iranama
කාන්තාවන් ධනවත් කරන ග්‍රහයෝග
අප සැම කෙනකුම ධනවත්වීමට පෙරම්පුරයි. සමහර කාන්තාවන් උපතින්ම කුඩා කල සිට ධනයෙන් යුක්තයි. ඉතා අමාරුවෙන් හම්බකරගෙන හෙදියක්, ලිපිකාරිනියක්, කම්කරු ලියක්, වෙළෙන්දියන් වී ධනවත් බවට පත්ව ඇත. දෑතේ වීරියෙන් හම්බකරගත් අයත් ඒ අතර වෙති.
කාන්තාවන්ට ධනය ගෙනදෙන ග්‍රහයින් අතරින් පුරසඳු පාපීන්ට මැදි නුවුන සිකුරු ගුරු ශනි යන ග්‍රහයෝ වෙති. රවි ද සමහර විටෙක ධනය ලබා දෙයි.
මේෂ
මේෂ ලග්නයෙන් උපන් කාන්තාවට සිකුරු ග්‍රහයා ධනය ලබාදෙයි. ධනය ලබාදෙන එකම ග්‍රහයා සිකුරුවන්නේ දෙවැන්න අධිපති බැවිනි. අස්විද නැකතින් ජනිතව බෙරණ නැකත ගත සඳු වේ. ලග්න කාන්තාවගේ දෙවැන්න ගතවීම හොඳ ධන යෝගයකි.
වෘෂභ
සිකුරු හිමි වෘෂභ ලග්න අයගේ බුධ ග්‍රහයා ධනය ලබාදෙන ග්රහයාවේ. බුධ දෙවැන්නේ රවි සමග නව කථිකත්වයෙන් ගායනයෙන් නීතිඥ වෘත්තියෙන් බොහෝ මුදල් එතරම් මහන්සි නොවී සොයයි. ජනතාව සල්ලි රුපියල් දහස් ගණන් ළඟට ගෙනත්දේ. සම්පත් නැකත ගත ධනස්ථානාධිපති ධනය ළඟා කරයි. ධනස්ථානාධිපති බුධ සම්පත් නැකතේ නම් එසේවේ.
මිථුන
ඔබගේ සඳු ග්‍රහයා ධනය ලබාගෙන දෙන ග්‍රහයා වේ. දෙවැන්න කටකය වී පුරසඳු දෙවැන්නවීම කුඩා කල සිට ධනය ලබයි. කිසිදු මහන්සියක් නැතුව කෝටි ගණන් මුදල් ලැබේ. ලොතරැයි වාසනා උදාවේ.
කටක
රවි ධනය දෙන්නේ කටක ලග්න කාරියටයි. රජයේ රැකියාවකින් අපහසුවකින් තොරව ධනය ලැබිමට භාග්‍ය උදාකරයි. විශ්‍රාම වැටුප් මැරෙනතුරු ලැබේ. ඉතා වාසනාවන්තියකි. ඇමැතිනියක්, ජනාධිපතිනියක් වීමට භාග්‍ය උදාවේ.
සිංහ
බුධ ග්‍රහයා ඔබව ධනයෙන් පොහොසත් කරයි. කුඩා බුධ ඔබව ධනයෙන් ලොකු කෙනකු කරවයි. පොහොසත්වේ. ලිපිකාර වෘත්තියෙන් ඔබව ධනවන්තියකු කරයි. බුධ හොඳ මිතුරියකි.
කන්‍ය
සිකුරු ග්‍රහයා සම්පත් නැකත් ගතව දෙවැන්නේ වූ විට ඔබව විශාල ව්‍යාපාර හිමිකාරිනියක් කරයි. ධනය ලබා දෙයි. යාන වාහන මන්දිර ලබාදෙයි.
තුලා
තුලා නම් ඔබට කුජ ධනය හම්බුකර ඔබේ ධනය අතින් ඉහළ තලයකට ඔසවා තබයි. කුජ ඔබගේ ධන හිතවතා වේ.
වෘශ්චික
ගුරු ග්‍රහයා ඔබට ධනය සපයයි. ගුරු හොඳ නීතිඥ ලිපිකාර වෘත්තීන්ගෙන් ඔබට ඉතා පහසුවෙන් ධනය උපයා ගැනීමට මගපාදයි. දෙවැනිගත ගුරු සම්පත් මෛත්‍රී නැකත් නම් ධනය ලබාදෙන අතර විපත් නැකත ඔබත් සමග ධනයත් විනාශ කරයි. මෙය හැම ලග්නයකටම පොදු බව හිතන්න.
ධනු
සෙනසුරා ඔබට ධනය උපයාදෙන ඔබේ හොඳම මිතුරාවේ. පරම්පරා ගණනාවකට ධනය සපයයි. ඒ ධනය විනාශ කරන්නේ නැත. සුරක්ෂිත කර මතුපරපුරටත් තිළිණ කරයි. ඔබ නැකත් ධනය විනාශ නොවී සුරක්ෂිත කරයි.
මකර
ලග්නාධිපති ධනස්ථානයක් පවතින්නේ මකර ලග්න හිමි කාන්තාවට පමණයි. ධනය ලබාදෙයි, කාර්මික ශිල්පි ක්‍රමවලින් පැලෑන් ඇඳීමෙන් ධනය උපයයි. ගුවන් සේවිකාවන්ද මේ අතර වෙති. ගිලන් රෝහල් සේවයෙන් ධනය උපයයි.
කුම්භ
ගුරු ග්‍රහයා ධනස්ථානාධිපති ගුරු වෘත්තියෙන් ධනය උපයා ගැනීමට හැකිවේ. උපයන ධනය ධාර්මිකව උපයයි. එම ධනය පන්සල්, පාසල්, විහාර වර්ධනයට යොදවයි.
මීන
රාශි 12 අන්තිම රාශියට කුජ ග්‍රහයා ධනස්ථානාධිපතිවේ. මෙම ධනස්ථානාධිපති යුද හමුදා සේවයෙන් කාන්තා ඔබට ධනය උපයා දෙයි. එම ධනය අසරණයින්ට හා ආබාධිත අයට උපකාර කරයි.
Wmqgd .ekSu