iranama
කුජ මාරුවෙන් පසු මොකද වෙන්නේ...?
cහාර හිඟයක්, අන්තවාදීන්ගේ යුද්ධයක් ගැන. මේ අනාවැකි ඊට පෙර අපි අහල තිබුණෙ නෑ. ඔබ තවමත් එහෙමම කියනවද?
පිළිතුර - සත්තකින්ම. ඒ කියපු අනාවැකි නොවැරැදීම සිදු වේවි. ඉදිරි ග්‍රහ මාරුවලින් පේන්නෙ මේ කියපු දේවල් සිද්ධ වෙන්න එන බව. වැදගත් ග්‍රහ මාරු දෙකක් ඉදිරි සතියේ සිදු වෙනව.
ප්රශ්නය - ඔබ කියන්නේ කුජ මාරුව ගැනද? සෙනසුරු මාරුව ගැනද?
පිළිතුර - ඒ දෙකම. ජනවාරි විසිවැනිදා හවස එකයි හතළිස් නවයට කුජ ග්‍රහයා මෙතෙක් ගමන් කළ කුම්භ රාශියෙන් මීනයට මාරු වෙනව. මාර්තු මාසෙ දෙවැනිදා තමයි එතැනින් මේෂ රාශියට යන්නෙ. ඉතිං එතෙක් කුජ මාරුවේ ප්‍රතිඵල අපිට දකින්න ලැබෙයි.
ප්රශ්නය - ඔබ දකින්නෙ කුජ මාරුව නරක දෙයක් විදිහටද? මේක රටට බලපාන්නෙ කොහොමද?
පිළිතුර - කුම්භ රාශිය හිමි ලංකා කේන්දරේ දෙවැන්නට නැත්නම් ධනස්ථානයට තමයි සෙනසුරු මාරු වෙන්නෙ. ජනරජ කේන්දරේ නම් මාරක ස්ථානයට. ඉතිං දෙවැන්න කියන්නේම රටේ භාණ්ඩාගාරෙ. බැංකු, මුදල් තත්ත්වය ගැන කියන තැන. දැනටමත් දෙකේ අධිපති ගුරුත් මාරක ස්ථානෙ ගමන් කරමින් ඉන්නෙ.
ප්රශ්නය - ඉතිං මොකද්ද වෙන්න පුළුවන් දේ...?
පිළිතුර - රටේ මුදල් තත්ත්වය බොහෝම නරක අතට හැරෙන්න පුළුවන්. රාජ්‍ය වියදම් ඉහළ යයි. ඒ වගේම මේ තත්ත්වය කොටස් වෙළෙඳපළටත් නරක විදිහට බලපාන බවයි පේන්නෙ.
ප්රශ්නය - ඉතිං කුජ ග්‍රහයා අවුරුදු එකහමාරකට වතාවක් විතර ඔය මීන රාශියට එනව නේද? ඒ හැම වෙලාවකටම ඔබේ අනාවැකිය හරිද?
පිළිතුර - නෑ නෑ. කුජ දෙකට එනකොට ගුරු අටට යැමයි නරක. ඒක වෙන්නෙ කලාතුරකින්. මේකෙන්a පෙන්නන්නෙ ආර්ථික දුෂ්කරතා බව පැහැදිලියි. ඒ වගේම ආහාර හිඟයත් නැත්තං ආහාර වර්ගවල මිල ඉහළ යැමක්. ඒකයි මම කලින් සාකච්ඡාවේදීත් කීවෙ ආහාර නිෂ්පාදනය ගැන බලධාරීන් හිතන්න ඕන බව.
ප්රශ්නය - ඔබ කලින් කියල තිබුණා නියඟයක් ගැන. දැනටමත් ඒක ආරම්භ වෙලා. නියඟයක් ආවොත් ආහාර නිෂ්පාදනයට බලපාන බව අමුතුවෙන් කියන්න ඕන නෑ. ඉතිං මේ නියඟය තවදුරටත් තියේවිද?
පිළිතුර - නියඟයක් උදාකරන ග්‍රහ පිහිටීම් තමයි දැන් තියෙන්නෙ. වැස්ස ගැන ලොකු බලාපොරොත්තු තියන්න බෑ. ලබන මාර්තු මැද වෙනකල් වැස්සක් හොඳට ලැබෙයිද කියන්න සැකයි. මේ නිසා ගොවිතැන් පාළු වෙන්න පුළුවනි.
ප්රශ්නය - ඔබ කියනව පායනව කියල. ඉතිං කොහොමද වගා කරන්නෙ. දැනටමත් කුඹුරුවලට වතුර හිඟයි.
පිළිතුර - කෘෂි කර්මාන්තෙ ගැන මතක් වෙන්න ඕන පායනකොට නෙවේ. ආහාර හිඟයකට ඔරොත්තු දෙන්න ආහාර විශේෂයෙන් වී ගබඩා කරල තියාගන්න ඕන. දුටුගැමුණු රඡ්ජුරුවොත් කළේ යුද්ධ කරන්න ඉස්සර ආහාරවලින් ස්වයංපෝෂිත කරපු එක.
ප්රශ්නය - හොඳයි. කුජ මාරුවෙන් වෙන්න පුළුවන් නියඟය විතරද?
පිළිතුර - නියඟයට හේතුව කුජ විතරක් නෙවේ. රවි, බුධ, සිකුරුත් බලපානව. කොහොම වුණත් කුජ මාරුවෙන් අධ්‍යාපන අංශවලත් යම් යම් කැළඹීම් ඇති වෙන්න පුළුවනි. පාසල් වගේම විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතරෙත් කැළඹිලි කලබැගෑනි ඇති වෙයි. කුජ ග්‍රහයා දෙකේ ඉඳල පහ දකිනව. පහෙන් කියන්නෙ දරුවො වගේම ශිෂ්‍ය ශිෂ්‍යාවන්. ඒ වගේම ලොතරැයි අංශවලටත් අපලයි. කේන්දරේ පහෙන් ලොතරැයි ගැනත් කියනව.
ප්රශ්නය - ලොතරැයි ව්‍යාපාරෙ දැනටමත් වර්ජන තියනවනේ?
පිළිතුර - අපි අනාවැකි කියන්නෙ රටේ වෙන දේවල් අනුව නෙවෙයි. ග්‍රහචාරය අනුව අපක්ෂපාතීව සත්‍ය අනාවැකි කියන්නෙ රටේ, ජනතාවගෙ යහපතට. කුජ මාරු වුණාට පස්සෙ කේන්දරේ පහ, අට, නවය දකිනවා. ඒවයින් කියන දේවල්වලටයි බලපාන්නෙ.
ඒ විතරක් නෙවෙයි ජනමාධ්‍ය, පුවත්පත් කලාවේදීන්ටත් කුජ මාරුව එච්චර හොඳ නෑ. නව බලපෑම් තර්ජන ඇති වෙයි. දරුවන් ඉපදීමේදී සිදුවන මරණ ගැන අහන්න ලැබෙයි. ගර්භනී මාතාවන්ට තරමක් අපලයි. සීසර් ශල්‍යකර්ම ඉහළ යයි. දරුවන්ට අපල කාලයකි.
ප්රශ්නය - ගිය වතාවෙත් ඔබ දරුවො ගැන කියල තිබුණ. දැන් කියනව දරුවන්ට අපලයි කියල. දරුවො ඉන්න දෙමාපියන්ටත්, දරුවන් ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න අයටත් ඔබ දෙන පණිවිඩේ මොකද්ද?
පිළිතුර - අද දරුවො තමයි අනාගතේ මේ රටේ පාලකයො වෙන්න ඉන්නෙ. ඉතිං පින්වත්, බලවත් අය තමයි රට පාලනය කරන්න ඕන. ඒකට යහපත් දරුවො ඉපදෙන්න ඕන. නිරෝගී වීමෙන්, දීර්ඝායුෂ විඳින දරුවො ලැබෙන්නෙ ඒවගේම පින්වත් මව්පියන්ට විතරයි. ඒක පිං කරල ප්‍රාර්ථනා කරල ලබාගන්න ඕන සම්පතක්. නිකම්ම දරුවෙක් නෙවේ. පිංවත් දරුවෙක් ප්‍රාර්ථනා කරන්න.
ප්රශ්නය - මේ ග්‍රහ මාරුවෙ බලපෑම් එල්ල වෙන්නෙ මිනිස්සුන්ට විතරද? වෙන මොනවද වෙන්න පුළුවන් දේ?
පිළිතුර - මිනිස්සුන්ට විතරක් නෙවේ පරිසරයටත් බලපානව. කුජගෙ අශුභ දෘෂ්ටියක් නමයට වැටෙනකොට ආගමික අංශවලට අලි ඇතුන්ට, ගුවන් ගමන්වලට වන්දනා ගමන්වලට බලපානව. කුජ ගෙන් තමයි අලි ඇතුන් ගැනත් කියන්නෙ. ආගමික උත්සවවලට බාධා ඇති වෙයි. පෙරහැරට අලි ඇතුන්ගෙ හිඟයක් තියනව කියලත් අහන්න ලැබෙනව.
ප්රශ්නය - ඒක නම් පරිසරවේදීන්ගෙ, සත්ව අවිහිංසාවාදීන්ගෙ ප්‍රශ්නයත් නේද?
පිළිතුර - ජ්‍යෙdතිෂයට ඒක නම් අදාළ නෑ. ඒ වුණත් ජ්‍යෙdතිෂය කියන්නෙ අපේ සංස්කෘතිකාංගයක්. පෙරහැරත් එහෙමයි. ඉතිං දවසකට ලක්ෂ ගානක් බෙලිකපන කුකුළන්ට, හරකුන්ට නැති කරුණාවක් මේ අලි ඇතුන් ගැන මොකද? කියන එකයි හොයල බලන්න ඕන.
ප්රශ්නය - ඔබ කියල තිබුණ අන්තවාදී ආගමික සංවිධානයක ප්‍රහාර ලෝකය හැම තැනකම එල්ල වෙනව කියල. කුජ මාරුව ඒකට බලපාන්නෙ කොහොමද?
පිළිතුර - ඔව්. මුස්ලිම් අන්තවාදී සංවිධානයක ප්‍රහාර ඒ අතරෙ තව සටන්වලිනුත් අනතුරුවලිනුත් සිද්ධ වෙන මරණ ගැන අහන්න ලැබෙයි. ගිනි ගැනීමක්, ගුවන් අනතුරක්, වන්දනා ගමනක ඒ සිද්ධ වෙන අනතුරක් අහන්න ලැබෙයි. පානීය ජලය හිඟවෙයි.ආහාර මිල අහස උසට නගීවි.
ප්රශ්නය - මේකට සෙනසුරු මාරුවත් එකතු වෙනව නේද?
පිළිතුර - සෙනසුරු මාරුවත් ජනවාරි 26 සිද්ධ වෙනව. ඒ ලංකා කේන්දරේ එකොළොස් වැන්නට. ඒක මේ තරම්ම නරක නෑ. හැබැයි සමහර ලග්නවලින් උපන් අයට විතරක් නරකයි.
ප්රශ්නය - ඔබ කියන විදිහට ඉදිරි ග්රහමාරු එච්චර හොඳ නෑ. ඉතිං මේවට අපි මොකද කරන්න ඕන. විසඳුම මොකද්ද?
පිළිතුර - මේවට කියන්නෙ කාල විපත්ති කියල. එදා විසාලා මහනුවරට රෝග බය, දුර්භික්ෂ බය විතරක් නෙවේ අමනුෂ්‍ය බයත් ආව. ඉතිං මොකද කළේ? බුදුරජාණන් වහන්සේ වැඩම කරල පිරිත් කීව. පිරිත් කීවෙ බෞද්ධයන්ටම නොවේ. බුදුහාමුදුරුවො බණ කීවෙ බුද්ධාගම නොදන්න අයට. පිහිට ලබපු අය බුදුන් සරණ ගියා. අදත් එදත් සොබාදහම විරුද්ධ වුණේ. සොබාදහමට විරුද්ධව වැඩකරන අයටයි. මිනිස්සු ධාර්මික වුණොත් සොබාදහමත් මිනිස්සු රැකගනීවි. "දැහැමියා ධර්මය විසින් රකිනු ලැබේ" කියන්නෙ ඒකට.
ප්රශ්නය - කුජ අපලයට කරන්න ඕන විශේෂ ශාන්ති කර්ම මොනවාද?
පිළිතුර - දාන සීල භාවනාවෙ යෙදෙන්න. ඒ අතරෙ හැකිනම් ලේ දන්දීම උසස් ශාන්ති කර්මයක්. යුද්ධවලදී තුවාල වුණු රෝගීන්ට ආධාර උපකාර කරන්න. සතෙක් මරණයෙන් මුදා ගන්න. රතුපාට ඇඳුම් අත්හරින්න. රතු පාට අශුභයි.
කුජ අපලයට මංගල සූත්‍රය භාවිතා කරන්න. භාවිතා කරන්න කියන්නෙ කියනවට නෙවේ. අනුගමනය කරමින් උදේ සවස සඡ්Cධායනා කරන්න. තේරුම දැනගෙන කියන්න. තව මෛත්‍රී භාවනාව ටික වේලාවක්වත් කරන්න. මේ පිංකම කරල දෙවියන්aට පින් දෙන්න. ඔබ මෙන්ම අන් අයත් සුවපත් වේවායි සිතන්න.
Wmqgd .ekSu kj,sh mqj;a m; weiqfrks