iranama
කුජ-ශුක්‍ර යෝගය තිබුණොත් කාමාශාව හරිම ඉහළයි
විවාහ ජීවිත වලට හරියට නරක විදිහට බලපාන දෙයක් තමයි දුරදිග නොබලා කතා කරන එක. කේන්දරයක කට නැත්නම් කතාව ගැන කියන්නෙ දෙවැන්නෙන්. දෙකේ රාහු කුජ වගේ පාප ග්‍රහයො හිටියොත් වචන පාවිච්චියට විනයක් නෑ
මුළු ලෝකෙම මැව්වේ මහා බ්‍රහ්මය කියලනේ සමහරු කියන්නේ. ඒක ඇත්තද නැත්තද කියලා නම් මම දන්නේ නෑ. ඒ කොහොම වුණා ඔය මැවිල්ල ගැන හරි ලස්සන කතාවක් තියනවා. මේකයි කතාව.
මහා බ්‍රහ්මයා ලෝකෙ මවල ඊට පස්සෙ මිනිහෙක් මැව්වලු. ගැහැණිය මවල තියෙන්නෙ ඊටත් පස්සෙයි. ඉතිං මේ මවාපු මිනිහට ගැහැණිය දැක්කහම මොකක්දෝ ආසාවක් හිතුනලු. මට මෙයා එක්ක ඉන්න තියනවා නං කොච්චර දෙයක් ද? කියල කල්පනා වුණාලු. ඒ වගේම ගැහැණියටත් ඒ විදිහටම හිතුනලු. මේ පිරිමියා දකිනකොට මට අමුතුම මිහිරි හැ`ගීමක් දැනෙනවා. මට එයා එක්ක ජීවත් වෙන්න තියනවනම් කොච්චර දෙයක් ද කියල.
ගැහැණිය, ඇයගේ රූපය තරම් ලස්සන රූපයක් කොහෙවත්ම නෑ. එයාගෙ කටහ`ඩ කොච්චර මිහිරි ද ? එයාගෙන් හමා එන්නේ කොච්චර අසා හිතෙන සුව`දක් ද ? ඒ ස්පර්ශය ලැබෙනව නං මට මොකවත් ඕන නෑ. පිරිමියා නිතරම කල්පනා කළේ ඒකලු.
පිරිමි රූපය කොච්චර කඩවසම්ද? ඒ ගාම්භීර කටහ`ඩ අමුතුම සුව`ද, මට එයා හැර ලෝකෙ මොකවත් ඕනැ නෑ කියලා නිතරම ස්ත්‍රියත් කල්පනා කළාලු. එයා හීන මැව්වෙ පිරිමිය ගැනමලු.
දවසක මහා බ්‍රහ්මයා පිරිමියට කතා කලාලු. දැං ඔබ මනුෂ්‍ය ලෝකයට යවන්න ඕනෑ. ඔබට එහෙ යනකොට ගෙනියන්න වෙන මොනවද ඕනෑ? කියල ඇහුවලු. පිරිමිය ලැඡ්ජාවෙන් වගේ මෙහෙම කිවලු.
''මම යන්නම්, වෙන මොකවත් ඕනෑ නෑ''
මේ ගැහැණිය විතරක් මට දෙන්න...''
''හො`දයි'' කියල මහා බ්‍රහ්මයා ගැහැණියත් බාරදීල පිරිමියා මනුස්ස ලෝකෙට එව්වලු. ඉතිං ගැහැණියත් පිරිමියත් එකට ජීවත් වෙන්න පටන් ගත්තලු.
මහා බ්රහ්මයටත් හරියට වැඩ තියනවනේ. ඉතිං එක දවසක් පාන්දරම මේ පිරිමියත් ගැහැණියත් මහා බ්‍රහ්මයාගෙ දොරකඩ ඉන්නවලු.
''මොකද මේ පාන්දරම මොනවද මගෙන් වෙන්න ඕන'' කියල මහා බ්‍රහ්මයා ඇහැව්වලු.
''අනේ හරිම කරදරයක නොවැ මම වැටුණෙ. මේ ගෑනි ගෙනිහිල්ල නොවිඳිනා දුක් විඳිනවා. ඒත් කිසිම හො`දක් නෑ. මොනවා කළත් වැරදියි. හොඳක් පේන්නෙම නෑ. මෙයා ආපහු මෙහාට ගෙනල්ල බාරදීල යන්නයි ආවේ. '' කියලා මේ පිරිමියා කීවලු.
