iranama
ගුරු හොඳ නම් ඔබ යන මඟ මක් වේද?
පුරාතනයන් විසින් උගන්වා තිබෙන්නේ සෑම දෙයක්ම වර්ධනය කරන්නා 'ගුරු' ග්‍රහයා බවයි. ගුරු ග්‍රහයා ලග්නයේ සිටිනා අයගේ ශරීරයද මහත් බව පවසා ඇත. ගුරු ග්‍රහයා හට 'ගුරුන් වහන්සේ', 'යුක්ති පසිඳින්නා' යන නම්බු නාමද ලබා දී ඇත. ඕනෑම මනුෂ්‍යයකුට වැඩිදියුණුවට පත්වීමට උසස්වීම්වලට, සියලු යහපත් දේට
ගුරු බලපවත්වයි.
ගුරු ග්‍රහයාගෙන් උසස් පැවිදිකම්ද ලැබෙන බව කිව යුතුමයි. කීර්තිමත් නාමයට විශ්වාසවන්තකම, සාමාන්‍ය දැනීම, කලබල නොවීම, මධ්‍යස්ථව කටයුතු කිරීම, ගෞරවය රැකගැනීම, සමාජයට ප්‍රිය වීම ආදී ගුණධර්මවලට ගුරු අධිපති වන බව කිව යුතුමය. උසස් වූ අධ්‍යාපනයක්, නිරෝගී භාවය පිරිසුදු චරිතවත් බව, ගුරුවරුන්ට සැලකීම, පිරිදුසු බව තවත් ගුරුගෙන් ලැබෙන දායාදයන් ලෙස දැක්විය හැකිය.
ගුරු ග්‍රහයා අයහපත් වීමෙන් දියවැඩියාව අධික තරබාරු ගතිය ලේ විසවීම වැනි රෝග වැලඳීම ඇති වේ.
ගුරු ග්‍රහයා ලග්නයේ නම්
ගුරු ග්‍රහයා ලග්නයේ පිහිටා තිබීම බලවත්ම ස්ථානය වේ. නිරෝගී වූ මහත් වූ ශරීරයක් ඇති සියලු කාර්යයන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන්නේ ගුරු ග්රහයාගෙන්ය. ගෞරව නාම ලැබීමට, කීර්ති ප්‍රශංසා ලැබීම්, දීර්ඝායුෂ සහ තමන් විසින් කරන ලද කාර්යයන්හි සාර්ථකත්වය ලබා දේ.
ගුරු ග්‍රහයා දෙවැන්නේ නම්,
ප්‍රියමනාප ශරීරය හා මුහුණක් ඇත. තමන්ගේ පවුලට ඉතා ළැදියි. භාර්යාවට හා දරුවන්ට හොඳින් සලකයි. පියාට වඩා උසස් දියුණු තත්ත්වයකට පත් විය හැකිය. මානසික කඩා වැටීම් අඩු අය වෙති. හොඳ ධනයෝග ලබමින් ගුරු ග්‍රහයා දෙවැන්නේ පිහිටීම ඉතා යහපත් පිහිටීමකි. යහපත් වචන වෙයි.
ගුරු ග්‍රහයා තුන්වැන්නේ නම්
සහෝදර සහෝදරියන්ට හිතවත්ය. ඉතා ඉක්මනින් රෝග බෝ වේ. ශරීරයේ නිරෝගිකමක් නොමැති බව පෙන්වා දිය හැකිය. ඉතා ඉක්මනින් රෝග බෝවීමට පත් වේ. එක් ස්ථානයක සිටීමට නොහැකියාවක් පෙන්වා දිය හැකිය.
ගුරු ග්‍රහයා හතරවැන්නේ නම්
ස්ථිර ගේ ෙදාර යානවාහන මවුපියන්ගෙන් හා යහපත් ඉපැයීමෙන් ලබා ගනිමින් සැපසේ ජීවත්වන අය ය. ගුරු ග්‍රහයා හතරවැන්නේ සිටින්නවුන්ගේ නෑදෑයන්ගෙන් හොඳ සැලකුම් ලබමින් ජීවිතයේ අන්තිම කාලය සැපසේ ජීවත් වීමට හැකියාව ඇත. ගුරු ග්‍රහයා හතරවැන්නේ පිහිටීම ඉතා වාසනාවන්තය.
