iranama
කතරගම දෙවියන්ට පූජා වට්ටියක් ඔබම සකසාගන්න
කතරගම ගොස් මැණික් නදියෙන් දිය නා පිරිසුදු වී වෙළෙඳ සලකින් පූජා වට්ටියක් මිලදීගෙන දේවාලයට ගොස් පූජා කළ පමණින් තමන්ගේ සියලුම අභිමතාර්ථයන් ඉටු වේ යැයි යමකු සිතනවා නම් ඒ සිතුවිල්ල ඒ තරම් සත්‍යයට සමීප නොවේ.
කතරගම ගොස් මැණික් නදියෙන් දිය නා පිරිසුදු වී වෙළෙඳ සලකින් පූජා වට්ටියක් මිලදීගෙන දේවාලයට ගොස් පූජා කළ පමණින් තමන්ගේ සියලුම අභිමතාර්ථයන් ඉටු වේ යැයි යමකු සිතනවා නම් ඒ සිතුවිල්ල ඒ තරම් සත්‍යයට සමීප නොවේ.
කුමන දෙවි කෙනකුට වුවද පූජාවක් පැවැත්වීමේදී එය පිළිවෙළකට, පිරිසුදුවට, ක්‍රමවත්ව, ගෞරවනීය ආකාරයකින් කළ යුතු යැයි අමුතුවෙන් කිවයුතු නැත. එහෙත් අවාසනාවකට මෙන් අද වෙළෙඳසල්වලින් අලෙවි කරනු ලබන බොහොමයක් පූජා වට්ටි ප්‍රමිතියකට නොතිබීම ගැන කිව යුතුව ඇත්තේද දෙවියන්ටම හැර වෙන කාටද? ඇතැම් දේවාලවලට යන විට නම් ඒ අසල වෙළෙඳසලකට ගොස් ඇණවුම් කළ විට පූජා වට්ටිය දේවාල බිමටම ගෙනැවිත් දෙන වැඩපිළිවෙළ පවා අද ක්‍රියාත්මක වෙමින් පවතී.
කිසිදු වැදගැම්මකට නැති කුණු වූ නරක් වූ පලතුරු ගොඩ ගසා දෙවියන්ට පුද පූජා තබනු දකින විටත් සිතට ඇතිවන්නේ මහත් දුකකි.
පූජාවක් කියූ සැණින් අපේ මතකයට එක්වරම එන්නේ පිරිසිදු ගෞරවනීය අයුරින් ලබාදෙන දෙයක් නොවේද? දෙවියන්ට අප පුද පූජා තබන්නේ යම් දෙයක් බලාපොරොත්තුවෙන් බව අමුතුවෙන් කිවයුතු නොවේ. එසේ නම් දෙවියන්ට තබන පුද පූජාවලද ඒ ගෞරවනීය තත්ත්වය නිසි අයුරින් තිබීම අනිවාර්ය කරුණකි. මේ පූජා ද්‍රව්‍ය හැකිතාක් දුරට නොඉඳුල්, නෑඹුල්, පිවිතුරු ඒවාම විය යුතුය. ඒත් මේවා දහ අතේ ණය තුරුස් වී කළ යුතු දේවල් නොවේ.
කතරගමට ගොස් හෝ වෙනත් දේවාලයකදී හෝ කතරගම දෙවියන් වෙනුවෙන් තබන පූජා වට්ටිය ඔබේ අතින්ම සකස් කරගැනීමට හැකි නම් එය මුදල්වලට ගැනීමට වඩා වටිනාකම අතින් මෙන්ම පාරිශුද්ධත්වය අතින්ද අගනා නොවන්නේද?
කතරගම දෙවියන්ගෙන් පිහිට යදින ඔබට ඉතා අගනා සිත්ගන්නා සුළු පූජා වට්ටියක් නිසියාකාර ලෙස සකස් කරගන්නා හැටි දැනගැනීම වැදගත් වනු ඇත. ඒ සඳහා අවශ්‍ය වන්නේ පහත සඳහන් ද්‍රව්‍යයන්ය.
අලුත් වට්ටියක්, බුලත් කොළ කීපයක්, මුඩ්ඩ සහිත පොල් ගෙඩියක්, තැඹිලි ගෙඩියක්, පිරිසිදු දිය බඳුනක්, මල් වර්ග කීපයක්, කැවිලි වර්ග කීපයක්, පලතුරු වර්ග කීපයක්, ලද පස් මල්, පස් තෙල්, පංචාමෘත, පානක, පස්ගෝරස, අත්සුණු, චතුමධුර, අග්ගලා, නව ධාන්‍ය, කපුරු, හඳුන්කූරු, පඬුරු, රතු මල් මාලාවක්, රතු රෙදි කඩක් වැනි දේවල් අංග සම්පූර්ණ පූජා වට්ටියක් සඳහා අවශ්‍ය වේ. තමන්ගේ ආර්ථික හා චිත්ත ශක්තිය මත මේවා හැකි අයුරින් අඩු වැඩියෙන් යොදා ගැනීම කාලෝචිතය. මෙම ද්‍රව්‍ය පිළියෙල කරගන්නේ මෙසේය.
දිය බඳුන - මේ සඳහා කස පැන් හෝ පිරිසිදුව පෙරා ගත් ළිං ජලය සුදුසුය.
මල් - කඳ සුරිඳුන් උදෙසා යොදා ගන්නා විශේෂ මල් වර්ග හයක් ඇත. බෙලි මල්, ඉද්ද මල්, සපු මල්, අරලිය මල්, රත් මල් හා කනේරු මල් යන ඒවාය. මීට අමතරව රතු නෙලුම් මල්, රුක් මල්, සේපාලිකා මල්, අසෝකා මල්, පිච්ච මල් ආදියද යෝග්‍ය වේ. (වැටකේ මල් පමණක් යොදා නොගැනේ)
කැවිලි - කැවුම්, කොකිස්, අතිරස, ආස්මී වැනි කැවිලි වර්ග කීපයක් නොඉඳුල් ද්‍රව්‍යයන් යොදා නිවසේදීම සකස් කරගැනීම වඩාත් සුදුසු වේ. (වෙළෙඳපොළෙන් මිලදී ගන්නා බිස්කට් හෝ කේක් වර්ග යොදා නොගන්න)
පලතුරු - බෙලි, අඹ, කෙසෙල්, ෙදාඩම්, මිදි, ජම්බු, වරකා, නාරං, නෙල්ලි, සැපතිල්ලා, පේර, කජු, ලාවුළු, දෙළුම් ආදී පලතුරු වර්ග ශාන්ති පූජා කර්ම සඳහා යොදා ගැනේ. අවලාද කිරීම්, වස් කවි වැනි දෙවියන්ගෙන් දඬුවම් අයැදින පූජා සඳහා ගස්ලබු ඉදුණු අළු කෙසෙල්, අන්නාසි, දිවුල්, රඹුටන් ආදී පලතුරු වර්ග සුදුසුය.
ලද පස් මල් - වී පොරි, සුන් සහල්, ඊ තණ, අබ හා සමන් පිච්ච මල් ඒ සඳහා ගැනේ.
පස් තෙල් - අබ තෙල්, තල තෙල්, කොහොඹ තෙල්, මී තෙල් හා ගිතෙල් මේ සඳහා යොදා ගැනේ. මේවා කුමන වර්ගයේ පූජාවකට වුවද යොදා ගත හැකි නමුදු ශාන්ති කර්ම නොවන අව පක්ෂයේ පූජාවන් වෙනුවෙන් යොදා ගත යුත්තේ කොහොඹ තෙල් පමණි.
පංචා මෘත - උක් සකුරු කොටස් හයක්, මී පැණි කොටස් පහක්, එළ කිරි කොටස් හතරක්, වියළි මිදි කොටස් තුනක් හා ගිතෙල් කොටස් දෙකක් බැගින් ගෙන පිරිසුදු භාජනයකට දමා එකට මුසු කොට එයට වැනිලා, කරදමුංගු, ඉඟුරු පියලි ආදී සුවඳ ද්‍රව්‍ය යොදා නොඉඳුල්ව සකසා ගන්න.
පානක- මුං ඇට හුණ්ඩු බාගයක් පමණ ගෙන ළිප තබා තම්බා ඉන් වතුර වීදුරුවක් පමණ පෙරාගෙන එයට හකුරු, මී පැණි, උක් පැණි, වියළි ඉඟුරු, සුදුදුරු ආදිය යොදා සකස් කරගත හැකි පානක වර්ගවලට දෙවිවරුන් ඉතා ප්‍රිය කරන බව සඳහන් වේ. (සාදා නිම වූ විට වීදුරුවක් තිබීම සෑහේ)
පස්ගෝරස- එළකිරි, මෝරු, ගිතෙල්, කේජු (චීස්) හා වෙඬරු (බටර්) යන වර්ග පස්ගෝ රස වේ.
අත්සුණු-වී පොරි ගෙන වංගෙඩියක දමා කොටා එයට මී පැණි මුසු කොට ගුළි වශයෙන් සාදාගත හැකිය.
චතුමධුර-ගිතෙල්, වෙඬරු, මී පැණි හා උක් සකුරු යන දෑ චතුමධුරට අයත් වේ.
මේ සියලු දේ පිරිසුදුවට ගෙන පිළිවෙළකට සකස් කරගත හැකි ඉඩකඩ ඇති වට්ටියක් මේ සඳහා යොදා ගන්න. දෙවියන්ගේ උරණ වීමක් නොමැත. දෙවියන්ගේ සැලකිල්ල වැඩියෙන් ලබා ගත හැකි වන්නේ සිතේ පවතින පිරිසුදු භක්තිය වැඩිවූ තරමටය. මේ අයුරින් සකස් කරගත් පූජා වට්ටියක් ගෙන කතරගම මහ දේවාලයේදී පූජාවක් තැබීමට යෑමේදී විවිධ බාහිර ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවිය හැකි බැවින් වෙනත් කතරගම දේවාලයකදී හෝ ගමේ පන්සලේ ඇති කතරගම දේවාලයේදී මෙවැනි පූජාවක් සංවිධානය කරගැනීම කාලෝචිතය. ඇතැම් දේවාලවලට සම්බන්ධව පවතින වෙළෙඳ ඒකාධිකාරය නිසා මෙවැන්නක් එවැනි තැනකදී කිරීමට යෑමෙන් අන්තිමේදී වඳින්න ගිය දේවාලය ඉහේ කඩා වැටීමටද ඉඩ ඇති බැවින් ඒ ගැනද අවධානය යොමු කරන මෙන් ඉල්ලා සිටිමි.
Wmqgd .ekSu u