ආ එහෙමද? එහෙනං මෙයා තියල යන්න පුළුවනි කියලා මහා බ්‍රහ්මයා කීවලු. මිනිහ ආපහු තනියම මනුස්ස ලෝකයට ආවලු.
''අනේ පව්, මම ඉක්මන් වුණා. හරිම පාළුවක් දැනෙන්නෙ. එයා නැතුව ඉන්නවට වඩා හො`දයි වහටිකක් කාල මැරෙන එක'' ඔහොම කල්පනාකර කර ඉ`දල බැරිම තැන මිනිහ ගියාලු බ්‍රහ්ම ලෝකෙට,
අනේ මම ඉක්මන් වුණා. මට වුණේ වැරදීමක්. මට එයා නැතිව ඉන්න බෑ. මං ආවෙ එයා ආපහු එක්ක යන්න කියලා මහා බ්‍රහ්මයාට කීවලු. ඉතිං මහා බ්‍රහ්මයා අර ගැහැණියත් එක්ක ආපහු යන්න ඒ මනුස්සයට අවසර දුන්නලු.
හැබැයි එහෙම උන්නෙ ටික දවසයි. මේ කාන්තාවගෙ කටේ සැර, කේන්තිය, අවලාද කියන එක අහන්න බැරිම තැන මේ මිනිහා ආයෙමත් බිරි`දව මහා බ්රහ්මයට භාර දුන්නලු. දෙපාරක්ම එහෙම වුණාලු.
ඒ වුණාත් ඉන්න බෑ. දෙන්නටම එහෙමයි. තමන්ගෙ වරද කියල තුන්වෙනි ගමනත් බිරි`ද එක්ක එන්න මේ මනුස්සයා මහා බ්‍රහ්මයා ළඟට ගියාලු. මහා බ්‍රහ්මය ඊට පස්සේ මෙහෙම කීවලු.
''හො`දයි, ආයෙමත් අරං යන්න පුළුවන්. හැබැයි දෙන්න හො`දට ඉන්න ඕනෑ. ආය කවදාවත් මෙයාව මෙහාට ගේන්න බෑ. මම බාරගන්නේ නෑ. අරං යන්න'' කීවලු. ඉතිං මේ මිනිහා කාන්තාවත් එක්ක ආපහු ආවලු.
එදා ඉඳලා මේ ජෝඩුව හො`දටත් ඉන්නවා. සමහර වේලාවට රණ්ඩු වෙනවා. එපා වෙනවා. ඒත් ආයමත් ගියාට එහෙ බාරගන්නෙ නැහැනේ. රණ්ඩුවෙවී - යාළු වෙවී පවුල් කන්න පටං ගත්තලු. ඉතිං ඒ දෙන්නගෙ දරු මුණුබුරෝ බෝ වෙලා මනුෂ්‍ය ලෝකෙ ගැහැනුත් මිනිස්සුත් ගොඩාක් වුණා. හැබැයි අදටත් ගැහැණියකට මිනිහෙක් නැතිව ඉන්නත්, මිනිහෙකුට ගැහැණියක් නැතිව ඉන්නත් බැරිලු. ඒ වුණාට දිග කාලයක් හො`දින් ඉන්නත් බැරිලු.
ඕනකම නිසා හැමෝම විවාහ වෙනවා. දුක් කරදර වි`ද වි`ද රංඩු වෙවී තමයි කාලෙ ගෙවෙන්නේ.
මහා බ්‍රහ්මයා ලෝකෙ මැව්ව කියන කාලෙ ඉ`දලා අද වෙනකල්ම තත්ත්වෙ ඕකයි. යාළු වෙලා හරි යෝජනා කරල හරි කසාද බ`දින්නෙ ඕනකම හින්දයි. ඉතිං බොහොම දෙනෙක් නැකත් බලලා පෝරුවේ තියලා ලොකු හෝටල්වල ජයට මංගල්ලෙ ගන්නවා. ඒ වුණත් ටික දවසකින් ගැටුම්, කලකිරීම් ප්‍රශ්න. ඔය නිසා සමහරු දික්කසාදෙ ඉල්ලල උසාවි ගානෙ රස්තියාදු වෙනවා.
උසාවි, පොලිසි ගියේ නැතත් බොහොම දෙනෙක් ඉන්නෙ කනස්සල්ලෙං. මට වැරදුනා කියන හැ`ගීමෙන්. මීට වඩා හො`ද කෙනෙක් එක්ක දීග යන්න තිබුණ කියලා බොහෝමයක් බිරින්දෑවරු සුසුම් ලනවා. ඇයි? සමහර මිනිස්සු බේබද්දෝ, ගෙදර එන්නේ හවසට නැත්නම් රෑට කනමදයෝ වගේ බීල. සමහරු හම්බකරන තුට්ටු දෙකෙන් වැඩිහරියක් පූජා කරන්නේ යාළුවෝ එක්ක බොන්න. ගෑනිටයි දරුවන්ට දෙන්නේ ඉතිරි සොච්චම විතරයි. තවත් අයට රට හැමතැනම ගෑනු. බිරින්දෑවරු නිමිති සාස්තර බලන්න ගිහිං. මහත්තයට වෙන සම්බන්ධයක් තියනවද කියලා අහන අවස්ථා එමටයි. සැකෙන් පිරිල. ගෙදර අපායක්.
අපි මේ ලිපියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ මෙහෙම අපායක් කර ගත්තු විවාහ ජීවිකාවලට සහනදායක යමක් මතක් කරන්නයි. හැබැයි විවාහයක් වෙන්න බලාපොරොත්තු වෙන අයටත් මේක වැදගත් වෙයි.
විවාහකයන්ටත්, විවාහ වෙන්න ඉන්න අයටත් මුලින්ම මතක් කරන්නේ විවාහය කියන්නෙ මොකද්ද කියල මුලින්ම දැනගන්න ඕන. අපි මුලින්ම කියපු කතන්දරේ හරියට අවබෝධ කරගත්ත නම් මේක තේරෙනවා. මහා බ්‍රහ්මයා මවපු යුවළම ගැන බලන්න. ඒ දෙන්නට දෙන්න නැතිවම බෑ. ඒ වගේම මට මෙයා එපා කියලා තුන් ගමනක්ම ආපහු අරං ගිහින් බාර දෙනවා. මේකෙන්ම තේරෙනවා විවාහය එපාවෙන අවස්ථාත් තියන බව. රෝස මල් යහනාවක් නොවන බව.
විවාහය ගැන කියන්න ඉස්සර අවට ගෙවල්වල නැදෑ ගෙවල්වල විවාහ වෙලා ඉන්න අය දිහා බලන්න. ඒ අය ඉන්නෙ සතුටින්ම ද? දුකින් ද? බෙහෝ අය සතුටින් ඉන්නව වගේ පෙන්නුවට කරදර එමටයි. ප්‍රේම සම්බන්ධයක් නිසා මට නං මේක නැතිවම බෑ කියලා දෙමවුපියන්ට මුරණ්ඩු වෙන්න ඉස්සර බලන්න අල්ලපු ගෙවල් දිහා. ඒ අය විවාහ වෙලා ගතකරන ජීවිත ගැන.
මම කියන්නෙ විවාහය ගිහි ජීවිතයකට අවශ්‍යයි තමා. බුදුහාමුදුරුවෝත් දේශනා කරල තියනවා නිසි වයසට පත්වුණ දරුවන්ට විවාහයක් කරල දෙන එක මවුපියන්ගෙ යුතුකමක් කියලා. ඒත් සමහරුන්ගෙ විවාහය පමා වෙනවා. ඒකට හේතු ගොඩක් තියෙනවා.
පරණ කර්ම දෝෂත් බලපාන්න පුළුවන්. කේන්දරවල හතේ කුජ පිහිටීම කුජගේ දැක්ම වගේ දේවල් විවාහය වළක්වනවා. හිටපු අගමැති ඩඩ්ලි සේනානායක මැතිතුමා, අනුර බණ්ඩාරනායක මැතිතුමා, ඇන්.ඇම්.පෙරේරා මැතිතුමා වගේ අයගෙ මේ යෝගය යෙදිල තිබුණා. විවාහ නොවෙන්න තරම් අඩුපාඩුවක් ජීවිත වල තිබිල නෑ. ඒත් වුණේ නෑ. කේන්ද්‍රයක හත්වැන්න දුර්වල වෙන්නෙ කර්ම දෝෂ නිසා. මේවට ශාන්ති කර්ම අවශ්‍යයි. හැබැයි සමහරුන්ට විවාහ ප්‍රමාද වෙන්න බාහිර කාරණා ගැන ඕනෑවට වඩා බලන හින්දයි. රක්ෂාව, තත්ත්වය වගේ දේවල් ගැන වුවමනාවට වඩා බලනකොට විවාහයක් කරගන්න අපහසුයි. සීයට සීයක් සම්පූර්ණ අය ලෝකෙ නෑ. හැම ගහකම ඇදයක්, අඩුපාඩුවක් තියනව වගේ.
හැබැයි විවාහ වෙනවා නම් ආශ්‍රය කරල දැනගන්නවට වඩා ගොඩක් දේවල් පොරොන්දම් පරික්ෂාවකින් දැනගන්න පුළුවනි. අවුරුදු හත අටක් ආශ්‍රය කරල විවාහ වෙලත් කඩාකප්පල් වෙච්ච අවස්ථා තියනවා. පස්සෙ බලනකොට පෙරොන්දම් ගැළපෙන්නෙ නෑ. අනිත් අතට කාගෙ උනත් සීයට සීයක්ම පොරොන්දම් ගැළපෙන්නෙත් නෑ. සීයට දහයක් පහළොවක් නොගැළපීම සාමාන්‍ය දෙයක්.
පොරොන්දම් බලන්නේ විවාහයේ තත්ත්වය දැනගන්නයි. හරියට ගමනක් යන්න ඉස්සර වෙලා පාරතොටගැන දැනගෙන යනවා වගේ නොගැළපෙන දේවල් ගළපගන්න පුළුවනි. හැබැයි පොරොන්දම් ගැළපීම කරන කොට වෙන වෙනම දෙන්නගේ චරිත ලක්ෂණ බලන්න ඕන. සහකාරයා නැත්නම් සහකාරිය මොනවගේ කෙනෙක්ද කියලා.
විවාහ ජීවිත වලට හරියට නරක විදිහට බලපාන දෙයක් තමයි දුරදිග නොබලා කතා කරන එක. කේන්දරයක කට නැත්නම් කතාව ගැන කියන්නෙ දෙවැන්නෙන්. දෙකේ රාහු කුජ වගේ පාප ග්‍රහයො හිටියොත් වචන පාවිච්චියට විනයක් නෑ. දුර බලන්නෙ නෑ. කට සැරයි. අවලාද කියවනවා. මේ වගේ අයට තමන් කියන දේ බරපතල කම තේරෙන්නේ නෑ.
දැන් බලන්න. මහත්තය දවසම මහන්සි වෙලා හවසට ගෙට ගොඩවෙනකොටම ''අදනං තේ බෙන්න සීනි නෑ..කීවොත් මොකද වෙන්නේ. ඇයි එක විනාඩි දහයක් ප්‍රමාද වෙලා කියන්න බැරි. කේන්දරේ ග්‍රහයො පෙන්නන්නේ ඒක තමා. ඒත් ඒවා වෙනස් කරගන්න පුළුවන්.
පහුගිය සතියෙ ගුවන් විදුලි වැඩසටහනක් අතරතුරේ මට ප්ර්රශ්නක් යොමු වුණා. කතා කළේ බිරි`දක්. ඇය කීවෙ ඇයට නිතරම තරහ යනවා කියලා. තමන් ගැන එහෙම අවබෝධ කරගැනීම හරිම වැදගත්. ඒත් බිරි`දක් ඉක්මනට තරහ ගැනීම විවාහයට බරපතළ බාධාවක්.
මේ කාලෙ බරපතළ ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ අනියම් සබ`දතා. වැරදි කාම සේවනය. කේන්දර වලටත් මේවාට හේතු තියෙන්න පුළුවන්. කුජ ශුක්‍ර යෝගය වගේ ග්‍රහ බලපෑම් නිසා කෙනෙක් අධික කාමාශාවෙන් පෙළෙන්න ඉඩ තියනවා. ඒ වුණත් මේවා පාලනය කරන්න බැරිද?
කෙනෙකුට තමන්ට තියන දේවල් වලින් සතුටුවෙන්න බැරිනම් තමයි මේ කරදරය වන්නේ. අපිට තියන දේවල් ගැන අපි සතුටුවෙන්න ඕන. එතකොට වැරදි විදිහට දේවල් අයිති කරගන්න දුවන්නේ නෑ. වෙන දෙයක් තියා තමන්ගෙම ශරීරය ගැන වුණත් සෑහීමකට සතුටට පත්වෙන්න ඕන. එහෙම නැත්නම් රූපලාවන්‍යාගාර වලට, විටමින් වලට, ප්ලාස්ටික් සැත්කම්වලට වියදම් වැඩි වේවි.
අපි මුලින්ම කියපු කතාවේ මහා බ්‍රහ්මය ළඟ විශේෂ හො`ද ගුණ හතරක් තියනව කියල බුදු හාමුදුරුවෝ දේශනා කරල තියනවා. ඒ තමයි සතර බ්‍රහ්ම විහරණ කියන්නෙ. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන්නේ ඒවාට. මවුපියන් ළඟ මේ ගුණ හතර තියන නිසා තමයි මවුපියන්ටත් ''බ්‍රහ්ම'' කියන්නේ.
කේන්දරේ ග්‍රහයෝ පෙන්නන්නෙ ගිය ආත්මවල කරපු පාප කර්මවල ප්‍රතිවිපාක. ඉතිං පෙර කර්ම වෙනස් කරන්න මේ ආත්මෙ කරන හො`ද කර්මවලට පුළුවන්. ග්‍රහයන්ට යටවෙලා ඉන්න ඕන නෑ. ඒකට මේ මහා බ්‍රහ්මය ළඟ තියන ''මෙත්aතා'' කියන ගුණය වඩන්න. මෙත්තා කියන්නෙ මෛත්‍රිය. තමන් වගේම අනිත් අයත් සුවපත් වේවා කියන එක. ඊළඟට කරුණාව. අනිත් අය දුක් විඳිනවට තියන අකමැත්ත. කරුණාව පතුරවල අනිත් අයට උදව් කරන්න. මුදිතාව කියන්නේ මෘදුබව. ඒ වගේම දුක - සැප දෙකම සම සිතින් සලකන උපේක්ෂාව විවාහ ජීවිතවල මේ ගුණාංග හතර පතුරවනවා නම් කිසිම ගැටලුවක් ඇතිවෙන්න ඉඩක් නෑ.
ශාන්ති කර්ම කියන්නෙත් පිංකම් වලට. සතර බ්‍රහ්ම විහරණ වඩනකොට පිං වැඩෙනවා. එතකොට පාපකර්මවල බලය යටපත් වෙනවා. එතකොට කේන්දර වල කියෑවෙන නරක දේවල් වෙන්න ඉඩක් නෑ. මෛත්‍රිය පතුරවනකොට හිතන්නෙ තමන් වගේම අනෙක් අයත් සුවපත් වේවා කියලයි. සියලු දෙනාම සමානවයි සලකන්නේ. සතුරන්, මිතුරන් වෙනසක් නැතිව සුවපත් වේවා කියලයි හිතන්නේ.
එතකොට ඔබට අම්මට වගේම නැන්දම්මටත් ගරුකරන්න වෙනවා. ඇත්තටම නැන්දම්මා කියනවට වඩා හොඳයි ''අම්මා'' කියන වචනෙ. ඒ වගේම ඔබට ලේලියක් ඉන්නව නම් ඇයටත් දුවට සමානව සලකන්න. ලේලි කියනවාට වඩා කොච්චර හොඳද ''දුව'' කියල කතා කරන එක. මෙහෙම හිතන කරුණාව, ගුණවත්කම පතුරවන තැනක නැන්දා - ලේලි ගැටලු ඇතිවෙන්න විදිහක් නෑ.
සැබෑ මෛත්‍රිය, කරුණාව ඇති තැන නැන්දා - ලේලි අතරෙ තියන සබ`දතාව අම්මා දුව අතරෙ තියන සබ`දතාවයට සමානයි. ධර්මයේ ස`දහන් වෙනව භාර්යාවරු හත් දෙනෙක් ගැන. මේක තියෙන්නෙ සත්ත භරියා සූත්‍රයේ. මේ සූත්‍රය දේශනා කරන්න හේතු වුණේa සුජාතා කියන වධක භාර්යාවකට. එම සූත්‍රය ඇහුවට පස්සෙ ඇය දාසි භාර්යාවක් බවට පත් වුණා. ඉතිං අපටත් එහෙම වෙන්න බැරිද?
අපි අපේ පවුලෙ සාමාජිකයො අතර මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන ගුණවත්කම පතුරවමු. එතකොට පින්වල බලය වැඩි වෙනවා. අකුසල ශක්තීන් දුර්වල වෙනවා. පවුලේ සමගිය වැඩෙනවා. ඉතිං මෙයින් ජයගන්න බැරි ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්න විස`දාගැනීමට ආදරය, කරුණාව, පතුරවන්න. හැම දෙනාටම සමානව මනුෂ්‍යත්වයෙන් සලකන්න. ඔබට වාසනාවන්ත පවුල් ජීවිතයක් උරුම වෙන එක ඒකාන්තයි.
කෑගල්ලේ
සුනිල් කුමාර ගම්ලත්
නොමිලේ උපදෙස් සඳහා දුරකථනය -0771234313
Wmqgd .ekSu ��; mqj;a m; weiqfrks