ගුරු ග්‍රහයා පස්වැන්නේ නම්
ගුරු පහේ සිටිත් නම් දරුවන්ගේ දියුණුවක් බලාපොරොත්තු විය නොහැකිය. අඹු සැමියන්ට ශුභඵල ගෙන දේ. වැඩිමහල් දරුවාට තරමක් අපලය. බාල පුත්‍රයා මවුපියන්ට කීකරු වේ. හොඳ අධ්‍යාපනයක් ලබා ඇති අයවලුන් වේ.
ගුරු ග්‍රහයා හය වැන්නේ නම්
ලෙහෙසියෙන් රෝග බෝවන ස්ථානයක් වේ. මෙහෙකරුවන්ද සමඟින් වැඩිහිටියන්ගේ උදවු උපකාර සමඟින් මිශ්‍ර පල සහිතව ජීවත්වන අය වෙති. ණය වීමට අකැමැති අය වෙති.
ගුරු ග්‍රහයා හත්වැන්නේ නම්
විවාහයෙන් පසු දියුණුව ඇතිවීමද යහපත් විවාහයන් සිදුවීමද භාර්යාවගෙන් වැඩිදියුණුවක්ද පෙන්නුම් කරනු ලබයි. ව්‍යාපාර දියුණුව ලැබීමට යෝග්‍ය ස්ථානයකි. නිලතල දැරීමට ප්‍රසිද්ධ චරිතද ලබා ගැනීමට හැකිවේ.
ගුරු ග්‍රහයා අටවැන්නේ නම්
විවාහයෙන් පසු දේපළ ලැබීමටත් ඉඩ තිබේ. මොවුන්ගේ මරණය දුක් රහිත විය හැකිය.
ගුරු ග්‍රහයා නව වැන්නේ නම්
ගුරු ග්‍රහයාගේ බලවත්ම ස්ථානය හෙවත් ගුරු ග්‍රහයාගේ සුබම ස්ථානය මෙම ස්ථානය වේ. අන්‍යයන්ගේ ගරු සැලකිලි, නම්බු නාම ලබා ගැනීමට හැකිය. උසස් අධ්‍යාපනය, සියලු සැප සම්පත් ලබා දෙන ස්ථානයකි. මවුපියන්ට ගුරුවරුන්ට වැඩිහිටියන්ට ගරුබුහුමන් දක්වයි.
ගුරු ග්‍රහයා දසවැන්නේ නම්
ගුරු ග්‍රහයා දස වැන්නේ නම් හෙමින් හෙමින් දියුණුවට පත්වේ. රජයේ තානාන්තරයන්ට යහපත්ය. රජයේ වුවද පෞද්ගලික වුවද රැකියාවක යෙදේ. ගුරු ග්‍රහයා දසවැන්නට සුබය.
ගුරු ග්‍රහයා එකොළොස් වැන්නේ නම්
යහපත් මිත්‍රයන් ඇති කරමින් රට ජාතිය වෙනුවෙන් වැඩ කරන අයෙකි. තුන්වැන්නේ ශුභ ග්‍රහයෙක් පිහිටා ඇත්නම් භාර්යාවට ඉතාමත් සුබ දායකය. යහපත් දිවි පෙවෙතක් ගෙවීමට හැකිය. කෙසේ හෝ දියුණු තත්ත්වයකට පත්වීමට උත්සාහ කරයි.
ගුරු ග්‍රහයා ෙදාළොස්වැන්නේ නම්
දුක් කරදර සහිත රෝග පීඩාදියෙන් සතුරු කරදර ආදී නීතියෙන් දඬුවම් විඳීමට සිදුවීම වැනි අයහපත් ප්‍රතිඵල උදා කරන ස්ථානයකි. දුර්වල පුද්ගලයන්ට ඇප උපස්ථාන කරන අයවලුන් වේ. ගුරු ග්‍රහයාට ෙදාළොස්වැන්නද අශුභය.
Wmqgd .ekSu u