iranama
ගින්නෙන් මරණය ගෙන දෙන ග්‍රහයෝ
කෙනෙකුගේ මරණය ගැන කියෑවෙන්නේ කේන්ද්‍රයේ අටවැනි භාවයෙනි. එය කුමන ආකාරයකින් සිදුවේද යන්න තීරණය වන්නේ අටවැනි කොටුවේ සිටින ග්‍රහයන් හා ඊට බලපාන ග්‍රහ බලපෑම් අනුව බව ජ්‍යෙතිෂයේ සඳහන් වෙයි.
යම් කේන්ද්‍රයක අටවැන්නේ රවි ග්‍රහයා සිටියේ නම් ඔහුගේ හෝ ඇයගේ මරණය ගින්නෙන් සිදුවන බව කියෑවේ. එහෙත් එය මේෂ ආදී ලග්න වශයෙන් ගැනීමේදී එය රාශිය අනුව තීරණය වෙයි. මේෂයෙන් උපන් අයකුගේ අටවැන්න වෘශ්චික ලග්නයයි. එය කුජට අයත් වෙයි. කුජ හිමි වෘශ්චික රාශියේ රවි සිටීමෙන් තමන්ගේ නෑදැයන් හා සමඟ අඩදබර කිරීමෙන් ඔවුන් විසින් කරන ලද ගිනි තබා ගැනීමකින් මරණය සිදුවිය හැකියි. අනෙකුත් ග්‍රහ බලපෑම් මත එය එළිවීමට හෝ එසේ නොමැතිව එය සදාකාලිකවම රහසක් හෝ වීමට පුළුවන.
වෘෂභ ලග්නයෙන් ඉපදුන අයෙකුගේ අට වැන්න ධනු රාශියයි. ධනු රාශිය හිමිවන්නේ ගුරුටය. රවි, ධනු රාශියේ සිටි පමණින්ම ගින්නෙන් හානි නොවේ. ගින්නෙන් විනාශ වන බැව් පැරැණි පොත්වල සඳහන් වුවත් සමහර අවස්ථාවල එවැනි දේවලින් ගැළවෙන අවස්ථාද ඇත. ඒ රවි, ධනු රාශියේ සිටින හේතුවෙනි. ඵලය වන්නේ කීප වතාවක්ම ගිනි තබා ගැනීමයි. තමන් විසින් තමා ගිනි තබා ගත්තත් මරණය සිදුනොවේ. ගැළවීමට කටයුතු සැලසේ.
වෘෂභයෙන් ඉපදී රවි අටේ සිටියේ නම් ඔහු විනාශ වන්නේ නැති නම් මරණය සිදුවන්නේ පිපිරීම් වැනි දෙයකිනි. මේ කාලයේ හැටියට නම් බෝම්බ පිපිරීම් නිසා ගින්නෙන් කීවට ගිනි කූරකින්ද නැතිනම් වෙනත් ගින්නකින්ද යන්න සොයා බැලීම ග්‍රහචාරය අනුව දූරදර්ශීව විමසිය යුත්තකි.
මිථුන ලග්නයෙන් උපත ලැබූ අයගේ රවි අටේ සිටීම ගින්නෙන් මරණයට හේතුවේ. අටවැන්න ශනි හිමි මකර රාශියයි. එවැනි අය බොහෝ විට දරුමල්ලන්ගේ හෝ තමන්ගේ සහකාරියගේ කරදර බාධක සිත්තැවුල් නිසා කැලෑවක් වැනි තැනකට ගොස් රහසිගතව තමන් විසින් තමන්ටම ගිනි තබාගෙන මරණයට පත්වීමට බොහෝ විට ඉඩ ඇත. නමුත් මරණය ගින්නෙන් සිදුවූවාට මරණය ග්‍රහ බල මත ඇතිකර ගත්තේ තමාමය. හේතු වූයේ තමන්ගේ පවුලේ අයමය.
කටක රාශියෙන් ඉපදීමේදී අටවැන්න ශනි හිමි කුම්භයයි. මෙවැනි අය මරණයට පත් වන්නේද වෙඩි පහරිනි.
සිංහ රාශියෙන් ඉපදුන අයෙකුගේ අටවැන්න මීනයයි. මීන රාශිය අයත් වන්නේ ගුරුටය. මෙවැනි අය ජීවත්වීමට මාර්ගයක් නොමැති වීම නිසා බොහෝ විට මරණයට පත්වේ. මරණය සිදුවන්නේ ගිනි තබා ගෙනයි. එහෙත් තමා පදිංචි ස්ථානයකම කාමරයක දොරගුළුලා ගිනි තබාගෙන විනාශ වෙනු ඇත. නමුත් තමා ගිනි තබාගත් කරුණු කලින් ලියා තැබීම ඔවුන්ගේ සිරිතකි.
