iranama
ගෙදර ඉන්න ගමන් ඔබේ කේන්දරය ඔබම බලාගන්න
මේෂ සහ වෘශ්චික රාශි දෙක අයත් වන්නේ කුජ හෙවත් අඟහරුටය.
වෘෂභ සහ තුලා රාශි දෙකෙහි අධිපති වන්නේ ශුක්‍ර හෙවත් සිකුරු ග්‍රහයාය.
මිථුන සහ කන්‍යා රාශි දෙක බුධ ග්‍රහයාට අයත් වේ. කටක රාශිය අයත් වන්නේ සඳු හෙවත් චන්ද්‍රයාටය. සිංහ රාශියේ අධිපති සූර්යා හෙවත් රවි ග්‍රහයාය. ධනු සහ මීන යන රාශි දෙකේ අධිපති වන්නේ ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයාය. මකර සහ කුම්භ රාශි දෙක සෙනසුරු හෙවත් ශනි ග්‍රහයාට අයත් වේ.
ශ්‍රී ලංකාව ඉන්දියාව වැනි රටවල උපදින යම් අයෙකු වෙනුවෙන් උප්පැන්න සහතිකයටත් පෙර ලියැවෙන්නේ කේන්දරය හෙවත් හඳහනය. උපන් වේලාව අනුව යෙදෙන ලග්නය සහ නැකත අනුව නම් සෑදීම අපේ සම්ප්රදායකි. එහෙයින් උප්පැන්නට පෙර හඳහන සකස් වේ.
කේන්දරය ඔබේ ජීවිත කාලයේම ඔබ සතුව තිබුණ ද එහි පලාපල කියවීම ට නම් ජ්‍යොතිෂවේදියකු වෙතම යා යුතුය. ඔබේ කේන්දරය ඔබම බලාගත්තොත් හොඳ නැතිද? මේ සරල සුගම පාඩම ජ්‍යොතිෂයට ලැදි ඔබ වෙනුවෙන්මයි.
ලග්න හෙවත් රාශි 12කි. එහි පිළිවෙළක් ඇත. වසරේ මාස දොළොස මෙන්ම ලග්න දොළොසේ පිළිවෙළ ද වෙනස් වන්නේ නැත. එය මෙසේ මතක තබා ගන්න.
ලග්න දොළොස / රාශි චක්‍රය
ඔබේ ලග්න ය කුමක් ද? මිථුන යැයි සිතුවොත්, ඔබේ කේන්දරයේ පළමු කොටුව ලෙස ගත යුත්තේ මිථුනය.
එතැන් සිට
2 කටක 3 සිංහ 4 කන්‍යා 5 තුලා 6 වෘශ්චික
7 ධනු 8 මකර 9 කුම්භ 10 මීන 11 මේෂ
12 වෘෂභ
ලෙස කොටු දොළොස නම් කර ගන්න. මේ අනුව ඕනෑම පුද්ගලයකු ගේ උපන් ලග්නය ඔහුගේ / ඇයගේ කේන්දරයේ පළමු කොටුව හෙවත් ලග්නභාවය වේ. පහත දැක්වෙන ආදර්ශ කේන්දර සටහන පරිදි ඔබේ කේන්දරයේ රාශි / ලග්න සටහන සකස්කර ගන්න.
ඔබේ පහසුව තකා ලග්න දොළොසටම එන පිළිවෙළ පහත සඳහන් කරමු.
මේෂ ලග්නයෙන් උපන්නේ නම් -
1 මේෂ -2 වෘෂභ 3 මිථුන 4 කටක 5 සිංහ 6 කන්‍යා 7 තුලා 8 වෘශ්චික 9 ධනු 10 මකර 11 කුම්භ 12 මීන
වෘෂභ ලග්නයෙන් උපනනේ නම් -
1 වෘෂභ 2 මිථුන 3 කටක 4 සිංහ 5 කන්‍යා 6 තුලා 7 වෘශ්චික 8 ධනු 9 මකර 10 කුම්භ 11 මීන 12 කුම්භ
මිථුන ලග්නයෙන් උපන්නේ නම් -
1 මිථුන -2 කටකට 3 සිංහ 4 කන්‍යා 5 තුලා 6 වෘශ්චික 7 ධනු 8 මකර 9 කුම්භ 10 මීන 11 මේෂ 12 වෘෂභ
කටක ලග්නයෙන් උපන්නේ නම්-
1 කටක 2 සිංහ 3 කන්‍යා 4 තුලා 5 වෘශ්චික 6 ධනු 7 මකර 8 කුම්භ 9 මීන 10 මේෂ 11 වෘෂභ 12 මිථුන
සිංහ ලග්නයෙන් උපන්නේ නම් -
1 සිංහ -2 කන්‍යා 3 තුලා 4 වෘශ්චික 5 ධනු 6 මකර 7 කුම්භ 8 මීන 9 මේෂ 10 වෘෂභ 11 මිථුන 12 කටක
කන්‍යා ලග්නයෙන් උපන්නේ නම් -
1 කන්‍යා 2 තුලා 3 වෘශ්චික 4 ධනු 5 මකර 6 කුම්භ 7 මීන 8 මේෂ 9 වෘෂභ 10 මිථුන 11 කටකට 12 සිංහ
තුලා ලග්නයෙන් උපන්නේ නම් -
1 තුලා 2 වෘශ්චික 3 ධනු 4 මකර 5 කුම්භ 6 මීන 7 මේෂ 8 වෘෂභ 9 මිථුන 10 කටක 11 සිංහ 12 කන්‍යා
වෘශ්චික ලග්නයෙන් උපන්නේ නම් -
වෘශ්චික 2 ධනු 3 මකර 4 කුම්භ5 මීන 6 මේෂ 7 වෘෂභ 8 මිථුන 9 කටක 10 සිංහ 11 කන්‍යා 12 තුලා
ධනු ලග්නයෙන් උපන්නේ නම් -
1 ධනු 2 මකර 3 කුම්භ 4 මීන 5 මේෂ 6 වෘෂභ 7 මිථුන 8 කටක 9 සිංහ 10 කන්‍යා 11 තුලා 12 වෘශ්චික
මකර ලග්නයෙන් උපන්නේ නම් -
1 මකර 2 කුම්භ 3 මීන 4 මේෂ 5 වෘෂභ 6 මිථුන 7 කටක 8 සිංහ 9 කන්‍යා 10 තුලා 11 වෘශ්චික 12 ධනු
කුම්භ ලග්නයෙන් උපන්නේ නම් -
1 කුම්භ 2 මීන 3 මේෂ 4 වෘෂභ 5 මිථුන 6 කටක 7 සිංහ 8 කන්‍යා 9 තුලා 10 වෘශ්චික 11 ධනු 12 මකර
මීන ලග්නයෙන් උපන්නේ නම්-
1 මීන 2 මේෂ 3 වෘෂභ 4 මිථුන 5 කටක 6 සිංහ 7 කන්‍යා 8 තුලා 9 වෘශ්චික 10 ධනු 11 මකර 12 කුම්භ
ඔබ උපන් ලග්නය අනුව කේන්දරයේ කොටු දොළොස එන්නේ ඉහත සඳහන් පිළිවෙළටය. ඉදිරි පාඩම් සඳහා අනවශ්‍ය වන හෙයින් හොඳින් මතක තබා ගන්න.
සෑම ලග්නයකටම ලග්නාධිපති ග්‍රහයෙක් සිටී. ඒ ඔබගේ ජීවිතයේ සුබපල උදාකරන ඉරණම් ග්‍රහයාය. රවි හා සඳු යන ග්‍රහයන් දෙදෙනාම හැරෙන්නට අනෙක් ග්‍රහයන් පස් දෙනාට රාශි දෙක බැගින් අයත් වේ.
sethmina.lk