iranama
ග්‍රහ බල සුභ අසුභ
කෙනකුගේ කේන්ද්‍රයේ රවි ග්‍රහයා බලයෙන් යුතුව සිටින විට උසස් ගෞරවයෙන් රැකියාවක් ලැබීමේ වාසනාව හිමිවෙයි. කීර්ති ප්‍රශංසා නම්බුනාම ලබන පුද්ගලයකු ද වේ. දේශපාලන ක්ෂේත්රයේ මෙන්ම රාජ්‍ය තන්ත්රයේ උසස් තනතුරු දරන්නෝද බොහෝ විට රවි බලවත්ව උපන්නෝ වෙති. ඔවුන් කාරුණික මෙන්ම හැමවිටම සතුටින් කල් ගෙවන්නෝය. දුරදක්නා නුවණින් යුතුව බුද්ධිමත්ව කටයුතු කරති. රවි බලවත්ව ලග්නයේ සිටියහොත් උස් වූ දේහයක් හිමිවේ. වටකුරු මුහුණක් පිහිටන අතර රත් පැහැයෙන් යුතු දෙනෙත් වෙයි. රවි ග්‍රහයා දුබල වුවහොත් අහංකාර උඩඟු ගතිවලින් යුතු වෙයි. අන්‍යයන්ගෙන් ලැබෙන ආධාර උපකාර මත ජීවත් වීමට සිදු වෙයි. පියාගේ දේපල ධනයද විනාශ කිරීමට පෙලඹෙයි.
සඳු කේන්ද්‍රයේ බලවත්ව පිහිටියහොත් දුටුවන් ප්‍රිය උපදවන ලස්සන අඟපසඟ හිමි දේහයක් හිමි වෙයි. කාරුණික ගති ගුණවලින් පිරුණ ඔවුන් සතුටින් විනෝදයෙන් කාලය ගත කිරීමට වැඩි ප්‍රියතාවක් දක්වති. සඳු හත් වැන්නේa වෙයිද මකර ලග්නයෙන් ජනිතව උපන්නේද, නැතහොත් හත අධිපති වෘෂභ රාශියේ සිටින තරුණියක් නම් පාසල් වියේදීම සහකරු හමුවෙයි. චන්ද්‍රයා බඳු පියකරු රුවකින් යුතු තමාගේ අදහස්වලට ගැළපෙන හිමිකරුවකු වී සාර්ථක යුග දිවියක් ගත කිරීමට වාසනාව හිමි වෙයි. හැමවිටම සතුටින් කාලය ගත කරයි. සඳු හෙවත් චන්ද්‍රයා දුබල වුවහොත් මේ සියලු ගති ගුණ වෙනස් වෙයි. අවිනිශ්චිත ජීවිත කරන ඔවුන් හැමවිටම නින්දා අපහාස වලට ලක් වෙයි. සඳු නීච වී රාහුද, කුජ ද, යෝග වූ සිව්වැන්න පුරා සැරිසරයි නම් ප්‍රසිද්ධ පුද්ගලයකු වුවත් සූක්ෂ්ම අයුරින් අන්‍යයන් රවටන කපටි පුද්ගලයකු වෙයි.
කුජ බලවත් වුවහොත් මධ්‍යම ප්‍රමාණයේ ශරීරයකින් යුතු වෙයි. නිර්භීත වූ කෙනකු මෙන්ම යුද්ධයට දක්ෂකම් පෙන්වන්නකු වෙයි. කේන්ද්‍රයේ කොටු දොළහ පුරා නොතැනක සිටියත් කුජ බලවත් නම් යම්කිසි ස්ථාවරයක් හිමි රැකියාවක නියෑළීSමට වාසනාව ඇත. කටක ලග්නයෙන් ඉපිද දසවැන්නේ කුජ රජ වුවහොත් රාජ්‍ය පාලනයේ යෙදීමේ වාසනාවද හිමි වෙයි. යුද කාමියකු වීමටද බොහෝවිට අවකාශ ඇත. කුජ දුබල වුවහොත් නපුරු සිත් ඇත්තෙකු වන අතර නිතර කලකෝලාහලවලටද මැදිවේ. කැරලිකාර කටයුතු මෙහෙයවන්නට දCක්ෂයෝය. විශ්වාස කළ නොහැකි පුද්ගලයන් අතර නපුරු ෙච්තනා සිත් ඇත්තෝය.
බුධ බලවත්ව ලග්නයේ සිටින අය සාමාන්‍ය ප්‍රමාණයේ ශරීරයක් හිමිය. කිසියම් තාලයකට ගමන් කරන ගමන් විලාෂයක් ඇති අතර තරමක් දිගැටි මුහුණක් ඇත. දික්වූ අත පය හිමි වෙන අතර හිසකෙස් තඹ පැහැය ගනී. බුද්ධිමත් වන අතර ස්ථානෝචිත නුවණ මෙහෙයවා අකටයුතුකම් කිරීමට ඇති දක්ෂයෝය. කපටි මෙන්ම වාද විවාදවලටද ඉතා දක්ෂය. ජ්‍යෙdතිෂ විද්‍යාවටද බෙහෙවින් ලැදි බවක් දක්වයි. විහිළුවෙන් නිතර කල් ගෙවයි. බුධ දුබල නම් භාෂා ශාස්ත්‍රයන් නොදනී. අන්‍යයන ට ඊර්ෂ්‍යා කරයි. බුධ දුබල නම් ගොළුවකු, බිහිරෙකු වීමටද ඉඩ ඇත.
ගුරු බලවත්වූ අයට උස්වූ දේහයක් හිමිවේ. රන්වන් පාටින් දිදුලන ඝන වූ රැලි ගැසුඛ කේශ කලාපයක්ද හිමි වෙයි. ඇස් දිගැටිය. පපුව පළල් වන අතර ඉඟැටිය සිහින් ය. පැහැදිලි කටහඬක් හිමිය. කරුණාවෙන් යුතු වන අතර ගෞරවයකින් යුතුව සමාජයේ ජීවත් වෙයි. ආගන්තුක සත්කාරයට ප්‍රිය වෙයි. උගත් බුද්ධිමත් වන අතර නොයෙක් ශිල්ප ශාස්ත්‍රයන් ඉගෙනීමේ දක්ෂයකු වෙයි. බෝධි සත්ව ගුණයෙන් යුතු එවන් අය මහණ වුවහොත් උතුම් වූ බුද්ධ පුත්‍රයෙක් වන්නේය. වෘෂභ ලග්නය වී තුන්වැන්නේ සඳුගේ භවනේ බලවත් ගුරු යෙදුනහොත් බලවත් සහෝදර පිරිසක් ද හමුවෙයි. ගුරු දුබල වූ විට අරපිරිමැස්ම නොදන්නා අහංකාර කුහක ගති මෙන්ම නිෂ්ඵල කාර්යයන්හි යෙදෙන අනුවණකම් කරන අසිහියෙන් යුතු දුර්වල අයෙකු වෙයි.
සිකුරු බලවත් වූ විට මධ්‍යම ශරීරයක් හිමි පියකරු පෙනුමකින් යුතු දීප්තිමත් හිසකෙස් පළල් වූ නීල වර්ණයෙන් යුතු නෙත්ද, උස්වූ නාසයක් ද හිමි අයකු වෙයි. යුවතියක් නම් රූ රැජිනකට සමාන අයකු වෙයි. එම යුවතිය හිමිකර ගන්න නම් ඔබේ කේන්ද්‍රයේ හත්වැන්න සිකුරුගේ රාශියක් විය යුතුමයි. කේන්ද්‍රයේ කොහේ කොතැනක සිකුරු සිකුරුගේම ස්ථාන හිමිව තිබුණහොත් සුබ විපාකයන් නොපමාව ලැබීමේ වාසනාව හිමිවෙයි. කාරුණික හදවතක් ඔවුනට හිමිය. සත්‍යවාදීව කටයුතු කරන ඔවුන් සංගීතයටද ඉතාමත් ලැදිය. ප්‍රේම විවාහයක් කර ගැනීමේ වාසනාව ද හිමිය. සමාජශීලී වන අතර හැම කටයුත්තකදීම ඔවුනට උසස් තැනක් හිමි වෙයි. සිකුරු දුබල වුවහොත් චරිතයට කැළලක් කර ගනියි. කලහකාරී සිතක් ඇත. භාෂා ශාස්ත්‍ර හරිහැටි නොදනී. හිතුවක්කාර අදහස් ඇත. සුරාපානයට මෙන්ම දූ කෙළියටද ප්‍රියතාවක් දක්වයි. ස්ත්‍රියකගේ කේන්ද්‍රයේ එවැනි යෝගයක් වුවහොත් අභිසරු ලියක් වෙයි. මෙම අය තරබාරු තොල් මහත මසින් පිරුණ බවක් ද, මුහුණ ද පිරුණ බවක් පෙන්නුම් කරයි.
සෙනසුරු බලවත් වූ විට උස් ශරීරයක් හා දික්වූ අවයව හිමිය. එකට එක්වූ ඝන ඇහි බැම ඇත. තරමක් වක් වූ දිගු නාසයක් වේ. කම්මුල්වල ඇට උඩට නෙරා ඇති අතර කාලවර්ණ වූ පෙනුමකින් හා ඉතා සිහින් වූ සිරුරක් හිමිය. වියදම් කිරීමේදී අරපිරිමැස්මෙන් යුතුව ක්‍රියා කරයි. දුක සැප දෙකම සමව විඳ දරා ගැනීමේ ශක්තියක් ඇත. ආත්මගරුත්වය පණ මෙන් රකී. කිසිම දිනෙක ආලය, ආදරය නොකරයි. හත්වැන්නේ යෙදුනහොත් දෙමාපියන් ගෙනෙන මංගල යෝජනාවක් අනුව විවාහය සිදු වෙයි. සෙනසුරාට සෙනසුරාම එක්විය යුතුය. සෙනසුරු දුබල වුවහොත් ඊර්ෂ්‍යා සහගත කුහක අදහස් ඇති අයකු වෙයි. පාපකාරීය. ධනයෙන් යුතු වුවද අධික ලෝභී බවක් පෙන්වයි. කාල වර්ණයෙන් යුතු අශෝභන පෙනුමකි. සෙනසුරු දුබල නම් සත්‍ය වශයෙන්ම දුප්පතෙකු ලෙස දිවි ගෙවයි. කොතරම් ධනය තිබුණත් තිබෙන බවක් පිටතට නොපෙන්වයි.
රාහු බලවත් වුවහොත් බොහෝ ප්‍රසිද්ධ වෙයි. නිතර සංචාරයේ යෙදෙන රැකියාවක් උරුම වෙයි. දැවැන්ත උස පුද්ගලයකු විය හැක. කරන කියන කටයුතුවලින් ප්‍රසිද්ධිය ලැබෙයි. කෙසේ හෝ තම කටයුතු සාර්ථක කරගනී. දේශපාලන ක්ෂේත්රයේ ජයග්‍රහණ නිසැකවම අත්වේ. ලොතරැයි වාසනා ද හිමිවීමට වාසනාව ඇත. හත්වැන්නේ යෙදුණේ නම් ප්‍රසිද්ධ විවාහයක් සිදු වෙයි. රාහු දුබල වුවහොත් අසිහියෙන් යුතුව කටයුතු කරයි. නීච කතා අසන්නට සිදුවේ. හදිසි විවාහයක් කර ගනියි.
කේතු බලවත් වූ විට උස් වූ කෙසඟ සිරුරක් හිමිවෙයි. ජ්‍යෙdතිෂ විද්‍යාවට, ගුප්ත විද්‍යාවට ලැදිය. එමගින් ප්‍රසිද්ධිය ලබයි. දහවැන්නේ යෙදුනහොත් ජීවිතේ අවසන් භාගයේදී ප්‍රකට කෙනකු වේ. කේතු දුබල නම් ඔහුගේ සහකාරියද කෙසඟ ය. ඊර්ෂ්‍යා සහගත කුහක අධම අයකු වෙයි. කේතු හතේ යෙදුනහොත් එය අවාසනාවන්ත පිහිටීමක් වේ.
හිඹුටානේ - පියතිලක ද අල්විස්
divaina.com