iranama
ඔබේ විසිදෙවන දේර්කාණාධිපතියා හඳුනා ගන්න
2015 සැප්තැම්බර් 6 දින ඉරිදා දිවයින පත්‍රයේ නැකත අතිරේකයේ "ගුරු මාරුව ඔබට දැනෙනවාද?" යනුවෙන් මගේ ලිපියක් පළවිය. උගත් ජ්‍යොතිෂඥයන් විසින් ගුරු මාරුව ලග්නවලට බලපාන හැටි විග්රහ කර තිබිණි. මගේ ලිපියෙන් ඊට වෙනස් අදහසක් පළ කළෙමි.
එම ලිපියේදී ගුරු හා සඳු විසිදෙවන දේර්කාණාධිපතියා වන හැටි පෙන්වා දුනිමි. රාහු හා කේතු හැර අනෙක් ග්‍රහයන් හත්දෙනාම ඒ ඒ ලග්න හා නවාංශක අනුව විසිදෙවන දේර්කාණාධිපතියා වනු ඇත. එම නිසා බොහෝ දෙනෙක් තම තමන්ගේ ලග්නයට හා නවාංශකයට අනුව විසිදෙවන දේර්කාණාධිපතියා කවුරුන් දැයි විමසනු ඇත. ඒ සියලු දෙනාටම උපන් ලග්නයට හා නවාංශකයට අනුව විසිදෙවන දේර්කාණාධිපතියා වන ග්‍රහයා දැනගැනීමට මෙම ලිපි පෙළ උපකාරී වනු ඇත.
අපි පළමුව මේෂ ලග්නයේ නවාංශක අනුව විසිදෙවන දේර්කාණාධිපතියන් සොයමු.
මේෂ ලග්නය හා මේෂ හෝ වෘෂභ හෝ මිථුන හෝ නවාංශකයන් හිමිව උපන් අයට මේෂ ලග්නයේ අටවැන්න අධිපති කුජ විසිදෙවන දේර්කාණාධිපති වේ. කුජ ලග්නාධිපතියා වුවත් අට අධිපති වී විසිදෙවන දේර්කාණාධිපතියා වූ නිසා කුජ අසුබ ඵල ඇති කරයි.
මේෂ ලග්නය හා කටක හෝ සිංහ හෝ කන්‍යා හෝ නවාංශකයක් හිමිව උපන් අයට මේෂ ලග්නයෙන් දොළොස්වැන්න වූ මීනය අධිපති ගුරු විසිදෙවන දේර්කාණාධිපතියා වේ.
මේෂ ලග්නය හා තුලා හෝ වෘශ්චික හෝ ධනු හෝ නවාංශකයක් හිමිව උපන් අයට මේෂ ලග්නයෙන් හතරවැන්න වූ කටක රාශිය හිමි සඳු හෙවත් චJද්‍රයා විසිදෙවන දේර්කාණාධිපතියා වේ.
මේ අනුව මේෂ ලග්නයේදී කුජ හෝ ගුරු හෝ සඳු හෝ විසිදෙවන දේර්කාණාධිපතියා වන බව තේරුම් ගත යුතුය.
වෘෂභ ලග්නය හා මකර හෝ කුම්භ හෝ මීන හෝ නවාංශකයක් හිමිව උපන් අයට අට අධිපති ගුරු විසිදෙවන දේර්කාණාධිපතියා වේ.
වෘෂභ ලග්නය හා මේෂ හෝ වෘෂභ හෝ මිථුන හෝ නවාංශකයක් හිමිව උපන් අයට දොළහ අධිපති කුජ විසිදෙවන දේර්කාණාධිපතියා වේ.
වෘෂභ ලග්නය හා කටක හෝ සිංහ හෝ කන්‍යා හෝ නවාංශකයක් හිමිව උපන් අයට හතර අධිපති රවි විසිදෙවන දේර්කාණාධිපතියා වේ.
මිථුන ලග්නය හා තුලා හෝ වෘශ්චික හෝ ධනු හෝ නවාංශකයක් හිමිව උපන් අයට අට අධිපති ශනි හෙවත් සෙනසුරු විසිදෙවන දේර්කාණාධිපතියා වේ.
මිථුන ලග්නය හා මකර හෝ කුම්භ හෝ මීන හෝ නවාංශකයක් හිමිව උපන් අයට දොළහ අධිපති සිකුරු විසිදෙවන දේර්කාණාධිපතියා වේ.
මිථුන ලග්නය හා මේෂ හෝ වෘෂභ හෝ මිථුන හෝ නවාංශකයක් හිමිව උපන් අයට හතර අධිපති බුධ විසිදෙවන දේර්කාණාධිපතියා වේ. මේ අනුව මිථුන ලග්නයේදී ශනි හෝ සිකුරු හෝ බුධ හෝ විසිදෙවන දේර්කාණාධිපතියන් වනු ඇත.
අපි කටක ලග්නය බලමු. කටක ලග්නය හා කටක හෝ සිංහ හෝ කන්‍යා හෝ නවාංශකයක් හිමිව උපන් අයට අට අධිපති ශනි විසිදෙවන දේර්කාණාධිපතියා වේ.
කටක ලග්න හා තුලා හෝ වෘශ්චික හෝ ධනු හෝ නවාංශකයක් හිමිව උපන් අයට දොළහ අධිපති බුධ විසිදෙවන දේර්කාණාධිපතියා වේ.
කටක ලග්නය හා මරක හෝ කුම්භ හෝ මීන හෝ නවාංශකයක් හිමිව උපන් අයට හතර අධිපති සිකුරු විසිදෙවන දේර්කාණාධිපතියා වේ. මේ අනුව කටක ලග්නයේදී ශනි හෝ බුධ හෝ සිකුරු හෝ විසිදෙවන දේර්කාණාධිපතියන් වනු ඇත.
සිංහ ලග්නය හා මේෂ හෝ වෘෂභ හෝ මිථුන හෝ නවාංශකයක් හිමිව උපන් අයට අට අධිපති ගුරු විසිදෙවන දේර්කාණාධිපතියා වේ.
සිංහ ලග්නය හා කටක හෝ සිංහ හෝ කන්‍යා හෝ නවාංශකයක් හිමිව උපන් අයට දොළහ අධිපති සඳු විසිදෙවන දේර්කාණාධිපතියා වේ.
සිංහ ලග්නය හා තුලා හෝ වෘශ්චික හෝ ධනු හෝ නවාංශකයක් හිමිව උපන් අයට හතර අධිපති කුජ විසිදෙවන දේර්කාණාධිපතියා වේ.
අපි දැන් මේෂ, වෘෂභ, මිථුන, කටක හා සිංහ යන ලග්න පහට ඒ ඒ ග්‍රහයන් විසිදෙවන දේර්කාණාධිපති වන හැටි පරීක්ෂා කෙළෙමු. ඊට පසු ඔබ විසින් කළ යුත්තේ ඔබේ විසිදෙවන දේර්කාණාධිපතියා හඳුනාගෙන එම ග්‍රහයා කේන්ද්‍රයේ කුමන භාවයක සිටී දැයි බැලීමය. කේන්ද්‍රයේ අසුභ ග්‍රහයා විසිදෙවන දේර්කාණාධිපතියාය. කිසියම් භාවයක සිටීනම් එම භාවයේ ඵල හීන කරන බව දැක්විය හැකිය.
උදාහරණයක් වශයෙන් හත්වැන්න ගනිමු. හත්වැන්නෙන් කිව හැකි කරුණු බොහෝය. නමුත් ප්‍රධාන වශයෙන් විවාහය ගැන බලනුයේ හත්වැන්නෙනි. විසිදෙවන දේර්කාණාධිපතියා වී කිසිම ග්‍රහයෙක් හත්වැන්නේ සිටීම හොඳ නැත. විවාහය පමාවීම, නොගැළපෙන සහකාරයෙක් හෝ සහකාරියක් ලැබීම. අතෘප්තිමත් යුග දිවියක් ගත කිරීමට සිදුවීම ආදී වශයෙනි.
විසිදෙවන දේර්කාණාධිපතියා දහයේ සිටීම රැකියාව සම්බන්ධයෙන් බලපායි. මෙසේ විසිදෙවන දේර්කාණාධිපතියා සිටින භාවයේ ඵල හීන කරනු ඇත.
එසේම විසිදෙවන දේර්කාණාධිපතියා වන ග්‍රහයාට අනුවද පලාපල බැලිය යුතුය. අපි බුධ විසිදෙවන දේර්කාණාධිපතියා වූ විට පළ දෙන අයුරු බලමු. බුධගෙන් නැන්දලා මාමල, නෑනල, මස්සිනාල, ලේලි, බෑනලා පෙන්නුම් කරයි. (විවාහයට කේන්දරය බලපාන හැටි" ගුණසේන ප්රකාශනයකි) ඒ අයගෙන් පළ ප්‍රයෝජන අඩුය. ඒ අයගේ ක්‍රියා නිසා තමා අපහසුවට ද පත් විය හැකිය. විවාහයෙන් පසු භාර්යාවගේ හෝ ස්වාමියාගේ හෝ දෙමාපියන් සහෝදර සහෝදරියන් තමාට නැන්දල මාමල නෑනල මස්සිනාල වනු ඇත. ඒ ගැන සැලකිළිමත් විය යුතුය.
බුධ කථාවට අධිපතිය. බුධ විසිදෙවන දේර්කාණාධිපතියා වූ අයකුගේ කථාව වැඩිය නැත්නම් කතාව හොඳටෝම අඩුය. දුරදිග නොබලා කතා කරන අයද වේ. පසුව හිතන විට තමාටම එහි වරද වැටහෙනු ඇත. මෙවැන්නෝ කතාව නිසා සමාජයේ අප්‍රසාදයට ද ලක් වෙති. වැඩි විස්තර සදහා 0114262367
Wmqgd .ekSu u