iranama
ඔබ අසතුටින් ද? එහෙනම් මෙන්න
සතුට ලබාගන්න නිවැරදි ක්‍රමයක්
ජීවිතේ ගැන සුවිසල් බලාපොරොත්තු පොදි බැඳගෙන දෑත් අල්ලාගෙන මුමුණමින් පියවර මනින පෙම්වතුන් යුවළක් දකිනකොට අපිට හිතෙනවා මේ දෙන්න කොච්චර සතුටින්ද ඉන්නෙ කියලා. තව මාස දෙක තුනකින් මේ ලෝකෙ එළිය දකින්න බලාගෙන ඉන්න පුංචි කිරිකැටිය ගැන දෑස් දල්වාගෙන බලාගෙන ඉන්න නව යුවළ කොයි තරම් සතුටින් ද ? හතර වරිගෙ නෑයො ඉදිරිපිට ජයමංගල ගාථාවලට සවන් යොමාගෙන මද සිනහවක් පාමින් මංගල පෝරුව මත අභිෂේක කරපු මනාල යුවළ ඉන්නෙ කොච්චර සතුටින් ද? අමාරුවෙන් එකතුකර ගත්ත සල්ලි වලින් මිලට ගත්ත වාහනේ යන තරුණයකුටත් එහෙම සතුටක් දැනේවි.
ඔය අතරෙ බඳින්න කෙනෙක් නැතිව විවාහය ප්‍රමාද වෙලා ඉන්න තරුණ තරුණියෝ විවාහයක් ගැනත් තවමත් දරුවෙක් නැතිව ඉන්න විවාහකයෝ දරුලාභ ගැනත්, වාහන හීනය සැබෑ කරගන්න බැරිඋන ඒ අයත් දුකින් අසතුටින් තමයි ඉන්නෙ. ඇත්තටම සතුටින් ඉන්නවා වගේ පෙනෙන බෙහොම දෙනකුට ගොඩක් ප්‍රශ්න තියනවා.
ඉගෙනීම අඩාලවීම, නිමක් නැති ආර්ථික ප්‍රශ්න, ලෙඩ රෝග, දරුවන්ගේ මුරණ්ඩුවීම, සතුරු කරදර, නින්දා අපහාස ඔය වගේ ගොඩාක් කරදර ප්‍රශ්න නිසා මොනවා තිබුණත් ජීවිතේට සතුට නෑ. අද හුඟාක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමා නිමක් නැති වැඩ කන්දරාව. ඉවරයක් නෑ. වැඩ වැඩ වැඩ. රාජකාරි අධික නිසා ගෙදර වැඩ දරුවන්ගේ වැඩ අතපසු වෙලා.
මේ වගේ සංකීර්ණ සමාජයක් තුළ ජීවත්වෙන අපට මේ ප්‍රශ්න විසඳගන්නත් ටිකක් වත් සතුට ලබාගන්නත් ක්‍රමයක් නැද්ද. දරුලාභ, ඉගෙනීමේ සාර්ථකත්වය, වාහනයක්, ඉඩමක් වගේම ජීවිතේට අනාගත සහකාරියක් ලබා ගන්න බැරි ඇයි. හැබැයි පත්තරවල පිටු පුරවල තියන ගුරුකම් වගේ හාස්කම් ගැන නෙවෙයි මම කියන්න යන්නේ. ඒවා හරිද කියල දැන ගන්න ඕන නම් ඒවා කරලම බලන්න. තමන් අසාර්ථක නම් කොහොමද අනුන් සාර්ථක කරවන්නේ. අහිංසක මිනිස්සුන්ගේ කරදරවලින් ගසාකන අය එමටයි.
කරදර එන්නේ හේතුවක් ඇතුවයි. හේතුව හොයා ගැනීම තමයි කරදර විසඳා ගැනීමේ පළමු පියවර. ජ්‍යෙdaතිෂයට අනුවත් කරදරයට හේතුව හොයාගන්න පුළුවන්. ජ්‍යෙdaතිෂයේ දී මේ කරදරවලට කියන්නේ ග්‍රහ අපල කියලා. ඔබ අහල ඇති සෙනසුරු ඒරාෂ්ටක අපලය වගේ වචන.
ඉතිං විද්‍යාව දියුණු මේ කාලෙ කෙනකුට හිතෙන්න පුළුවනි සෙනසුරු කියන්නේ ග්‍රහයෙක්නේ. මේ ග්‍රහයා සූර්යා වටා භ්රමනය වෙනවනේ. ඒ වගේ ග්‍රහයෙක් කොහොමද මේ පෘථිවියේ ඉන්න සුනිල්ට මාලිනීට අපල කරදර කරන්නේ කියලා. අනික් අතට කිලෝමීටර් ලක්ෂ ගාණක් දුර ඉන්න ග්‍රහයෝ අඩි දෙක තුනක් දුරින් ඉන්න දෙන්නෙකුට කොහොමද දෙවිදියකට බලපාන්නේ.? මේ වගේ තර්ක ඉස්සර ඉඳලම කෙරෙනවා.
ඇත්තටම අහසේ ගමන් කරන තාරකා මිනිස්සුන්ට අපල නැත්නම් සපල කරන්නේ නෑ. ඒ වුණාට අපි කරල තියන පින් පව් පෙන්නනවා. ඒවා සංඥා. උපදිනකොට මේ ග්‍රහ තාරකා තිබුණ විධියත් ඊට පස්සේ වෙනස්ව ගමන් කරන විධියත් පෙන්නනවා. පින් පව්වලට අනුකූලව ලැබෙන දුක නැත්නම් සැප ගැන කේන්දරේ බලනවා කියන්නේ මේ කාලෙ ලැබෙන්න තියෙන්නේ දුකද සැපද කියල දැනගන්න එක. තවත් විදියකට කියනවා නම් කුසල අකුසල කර්ම වල විපාක ගැන දැනගන්න එක.
අපි කරදර බහුල කාලයක් කියලා කියන්නේ අකුසල කර්ම විපාක ලැබෙන කාලයක්. පෙර ආත්මවල කර්ම විපාක අනුව ඒවා ලැබෙනවා. හැබැයි අපට කරදර ගෙන දෙන කාරනා තුනක් තියනවා. ඒ මේ විදියටයි.
1. කර්ම දෝෂ - ජන්ම පත්‍රයෙන් දැන ගන්න පුළුවනි.
2. වාස්තු දෝෂ - පදිංචි නිවස / ඉඩම පරීක්ෂා කිරීමෙන් දැනගන්න පුළුවන්.
3. අමනුෂ්‍ය දෝෂ - තත්කාල ශාස්ත්‍රයෙන් දැනගන්න පුළුවන්.
මොන කරදරේ හරි මේ අංශ තුනට ඇතුළත් වෙනවා. ඉතිං ඒක හඳුනා ගැනීම තමා විසඳුමේ පළමු පියවර.
ඉතිං ග්‍රහ අපල කියන්නේ කර්ම දෝෂවලට. යම් ග්‍රහයෙක් උපතේ දී වගේම මේ දවස්වලත් දුර්වල නම් ග්‍රහයාට අයිති දේ හරහා කරදර එනවා. අපි හිතමු සෙනසුරු අපලයක් කියලා. එතකොට සෙනසුරුගෙන් කියවෙනා සේවකයන්ගෙ ප්‍රශ්න සේවක ගැටලු ඇතිවෙනවා. ඒවගේම වාතාබාධ සෙම් රෝග වගේ අසනීප, සිත්තැවුල්, ධන හානි සිදුවෙනවා.
එහෙම අපල කරන්නේ රවි නම් රවිගෙන් කියන පාලක පක්ෂය රැකියා ප්‍රධානියගෙන් කරදර, ස්ථාන මාරු, නීතිමය ගැටලු, සේවයෙන් පහවීම, තත්ත්වයෙන් පහළ වැටීම, හෘදයාබාධ රුධිර පීඩනය, රත් පිත් රෝග වගේ අපල කරදර එන්න පුවළුන්.
සඳුගෙන් කියෑවෙන අපලයක් නම්, අලසකම, නිදිමත, වැඩ කල් දැමීම, සෙම, පීනස, වමනය, පාචනය වගේ රෝග උසස් කාන්තා පක්ෂයෙන් කරදර වගේ දේවල් හිත අකර්මන්‍ය වෙලා දුර්වල වෙලා.
කුජ නම් අපල කරන්නේ හිතේ කලබල ගතිය, ඉක්මනින් කේන්ති යැම, රණ්ඩු සරුවල්වලට මැදිවීම, පහර කෑමට ලක්වීම, හදිසි අනතුරු, ලේ වැගිරීම් සහෝදරයෙක් එක්ක අමනාප වීම වගේ කරදර ඇතිවෙන්න පුළුවනි.
ඔබේ අසතුටට හේතුව බුධගේ අපලයක් නම් කල්පනා ශක්තිය නැතිවීම කථන දුර්වලතා ගොත ගැසීම, ස්නායුගත ආබාධ ඔබට විරුද්ධව බොරු චෝදනා, පෙත්සම් ඉදිරිපත් වීම වගේ කරදරත් හමේ රෝග, කුෂ්ඨ රෝග වගේ ගැටලුත් ඇති වෙයි.
විවාහ ප්‍රමාද වීම, අඹුසැමි අමනාපකම් ඇතිවීම පෙම් සබඳතා කැඩී බිඳී යැම, ලිංගික දුර්වලතා , ශුක්‍ර දෝෂ, කුරුළෑ, දද, මුත්‍රාශයේ දෝෂ, මේ වගේ කරදර එන්නේ සිකුරු ගේ අපලයක් ඇති දවස්වලටයි.
ඉවරයක් නැති ගමන් බිමන්, රහස් සතුරු කරදර, ගැස්ට්‍රයිටීස් වගේ රෝග. බඩවැල ආශ්රිත රෝග, බඩ වියලීම, හිතේ චංචල බව අවධානය නැතිවීම, නොගැලපෙන ඇසුර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම රාහුගේ අපලයකදී සිද්ධ වෙනවා.
ඒ වගේම ආත්ම විශ්වාසය නැතිවීම, ඇ`ග කෙට්ටුවීම, ඔසප් දෝෂ, පණු රෝග සමාජයේ අඳුරට මුල්ලට තල්ලුවීම, පාදවල රෝග, විටමින් යකඩ ඌණතාවය නිසා ඇතිවෙන පෝෂණ ගැටලුවලට හේතුව කේතුගේ අපලයක් වෙන්න පුළුවනි.
ඉතිං ඔබ කීවෙ ටිකයි. මේ ග්‍රහයෝ පෙන්නන දේවල් බොහෝමයි. ඔබේ කරදරයට හේතුව ජන්ම පත්‍ර පරීක්ෂාවෙන් දැනගන්න පුළුවනි. ඒ වගේම තත්කාල කේන්ද්‍ර පරීක්ෂාවකින් මේ ග්‍රහ අපලත්, නිවසේ අමනුෂ්‍ය දෝෂත්. වාස්තු දෝෂත් හඳුනාගන්න පුළුවනි. වාස්තු දෝෂ හින්දත් මානසික ගැටලු ඇතිවෙන්න ඉඩ තියනවා.
කරදර දුරුකර ගන්න කියල එහෙම නැත්නම් ග්‍රහ අපල දුරු කර ගන්න කියලා ක්‍රම ගොඩක් ශාස්ත්රයේ සඳහන් වෙලා තියනවා. මේ එයින් කීපයක්,
ග්‍රහයාට අයිති යන්ත්‍ර පැළඳවීම
අපල දුරු කිරීමට මැණික් පැළඳීම.
යාග හෝම ශාන්තිකර්ම
බෝධි පූජා තැබීම
දෙවියන්ට භාරහාර වීම
සෙත්කවි කියවීම
දාන මාන දීම
නවග්‍රහ කවච කියවීම
ස්තෝත්ර කියවීම
රට හැර යැම
වශී ගුරුකම් කරවීම
සතුරන් දමනයට ගුරුකම් කරවීම
අණ වින කිරීම
නවග්‍රහ පූජා තැබීම
මේ වගේ දේවල් ගොඩක් කරදර දුරු කරගන්න අනුගමනය කරනවා. හැබැයි මෙයින් ගොඩක්ම කරන්නේ වෙන කෙනකුගේ ආධාර උපකාර ඇතුවයි. විශේෂයෙන්ම ගුරුකම්කරන්නේ වෙනත් ඇඳුරෙක්. මැණික් ගැන උනත් විවිධ මත තියනවා. අපිට මේවා අත්හදා බලන්න බෑ.
ඉතිං මේ කරදර වලින් ගැලවෙන්න කරන්න ඕන පළවැනිම දේ තමයි මනස ශක්තිමත් කර ගැනීම. හිත නිරවුල් කරගැනීම. එය ඔබටම කරන්න පුළුවන් දෙයක්.
පළමුව ඔබ ඔබේ ආගම සිහිකරන්න. බෞද්ධ නම් බුද්ධ වන්දනාව කරන්න නීති විරෝධී දේ ආරම්භ වෙන්නේ පංච සීල ප්‍රතිපත්තියට විරුද්ධ වීම නිසයි. පන්සිල් අධිෂ්ඨන කර ගන්න. ඊළ`ගට ඔබ නිදාගන්නා ඇඳේම නැත්නම් ආගමික කටයුතු කරන තැන වාඩිවෙන්න. පහසුවෙන් වාඩි වෙන්න. සද්ද බද්ධ නැති වෙලාවක් මේ සඳහා තෝරා ගැනීම හොඳයි. රාත්‍රී නින්දට පෙර, නැත්නම් පාන්දර වගේ.
ඔබ හිතන්න ඔබ හරියටම කන්දක් වගේ නිශ්චලයි. සෘජුයි ශක්තිමත් කියලා. කොන්ද කෙලින් තියාගන්න. ඊට පස්සේ ඈතට දුවන හිත ළඟට ගන්න. හිස කෙස් වල ඉඳලා පහළට නළල, ඇහිබැම, ඇස්. නාසය, කන්දෙක තොල්, නිකට, ඔය වගේ පහළට පහළට හිත ගෙනියන්න. ඒ ඒ කොටස් ගැන හිතමින් සැහැල්ලු කරන්න. පාද වල ඇඟිලි කෙළවර වෙනකල්ම හිතල ආපහු ඉහළට එන්න. පාදවල ඇඟිලි, වළලුකර, දනහිස ඔයවගේ ඉහළට හිස් මුදුන දක්වාම එන්න. දැන් ඔබට සැහැල්ලුවක් දැනේවි. දැන් ඔබේ හිතයි ශරීරයයි එක තැනක.
ඊට පස්සේ හිත යොමු කරන්න ඔබේ හුස්ම දිහාවට හුස්ම දිහා බලාගෙන ඉන්න. හිතල හුස්ම ගන්න එපා. හුස්ම වැටෙන විදිය බලාගෙන ඉන්න. මිදුලක ඉන්න කෙනකුට ගෙදර දොරෙන් ඇතුළට යන එන අය දිහා බලාගෙන ඉන්නවා වගේ. ටික වේලාවක් මේ විදිහට බලාගෙන ඉන්න. හුස්ම ඇතුළට යනව පේනවා. එවිට එනව පේනවා දැනෙනවා.
ඊට පස්සේ හුස්ම ඇතුළට එනකොට "මම සුවපත් වේවා" කියල හිතන්න.
හුස්ම පිටට එනකොට ඔබ කැමති, ගෞරව කරන කෙනා සුවපත් වේවා කියල හිතන්න.
සමහර විට අම්මා, තාත්තා, ගුරුවරයා, බිරිඳ, සැමියා, දුව පුතා ඔය වගේ මාරුවෙන් මාරුවට හිතන්න. ඊට පස්සේ හුස්ම ඇතුළට එන කොට "මම සුවපත් වේවා" හුස්ම පිටට යනකොට "අන් අය සුවපත් වෙව්d" ඔය විදිහට හිතන්න.
''මම සුවපත් වේවා'' "අන් අය සුවපත් වේවා" ඔය විදිහට දිගටම හිතන්න. අන් අය සුවපත් වේවා කියල හිතන ගමන් ඒ ප්‍රාර්ථනාව ඉදිරියට පසුපසට ඉහළට පහළට වමට දකුණට යොමු කරන්න. මේ තත්ත්වය විනාඩි 20 වත් කරන්න. ඊට පස්සේ වෙලාව වැඩි කරන්න බලන්න. විනාඩි 20 ක් කරල නැගිටින කොට භාවනාව ඉවර නෑ. එළියට යනකොට පාරෙ යනකොට, තමන්ගෙ රැකියාව කරන ගමන් හරියට මන්ත්‍රයක් වගේ "සුවපත් වේවා'' කියල හිතමින් කරන්න. මේ අදහස හිතේ මුමුණන ගමන් වාහනයක් එලවන්න වුණත් පුළුවන්. බැරිද කියලා කරල බලන්න. මේ තමයි මහානුභාව සම්පන්න මෛත්‍රී භාවනාව.
මේක කරන්නෙ වෙන කවුරුවත් නොවේ. ඔබමයි. ඔබටම තේරෙයි ප්‍රතිඵල. මෛත්‍රීයේ ආනිශංශ එකොළහක් ගැන ධර්මයේ ස`දහන් වෙනවා. මෙත්තානිශංස සූත්‍රය බලන්න. හොඳට නින්ද යනවා. හොඳට අවදිවනවා. නපුරු හීන පෙනෙන්නේ නැහැ. මූණ ලස්සන වෙනවා. මිනිස්සුන්ට ප්‍රිය ජනප්‍රිය කෙනෙක් වෙනවා. අමනුස්සයන්ටත් ප්‍රිය වෙනවා. ඔය කිපයක් විතරයි.
මෛත්‍රියේ බලයෙන් අකුශල කර්ම ශක්තිය යටපත් වෙනවා. කුශල ශක්තිය ඉස්මතු වෙනවා. ඒ කියන්නේ අපල දුරුවෙනවා කියන එකයි. ඉතිං කරදර අඩුවෙනවා. සතුටුදායක සැනසිලිදායක තත්ත්වයක් උදාවෙනවා. මේ තමයි ඇත්ත.
ඔබට මොන ග්‍රහ අපලයක් තිබුණත්, මොන අමනුෂ්‍ය දෝෂයක් තිබුණත් බහිරව ප්‍රේත දෝෂයක් තිබුණත් ඒක අඩු කරන්න මේ භාවනාව ශක්තියක් වේවා. සැනසිලි සුවය සොයාගත යුත්තේ ඔබමයි. මේ ක්‍රමය එයට අත්වැලක් වේවා.
කෑගල්ලේ සුනිල් කුමාර ගම්ලත්
වැඩි විස්තර සදහා - 035 2232084/ 077 1234313
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks