iranama
කාටවත් බය නැතිව ජීවත්වන්න මෙන්න මේ පිරිත් කියන්න
නිවැරදි ක්‍රමය මෙන්න...
උතුම් රජ දරුවන්ට පමණක් සීමා වූ කූටාගාර ශාලාවේ පැවති ශ්‍රී විභූතිය අතුරුදන්ව ඇති සේය. දහවල වුව පැවතියේ අඳුරකි. රජතුමා හෝ ඇමැතිවරුන්ගේ පවා තේජස පහව ගොස් තිබිණ. රැස්ව සිටි ඇමැතිවරු කිහිපදෙනෙකු ද සිටියේ රෝගීවය. එක්වරම හමා ආ වියළි සුළ`ග, කුණු වූ මළ මිනී වලින් නිකුත් වුණු දුර්ගන්ධය හාත්පස පැතිරවූයෙන්, සියල්ලෝම පිළිකුලින් නැහැය වසාගත්හ.
"දැං මළකුණු හැමතැනම"
"හු`ගක් ගෙවල්වල කන්ඩ හාල් ඇටයක්වත් නෑ"
"මාස ගණන් ඉඩෝරේ, ගංගාවත් හි`ඳීගෙන එනවා."
"නාකි අපි නං මොකද? කිරි සප්පයොත් මැරෙනවා."
"මෙහෙම ලෙඩක් කවදාවත් දැකලා නෑ....... දේව කෝපයක්"
මෙවැනි වදන් පිටකළ බොහෝ අය එසේ කීවේ රජතුමා දෙස බලාගෙනය. මේ වූ කලී සත්දහස් සත්සිය හතක් වූ රජදරුවන්ගෙන් සමන්විත විසාලාවයි. පුරෝහිත කතාකළේ ප්රවේශමින් බව පෙනුණි.
"සමාවෙන්න රජතුමනි, මහජනයා කියන්නේ මේ වගේ විනාශයක් වෙන්නේ රජවරු අධාර්මික හින්ද කියලා."
රජතුමා මඳක් කල්පනා කර,
"මම අධාර්මික නම් කෙළින්ම චෝදනා කළ හැකියි" කීවේය.
සභාව නිහ`ඩ විය. රජුගේ වරදක් කාගේවත් මතකයට ආවේ නැත.
"එසේ නම් මේ විනාශයෙන් අපවත් ජනතාවත් ගලවා ගතහැක්කේa කාටද?" රජතුමා ප්‍රශ්න කළේය.
"පූර්ණ කාශ්‍යප තුමාට කියමු ද?"
"මං හිතන්නේ මක්ඛලී ගෝසාල තුමා"
නෑ-නෑ- අජිත් කේශකම්බල මහා බලවත් උතුමෙක්"
"පකුධ කච්චායන"
"පරම අහිංසාවාදී උත්තමයා - නිගණ්ඨනාථපුත්ත"
තම තමා උතුම් යෑයි පිළිගත් ශාස්තෘවරුන්ගේ නම් අනුගාමිකයන් විසින් කියෑවිණි. එහෙත් එක`ගත්වයක් නැත. මේ හයදෙනාම සර්වඥ යෑයි තමාම කියාගත් අය වූහ.
නිහ`ඩව සිටි ලිච්ඡවී රජ කුමරෙකු මෙසේ කීවේය.
"ඔය හැමෝම බුදුවරු කීවාට එහෙම නොවන වග දැං කාටත් තේරිලා. සැබෑ සම්මා සම්බුදු රජුන් ලොව පහළ වෙලා. උන්වහන්සේ මහා Rද්ධි බලසම්පන්නයි. භාග්‍යවන්තයි. උන්වහන්සේ වැඩම කරවමු. උන්වහන්සේ රජගහනුවර බිම්බිසාර රජතුමා හදපු ආරාමෙක වැඩ ඉන්නවා"
"සම්මා සම්බුදු" යන වචන ඇසෙත්ම සැමට සුවයක් දැනුණා සේය. සියල්ලෝම ඊට අවනත විය. ලිච්ඡවී රජවරු දෙදෙනෙකු පිරිසක් ද සමග බුදුන් වහන්සේට ආරාධනා කරන්නට පිටව ගියහ. උන්වහන්සේ විශාලා නුවරට වඩින්නේ ඒ අනුවය.
දුර්භික්ෂයෙන් ද රෝග පීඩාවලින් ද, පමණක් නොව හාත්පස පැතිරුණු අමනුෂ්‍ය බයින් ද හෙම්බත්ව සිටි ජනයා විසූ ලිච්ඡවි රාජධානියේ දොරටුව අභියස ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදය ස්පර්ශ වෙත්ම මහ වැසි වලාවන් වලින් පිරුණු අහසින් වැසි වැටෙන්නට විය. ළිං, පොකුණු , වැව් ගංගා පිරී ඉතිරි ගියේය. සියලු මළකුණු සේදී ගියේය. පන්සීයක් භික්ෂු සංඝයා සමග බුදුරදුන් වැඩියේ සුපිරිසිදු වු විසාලා පුරවරයටය. සම්‍යදෘෂ්ටික මහේශාක්‍ය දෙවියෝ වැඩියහ. අමනුෂ්‍යයෝ ඉවත් විය. අඳුර පහව ගියේය.
බුදු හිමියෝ මහානුභාව සම්පන්න රතන සූත්‍රය ආනන්ද හිමියන්ට උගන්වා නුවරට ඇතුළුවන දොරටුවේ සිටම පිරිත් කියමින් පැන් ඉසින්නැයි වදාළහ. ආනන්ද හිමියෝ බුදුන් වහන්සේ දන් වළඳන ශෛලමය පාත්‍රයට පැන් ගෙන රතන සූත්‍රය කියමින් නගරය පුරා පැන් ඉස්සේ ලිච්ඡවී රජවරු ද සමඟිනි. පසුව නගරය මැද කූඨාගාර ශාලාවේ වැඩ සිටිමින් බුදුරජාණන් වහන්සේ දින හතක්ම රතන සූත්‍රය ස-Cධායනා කළ සේක.
රතන සූත්‍ර දේශනාව අසා දිනකට අසූහතරදහසක සත්ත්වයෝ නිවන් අවබෝධ කළහ. හිරු එළිය වැටෙන දුර දක්වා පවතින ලෝක සහිත අවකාශය සක්වල නම් එවැනි කෝටි ලක්ෂයක් සක්වල පුරා රතන සූත්‍රයේ තේජස පැතිර ගියේය. මේ බව "ඉමස්මිං ගාථාය ආනා කෝටි සතසහස්ස චක්කවාලේසු අමනුස්සාපි පටිග්ගහිතං" යන පාඨයෙන් තහවුරු වේ.
විශාලා මහනුවරට ශාන්තිය උදාවිය. මේ බව කටින් කට පැතිර ගියේය. බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් සර්ව උපද්‍රවයෝ ධූරීභූත කළ හැකි බව සක්සුදක් සේ ඔප්පු විය.
වසර 2550 ට පෙර දේශිත රතන සූත්‍රය ඇතුළු පිරිත් දේශනාව අද දක්වා නොවරදවාම බෞද්ධ ශාන්තිකර්මයක් ලෙස ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව අවිවාදයෙන් පිළිගනිති.
කෙටියෙන් සඳහන් කළොත් සිංහල ජාතියේ ආරම්භය ලෙස සැලකෙන විජය කුමරු ඇතුළු පිරිස දිවයිනට ගොඩ බසින විටම ශක්‍ර දෙවියන් පිරිත් නූල් බැඳ ආරක්ෂාව සලසන ලද බව ද,
දීඝවාපී චෛත්‍යයේ සුණු පිරියම් කරමින් සිට පය ලිස්සා ඇදවැටුණු භික්ෂුනමක් ධජග්ග සූත්‍රය සිහිකිරීමේන් බේරුණු බව ද,
යුද්ධයෙන් පීඩාවට පත්ව සති හතරක් නිදි නොලැබූ දුටුගැමුණු රජතුමා තුන්යම් රාත්‍රියක් පිරිත් ශ්‍රවණය කිරීමෙන් නිදි ලබා සුවපත් වූ බව ද,
බුද්ධදාස රජුගේ පුත් උපතිස්ස රජු කල රටේ ඇතිවු දුර්භික්ෂ සමයේ රතන සූත්‍ර දේශනාවෙන් එය නිමවූ බව ද, එය අනුගමනය කළ හතරවැනි අග්බෝ රජු දෙවැනි සේන රජු හා පස්වැනි කාශ්‍යප රජු ද පිරිත් ස-Cධායනා කරවා රටවැසියන් සුවපත් කළ බවද,
වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ ඇස් රෝගයකට මහනුවර පෝයමළු විහාරයේ සර්වරාත්‍රික පිරිත් දේශනාවක් කර සුවපත් වූ බවද වංශ කතා ඇතුළු ඉතිහාස ග්රන්ථ වලින් සනාථ වන්නේය.
මෙකල ද බෞද්ධ නිවසක මුල්ගල් තැබීම්, ගෙවැදීම්, ගොඩනැඟිලි විවෘත කිරීම්, පිං පැමිණවීම්, තනතුරු භාරගැනීම්, මංගල පෝරු චාරිත්‍ර කිරීම්, සුබ ගමන් පිටත්වීම්, ව්‍යාපාර ආරම්භ කිරීම් ආදි සකල විධ වැදගත් අවස්ථා වලදී පිරිත් ශාන්තිය ලබාගනිති.
බුදු රජුන් වැඩ සිටි සමයේ ද රෝගී වූ මහා කාශ්‍යප හිමි මොග්ගල්ලාන හිමි ආදීන් පිරිත් බලයෙන් සුවය ලැබූ බව ද ගර්භනී මාතාවක් අංගුලිමාල පිරිත මගින් සුවපත් වූ බව ද දනිමු. කෙටි කලකින් මරණයට නියම වූ දීඝායු නම් කුමරු පිරිත් කීම නිසා වසර 120 ක් දක්වා දීර්ඝායුෂ ලද බව ධම්ම පදට්ඨ කතාවල සඳහන් වේ.
මෙවැනි මහානුභාව සම්පන්න පිරිතේ පසුබිම ගැන ද සොයා බැලීම උචිතය. බුදුරජාණන් වහන්සේ විසින් පිරිත් ධර්මය දේශනා කරන ලද්දේ ආගම් රාශියක් අදහන විවිධ ජනකොටස් බහුල ඉන්දීය සමාජය තුළය.
ආගම් බිහිවීමට හේතුව මනුෂ්‍යයා උපතින්ම ගෙනා බිය නිසා ඇතිකරගත් විවිධ අභිචාර විධි අනුව බව මහාචාර්ය ප්‍රෙසර් නම් විද්‍යාඥයා කියයි. මෙවැනි අභිචාර විධි උවමනා වූයේ මිනිසා තුළ පවතින අරමුණු සාර්ථක කරගැනීම පිණිසයි. පලදායක, ආරක්ෂාදායක හා විනාශදායක යනුවෙන් මෙම අභිචාර විධි කොටස් තුනක් ලෙස සෑම ආගමකම දක්නට ලැබේ. එනම් කැමති දේ ලබාගැනීම, ශාරීරික ආරක්ෂාව හා සතුරන් විනාශ කිරීම වේ.
මේවා කොතෙක් වර්ධනය වීද යත් එකල ඉන්දියාවේ යාග බහුල විය. අශ්වමේධ යාගය, පුරිසමේධ යාගය ආදි යාග හෝම වෙනුවෙන් එළුවන්, කුකුළන් වැනි අහිංසක සතුන් දහස් ගණනක් බිලි දෙන ලදී.
අහිංසාවම මුල්කොටගත් බුද්ධ ධර්මය තුළින් සත්ව හිංසාවෙන් සාර්ථකත්වයක් ලැබීම ප්‍රතික්ෂේප වූ අතර ඵලදායක හා ආරක්ෂාව පතා පිරිත භාවිත කරන්නට බෞද්ධයෝ පුරුදු වූහ.
පිරිත් යනු සිංහල වචනයයි. එහි පාලි වචනය zපරිත්තZ වන අතර සංස්කෘත භාෂාවෙන් zපරිත්‍රාණZ යෑයි කියනු ලැබේ. කෙසේ නමුත් සර්ව රාත්‍රික පරිත්‍රාණ දේශනය හෙවත් රාත්‍රියක් මුළුල්ලේ පිරිත් කීම ආරම්භ වූයේ දඹදෙනි යුගයේ බවට පිළිගැනීමක් තිබේ. මහනුවර යුගයේ හින්දු බිසෝවරුන් සමග රජවරුන්ගේ විවාහ සිදුවීමත් සම`ග හින්දු චාරිත්‍ර විධි පිරිතට බලපෑ බවත් පිරිත් මණ්ඩපය තුළ නා දලු, බුලත් ද`ඩු, ලදපස්මල් ආදිය භාවිත කිරීම ආරම්භ වූයේ මහනුවර යුගයේ බවත් විශ්වාස කරනු ලැබේ.
පිරිත් සූත්‍ර ත්‍රිපිටකයෙන් තෝරාගෙන ඇති අතර ඒ අනුව පිරුවානා පොත් වහන්සේ සම්පාදනය කර තිබේ. එය බණවර සතරකින් සෑදී ඇත. ඒ මෙසේය.
අකුරු අටක් පදයකි. පද හතරක් ගාථාවකි. එනම් ගාථාවකට අකුරු තිස් දෙකකි. ගාථා දෙසිය පණහක් බණවරකි. ඒ නිසා බණවරකට අකුරු අටදහසකි. මේ අනුව පිරිත් පොතේ බණවර හතරටම අකුරු තිස් දෙදහසකි.
පසුකලෙක විවිධ අභිචාර විධි සම`ග ත්‍රිපිටකයට අයත් නැති පිරිත් ද එකතු වි තිබේ. ජලනන්දන පිරිත, අටවිසි පිරිත, ඇනවුම් පිරිත, ගිනි පිරිත ආදිය එවැනි පිරිත් වේ.
මෙසේ වූ පිරිතට අභියෝග එල්ල වූ අවස්ථාද තිබේ. ක්‍රිස්තු වර්ෂ දෙවැනි සියවසේ ඇති වු මිළිඳු නම් වන රජතුමා හා නාගසේන රහතන්වහන්සේ අතර ඇති වූ වාදය එයින් ප්රකටය. මෙම වාදයේදී මිළිඳු රජු මෙසේ ප්‍රශ්න කළේය.
"න අන්තලික්ෙ€න සමුද්ද ම-ෙ-.... යන ගාථාව අනුව සත්වයෙකුට මරණින් මිදිය හැකි භූමි ප්‍රදේශයක් ලෝකයේ නැත. අහසේත් නැත. මුහුදේත් නැත. පර්වත විවරයකත් නැත. මරණයෙන් ගැලවිය නොහැක"
එසේ නම් රතන සූත්‍රය ආදි පිරිත් වලින් ඇති ප්‍රයෝජන කුමක් ද?"
මෙම ප්‍රශ්නයට නාගසේන හිමියෝ මෙසේ පිළිතුරු දුන්හ.
මහරජතුමනි, පිරිත ඵල සහිත වන්නේ තවදුරටත් ජීවත්වීමට ආයුෂ ඇති අයටයි. ආයුෂ නිම වූ විට එය දීර්ඝ කර ගත හැකි ක්‍රමයක් නැත"
කරුණු මෙසේ හෙයින් වතුර නොමැතිව මළානිකව ඇති ගසකට දිය වක්කිරීමෙන් පණ ලබා වැඩෙන්නාක් මෙන් පිරිත මගින් ජීවියා සුවපත් වනු ඇත. එහෙත් ආයුෂ ගෙවි ඇති කෙනෙකුට එය නිෂ්ඵලය. මැරී ගිය ගසකට ජලය වක්කරන්නාක් මෙනි.
පිරිත සෑම දෙනාටම එකසේ පිහිට වන්නේ ද? යන ප්රශ්නය ද මෙහිදි මිළිඳු රජු විසින් විමසා ඇත. මෙහිදි පිරිතෙන් පිහිට නොලබන අය ගැන ද නාගසේන හිමියන් ප්‍රකාශ කරන ලදී. මේ අතරින් පහත සඳහන් කරුණු තුන පිරිතෙන් පිහිට වළක්වනු ඇත.
1. කර්මාවරණ - අකුශල කර්ම බලවත් වීම.
2. ක්ලේශාවරනණ- රාගය වැනි පවිටු සිතිවිලි වලින් ආතුර වීම.
3. නොඇදහීම - පිරිත ගැන විශ්වාසයක් නැතිවීම.
පිරිත් මගින් පිහිsට ලැබෙන්නේ කෙසේදැයි විමසා බැලීම ද උචිතය. පිරිත් යනු හුදු ශබ්දය මගින්ම සිදුවන ප්‍රතිකාරයක් නොවේ. එහි ශබ්ද වල බලයක් ද නැතිවා නොවේ. එහෙත් මධුර ගීත ස්වරයෙන් පිරිත් කීම බුදුන් වහන්සේ අනුමත කර නැත.
"මහණෙනි, ආයත ගීත ස්වරයෙන් ධර්මය නොදෙසිය යුතුය" යෑයි අවවාද කරන උන්වහන්සේ
මහණෙනි සසුනෙහි ගායනය නම් අ`ඩාවැටීමකියි වදාළහ.
(චුල්ල වග්ග පාළි)
රාග නිශ්රිත රාවයෙන් තොරව ශ්‍රද්ධාව ඇති වන අයුරින් ධර්මය දේශනා කරන්නැයි වදාළහ.
ස-රි-ග-ම-ප-ධ-නි යන සංගීත ශාස්ත්රයේ වන සප්ත ස්වර වලින් පිරිත් ප්‍රස්ථාර කළ හැකි නොවේ. ඒ සඳහා යෙදෙන්නේ ස රි ග ම ප යන ස්වර පහ පමණි.
මීළ`ග වැදගත්ම කරුණ වන්නේ ශබ්ද රසයෙන් බොහෝ දුර ගිය ගැඹුරු අර්ථ පිරිත්වල ඇති බවය. මේ අනුව මංගල සූත්‍රය දියුණුවට අදාළ කරුණු 38 නොව ජීවිතයේ මුල සිට නිවන දක්වා ගමන් කරන මාර්ගය පෙන්වන්නකි. රතන සූත්‍රය තුනුරුවන්ගේ ගුණ කියමින් කරන සත්‍ය ක්‍රියාවකි. කරණීය මෙත්ත සූත්‍රය, මෛත්‍රිය භාවනාව සැබෑ ලෙසම කරන ආකාරය උගන්වයි. මෙම සූත්‍ර දේශනා බුදු හිමියන් දේශනා කරන විට දහස් ගණන් සත්ත්වයෝ නිවන් අවබෝධ කළේ එබැවිනි. ආටානාටිය සූත්‍රය ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ ආරක්ෂාව පතා ඉගෙනීම පිණිස සතරවරම් දෙවියන්ට අයත් වෛශ්‍රවණ දෙවියන් විසින් ප්රකාශිතය.
මේ අනුව පිරිත්වල පිහිට ලැබීම උදෙසා අකුරු ශබ්ද නිවැරදිව කීමට මෙන්ම ඒවායේ අර්ථ මැනවින් අවබෝධ කරගැනීමත් පැළිපැදීමත් අවශ්‍ය වේ. සූත්‍ර යනු වෛද්‍යවරුන්ගේ විවිධ රෝගවලට දෙන බෙහෙත් වට්ටෝරු මෙනි. ඒවා කියව කියවා සිටීම ම ප්‍රමාණවත් නොවේ. රෝග සමනය වන්නේ වට්ටෝරුවලට අදාළ බෙහෙත් පාවිච්චි කළොත් පමණි. ධර්මය ද එසේය. කියවීම, ඉගෙනීම, මතකතබාගැනීම වන්දනා කිරීම ප්‍රමාණවත් නොවේ. පිළිපැදීම ද අත්‍යවශ්‍ය වේ. (සුනාථ, ධාරේථ, චරාථ ධම්මේ)
පිරිත් ධර්මය
තිස් පැයේ පිරිත, සති පිරිත, ආදි වශයෙන් කියවනු ලැබේ. තුන් යම් රාත්‍රියක් මුළුල්ලේ පිරිත් කියවන විට ඒ සඳහා චාරිත්‍රානුකූලව පිරිත් මණ්ඩපයක් සෑදිය යුතුය. මෙම පිරිත් මණ්ඩපයේ දොරටුව උතුරට හෝ නැගෙනහිරටය. දොරටුව නැගෙනහිරට නම් ඊට දකුණෙන් ද උතුරට දොර නම් ඊසානයේ ද ධාතු කර`ඩුව තැන්පත් කරන ආසනය විය යුතුය. පිරිත් පැන් කළය, පිරිත් නූල් ආදිය තබා විළඳ හා ලදපස්මල් විසිරුවනු ලැබේ. වියන නා දලු, බුලත් දලු, පුවක්මල් කිනිති වලින් සැරසේ. අටකොන පුන්කළස් තබා පහන් දැල්වේ. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සධාතුක කර`ඩුව ද, ධර්මරත්නය වෙනුවෙන් පිරුවානා පොත් වහන්සේ ද සංඝ රත්නය වෙනුවෙන් සම්මුතිs සංඝයා ද වැඩමවූQ විට පිරිත් පිංකමට අදාළ පූජනීය ස්ථානය සැකසේ. දෙවියන් වෙනුවෙන් මිදුලේ මල්පැල සකසා සතරවරම් දෙවියන්ට පහන් හතරක් ද, ගම්බාර දෙවියන් වෙනුවෙන් පහනක් ද දල්වා මණ්ඩපය තුළ අවට හා මල්පැල සුවඳ දුම් දෙයි. කාලානුරූපීව හේවිසි හා ශබ්ද පූජා පැවැත්වේ.
සර්ව රාත්‍රික පිරිත් පිංකම මෙසේ වුව ද මෙකල බෞද්ධයන්ගේ බොහෝ උත්සව අවස්ථාවල zතුන්වරු පිරිතZ කියවනු ලැබේ. උදේ සවස හා පසුදා උදේ තුන්වරක් ප්‍රධාන පිරිත් සූත්‍ර කීම මෙහි චාරිත්‍රය වන නමුත් මෙකල සවස හෝ රාත්‍රියේ පැය දෙක තුනක් එක දිගටම පිරිත් ස-ජායනා කිරීම දක්නට ලැබේ.
මෙහිදි පිරිත් මණ්ඩපය සෑදීම අත්‍යවශ්‍ය නොවේ. එහෙත් නිවස පිරිසිදුකර මැද සාලය වැනි ස්ථානයක පිරිත් කියන ස්වාමීන් වහන්සේලාට ආසන පනවනු ලැබේ. බුද්ධ ප්‍රතිමාව මල් පහන් සුවඳ දුම්, ගිලන්පස හා පිරිත් පැන් කලය හා පිරිත් නූල් මේ සඳහා භාවිත කෙරේ. පළමුව බුද්ධ වන්දනා කර පිරිත් ස-Cධායනය නිම වූ විට පිරිත් නූල් බැඳීම හා පිරිත් පැන් බෙදා දීම සිදුකෙරේ. නිවසේ පිරිත් පැන් ඉසීම ද චාරිත්රයකි. කාර්ය බහුල ලෝකයට වරු පිරිත වටනේය. මේ සඳහා ද මිදුලේ මල්පැල සෑදීම චාරිත්රයකි.
පිරිත සඳහා නිවැසියන් විසින් කරන ආරාධනා ගාථාව මගින් පිරිත යනු කුමක්දැයි වටහාගත හැකි වේ.
විපත්ති පටි බාහාය - සබ්බ සම්පත්ති සිද්ධියා
සබ්බ දුක්ඛ විනාසාය - පරිත්තං බ්‍රෑත මංගලම්
විපත් දුරුවීම පිණිස, සර්වාර්ථ සිද්ධිය පිණිස සියලු දුක් නැතිකිරීම පිණිස පිරිත් දේශනා කරනු මැනවි යෑයි එහි කියෑවේ. මෙහි තුන්වැනි පදයේ දුක්ඛ යන්නට රෝග හා භය යන වචන යොදා ඊළ`ග ගාථා දෙක කියනු ලැබේ.
එමෙන්ම දේශකයාණන් වහන්සේලා විසින් දේශනයට ප්‍රථම දෙවියන්ට ආරාධනා කිරීම ද අවසානයේ දෙවියන්ට පින්දීම ද චාරිත්රයකි. පිරිත් සූත්‍ර වල දෙවියන් ගැන බොහෝ කරුණු ඇති බව ද මෙහිදී සැලකිය යුතුය. සංදේශ කාව්‍ය වලදී ද මේ පිළිබඳව මෙසේ සඳහන් වෙයි.
මහත් තෙදැති පුල්වන් සුරිඳු මුල් කොට
දිමුත් සමන් බොක්සල් සුරිඳු නෙක් කොට
සවත් සුරිඳු විබිසන ඈ සුරන් කොට
පිරිත් කියා පිං දී සිත සතුටු කොට
යක්ෂ භූතයන්ගෙන්, නැකැත්තරු වලින්, පාප ග්‍රහයන්ගෙන් සිදු වන දෝෂ නිවාරණය වේවායෑයි ද පිරිතේ සඳහන් වන්නේ මෙලෙසිනි.
නක්ඛත්ත යක්ඛ භූතානං - පාපග්ගහ නිවාරණා
පරිත්තස්සානුභාවේන - හන්තු තේසං උපද්දවේ
පිරිත් යන්නෙහි තේරුම හාත්පස ආරක්ෂාව යන්නයි. අපි ද ඒ උතුම් පිරිත් ධර්මයේ පිහිට කරගනිමු.
සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා.......·