iranama
කියන පලාපල වරදින්නේ ඇයි
ජ්‍යෙතිෂවේදියෙකු වශයෙන් මා සතු අත්දැකීම් මත බොහෝදෙනා පවසන කථාවක් වන්නේ " මගේ කේන්ද්‍රය අනුව මේ කාලයේ මේ මේ දේවල් සිද්ධ වෙනවා කිව්වා. නමුත් කිසිවක් සිදු වුණේ නෑ." ආදී ගැටලු වේ. තමාගේ ජන්ම පත්‍රය අනුව කියන පලාඵල ඒ ආකාරයෙන් සිදු නොවන්නට හේතු කාරණා කීපයක් වේ.
ඔබට නිවැරදි කේන්ද්‍ර සටහනක් නොමැති වීම ප්‍රධාන කරුණක් වේ. එයට හේතු වන්නේ ඔබගේ නිවැරදි උපන් දිනය, උපන් වේලාව හා උපන් ස්ථානය අනුව නිවැරදිව කේන්ද්‍රය සකසා ගෙන නොමැති වීමයි.
සම්ප්‍රදායික ජ්‍යෙdතිෂය අනුව, තවත් එක් හේතුවක් වන්නේ කේන්ද්‍රයක ග්‍රහ පහිටීම් සූක්ෂම ලෙස පරීක්ෂණයට ලක් නොකිරීම වේ. එනම් ග්‍රහයන්ගේ බල දුබලතාවය, රාශියෙන්, හෝරාවෙන්, දේර්කාණයෙන්, නවාංශකයෙන්, ත්රිංෂාංශකයෙන්, නැකතෙන්, අවස්ථාවෙන්, (ශාසන, උපවෛශන ආදී) ග්‍රහයන්ගේ බලතත්ත්වය (බාල, කුමාර, තරුණ, ආදී) යන සියලු කරුණු පරීක්ෂා කළ යුතුවේ. මෙම සූක්ෂම ආකාරයට කේන්ද්‍රයක් පරීක්ෂා කිරීම සඳහා සැලකිය යුතු කාලයක් ගත වන අතර, ක්ෂණිකව කළ හැකි දෙයක් නොවේ. මීට අමතරව කේන්ද්‍ර හිමියාගේ මහ දශාව, අන්තර් දශාව, ඊට අදාල වන්නා වූ ග්‍රහයන්ගේ බල දුබලතාවය, කේන්ද්‍රයට අනුව ග්‍රහයන් සුබයන්ද, අසුමයන්ද යන්න නිවැරදිව පරීක්ෂා කර, එසේම ග්‍රහයන්ගේ ගෝචර ගමන පරීක්ෂා කර, අතීතයේ, වර්තමානයේ, අනාගතයේ කුමක් සිදු වීද? කුමක් සිදු වන්නේද? යන්න තෙවැනි ඇසක් ඇති ජ්‍යෙdතිෂවේදියෙකුට ප්‍රකාශ කළ හැක.
කටක ලග්න හිමියෙකුගේ ශනි 4 වැන්නේ, එනම් තුලාවේ පිහිටා තිබීම, පංචමහා පුරුෂ යෝගවලින් 1 ක් වන ශශ යෝගය උදාවෙයි. නමුත් ශනි අනෙකුත් වර්ග (ලිපියේ ඉහත සඳහන් කළ) වලින් දුර්වලනම් යෝගය නාම මාත්‍රයකට පමණක් සීමා වේ. තවද 22 වන දෙර්කාණාධිපති. 64 වන නවාංශකාධිපති, 6, 12, 8 අධිපති ආදී බොහෝ කරුණු සම්බන්ධ කරගෙන කේන්ද්‍ර හිමියෙකුගේ අශුභ ඵල ප්‍රකාශ කරයි. විශේෂයෙන් රෝග, මරණ, විපත් ආදිය වේ. නමුත් සෑම දෙර්කාණයකටම අයත් ශරීර අවයවයන්, රාශියකට (කාල පුරුෂයාට අදාලව) අයත් අවයවයන්, ග්‍රහයන්ට අදාලව ශරීර ඉන්ද්‍රියනුත්, ග්‍රහයන්ට අදාල ලෙඩ රෝගත්, ආදී කරුණු සම්බන්ධ කරගෙන, වෛද්‍යවරයකු රෝග විනිශ්චය කරන ආකාරයට, පල පුරුදු ජ්‍යෙdතිෂවේදියෙකුටද රෝග සම්බන්ධ අනාවැකි පලකල හැක. මෙය එක් උදාහරණයක් පමණි. ඒ ආකාරයෙන් අපගේ ජීවිතවලට බලපාන්න වූ සෑම අංශයක්ම පරීක්ෂා කළ හැක. අනාවැකියක් සත්‍ය වීමේ සම්භාවිතාවය දශම 5 කි. එනම් එය සිදු වන්නේද? නොවන්නේද යන්න වේ. නමුත් රෝගයක් නිවැරදිව ප්‍රකාශ කිරීමේ සම්භාවිතාව ඊට වඩා විශාල වශයෙන් කුඩා අගයක් ගනී. ( එනම් රෝග 50 ක් හෝ 100 ක් අතරින් 1 ක් ප්‍රකාශ කිරීම) මේ ආකාරයට නිවැරදි ආකාරයෙන්ම ග්‍රහයන්ගේ තත්ත්වයන් (බල දුබලතාවයන්) තීරණය කර අනාවැකි පැවසිය යුතු අතර, මේ සඳහා අත්දැකීම් විශාල වශයෙන් වැදගත් වන අතර, සෑම කේන්ද්රයන්ම දුටු පමණින්. අත්දැකීම් මුල්කර ගෙන. පලාඵල කීම නුවණට හුරු නැත. අප නොදන්නා ගමනක් යන විට, මාර්ගය සොයා ගැනීමට මාර්ග සිතියමක් යොදාගන්නා සේ, ජීවිත ගමන යැමේදී ඒ සඳහා ඔබගේ කේන්ද්‍රය යොදාගත හැක.
කොණ්ඩඤ්ඤ තාපසයා, සිදුහත් කුමරු නියත වශයෙන් බුදුවන බව උපන් වේලාව හා දේහ ලක්ෂණ අනුව ප්‍රකාශ කළ අතර අනෙකුත් බමුණන් 108 දෙනා පැවසුවේ සක්විති රජ හෝ බුදුවන බවයි. නමුත් සිද්ධාර්යන් බුදු වී, (බුද්ධ උප්පත්තියෙන් පසු) කොණ්ඩඤ්ඤ තාපසයා වෙත පැමිණි විට, මුලින් උන්වහන්සේ බුදු වූ බව පිලිනොගත්තේය. මෙහිදී කොණ්ඩඤ්ඤට තමන්ගේ ශාස්ත්‍රය කොතෙක් දුරට විශ්වාස ද යන්න පාඨක ඔබට භාර කරන අතර, කාල පුරුෂයාට එනම්, කාලයාට යටත් වන්නා වූ සියලු දෙනාට ජ්‍යෙdතිෂය තුළින් ප්‍රතිඵල ලබාගත හැක.
ජ්‍යෙතිෂවේදී - ගොඨාභය මුදලිගේ
Wmqgd .ekSu ,la�u mqj;a m; weiqfrks