iranama
ග්‍රහයන්ට අනුව රැකියාව හඳුනා ගනිමු
කේන්ද්‍රයක දහය වැනි භාවය හෙවත් රැකියා ස්ථානය මෙලොව උපත ලද ඕනෑම ජන්මියකුගේ රැකියාව තීරණය කරන ස්ථානය වේ. රැකියා කාරක ග්‍රහයා වන ශනිද කෙනෙකුගේ රැකියාව කෙරේ බලපාන්නා වූ ප්‍රධාන නියමුවා ලෙස සැලකෙන අතර, ලෝකයේ පවතින්නා වූ සියලුම රැකියා ප්‍රධාන වශයෙන් ග්‍රහයන් හත් දෙනකුට අයත් වේ. කේන්ද්‍රයක දහය වැනි භාවයටත් ශනි ග්‍රහයාටත් ග්‍රහයන් කිහිප දෙනකුට බලපෑම් එල්ල කළ හැකි අතර එම බලපෑම් හමුවේ කෙනෙකුට හිමිවන රැකියාව මේ ලෙස තීරණය කළ හැකිය.
රවි
දේශපාලනය, රාජ්‍ය අංශයේ රැකියා, වෛද්‍ය වෘත්තීය, තාරකා විද්‍යාව, ඖෂධ වෙළදාම, දැව කර්මාන්තය හා සම්බන්ධ රැකියා, කැලෑ ආශ්රිත රැකියා
සඳු
ජලාශ්‍රිත රැකියා, ආහාරපාන, වෙළ¹ම කාන්තාවන්ට ආවේණික රැකියා, ද්‍රව කර්මාන්ත, ගමනාගමන කටයුතු, හෝටල් නවාතැන්, ගොවිතැන්, හෙද වෘත්තිය, විදේශ රැකියා, ජංගම වෙළදාම්
කුජ
කාර්මික අංශ, තර්ක ශාස්ත්‍රය, යුද කටයුතු, ඉදිකිරීම්, යන්ත්‍රොaපකරණ වෙළදාම, මිනින්දොaරු, ඉංජිනේරු, ගිනි භාවිතයෙන් කරනු ලබන රැකියා, භූමිය හා ඛනිජ ආශ්රිත රැකියා, ලෝහ කර්මාන්ත, රියෑදුරු, යන්ත්‍රසුත්‍ර පරිහරණ කරනු ලබන රැකියා.
බුධ
සන්නිවේදන කටයුතු, වෙළදාම, ගුරු වෘත්තිය, කලාව හස්ත කර්මාන්ත, දේශන පැවැත්වීම, ගණිතය, මුද්‍රණ කටයුතු, තැරැව්කාරකම්, පූජක වෘත්තීන්, වේද ශාස්ත්‍ර, අධ්‍යාපන අංශයේ රැකියා.
ගුරු
ගුරු වෘත්තිය, උපදේශන සේවා, පරිපාලන කටයුතු, නීතිය, පූජක වෘත්තීන්, මැති ඇමැතිකම්, වේද ශාස්ත්‍ර චින්තකයන්, මූල්‍ය කටයුතු
ශුක්‍ර
වෙළ¹ම, කලාව, මුතු මැණික්, ස්වර්ණාභරණ, මල් කර්මාන්තය, රෙදි පිළි, රූපලාවන්‍ය, සංගීතය, විනෝද ක්‍රීඩා, වෙදකම, කාමුක කටයුතු සම්බන්ධ රැකියා.
ශනි
කාර්මිකයන්, ගොවිතැන, වෙදකම, දේශපාලනය, ලෝහ කර්මාන්ත, ඉදිකිරීම්, සත්ව පාලනය, හෙදකම, හිඟමන, ආගමික කටයුතුවල යෙදීම, පහත් යෑයි සම්මත රැකියා, සාමාන්‍ය කම්කරු වෘත්තීන්
රාහු
විදේශ රැකියා, වස විෂ ආශ්රයෙන් කරනු ලබන රැකියා, ජංගම රැකියා
කේතු
ගුප්ත කටයුතු, පරිගණක ක්ෂේත්රය, වේද ශාස්ත්‍රය.
ජ්‍යෙතිෂවේදී- රංජන් සිසිර කුමාර
සටහන - ධම්මික හේවාවසම්
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks