iranama
කසාදයක් හරි නොයාම කේන්ද්‍රයෙන් කියන හැටි
තරුණ වියට පා තැබූ දරුවකු සිටින සෑම දෙමාපියෙකුගේම අභිලාෂය වනුයේ තම දියණියට හෝ පුතුට යහපත් සහකරුවෙකු හෝ සහකාරියක සරණ පාවාදීමයි. එහෙත් මෙහිදී ඇතැම් තරුණ කොටස් මේ සඳහා දක්වන උෙද්‍යාaගය අඩු බවක් පෙනේ. මෙය බොහෝ දෙමාපියන්ට ගැටලුවක් වී තිබේ. මෙවැනි අයගේ කේන්ද්‍ර පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ ඔවුන් උපතින්ම අවිවාහක යෝග ඇතිව උපත ලබා ඇති බවයි.
මේ නිසා මෙම අවිවාහක බව වෙනස් කිරීමටද නොහැක. එබඳු අයගේ කේන්ද්‍රවල ඔවුන් ස්වභාවධර්මයෙන් ලබාගත් ණය අවසන් වන බව දැක්වෙන යෝග පිහිටා ඇත. මෙවැනි යෝග පරිභ්‍රාජක යෝග ලෙස හැඳින්වේ.
තවත් කෙනකුගේ කේන්ද්‍රයක්, එවැනි පරිභ්‍රාජක යෝග යෙදී නොතිබුණත් විවාහය සිදු කිරීමේ බලය ඇති අඟහරු සහ සිකුරු යන ග්‍රහයන් නිරාශාව හා බැඳෙන ශනි, කේතු යන ග්‍රහයන් සමඟ සංයෝගවීම නිසා හෝ වෙනත් අයුරකින් සම්බන්ධ වීම නිසා විවාහය පිළිබඳ අවිනිශ්චිත පසුබිමක් නිර්මාණය කරයි.
මෙහිදී විවාහයට ශුභදායී දායකත්වයක් සිදුකරන සිකුරු හෝ සඳු වැනි ග්රහයෙකු පීඩාවට පත් වුවහොත් බොහෝ විට විවාහය ප්‍රමාද වීම හෝ ප්‍රතික්ෂේප වීම සිදු වේ. විවාහ කාරක සිකුරු 6 වැන්නේ වූ විටද විවාහයට බාධා ගෙනදේ. මේ නිසාද බොහෝ විට අවිවාහකව සිටීමට සිදු වේ.
ලෞකික ආශාවන්ට වැඩි නැඹුරුතාවයක් නොදක්වන ශනි, කේතු සහ ගුරු වැනි ග්‍රහයන් කම්සැප උද්දීපනය කරන විවාහ කාරක සිකුරුගේ බලය දුර්වල කරන අවස්ථාවක ජන්මියා විවාහය කෙරෙහි මන්දගාමී වීම නිරායාසයෙන්ම සිදුවේ. එමෙන්ම කුජ රාහු යන ග්‍රහයන් 7 වැන්නේ කාරකත්වයට පීඩාවක් එල්ල කරන අවස්ථාවේදී ද එබඳු බාධාවන් ඇතිවේ. මෙම පීඩනය තුළින් හත්වැන්නාධිපතිගේ හෝ ලග්නාධිපතිගේ බලය දුර්වල වුවහොත් විවාහයක් සිදුවීමේ ඉඩකඩ ඇහිරී යයි.
විවාහ කාරක සිකුරු විවාහයේ ඵලදායිත්වය හා බැඳෙන ගුරු, සඳු හා බුධ යන ග්‍රහයන් අශුභ භාවයක තැන්පත්වීම, පීඩාවීම, වක්‍රවීම, අස්තවීම, නීච භාවයට පත්වීම, අශුභව හත්වැන්නා වූ විවාහක ස්ථානය දැකීම ආදී කරුණු නිසා විවාහය ප්‍රමාදවීම හා ප්‍රතික්ෂේප වීම ඇති වේ.
විවාහ තීරණයේ දී සඳුගේ බලපෑමද ඉතා වැදගත් වේ. විශේෂයෙන් පුරුෂ කේන්ද්‍රයක සඳු ශනි හා සමඟ සම්බන්ධවීම එම තීරණ ප්‍රමාද කිරීමට හේතුවක් වේ. මෙසේ විවාහය ප්‍රමාද වීමට සමගාමීව ජන්මියා තුළ ඒ පිළිබඳව ඇති උනන්දුවද හීනවී යයි. ඇතැම් විට දෙමාපියන්ගේ අවශ්‍යතාවන්ට අනුව තීන්දු කරගන්නා විවාහ කටයුතු වෙනත් විශේෂ හේතුවක් නිසා අනපේක්ෂිත ලෙස වැළකී යැම තුළින් කල වයස ඉක්මගොස් විවාහ නොවී සිටිති.
තවත් සමහරෙක් ලිංගික බෙලහීනතාවයන් හෝ වෙනත් කායික දුර්වලතාවන් මතද විවාහය කෙරේ උනන්දුවක් නොදක්වති. මෙවැනි ග්‍රහ පිහිටීම්ද ජ්‍යෙdතිෂය තුළින් පෙන්වා දී ඇත. එවැනි ග්‍රහ පිහිටීම් පිළිබඳ වෙනම ලිපියකින් සාකච්ඡා කළ යුතු වේ.
යම් ජන්මියෙකුගේ සිකුරු හෝ චිත්ත කාරක සඳු හෝ බලවත් ලෙස පාපීන්ගෙන් පීඩාවී සිටියදී ශනි හෝ කේතුගෙන් සිකුරුගේ කාරකත්වයට දැඩි පීඩාවක් එල්ල වුවහොත් ජන්මියාගේ ලෞකික ආශාව නැතිවී නිරාශාවෙන් පෙළෙන විරාගී අයෙකු බවට පත්වේ. ලග්නාධිපති සහ 7 අධිපති කුජ හා ශනිගෙන් පීඩාවට පත්වී ඇති අවස්ථාවක මෝක්ෂ කාරක කේතු ග්‍රහයා චර ආත්ම කාරක ග්‍රහයා සමඟ ක්‍රියාත්මක වුවහොත් එම ජන්මියාද විවාහය ප්‍රතික්ෂේප කරයි.
මීට අමතරව නිසි වයසට විවාහ වීමට නොහැකි වී ඒ කෙරෙහි වූ අපේක්ෂාවන් බිඳ වැටුණු බොහෝa දෙනකුගේ කේන්ද්‍රවල අන් ග්‍රහයන්ට වඩා සෙනසුරුගේ පීඩනය ඒ කෙරෙහි ක්‍රියාත්මක වී ඇති බව පෙනී යයි. විවාහයක් සිදු කිරීමේ බලය සිකුරු හා කුජට අයත් වුවත්, ඒ සඳහා වූ අවකාශය සීමා කිරීම හෝ අහුරා තැබීම ශනිට අයත් වේ.
වස්තුව, ධනය, උගත්කම යනාදිය කොපමණ තිබුණත් විවාහ සම්පත අහිමි වීමද එක්තරා විදියක අවාසනාවකි. එවැනි විවාහ ජීවිතයකට ඇතුළත් විය නොහැකි යෝගද ජ්‍යෙdතිෂයේ පෙන්වා දී තිබේ. එවැනි යෝග කිහිපයක් පහත දැක්වේ.
* ලග්නාධිපති හා හත්වැන්නාධිපති සංයෝගව නැතහොත් වෙන වෙනම 6, 8, 12 යන රාශිවල හෝ 12 වැනි භාවයේ තැන්පත්වීම.
* අශුභ ග්‍රහයන් 12 වැන්නේ හෝ 7 වැන්නේ හෝ ලග්නය යන ස්ථානවල පිහිටා 5 වැන්නේ දුර්වල සඳු පිහිටීමද අවිවාහක විය හැක. විවාහ වුවත් දරුඵල අහිමිවීම පෙන්වයි.
* රවි, සඳු, කුජ, ගුරු හා සිකුරු 7 වැනි භාවයේ තැන්පත්වීම.
* සිකුරු ග්‍රහයාගේ පෝෂක ග්‍රහයා 6, 8, 12 යන භාවස්ථානවල තැන්පත් වීම.
* විවාහකස්ථානය එනම් 7 වැනි රාශිය දෙපැත්තෙහි 6 වැන්න සහ 8 වැන්නෙහි පාප ග්‍රහයන් සිටීම.
* හත්වැන්නාධිපතියා නීච වූ රවිට සංයෝග වී 8 වැන්නේa පාපයන් සමඟ සිටී නම් විවාහ ජීවිතයට ඇතුළත් නොවේ.
ජ්‍යෙdතිෂය නම්වූ මෙම උතුම් ශාස්ත්‍රය තුළින් මිනිසාගේ ජීවිතය පිළිබඳව අතීතය වර්තමානය හා අනාගතය යන කාරණා දැන ගැනීමට හැකියාව ලැබී ඇත. එසේ හෙයින් තමාගේ හෝ තම දරුවන්ගේ විවාහය පිළිබඳව පූර්ව අනාවැකියක් දක්ෂ ජ්‍යෙdතිර්වේදියෙකු මගින් ලබාගැනීම තුළින් දරුවන්ගේ ජීවිත ශුභ සිද්ධියද, තමාගේ සැනසීමද උදා කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
Wmqgd .ekSu