iranama
කරුමෙට හැදෙන ලෙඩ රෝග පිළිබද ග්‍රහ බලයෙන් බලාගන්න හැටි
මේ ශරීරය රෝගාබාධ උරුම කරගත් එකකි. විශේෂයෙන් සතර මහා ධාතුන් හෙවත් පඨවි - ආපෝ - තේජෝ - වායෝ යන මෙම විශ්aව මූලධර්මයන්ගෙන් සැදුන මේ ශරීරය බාහිර ලෝකය තුළ එම මූලධර්මයන්ගේ වෙනස්වීම මත අපේ ශරීරයේත් එකී මූල ධර්මයන්ගේ වෙනස් වීම ඇතිවී ලෙඩ රෝග ඇති වෙයි.
උදාහරණයක් ගතහොත් වර්ෂා කාලවල ස්වභාව ධර්මයේ ආපෝ ධාතුව හෙවත් ජලයේ වැඩි බවක් ඇති වෙයි. එසේ පරිසරය වෙනස් වීම අනුව අපේ ශරීරයේද ආපෝ ධාතුව වෙනස්වෙයි. ශරීරයේ ආපෝ ධාතුව වන්නේ සෙම් සොටු ලේ ආදියයි. වැඩි වශයෙන් අපට වැසි කාලවල සෙම් රෝග බහුලවන්නේ ඒ නිසාය. සෙම්ප්‍රතිශ්‍යාව- පීනස - ඇඳුම වැනි රෝග පීඩා ඇතිවෙයි.
මෙසේ විශ්වයේ විවිධ සෘතු නිසා අපගේ මෙම ශරීරයේ විවිධ අන්දමට රෝග පීඩා මතුවෙන අතර ඒවා වා - පිත්a- සෙම් වශයෙන් තෙවැදැරුම් වෙයි. මෙසේම කර්මජ රෝග වශයෙන් තව කොටසක් පවතී. අංශබාග- පිළිකා- දණහිස් අමාරු - බගන්දරා- අර්ශස්- දියවැඩියා- කොලෙස්ටරෝල් හෙවත් මේද- වාතාබාධ ආදී බොහෝ රෝග පවතී.
මේවා බුදු දහමේ දැක්වෙන පරිදි පෙර කරන ලද අකුසල කර්ම හේතුවෙන් හටගන්නා ආබාධයෝ වෙති.
රෝග පීඩා සඳහා සිතෙන් කරන ලද අකුසල් ලෙස අධික තන්හා ඉරිසියා වෛර ඇති වීමෙන් හෘද රෝග - පෙනහලු ආබාධ ආදියත්- වචන වලින් සිදුවූ අකුසල් වලට කොතෙක් වෙදකම් කළත් සුවයක් නැති වාතාබාධ- පිත්දොaෂ - චර්මරෝග ආදිය ගැන බුදු දහම දක්වයි. ක්‍රියාවෙන් කළ අකුසල් නිසා හදිසි අනතුරු - අංශභාග - පිළිකා ආදි රෝග පීඩා ගැන පැවසේ.
කර්මජ රෝග සම්බන්ධව ග්‍රහ කිරණවල බලපෑමක් තිබේ. ග්‍රහයෙක් යනු අපට කිරණ ශක්ති ලබා දෙන්නා වූ විශ්ව බලයකි. ශරීරය හා මනසේ හැඟීම් වලට මෙම කිරණ බලය සපයන්නේ තම තමන් තුළ පවතින කුසලා කුසල කර්මයන් අනුවය. ඕනෑම ග්රහයෙකු තම කේන්ද්‍රයේ පිහිටීමට අනුව ඔහුගෙන් සුබ පැමිණේද අසුබ පැමිණිම සිදුවේදැයි ජ්‍යෙdතිෂය තුළින් විමසා තෝරා බේරා ගත යුතුය.
නමුත් අටලෝ දහම සේම මිනිසාගේ කුසලා කුසල තත්ත්වයන්ද විටින් විට වෙනස්වෙයි. සුබ ග්රහයෙකුගේ සුබ දශාවක සුබඵල අත්විදින ගමන් දුක් කරදර රෝග පීඩාවෝද නොසිතු පරිදි ඇති කරයි. ඒ කුසලා කුසල වෙන්වීමය. මෙසේ බුදු දහම මෙවැනි කුසලා කුසල පිළිබඳව විස්තර ත්‍රිපිටක ධර්මයේ මෙන්ම ධම්ම පදය යන ධර්ම පුස්තකවල දක්වා තිබේ. ඒවා මැනවින් විශ්ලේෂණය කර ග්‍රහ බලය සමඟ ගලපා බැලීමෙන් ඖෂධයෙන් සුව නොවන රෝග පීඩාවෝa අඩුq කරගත හැකි මගද දැකිය හැක.
එක් කාන්තාවක් දණහිස් සම්බන්ධ ආබාධයකට ලක්ව කොතෙක් ප්‍රතිකාර කළත් එය සුව නොවුණි. ඇගේ ග්‍රහ බලය සේම කුසලා කුසල දෙක ගලපා බැලීමෙන් දැකගත හැකි වූයේ ඇය යම් භවයක උතුම් සිල්වතෙකුට පරුෂ වචන කියා බැන වැදුන පාපයක ප්‍රතිඵලයක් බවය.
ඇයට ඖෂධ ප්‍රතිකාරයට අමතරව එකී අකුසලය දුරු කිරීමේ මගකට අවතීර්ණ වීමට සිදුවන බවක් පෙනී ගියේය. එනිසා එම අකුසලය දුරු කිරීමට "සබ්බ පාපස්aස අකරණං- කුසලස්ස උපසම්පදා- සච්ත්ත පරියෝ දපනං යන බුද්ධ අවවාදය ක්‍රියාත්මක කිරීමට සිදුවූවාය. ඒ අනුව ආරණ්‍ය සෙනසුනකට ගොස් වතුර උණුකර දීම- අතුපතු ගා ශුද්ධ කිරීම- මල් නෙලා දීම වැනි ක්‍රියාවක දින 07 ක් නියෑලළී සිටිය යුතු බවය.
ඒ සෑම දිනකම සවස බෝ මලුවේ බුදුන් උදෙසා පහන් තබා මෛතිs්‍ර භාවනාවෙන් සිත පිරිසිදු කොට අද දින මා සිදු කළ ඒ කුසලානි සංසයෙන් මට රෝග ඇති කරන්නාවූ එකී අකුසල් දූරුවේවායි. සත්‍ය ක්‍රියා කළ යුතු විය. එය සතියක් පුරා කිරීමෙන් පසු ඇය එම රෝගයෙන් 80% පමණ සුවය ලැබුවාය. ඉතිරි කොටසත් දුරු කිරීමට එම පිළිවෙත ඇය තව දුරටත් කළ යුතු බව පෙනේ.
මෙසේ තුවාලයක් නිසා කකුලක් කපා දැමීමට නියම වූ එක් කාන්තාවකට බුදුන් ප්රමුඛ මහරහතන් වහන්සේලා උදෙසා සාංගීක දාන හතක් පිරිනමා තම අකුසලය දුරු කිරීමට සිදුවූවාය. දින 03 ක් දී අවසන් වනවිට ඇගේ කකුලේ තුවාලය සුවපත් විය. මෙසේ ඒ ඒ අයට බලපා ඇති අකුසල් විමසද්දී ඔවුන්ට ශක්තිය සපයන ග්‍රහයින් හා ඔවුන් තැම්පත් වුණ රාශි පිළිබඳ විමසිලිමත් විය යුතුය.
මෙම ග්‍රහයින් හා රාශි පිළිබඳ විමසිලිමත් වීමට පහත උදාහරණය බලන්න. මේෂ රාශියේ ගුරු ග්‍රහයා සිටිනවා යයි සිතමු. එවිට ඔහුගෙන් බෙල්ල - බඩවැල්- උගුර සම්බන්ධ විශේෂ බලයක් රෝග පීඩා සම්බන්ධව ලැබේ. දහමට අනුව බෙල්ල - උගුර සම්බන්ධයෙන් වචනයෙන් සිදුවුණ අකුසල් බලපායි. බඩවැල් සම්බන්ධව ක්‍රියාවෙන් සිදුවුණ අකුසල් බලපායි.
මෙසේ ගුරු මේෂ රාශියේ සිටි පමණින්ම එවන් රෝග ඇති නොවිය හැක. විශේෂයෙන් එය මැනවින්ම මේ රෝග තිබේ දැයි මෙසේ දත යුතුය. ගුරු මේෂයේ සිටියදී කේන්ද්‍රයේ දෙවැන්න හා දෙවැන්න අධිපතිද රවි සඳු දෙදෙනාගෙන් දෙවන භාවාධිපති දෙදෙනාද බෙල්ල සම්බන්ධ කාරක ග්‍රහයා වූ සිකුරුද පීඩා වී ඇත්නම් නිතැනින්ම ගුරු මහ දශාවේ එකී ග්රහයෙකුගේ අතුරු දශා කාලය තුළ බෙල්ල පිළිබඳව බරපතළ සෞඛ්‍ය ගැටලුවක් ඇති කරයි.
ගුරු මහ දශාවේ සිකුරු අතුරු දශාවයයි සිතමු. එවිට ඒ දශාව වැඩි වශයෙන් තම පුණ්‍ය බලය ක්‍රියාත්මක වන කාලයකි. සුබඵල ලැබේ. නමුත් ඒ සුබ අතරට අකුසලයද රිංගා බෙල්ල සම්බන්ධ ආබාධය ඇති කරයි. එය තමාගේ වචනයෙන් සිදුවූ අකුසලයකි. බුද්ධ න්‍යාය අනුව එම රෝගයේ හේතුව පාපයයි. එම හේතුව වූ පාපය පවතින තාක් එහි ඵලය වූ රෝගය පැමිණේ. එය ඖෂධ ප්‍රතිකාරයෙන් පමණක් මෙල්ල කළ නොහැක.
බොහෝ රෝග ඖෂධ වලින් සුව වීමයි. පසුව බොහෝ කලකින් නැවත ඇතිවේ.. තවත් රෝග ඖෂධ ප්‍රතිකාරයෙන් සඳහටම දුරුවේ. එසේ වන්නේ එකී අකුසලයේ මහත් බව හා අල්ප බව අනුවය.
ගුරු මේෂ රාශිගතව බඩවැල්වලට කාරක වූ බුධ ග්‍රහයාත් 06 වන භාවයත් එහි අධිපතියාත් පීඩා වී ඇත්නම් නිතැනින්ම ශෛල්‍ය කර්මයකට පවා භාවිත විය හැකි ලෙස බඩවැල් ආශ්රිත රෝග පීඩා ඇති කරයි. ගුරු මේෂ රාශියේ සිටින විට හෘදයට කාරක වූ රවි - සඳු දෙදෙනාද පීඩා වී ඇත්නම් කේන්ද්‍රයේ 04 වැන්න හා 04 අධිපති පීඩා වී තිබේ නම් ඔහුට ගුරු මහ දශාවේ රවි - සඳු- 04 අධිපතිගේ හෝ අතුරු දශාවේදී හෘද රෝග ඇරඹීම හෝ පවතින හෘද රෝග බලවත් වීම හෝ සිදුවේ.
මේ ඊර්ෂ්‍යා - වෛර- තරහ වැනි සිත් උපදවා කරන ලද යම් පාප ක්‍රියාවක ප්රතිඵලයකි. ඒ සඳහා මෛත්‍රි භාවනාව සේම එයට අදාළ පුණ්‍ය කර්ම හඳුනාගත යුතුය. බඩවැල් ආශ්‍රිතව ඇති වන්නේ ක්‍රියාවෙන් කළ අකුසල්ය. තියුණු ආයුධ වලින් කුසට ඇන හිංසා කිරීම - වස විෂ දීම ආදී අකුසල්ය.
ඒ ඒ රාශිවලදී ඒ ඒ ග්‍රහයාට අයත් ශාරීරික ස්ථාන පහත වගුව ඇසුරෙන් අවබෝධ කර ගන්න. එසේම ඒ ඒ ග්‍රහයින් කාරකත්වය දරන ශරීරයේ විවිධ ස්ථානද දක්වා තිබේ.