iranama
ඔබේ ජීවිතයට සඳු බලපාන්නේ මෙහෙමයි
ග්‍රහලෝකයේ මව ලෙස සලකන සඳු හෙවත් චන්ද්‍රයා පොළවට ඉතා ආසන්නව පිහිටා ඇති ජාල ගෝලයක් බව කියෑවේ. මෙහි විෂ්කම්භය කි.මී. 34608 ක් පමණ වන අතර පෘතුවියේ සිට ඊට දුර කි. මීටර් 149275 ක් පමණ වේ. එයට පෘතුවිය වටේ යාමට දින 27 ක් පමණ ගත වේ. කේන්ද්‍රයේ එක් ස්ථානයක සිට පිටවත්ව ගොස් නැවත එම ස්ථානයට ඒමට දින 29 පමණ ගත වේ. චන්ද්‍ර මාසයේ ප්‍රමාණයද මෙය වේ. ස්වකීය ලෙස ආලෝකයක් නොමැති සඳුට ආලෝකය ලැබෙන්නේ සූර්යාගෙනි.
සඳු එක් මසක කාලයක් තුළ පුර සහ අව වශයෙන් රවිට ලංවෙමින් හා ඈත් වෙමින් හැසිරෙයි. සම්පූර්ණයෙන් ඈත්වූ දිනය පුර පසළොස්වක යනුවෙන්ද, ඉතාම ලංවූ දිනය මාස පෝය යනුවෙන්ද හැඳින් වේ. පුර පක්ෂයේ චන්ද්‍රයා සියලු යහපත උදාකරයි. අව පක්ෂයේ චන්ද්‍රයා සිටියදී උපන් අය දුක් කරදර විඳියි. විවිධ මානසික ප්‍රශ්නවලට මුහුණපායි. චන්ද්‍රයා රාශි දොළහේ ගතකරන කාලවලදී ජන්මියාට ලබාදෙන ශුභ අශූභ විවිධාකාරි වේ.
සඳු ලග්නයේ හෙවත් පළවෙනි කොටුවේ සිටියදී උපන් අය දැකීමට ප්‍රිය උපදවන පියකරු ශරීරයකින් යුක්ත වේ. කාගේත් සිත් දිනා ගැනීමට හැකි වේ. ඉගෙනීමට දක්ෂතාවයක් දක්වන අතර ප්‍රවේශයෙන් වැඩකටයුතු කරයි. සැප සම්පත් විඳීමේ භාග්‍යය ඇත්තෙක් වෙයි. උසස් අය ප්‍රභූ අය ඇසුරු කරයි. අව පක්ෂයේ චන්ද්‍රයාත්, පාප ග්‍රහ දෘෂ්ටි හා සංයෝගයෙන් යුතු චන්ද්‍රයාත් අභූභ ඵලදේ. සෙම් රෝග, පීනස්, අක්ෂි රෝග ආදිය ඇති කරයි. කෑම හෝ ජලය නිසා පීඩා ඇති වේ. කෘෂි කර්මාන්තය හෝ ජලය ආශ්‍රීත කටයුතුවල යෙදෙයි. විවාහයට ලැබෙන අය අත්හැර යැම හෝ මරණය හෝ නිතර අඩදබර සහිතව ජීවත්වීමට සිදු වේ. එවන් අය විශේෂයෙන් සූක්ෂමව පොරොන්දම් පරීක්ෂාකර විවාහවිය යුතු වේ.
චන්ද්‍රයා දෙවැන්නේනම් ශරීර සැපයෙන් යුතු වේ. ධන ලාභ හා හිතේ සතුට ඇති වේ. ස්ත්‍රියක මෙන් කටයුතු කරයි. ඔහුගේ හෝ ඇයගේ මුහුණ ඉතා පියකරු වේ. කතාවට දක්ෂයෙකු වන නිසාම දේශපාලන කටයුතුවලට වඩාත්ම ගැලපේ.
චන්ද්‍රයා තුන්වැන්නේ සිටියදී උපන් අයට ශුභ ඵල වඩාත්ම ගෙනදෙයි. ඇවිදීමේ දක්ෂයෙකු වේ. ගුණයහපත් උගත් සහෝදර සහෝදරියන් ලැබෙයි. ධාර්මික ගතිය ඇති වේ. මැණික් හා භූමි සම්පත් ලැෙබීමේ වාසනාව ඇත. නමුත් සඳු දුර්වලව සිටියොත් උගුරේ සෙම් ගෙඩි සහ වෙනත් වණ හා ගෙඩිද තුවාලද ඇතිවිය හැක. උරහිස්වලද දෙඅත්වලද අප්‍රාණික භාවය ඇතිවිය හැක.
