iranama
කුජට පුළුවන් කසාදෙට වැටකොටු අහුරන්න විතරද?
බොහෝ විවාහයන් පමා කරන්නේද ප්‍රතික්ෂේප කරන්නේද මෙම කුජ ග්‍රහයාගේ බලයයි. පොරොන්දම් සීහුම් බැලීමේදී කුජගේ පිහිටීම පිළිබඳ විශේෂයෙන් සලකා බැලෙයි. කේන්දරයක ලග්නය, දෙවැන්න, සිව්වැන්න, හත්වැන්න, අටවැන්න, ෙදාළොස්වැන්න ආදී ස්ථානයක කුජ තැන්පත් වීම අසුබ ලෙස කියැවෙයි. අනෙකුත් කේන්දරයේ එම ස්ථානයක රාහු හෝ ශනි සිටීම දෝෂ මඟහැරී යෑමක් ලෙස ඇතැම්හු ප්‍රකාශ කරති. සෑම ලග්නයකටම කුජ දෝෂය ඉහත සඳහන් ස්ථානවලට බලපෑම් කරන්නේ නැත. නිවැරැදි දැක්ම මේ සඳහා අවශ්‍ය වෙයි.
inShare
Mawbima, 2016-03-05 02:00:00
Read 273 Times
බොහෝ විවාහයන් පමා කරන්නේද ප්‍රතික්ෂේප කරන්නේද මෙම කුජ ග්‍රහයාගේ බලයයි. පොරොන්දම් සීහුම් බැලීමේදී කුජගේ පිහිටීම පිළිබඳ විශේෂයෙන් සලකා බැලෙයි. කේන්දරයක ලග්නය, දෙවැන්න, සිව්වැන්න, හත්වැන්න, අටවැන්න, ෙදාළොස්වැන්න ආදී ස්ථානයක කුජ තැන්පත් වීම අසුබ ලෙස කියැවෙයි. අනෙකුත් කේන්දරයේ එම ස්ථානයක රාහු හෝ ශනි සිටීම දෝෂ මඟහැරී යෑමක් ලෙස ඇතැම්හු ප්‍රකාශ කරති. සෑම ලග්නයකටම කුජ දෝෂය ඉහත සඳහන් ස්ථානවලට බලපෑම් කරන්නේ නැත. නිවැරැදි දැක්ම මේ සඳහා අවශ්‍ය වෙයි.
මේෂ ලග්නයට
දෙවැන්නේ කුජ සිටීම කුජ දෝෂයයි. මේෂ ලග්නයේ අනෙකුත් ස්ථානයන්හි කුජ සිටීම කුජ දෝෂය නොවේ.
වෘෂභ ලග්නයට
කුජ දෝෂය බලවත් වන්නේ ලග්නයේ පිහිටීම මත පමණකි. මිථුනයට පළමුවැන්න, හතරවැන්න හෝ හත්වැන්න කුජ පිහිටීම කුජ දෝෂයයි.
කටක ලග්නයට
අටවැන්නට පමණක් බලවත් වෙයි. සිංහ ලග්නයේ උපත ලද අයකු කුජ දෝෂයට බිය විය යුතු නොවේ. සිංහ ලග්නයේ කුමන රාශියක වුවද කුජ පිහිටීම දෝෂයක් නොවේ.
කන්‍යා ලග්නයට
එක, දෙක, හතර, හත යන ස්ථානවලට මෙම දෝෂය බලවත් වෙයි.
තුලා ලග්නයට
පළමුවැන්නත් ෙදාළොස්වැන්නත් කුජ දෝෂයට අවනතය.
වෘශ්චික ලග්නයට
දෙවැන්නත්, ෙදාළොස්වැන්නත් දෝෂ සහගත වෙයි.
ධනු ලග්නයට
පළමුවැන්න, හතරවැන්න, හත්වැන්න කුජ පිහිටීම යහපත් නැත.
මකර ලග්නයට
දෙවැන්නත් ෙදාළොස්වැන්නත්, කුජ දෝෂයට අවනතය.
කුම්භ ලග්නයට
පළමුවැන්න, දෙවැන්න අයහපත්ය.
මීන ලග්නයට
පළමුවැන්න, හතරවැන්න, හත්වැන්න සහ ෙදාළොස්වැන්න දෝෂ සහගත වෙයි. මෙය නිවැරැදිව වටහා ගැනීම දෝෂය පිළිබඳ සත්‍ය අවබෝධයට හේතුවක් වෙයි. යෝජිත කේන්දර සටහන් අනවබෝධයෙන් ප්‍රතික්ෂේප වීම වැළකීමට මෙම දැක්ම උපකාරයකි. නොයෙකුත් වත් පිළිවෙත් සහ අනවශ්‍ය කාලය, මුදල වැයවීමද වළකාලීමට මෙම අවබෝධය යහපත්ය. කුජ යනු තේජාන්විත ග්‍රහයෙකි. සටන්කාමියෙකි. කේන්දරයක කුජ යහපත්ව පිහිටීම නීතිගරුක පුද්ගලයකු නිර්මාණය කරයි. කුජ අයහපත් වීම නීති විරෝධී මැරවර ලක්ෂණ පෙන්වීමකි. ලේ වැගිරෙන සටන්, හදිසි අනතුරු ආදිය ජන්මියාට කුජ අයහපත් වීමෙන් අත්විඳීමට සලස්වයි.
හතේ කුජ සිතේ ඇතිවන ඉක්මන් තීරණ පමණක් අයහපත්ය. එය හවුල් කටයුතුවලට බාධාවකි. කුජ, රාහු සංයෝග හිමියෝ විවාහ දිවියේ බලයෙන් ආරෝපණය කරගත් කරදර නිසා පීඩාවට පත්වෙති. කුජ-සිකුරු අතිධාවන කාම යෝගයක් හෙයින් එවැනි කේන්දර සටහනකට කුජ-සිකුරු සංයෝග වූ කේන්දර සටහනක් මනාව ගැළපෙයි. කුජ-සිකුරුගේ රාශියක සිටීමත් කුජ-සිකුරු යෝග වීමත් කාන්තාවකට යහපත් නැත. සිය ආත්මගරුත්වය පිළිබඳ නොසැලකීම මෙයින් හැඟවෙයි. අසංවර ක්‍රියාවන් සහ නොගැළපෙන සබඳතාවන්ගෙන් පීඩාවට පත්වීම් මෙම යෝගයෙන් පෙන්වයි. කුජ-සඳු යෝගයද අනවශ්‍ය වියදම්, නොමනා බැඳීම් පෙන්වයි. පුරුෂයකු සුරාව, සූදුව, කූට උපක්‍රමශීලී ක්‍රියාකාරකම් මතුකරන්නේද මෙම යෝගය නිසාය.
දෙවැන්නේ කුජ පිහිටීම කිසිවකුට යහපත් නැත. වදන් භාවිතයේ රළු බව නිසා තමනට, පවුලට, නිවෙසට සමාජයට අයහපත වෙයි. අටවැන්නේ කුජ හදිසි අනතුරුවලට ඉඩකඩ සලසයි. දහවැන්න කුජගේ බලවත්ම ස්ථානයයි. එවන් කාන්තාව නිවෙසේ පාලිකාවයි. විවාහක කාන්තාවක නම් සහකරුගේ මව, දියණියන් ඇතුළු සියල්ලෝම ඇයට අවනතය. ඇගේ පාලනයට යටත්ය. පොළොවෙන් වස්තුව හිමිවීමට කුජ එකොළහ සමත්ය. එහෙත් කුජ ෙදාළොස්වැන්න කේන්දර සටහනකට අහිතකරය.
ජන්මියාගේ මිල මුදල් ඉතිරියක් නැත. විවාහාපේක්ෂිත තරුණ දියණියකට කුජ අටවැන්නේ යෙදීම විමසුමට ලක් කළ යුතුය. ස්ත්රීන්ගේ ගබ්සා වීමත්, දරුපල ගබ්සාවෙන් විනාශ කරගැනීමටත් සිත් යොමුවීම මෙහි අහිතකර ප්‍රතිඵලයන්ය. කුජගෙන් යෙදෙන මෙම වෛන්ධ්ය යෝගය දරුපල විනාශ වීම සහ වැන්දඹු වීමද පෙන්වයි. මකරයේ කුජ උච්චය. බලවත්ය. එවන් කාන්තාව කිසිවකුට යටත් නැත. අවනත නැත. කටකයේ කුජ නීචය. කුජ නීචවූ පුද්ගලයා ආවේගකාරී නැත. සියුම් බුද්ධිය උපක්‍රමශීලී ලෙස හසුරුවයි. සිතේ ඇති අදහස සඟවා තවත් අදහසක් ක්‍රියාත්මක කිරීමට දක්ෂයි. කුජ නීච වූ කාන්තාව ලෞකික දිවියේ දියුණුව නිසැකව අත්විඳියි.
කුජ නිවැරැදිව වටහා ගතහොත් වරදක් නැත. එවිට තම දුබලකම් අවබෝධ කරගෙන ජීවිතය යහපත් කරගත හැකිය. කේන්දර සටහනකින් දැකිය යුත්තේ අපලය නොවේ. මෙලොව ජීවිතයේ යහපතට මාර්ගය පමණකි.
Wmqgd .ekSu u