iranama
ඔබ උත්සාහය වීර්යය සපිරි මිනිසෙක්ද?
හදහනෙන් බලාගන්නේ මෙහෙමයි
කෙනකුගේ ජිවිතයේ ජයග්‍රහණය හා පරාජය යන කාරණා හමුවේ ප්‍රධාන තැන ගන්නේ තමාගේ උත්සාහය, වීර්යය හා මහන්සිය වේ. කර්මානුරූපීව කෙනකුගේ දියුණුව හා ජයග්‍රහණ තම කේන්ද්‍ර සටහනේ සඳහන් වුවද ඒ සමඟ ම උත්සාහය හා වීර්යය ඔහු හෝ ඇය තුළ නොමැතිනම් එම ඉලක්කය කරා ගමන් කිරීමට අසීරු වේ. කෙසේ නමුත් කෙනකුගේ උත්සාහය හා වීර්යය තමා තුළ පවතී ද යන්න තම කේන්ද්‍ර සටහන පරීක්ෂා කිරීම මගින් ද ප්‍රකාශ කළ හැකිය.
කෙනකුගේ උත්සාහය පිළිබඳව සැලකීමේදී 3 වැන්නට ප්‍රධාන ස්ථානය හිමි වේ. එය කේන්ද්‍රයක වික්‍රමස්ථානය ලෙස හඳුන්වයි. කේන්ද්‍රයක ස්ථාන 12 ධර්ම, අර්ථ, කාම, මෝක්ෂ යෑයි සිවු වැදැරුම් වේ. මෙහිදී 3 වැන්න වැටෙන්නේ "කාම" යන ස්ථානයටය. එසේම වික්‍රමස්ථානය යනු උපචය ස්ථානයකි. එසේම වික්‍රමස්ථාන අධිපතියා සමහර අවස්ථාවල මාරක ඵල උදාකරයි.
යම් පුද්ගලයකුගේ උත්සාහය, ධෛර්යය, වීර්යය, නිර්ණය කිරීමේදී, කේන්ද්‍රයට අනුරූපීව 3 වැන්නාධිපතියා 3 වැනි භාවයේ පිහිටි ග්‍රහ පිහිටීම්, 3 වැන්නාධිපති සිටි නැකත, නවාංශකය, 3 වැන්නේ පතිත ග්‍රහ පිහිටීම් හා ග්‍රහ දෘෂ්ටීන් විශේෂයෙන් සොයා බැලිය යුතු වේ. උදාහරණයක් ලෙස රවි 3 වැන්නේ සිටියදී ඉගෙනීමට ධෛර්යවන්ත, ඉතා නිරෝගී, හික්මීමකින් යුත් පුද්ගලයන් බිහි කරයි. නමුත් සිංහ ලග්නයට හා මකර ලග්නයට එසේ නොවේ. නමුත් පලාඵල කථනයේදී රවි භාවානුරූපීව 3 වැන්නේ සිටීමද යන්න නිර්ණය කළ යුතු අතර නවාංශකයේ ද ප්රබලව පවතී නම්, එසේම ග්‍රහයා වර්ගෝත්තම වී නම් අනිවාර්යයෙන්ම ශුභ ඵල දෙනු ලබයි. එසේ නමුත් 3 වැනි භාවයේ සියලු ග්‍රහයෝ අශුභ සංයෝග නොවී, අශුභ දෘෂ්ටියෙන් තොරව පවතී නම් සෑමවිටම ශුභ ඵල දෙයි.
එනම් එවැනි පුද්ගලයන්ගේ උත්සාහය, වීර්යය අධික වන අතර එම උත්සාහය, වීර්යය ඵලදායී ලෙස සිදු වේ. එනම් උත්සාහයට ප්‍රතිඵල ලැබේ. කෙනකුගේ උත්සාහය, ජීවිතයේ වැදගත්ම දෙය වන අතර, සමහර පුද්ගලයන් උත්සාහය, මහන්සියට ප්‍රතිපල ලබන අතර සමහර පුද්ගලයන් කිසිදු ප්‍රතිඵලයක් නොලබයි. මෙහිදී වික්‍රමස්ථානය පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු අතර උත්සාහය කුමක් සම්බන්ධවද යන්න අදාළව එම භාවය ද පරීක්ෂා කළ යුතුය. එනම් උත්සාහය අධ්‍යාපනය, ධනය ඉපැයීම, මෝක්ෂය කරා ගමන් කිරීම, ලෞකික සැප සම්පත් ලබා ගැනීම, රැකියාවේ උසස් වීම් ලබා ගැනීම, දේපළ වත්කම් රැස් කර ගැනීම ආදිය වේ. ඉහත සඳහන් කළ කාරණාවලට අදාළව භාව පරීක්ෂා කළ යුතු වේ.
උදාහරණයක් ලෙස අධ්‍යාපනයට 5 වැන්න, අධ්‍යාපනයට කාරක වන්නා වූ ග්‍රහයන්, 5 වැන්නට අදාළ වන්නා වූ සියලු කරුණු (වර්ග) 9 වැන්න ආදිය පරීක්ෂා කළ යුතු වේ. උත්සාහය, ධෛර්යය, ග්‍රහයන්ට අනුරූපීව ප්‍රබල වී, අධ්‍යාපනයට අදාළ වන්නා වූ ග්‍රහ බලපෑම් දුර්වල වුවහොත් එවැනි ග්‍රහ පිහිටීමක් ඇති අයගේ අධ්‍යාපනයට ගන්නා වූ උත්සාහය දුර්වල වේ. එනම් අධ්‍යාපනයෙන් ඉහළටම යැම ඔවුන්ගෙන් සිදු නොවේ. නමුත් එවැනි ජන්මියකුගේ මුදල් ඉපැයීමට අදාළ වන්නා වූ ස්ථානයන් හා ග්‍රහයන් බලවත්නම්, ඔහුගේ හෝ ඇයගේ මුදල් ඉපැයීම ඉතා යහපත් වේ.
මේ අනුව උක්ත සඳහන් කළ සියලු කාරණා සම්බන්ධව පලාපල කථනයේදී සූක්ෂම පරීක්ෂාවක් සිදු කළ යුතු වේ. ඒ අනුව පුද්ගලයන්ගේ දියණුව, උත්සාහය කුමන ආකාරයකින් සිදු වන්නේද? කුමන ආකාරයකින් සිදු කිරීම තුළ ප්‍රතිඵල දායකද යන්න තීරණය කළ යුතු වේ. එහිදී ජ්‍යෙdතිෂ්‍ය තුළින් පුද්ගලයකුගේ ජීවිත ගමන පැහැදිලි කරගත හැකි වේ. මෙහිදී කේන්ද්‍ර සටහනක් රැගෙන ආ විට, ඔහුට හෝ ඇයට පෙර සිදුවූ සිදුවීම් නිවැරදිව ප්‍රකාශ කළ හැකි අතර, මතු අනාගතයේදී සිදුවන සිදුවීම් ද විග්රහ කළ හැකිය. මේ කාරණා තුළදී ජ්‍යෙdතිෂවේදීයකුගේ අත්දැකීම් පලාපල කථනයට වැදගත් වේ.
වැඩි විස්තර සදහා 0718602525/ 0115248187
විද්‍යාවේදී ජ්‍යෙතිෂවේදී ගෝඨාභය මුදලිගේ
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks