනි පූජා පවත්වන්න. සෙනසුරු ග්‍රහ ස්තෝත්‍රද කේතු ග්‍රහ ස්තෝත්‍රද කීමෙන් එකී ග්‍රහ අපල සමනය වෙයි.
ගුරු ග්‍රහ ආශීර්වාදය ලැබීමට ගුරු ග්‍රහ ස්තෝත්‍රද, ශක්‍ර දේව රාජයාට පුද පින්ද දිය යුතුය. ලග්නාධිපතියා වූ කුජ බලවත් කර ගැනීමටත්, ග්‍රහ අධිපති දෙවියා වූ කතරගම දෙවිඳුට පුද පූජා පින්පෙත් දීමෙන් දියුණුවක් ලැබිය හැකියි. ඒ අතර ව්‍යාපාරික හා සම්පත් වර්ධනය කර ගැනීමට ලක්ෂ්මී පුද පූජා තබා ස්තෝත්ර කියන්න.
වෘෂභ ලග්නය
වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ජන්ම කේන්දරය අනුව 8 හා 11 අධිපති ගුරු ග්‍රහයා 4 වැනි රාශියට පැමිණේය. මෙසේ සිවු වැනි රාශිය වූ සිංහයට පැමිණි ගුරු 10 රාශියට දෘෂ්ටි වෙයි.
කර්මස්ථානය 10 නිසා ඔබේ අපේක්ෂා, උසස් වීම්, වෘත්තීන්ගේ දියුණුවක් ගෙන දෙයි. ව්‍යාපාරික ස්ථාන, නිවාස දේපළ පිළිබඳ අපේක්ෂික දියුණුවක් ගෙන දෙයි. ගෙදර සතුට සමාදානය ඇතිවෙයි. තම ගෙදර අලංකාර කර ගැනීමටද හැකිවෙයි.
ව්‍යාපාර කොටස්කරුවන් සමඟ හොඳ සබඳතා වර්ධනය කර ගැනීමටත්, නව ව්‍යාපාරික අදහස් ඉටුකර ගැනීමටත් හැකිවෙයි. පවුලේ ඥාතීන් අතරේද, විශේෂයෙන් මවගෙන්ද උදවු ලැබේ.
ගුරු 4 වැනි රාශියට එතරම් හොඳ නැති වුවත් සිංහ රාශිය වූ බැවින් හොඳ ප්‍රතිඵලයක් ගෙනදෙයි.
මේ කාලයේදී ශනි ග්‍රහයා 7 වැනි රාශියේය. රාහු 5 වැනි රාශියේය. කේතු ග්‍රහයා 11 වැනි රාශියේය.
සෙනසුරු වෘශ්චික රාශිය වූ 7හි ගමන් කිරීම ගතවූ 2015.11.3 වැනි දින සිට 2017 ජනවාරි 27 දා දක්වා සිටී. එය විවාහය හා පවුල් ජීවිතයට අහිතකර බලපෑමක් එල්ල කරයි. ධන හානි දේපළ කරදර, බිරියට හෝ ස්වාමි පුරුෂයාට අපල පවා ගෙන දෙයි. රැකී රක්ෂා හා ව්‍යාපාරවලටද හොඳ බවක් නොපෙනෙයි.
රාහුද පවුල් ජීවිතයට බාධා පමුණුවයි. ව්‍යාපාර වෙළහෙළදාම් කඩා වැටීම්වලටද හේතු කාරක වෙයි. නමුත් කේතු 11 ගමන් කිරීම එහි අනෙක් පැත්ත පන්නුම් කරයි. මුදල් තත්ත්වයේ දියුණුව, ප්‍රසිද්ධිය ඇති කරයි.
මෙහිලා ගුරු ග්‍රහයා සිංහයට ඒමේ යහපත් ප්‍රතිඵල අත්කර ගැනීමට සෙනසුරුගේ හා රාහුගේ අනිසි බලපෑම හා බාධක දුරුකර ගත යුතුයි.
වෘෂභ රාශි අධිපතිගේ සහයෝගය ලබාගත යුතුය.
එනම් සරස්වතී දෙවඟනට පුද පූජා හා ස්තෝත්ර ගායනා කළ යුතුය. ඒ අතර සෙනසුරු හා රාහු ග්‍රහ බලපෑම දුරුකර ගැනීමට ග්‍රහ පූජා පැවැත්විය යුතුය. විෂ්ණු හා ගණ දෙවියන්ට පුද පූජා පැවැත්වීම සුදුසුය.
මිථුන ලග්නය
මිථුන ලග්නයෙන් උපන් ඔබේ ජන්ම කේන්දරයේ 3 වැනි රාශිය වූ සිංහයට ගුරු ග්‍රහයා 2015.07.14 දින ප්‍රවේශ වෙයි. වර්ෂයක කාලයක් ගත කරන ගුරු ග්‍රහයා 7 හා 11 අධිපති ග්‍රහයා වෙයි.
එනිසා මේ ගුරු ග්‍රහ සම්ප්‍රාප්තිය නිසා විවාහ අපේක්ෂා කරන කාන්තාවන්ට හා පිරිමින්ට විවාහ අපේක්ෂා තීරණයන්ට එළැඹේ. හොඳ ආර්ථික දියුණුවක් ගෙනදෙයි. කොමියුනිකේෂන්, තොරතුරු තාක්ෂණ කේන්ද්‍රය, මාධ්‍ය ක්ෂේත්රය, ලේඛන කලාව හා ප්‍රකාශන කටයුතු කරන අයට හොඳ කාලයකි.
අධ්‍යාපනික කටයුතුවල නියැළෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පමණක් නොව උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ නියැළෙන විද්‍යාර්ථීන්ටද සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකි කාලයකි. විදේශීය සංචාරද යෙදෙයි.
තමන්ගේ ව්‍යාපාර මූලිකත්වය ගෙන කටයුතු කරන අයට සාර්ථක ප්‍රතිඵල නෙළාගත හැකියි.
එතෙර සහෝදර සහෝදරියන් සිටින අයට ආර්ථික හා ව්‍යාපාර සබඳතාවලට උදවු ලැබේ.
මිථුන ලග්න වූ ඔබගේ සෙනසුරු ග්‍රහයා රාශිය වූ වෘශ්චිකයේ ගමන් ගනී. සෞඛ්‍යයට අහිතකරයි. විශේෂයෙන් දන්තාබාධ අක්ෂි ආබාධ හටගනී. රාහු ග්‍රහයා 2014 ජූලි 12 සිට වර්ෂ 1 1/2ක් 4 වැනි රාශියේ ගමන් ගනී. පපුවේ ආබාධ දේපළ වස්තු හානිද විය හැකියි. කේතු 10 ගමන් කිරීමද නිසා සතුරු පීඩා මුදල් හානිද ගෙනදෙයි.
මිථුන ලග්න කාරකයාට සෙනසුරු, රාහු, කේතු ග්‍රහයන්ගෙන් වන අනිසි බලපෑම දුරු කරගත යුතුය. එවිට ගුරු ග්‍රහ මාරුවේ උසස් ප්‍රතිඵල ගත හැකියි. සෙනසුරු, රාහු, කේතු ග්‍රහ අපල දුරු කර ගැනීමට ශාන්තිකර්ම කරන අතර ගුරු ග්‍රහයාගේ ආශීර්වාදය ලැබ දියුණුව වෙනුවෙන් ලක්ෂ්මී, දුර්ගා, සරස්වතී, ශ්‍රී භද්‍රකාලි යන දේව මාතාවන්ට පුද පූජා පවත්වන්න.
කටක ලග්නය
කටක ලග්නයෙන් ඔබ කේන්දරයේ 2 වැනි රාශිය වූ සිංහයට 2015 ජූලි 14 වැනි දින ගුරු ග්‍රහයා සම්ප්‍රාප්ත වෙයි. ගුරු වර්ෂයක් එකී රාශියේ ගමන් කරයි.
මෙය ඔබට වාසනාවන්ත රාශියකි. විශේෂයෙන් මුදල් අතින් සමෘද්ධියක් ගෙන දෙන්නකි. ඔබ වෙහෙස මහන්සි වී කරන කටයුතුවලින් ඉතා සාර්ථක ප්‍රතිඵල අත්කර ගත හැකියි. පවුලේ දියුණුවටද අපේක්ෂා කරන පරිදි මුදල් යෙදවිය හැකියි.
ඔබ කරන මුදල් ආයෝජනවලට වටිනාකමක් ලැබේ. ව්‍යාපාරික ලෝකයේ ඔබේ ව්‍යාපාරික කටයුතුවලටද විශේෂයෙන් තැනක් හිමිවෙයි. සේවකයන් සංඛ්‍යාවද වැඩිවෙයි. ව්‍යාපාරවලින් විශේෂ ප්රතිලාභ, ප්‍රසාද, සාර්ථකත්වය පවා හිමිවෙයි.
මේ වන විට සෙනසුරු ග්‍රහයාද 5, 6 වැනි රාශියේ ගමන් කරයි. තම කටයුතුවලට දරුවන්ගෙනුත් සහාය ලැබේ. මේ දෘෂ්ටිය නිසා අරමුණු ඉටුවීමත් ආදායම් සඵල වීමත් සිදුවෙයි.
මේ කාලය තුළ ආමාශගත රෝග වැලඳෙයි. දිනපතා කළ යුතු කටයුතු ප්‍රමාද වීම්ද සිදුවෙයි.
මේ කාලය තුළ සෙනසුරු මහ දශාව හෝ රාහු මහ දශාව ඇත්නම් එහි බලපෑම 50%ක ප්‍රතිශතයක් එල්ල වෙයි.
මෙවැනි මහ දශාවක අතුරු දශාද සුබ නම් එහි 30%ක බලපෑමකට ලක්වෙයි. සුබ මහ දශාද සුබ අතුරු දශාද වී නම් ගුරු මාරුවේ උසස් ප්‍රතිඵල අත්වෙයි.
සිංහ ලග්නය
සිංහ ලග්නයෙන් උපන් ඔබගේ කේන්දර සටහන අනුව 2015 ජූලි 14 සිට ගුරු ග්‍රහයා ලග්න රාශියට සම්ප්‍රාප්ත වෙයි. වර්ෂයක් පමණ ගත කරන ලග්න රාශිය තුළ හිස කෙළින් තබාගෙන දිරිමත්ව ගත කිරීමේ හැකියාව ලැබේ.
ගුරුට හිමි 5 වැනි රාශිය කෙරේද, 7 වැනි රාශිය කෙරේද, 9 වැනි රාශිය කෙරේද යොමු වන දෘෂ්ටිය නිසා ඉතා හොඳ සතුටුදායක කාල පරිච්ඡේදයක් බවට පත්වෙයි. දරුවන්ගේ අධ්‍යාපනික, වෘත්තීයමය ආර්ථික දියුණුවක්ද ලැබේ. දීර්ඝ සංචාර මෙන්ම එතෙර සංචාරද හිමිවෙයි.
අලුත් අවශ්‍යතා හා අරමුණු සාර්ථක කරගත හැකියි. පිරිස් අතරේ කැපී පෙනෙන නායකත්වයක් හා පිළිගැනීමක් ඇතිවෙයි.
මේ කාලය තුළ රාහු 2 වැනි රාශියේ සිටීමත්, ශනි 4 වැනි රාශියේ සිටීමත් නිසා වියදම් අධික වෙයි.
දුර දිග නොබලා කරන කටයුතුවලින් පාඩු සිදුවෙයි. ශනි බලපෑම නිසා පපුවේ සෙම් හා වාත රෝග හට ගනී. වෙළහෙළදාම්වලින් පාඩු ඇතිවෙයි.
මේ ශනි, රාහු බලපෑම අවම කර ගැනීමට ශාන්තිකර්ම කරගතහොත් ගුරු ග්‍රහයා සිංහ රාශියට පැමිණීමෙන් කරන සුබ ප්‍රතිඵල අත්කර ගත හැකියි.
මේ කාලය තුළ රාහු, ශනි, කේතු මහ දශා, එහි අතුරු දශාවෙක් නම් ඒ බලපෑමද දුරු කර ගැනීමට ශාන්තිකර්ම කළ යුතුය.
කතරගම දෙවිඳුගේද, ගණ දෙවිඳුගේද, ලක්ෂ්මී දෙවඟණගේද පිහිට ලබා ගැනීමට කෙරෙන පුද පූජා මඟින් ඉමහත් දියුණුවකට මඟ පාදා ගත හැකියි.
කන්‍යා ලග්නය
කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ජන්ම කේන්දරය අනුව 4 රාශිය හා 7 රාශිය අධිපති ගුරු ග්‍රහයා වෙයි. එම අධිපති ග්‍රහයා වූ ගුරු 12 වැනි රාශියට 14.07.2015දී පැමිණෙයි.
එනම් වැය ස්ථානයටය. එම 12 වැනි රාශිය සිංහය වන බැවින් ගතවූ වර්ෂය තරම් සපලදායීත්වයක් ගෙන නොදෙයි.
මේ කාලය තුළ ශනි 3 වැනි රාශිය වූ වෘශ්චිකයේ ගමන් ගනී. ශනි කන්‍යා ලග්න කාරකයාගේ 5 සහ 6 අධිපතියා වෙයි. රාහු ලග්නයේද, කේතු 7 වැනි රාශියේද ගමන් ගනී.
ජූලි 14 සිට 2016 අගෝස්තු 11 වැනි දින දක්වා 12 වැනි රාශියේ ගුරු ගමන් ගැනීම නිසා බොහෝ සේ කල්පනා කිරීමටත්, ආගමික හා ආධ්‍යාත්මික කටයුතුවලට නැඹුරුවීමට සිදුවෙයි.
දීර්ඝ සංචාර යෙදෙයි. සෞඛ්‍ය තත්ත්වයට බලපෑමක් සිදුවන අතර ආරෝග්‍ය ශාලාවලට යෑමට සිදුවේ. එනම් රෝග වැලඳීමත්, වෛද්‍ය පර්යේෂණවලට යොමු වීමත් සිදුවේ.
ගුරු 12 වීම නිසා වැඩිපුර පුණ්‍ය කටයුතුවලට වියදම් වේ. ගතවූ කාලය තුළ තරම් ආර්ථික වශයෙන් දියුණුවක් ගෙන නොදෙයි. තේරුමක් නැති වියදම්වලට යොමු වීමෙන් සිත්තැවුල් හා අධෛර්යයට පත්වෙයි.
දේපොළ ඉඩකඩම් හා නිවාස ගොඩනැඟිලි ඉදිකිරීම්වලට මුදල් වැය කිරීම ප්රයෝජනවත්ය.
විශේෂයෙන් 2014.11.3 සිට වෘශ්චිකය වූ 3 වැනි රාශියේ ගමන් කරන ශනි ග්‍රහයා නිසා කිසියම් උපකාරයක් විය.
එනම් භූමියෙන් ලැබෙන ලාභ, ණය ගනුදෙනුවලින් ලාභ, දේපළ ඉඩකඩම් අලෙවි කරන්නට වාසිදායක විය. ගුරු 12ට පැමිණීම නිසා තිබුණාට වඩා පසු බැසීමක් සිදුවෙයි. පිට රටින් ආනයනය කරන ලද භාණ්ඩ වැඩි මිලට විකිණීමෙන් ලාභ ලැබීමට රාහු කන්‍යාවේ නිසි හේතුවෙයි. අත්හැර දමා තිබුණු වැඩකටයුතු නැවත පටන් ගැනීමටද හැකිවෙයි.
සෙනසුරු 3 හා රාහු 1 ගමන් කිරීම නිසා තිබූ වාසිදායක තත්ත්වය ගුරු 12ට ඒම නිසා අඩුවේ. වැය වැඩි වීම හා පාඩු ගෙන දෙන තත්ත්වය වැඩිවෙයි.
මේ කාලය තුළ කුවේර හා ලක්ෂ්මී ස්තෝත්ර කීම හා පුද පූජා පැවැත්වීම සුදුසුය.
Wmqgd .ekSu taIshka