කන්‍යා රාශියෙන් ඉපදුන අයෙකුගේ අටවැන්න මේෂ රාශියයි. කුජ හිමි මේෂ රාශියේ (අටේ) රවි සිටීමෙන් ගින්නෙන් විනාශ වන්නේ තමන්ගේ අසල්වැසියන් සමඟ හෝ වෛර කර ගැනීමෙනි.
පසුව එය දුරදිග යැමෙන් කපා කොටා ගැනීමක් සිදුවේ. පසු කාලයකදී ඇසිඩ් වැනි පිලිස්සෙන දෙයකින් දමා ගැසීමෙන් මරණය සිදුවන්නේ පිළිස්සීමකිනි.
තුලා රාශියෙන් ඉපදුන අයෙකුගේ අට වැන්න වෘෂභයයි. වෘෂභය අයත් වනුයේ සිකුරුටය. එහිදී රවි අටේ (වෘෂභයේ) සිටීමෙන් මරණය සිදුවන්නේ බොහෝ කලක් ආශ්‍රය කළ පෙම්වතකු හෝ පෙම්වතියක් ලබා ගැනීමට නොහැකිව සමාජයෙන් පැමිණෙන නින්දා අප කීර්තිය ඉවසා සිටීමට නොහැකිව තමන් විසින්ම භූමි තෙල් පෙට්‍රල් වැනි දෙයක් ඉස ගැනීමෙන් ගිනිතබා ගැනීමෙනි.
වෘශ්චිකයෙන් ඉපදුන අයගේ අට වැන්න බුධ හිමි මිථුන රාශියයි. මිථුනයේ රවි සිටීම අනුව ඔහු හෝ ඇය වෙඩි තබා ගැනීමෙන් මරණයට පත්වේ.
ධනු රාශියෙන් ඉපදුන අයගේ අට වැන්න සඳු හිමි කටක රාශියයි. කටක රාශියේ රවි සිටීමෙන් තමන් නොදැනුවත්වම කුප්පි ලාම්පුවක් පෙරලීම හෝ තමාගේ අත්වැරදීමකින් හෝ සතුරකු විසින් කරන ලද වංචා සහගත දෙයකින් හෝ ගිනි තබා ගැනීම නිසා මරණයට පත්වෙයි.
මකර රාශියෙන් උපන් අයගේ අට වැන්න රවි හිමි සිංහයයි. සිංහයේ රවි සිටීමෙන් විදුලිය වැදීම වැනි දෙයකින් මරණය සිදුවන අතර මෙය තමා නොදැනුවත් වුවත් වෛරක්කාරයෙකුගේ පළිගැනීමක් වනු ඇත.
කුම්භ රාශියෙන් ඉපදුන අයගේ අටවැන්න බුද හිමි කන්‍යාවයි. රවි අටේ සිටීමෙන් මරණය සිදුවන්නේ විශාල දේපළ අර්බුදයක් මත ඇතිවන රහස් සතුරු කරදරයකින් ප්‍රසිද්ධියේ පුළුස්සා දැමීමෙනි.
මීනය මීන රාශියේ සිට අටවැන්න තුලාවයි. කිවි හිමි තුලා රාශියයි. තුලා රාශියේ (අට) රවි සිටීමෙන් සිදුවන්නේ පෙම් සටනකි. එය අන් අයට හෙළිවීම නිසා හෝ ස්වාමියාගෙන් බිරිඳට හෝ බිරිඳගෙන් ස්වාමියාට හෝ මරණය සිදුවිය හැක.
කිසිම අවස්ථා විශේෂයක් නොමැතිව වුවත් රාහු, අඟහරු, සෙනසුරු අටේ සිටියොත් හෝ අමුතු ලෙසකින් මරණයට පත්වෙයි. ආයුධ පහරකින් හෝ හදිසි තුවාලයකින් හෝ විය හැක. නැතිනම් අමුතු ආකාරයේ අසනීපයකිනි.
නිද්‍රd අවස්ථාගතවූ හෝ ශයනාවස්ථාන ගතවූ යම් ග්රහයෙකු පාපයින් සමඟ එක්ව අටේ සිටියොත් එකල උපන් අය සතුරන්ගේ කිපීමෙන් ඔවුන් අතින් මරණයට පත්වේ. මෙසේ සිටි ග්‍රහයකු ශුභ ග්‍රහයින් සමඟ හෝ ශුභයින් විසින් දක්නා ලදුව අට අධිපතියාත් සමඟ සිටියොත් ජීවිතයේ අවසාන කාලයේ දියේ ගිලී මරණයට පත්විය හැක.
පොතපත ආශ්රයෙනි
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks