iranama
ග්‍රහ ලොව සුරතලිය කුජගේ වසඟයට
කාලගුණික වෙනස්කම්
ජනමාධ්‍ය අංශවල දියුණුවක්
නඵ නිළියන් හා ස්ත්රීන්ට අපලයි
මේෂ, මිථුන,
සිංහ, මකර ලග්නවලට සුබයි
අප සෞරග්‍රහ මණ්ඩලයේ නව ග්‍රහයන් අතරින් ග්‍රහ ලොව සුරතලිය නැතහොත් සුකුමාලිය ලෙස හඳුන්වන සකල කලා වල්ලභ ගුරු පුත්, ශුක්‍ර නොහොත් සිකුරු ග්‍රහයා දිගු කලකට පසු තවත් ග්‍රහ ගමනකට සැරසෙයි. ඒ අනුව 2017 මැයි මස 31 වැනි බදාදා දින උදේ 08.43 ට සිකුරු ග්‍රහ තාරකාව ගුරු හිමි මීනයේ සිට කුජ හිමි මේෂ රාශියට පිවිසුණි. මේ සමගින් දැනට මේෂයේ සිටින යුරේනස් සමගින් සිකුරු සංයෝග වීමක්ද සිදුවේ.
සිකුරු යනු නව ග්‍රහයන් අතරින් ගුරුට පසු ව සිටින සුබම සුබ ස්ත්‍රී කාරක ග්‍රහයාය. පසුගිය මාස 4 කට වැඩි කාලයක් මීන රාශියේ බලගතු ගමනක යෙදුණු සිකුරු දිගු කලකට පසු මේෂ රාශියට පිවිසීම සුවිශේෂි වනු ඇත. විශ්ව කේන්ද්‍රයේ ලග්න ගතවන සිකුරු ලංකා කේන්ද්‍රයේ 3 වැන්නට පිවිසීම තුළ ප්‍රවාහන හා මාර්ග යන අංශයන් තුළ මෙන්ම ජනමාධ්‍ය අංශවල දියුණුවක් ඇති වනු ඇත. නමුත් මෙම කාලය කාම අපරාධ ඉහළ යන කාලයකි. සිකුරුගේ මේෂ රාශි ග්‍රහ ගෝචරයට අනුව මෙම කාලසීමාව තුළ ලග්න 12 අතරින් මේෂ, මිථුන, සිංහ, මකර යන ලග්නවලට විශේෂ සුබ ප්‍රතිඵල උදාවනු ඇත. එසේම එම ලග්නවලට රැකියා හා ධන උපයන මාර්ග වලින් යහපත් හා සුබදායක වනු ඇත.
මෙම සිකුරු ග්‍රහ මාරුව නිසාවෙන් ඉදිරි මාසයකට ආසන්න කාලසීමාව තුළ රට තුළ ධාන්‍ය සම්පත් බහුල වනු ඇත. එසේම වැසි තත්ත්වයේ වර්ධනයක් වන අතර, ගං වතුර හා කාලගුණ වෙනස්කම්ද බහුල වනු ඇත. විශේෂයෙන් නඵ නිළියන් හා ස්ත්රීන්ට මෙම කාලසීමාව අසුබ දායකය. එසේම තරුණ තරුණියන් අතර පෙA්රම සම්බන්ධතා බහුලව ඇති වේ. විවාහ ආශ්රිත කටයුතු මෙන්ම රෙදිපිළි හා විසිතුරු භාණ්ඩ සම්බන්ධ කටයුතු වලට මෙම ග්‍රහ මාරුව ආශ්රිත කාලය සුබදායක වනු ඇත. නමුත් යුරේනස් සමගින් සිකුරු සංයෝග වීම මෙරට සංචාරක ව්‍යාපාරයට යහපත් නැත.
පොදුවේ ලග්න වශයෙන් ගත් කළ සිකුරු මේෂයට පිවිසීම හේතුවෙන් පහත සඳහන් ප්‍රතිඵල උදා වනු ඇත.
මේෂ -
ඔබට මෙම ග්‍රහ මාරුව සමඟ සිකුරු ලග්නයට පිවිසෙනු ඇත. ඒ අනුව ඔබට විවාහ වාසනා උදා වන්නේය. අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය සුබයි. යාන වාහන මෙන්ම විසිතුරු දේවල් හිමිවන කාලයකි. එසේම බිරිඳගේ පාර්ශ්වයෙන් දායාද හිමිවනු ඇත. පපුවේ සෙම් අමාරු හා ලේ සම්භන්ධ රෝගාබාධ ඇතිවිය හැකිය. සෙම් රෝග බහුල වන අතර යුග දිවි සමගියට සුබදායක වනු ඇත.
වෘෂභ -
මෙම කාලයේ නෑයෙක් හෝ හිතවතුන් සමඟ අමනාප වීමට ඉඩ ඇත. බලාපොරොත්තු වූ ණයක් ලැබෙයි. කාර්යබහුල කාලයකි. සහෝදරයන්ට අසුභ වෙයි. කෙටි ගමන් බිමන් නම් අධික වේවි. විමසිලිමත් වීම වැදගත්. අනතුරුවලට ලක්විය හැකියි. සහෝදරයන්ට අසුභ වෙයි.
මිථුන -
ඔබගේ ජන්ම පතේ 11 වැන්නට සිකුරු පිවිසීමත් සමගින් ඔබට පින්වත් දරුවන් ලැබීමේ වාසනාව හිමිවනු ඇත. පවුලේ හෝ හිතවතෙකුට ඇතිවන අසනීප තත්වයන් නිසා ඔබට බොහෝ කාලය ශ්‍රමය, ධනය ඒ වෙනුවෙන් වැය කිරීමට සිදුවනු ඇත. පසුගිය දිනවල පැවති බාධා යම් පමණක ඉවත්වෙයි. තනතුරු ලාභ ලැබෙයි. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර අලුතින් අරඹන කටයුqතු මේ කාලයේ සාර්ථක වේ. එසේම මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍ය යහපත්ව පවතිනවා ඇත. සිතේ ඇතිවන මානසික අසහනය දුරු වෙයි. දරුවන්ගේ දියුණුවට කටයුතු යෙදේ.
කටක -
ඔබගේ ජන්මපතේ 10 වැන්නට සිකුරු පිවිසීමත් සමඟින් ඔබට යහපත උදාවීමත් සමඟින් ගේ දොර, ඉඩකඩම්, යාන වාහන මෙන්ම මැණික් සම්පත් හිමිවනු ඇත. මෙම කාලසීමාව තුළ පින්වත් දරුවන් ලැබීමේ වාසනාව හිමිවනු ඇත. පසුගිය දිනවල පැවති බාධා යම් පමණක ඉවත් වෙයි. තනතුරු ලාභ ලැබෙයි. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර අලුතින් අරඹන කටයුqතු මේ කාලයේ සාර්ථක වේ. එසේම මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍ය පිරිහීමට හැකියාව පවතිනවා ඇත. සිතේ ඇතිවන මානසික අසහනය දුරු වෙයි. දරුවන්ගේ දියුණුවට කටයුතු යෙදේ. පවුලේ හෝ හිතවතෙකුට ඇතිවන අසනීප තත්ත්වයන් නිසා ඔබට බොහෝ කාලය ශ්‍රමය, ධනය ඒ වෙනුවෙන් වැය කිරීමට සිදුවනු ඇත.
සිංහ -
ලග්නයෙන් 9 වැන්නේ සිකුරු ගමන් කරන මෙම කාලසීමාව ඔබගේ සමාජ පිළිගැනීම ප්‍රසිද්ධිය හා කීAර්තිය ඉහළ යනු ඇත. විවාහ ජීවිතයේ පැවති කරදර හා බාධා මෙම කාලසීමාව තුළ පහව යනු ඇත. හදිසි ගමන් බිමන් යැමට නිතර අවස්ථාව සැලසෙන අතර වන්දනා ගමන් හා දුර ගමන්ද යෙදීමට ඉඩ ඇත. ශරීර සැප ලැබීම හා විවාහ වාසනා ඇතිවීමට ඉඩ ඇත. සහෝදරයෙකුට අපලතාවක් පෙනේ.
කන්‍යා -
සිකුරු ඔබේ ලග්නයෙන් 8 වැන්නේ ගමන් කරන මෙම කාලය ධන සම්පත් හීන වී යන කාලයකි. මෙතෙක් කාලයක් සාර්ථකව පැවති යම් යම් කාරණාවලට බාධා එල්ල වන කාලයකි. විවාහ බාධා ඇතිවීමට ඉඩ ඇත. සහෝදරයෙකුට අපලතාවක් පෙනේ. ලැබීම් නොසිතූ ලෙස පහළ යන කාලයකි. දේශපාලනයේ නිරත අයට අසුබදායක වනු ඇත.
තුලා -
ඔබගේ තුලා ලග්නයේ ලග්නාධිපති සිකුරු ලග්නයෙන් 7 වැන්නේ ගමන් කිරීම මත සතුරු කරදරයකින් ජය ගත හැකිය. බලාපොරොත්තු වූ ණය මුදලක් ලැබීමට ද හැකියාව ඇත. මුත්‍රා අමාරු හෝ සෙම් රෝග ඇතිවීමට ඉඩ ඇත. ඔබට මෙම කාලය මිශ්රඵල දායක වේ. අසනීSපවලින් යම් සුවයක් අත්වේ. ගෘහ ජීවිතය තුළ අය පක්ෂය ඉහළ යනු ඇත. ඔබට විවාහ වාසනා උදාවනු ඇත.
වෘශ්චික -
ලග්නයෙන් 6 වැන්නේ ගෝචර වන සිකුරු හදිසි ගමන් බිමන් යැමට නිතර අවස්ථාව සලසා දෙන අතර වන්දනා ගමන් හා දුර ගමන් ද යෙදීමට ඉඩ ඇත. ඇස්වහ කටවහ දෝෂ හටගැනීමේ ප්රවනතාවක් ඇත. රෙදිපිළි හා වස්තු ලාභ ලැබෙන කාලයකි. ශරීරයේ අලංකාරයට අවශ්‍ය දේ මිලදී ගැනීමට අවස්ථාව ලැබෙන අතර නමුත් මෙම කාලයේදී ප්‍රනීත රසමුසු ආහාරද එතරම් නොලැබීමේ හැකියාව පවතී.
ධනු -
ඔබගේ 5 වැන්නේ තැන්පත් සිකුරු ඔබගේ ආදායම් තත්ත්වය ඉහළට ගෙන යනු ඇත. ඇස් රෝග හා මුත්‍රා අමාරු ඇතිවිය හැකිය. මේ කාලයේදී තම ශරීර සෞඛ්‍ය ගැන විමසිලිමත් වීම වැදගත්. විශේෂයෙන් අහුවෙන්නේ නැති ලෙඩ හැදෙන්න පුඵවන්. ඒ නිසා සුබ වගේම අසුබ ඵලත් ලැබෙනවා. මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍ය පිරිහීමට හැකියාව පවතිනවා. නමුත් ආදායම් තත්ත්වය යම් ප්‍රමාණයකට වර්ධනය වේවි. සමාජ සේවා පොදු කටයුතුවලින් ගෞරවය හා පිළිගැනීම ඔබට ලැබේවි. පරම්පරාගත දේපළ වාසි හිමි වේ.
මකර -
සිකුරු 4 වැන්නේ ගමන් කරන මෙම කාලසීමාව තුළ රැකියාවේ උසස් වීම් වගේම වෙනස්වීම්ද බලාපොරොත්තු විය හැකිය. නීතියට එරෙහිව කටයුතු කිරීම නිසා මුදල් හෝ රැකියාවේ පාඩු සිදුවිය හැකිය. සේවක ගැටලු හා ගෘහ නිර්මාණයකට සම්බන්ධව ගැටලු පැන නැඟීමට හැකිය. වා, පිත් සම්බන්ධ රෝගාබාධ හටගැනීමට අවස්ථා ඇත. ස්වයං රැකියාවල නිරත වන්නන්ට සුබ දායකය. රෝගවලට හරියට ප්‍රතිකාර නොගත්තොත් ඒවායේ සුවය ප්‍රමාද වනු ඇත. ගෘහ ජීවිතය සතුටුදායකය.
කුම්භ -
3 වැන්නේ සිකුරු ගමන් කරන මෙම කාලය සතුරු කරදර ඇති වන අතර රෝග පීඩා හා අස්ථාන බිය ඇති වනු ඇත. රැකියාවේ උසස් වීම් බලාපොරොත්තු විය හැකිය. පවුල් ජීවිතය යහපත් වන අතර ආදායම් තත්ත්වය ඉහළ යනු ඇත. අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලයේදී සිත යොමු වේ. තරග විභාගවලින් ජය හිමිවනු ඇත.
මීන -
සිකුරු 2 වැන්නට පැමිණේ. එදිනෙදා කටයුතුවලදී යම් ආවේගශීලි තත්ත්වයක් දක්නට ලැබේ. උසස් කෙනෙකු හෝ අසල්වාසීන් සමඟ අමනාප වීමට ඉඩ ඇත. දරුවන්ගේ කටයුතු වර්ධනය වන අතර රැකියාවේ අනාගතයට සාර්ථක අවස්ථා ඇතිවිය හැකිය. සමාජයේ පිළිගැනීම ඇතිවන අතර ඔබට අසල් වැසියන් ගෙන් නම් පොඩි පොඩි බාධකද ඇතිවිය හැකිය.
සැ. යු.
ඉහත සඳහන් පලාපල තත්ත්වයන් ඔබේ ජන්ම පත්‍රයේ ග්‍රහ පිහිටීම්, ගතවන මහ දශා, හා අතුරු දශා, ග්‍රහයන් උත්පත්තියේදී පිහිටි නැකැත් හා 22 දෙර්කාණාධිපති, 64 නවාංශකාධිපතිගේ තත්ත්වයන් හා විවිධ ග්‍රහ දෘෂ්ටි මත යම් පමණක අඩු වැඩි වීම් සිදුවිය හැකිය.
වැඩිදුර විස්තර සදහා 0382293771 / 0772753100
ජ්‍යෙතිෂවේදී, බණ්ඩාරගම,
සම්පත් එස් කල්පගේ
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks