iranama
කුම්භ ලග්න හිමියන්ට සෙනසුරුගේ බලපෑම්
ජේයාතීර්වේදයේ කුම්භ ලග්නය රාශි චක්‍රයේ 11 වැන්නයි. කුම්භ ලග්න හිමියන්ට ශනි (සෙනසුරු) ලග්නාධිපතියා වන අතර සිකුරු ග්‍රහයා වැඩියෙන් සුබ ඵල උදාකරයි. ගුරු සහ සඳු ග්‍රහයන්ගෙන් සුබ ඵල අපේක්ෂා කිරීම නිෂ්ඵල වුවද ඔවුන් පිහිටි රාශි අනුව තීරණය කළ යුතු වන්නේය. කුජ ද එසේමය. එහෙත් කුජ ගුරු සංයෝගයෙන් සුබඵල අපේක්ෂා කළ හැකිය. කුම්භ ලග්නයෙන් 2 වැන්න (මීන) සහ 11 වැන්න (ධනු) හිමි ගුරුගෙන් සුබ තත්ත්වයන් ඇති කරයි. සෙනසුරුට රවි - චන්ද්‍ර - කුජ ග්‍රහයෝ සතුරු වන්නේය.
කුම්භ ලග්නයෙන් උපන් අයගේ ලග්නයට (01) සහ 12ට ශනි ලග්නාධිපතියා වන අතර ලග්නයේ (01) ශනි සිටීම යහපත්ය. මේ නිසා ආයුෂ වැඩිවෙයි. අනුකම්පා සහගතයි. ආත්ම ගෞරවය රකී. සමාජ සේවා කටයුතුවල යෙදේ. විවාහය පවුල් ජීවිතයද යහපත් වන්නේය. ආගම දහමට කැමැතියි. ඉඩකඩම් දේපළ ලැබීමේ භාග්‍යය උදාකරයි. ශනි කුම්භයේ සිටීම ලග්න ඒරාෂ්ටක වෙයි.
ශනි 02 වැන්නේ වූ විට ඒරාෂ්ටකයේ අවසාන අදියර වෙයි. මෙවන් කුම්භ ලග්න හිමියන් කම්මැළි කමින් කාලය ගත කරන්න සිතයි. ඉගෙනීම, අධ්‍යාපන කටයුතුවලටද හිතකර නොවේ. අත මිට හිඟයි. සහකරුට හෝ සහකාරියට ශරීර අසනීප ඇති වෙයි. විවාහ දිවියද සැපවත් නොවන තරම්ය. කුජට අයත් මේෂ රාශියේ නොහොත් 03 වැන්නේ ශනි සිටින කුම්භ ලග්න හිමියන්ට පිට පළාත්වලින් ආදායම් ලැබිය හැකිය. එසේ වුවත් විවාහ ජීවිතයෙන් පාඩු ලැබේ. තමාට සමාජයේ කැපී පෙනී සිටීමට ඕනෑකරයි. පදිංචි ස්ථානය කීප වරක්ම වෙනස් කිරීමට සිදුවෙයි. එහෙත් තමාට උරුම හිමිකම් ලැබීමට පුළුවනි. 04 වැන්නේ ශනි සිටීම නිසා වෙළහෙළ
Wmqgd .ekSu u