සඳු හතර වැන්නේනම් ඔහුට හෝ ඇයට මවගේ දේපළ අයිතිය හිමි වේ. අලුත් ගෙවල් දොරවල්ද හිමි වේ. මවටද සැපවත් භාවය ඇති කරවයි. යාන වාහනද හිමි අය වෙති.
හතරේ සඳු දුර්වලව සිටියොත් මෙම තත්ත්වය වෙනස් ආකාරවේ. එවිට සෙම් රෝග ක්ෂය රෝග, උන්හිටිතැන් අහිමිවීම හා අබලන් නිවාස හා පැරැණි නිවෙස්වල වාසය කිරීමට සිදු වේ.
සඳු පස්වැන්නේ සිටියදී ජන්ම ලාභය ලැබුවෝ මනා හික්මීමකින් යුතු අය වෙති. ඉගෙනීමෙහි වැඩි දක්ෂතාවයක් පෙන්නුම් කරයි. අධික කාමාශ ඇත්තෝ නිසා දරුවන් වැඩි දෙනෙකු ලබයි. රූපත් ස්තිs්රයක් හෝ රූපත් පුරුෂයෙක් හා විවාහය සිදු වේ.
වාද විවාදවලදී ජය ලබයි. මිනිසුන්ගේ සිත් ගන්නා මෘදු කලා විලාශයක් ඇති වේ. සඳු දුර්වලව සිටියොත් නිතර කලකිරුණු සිත් ඇත්තෝ වෙති. මවට විරුද්ධ වේ. බඩේ රෝග ඇතිවේ. මොළයේ ව්‍යාකූල ගතිය ඇතිවීමෙන් මානසික ලෙඩෙකු බඳු වේ.
චන්ද්‍රයා හයවැන්න අටවැන්න හා දොළොස්වැන්න ගතව ඇත්නම් එහිදී සඳුගෙන් අශුභ ඵල ලැබේ. එම ස්ථාන සඳුට අශුභ ස්ථාන වේ. එවිට රෝග පීඩාදියට ගොදුරු වේ. සඳු හයවැන්නේ නම් සුරා පානයට ප්‍රිය වේ. කලා කටයුතුවලටද ප්‍රියතාවයක් දක්වයි. සඳු දුර්වලව සිටියොත් ශරීරය සුදුමැලි වේ. වණ ගෙඩි, පිළිකා ආදී රෝග ඇති වේ.
චන්ද්‍රයා හත්වැන්නේ සිටියදී උපත ලැබූ අයගේ විවාහය ඉක්මන් කරවයි. යහපත් විවාහයක්ද කෙරෙනු ඇත. පවුල් ජීවිතය අවුල් වියවුල්වලින් තොර ප්‍රීතිමත් එකක් වනු ඇත. මිල මුදල් ධන ධාන්‍යාදිය නොඅඩුව ලැබේ. සඳු අශුභව හතේ සිටියොත් නිතර හිතේ කලකිරීම් ඇති වේ. නිතර හඬන, වැළපෙන ස්ත්‍රීන් හෝ පුරුෂයින් සමග විවාහය සිදු වේ. දියවැඩියාව ප්‍රමේහ රෝග ලිංගික රෝග ආදිය වැලඳේ.
අටවැන්න සඳුට යහපත් නොවේ. නිතර රෝග පිඩාදීයෙන් වේදනා විඳීමට සිදුවේ. උණ අතිසාර වැනි පවතින රෝග ඇති වේ. වෛද්‍යවරුන් හා බෙහෙත් ආශ්රයෙන් ජීවත්වීමට සිදු වේ. මවට හා බිරිඳටද විපත් ඇති කරවයි. සිය උපන් රට හැර අන් රටවලට යාමට සිදු වේ. නව වෙනි භාවයේ සඳු සිටින අයට විදේශගමන් යෙදේ. සුකුමාර ශරීරයක් ඇති වෙයි. ස්ත්‍රීන් සමූහයක් පාලනය කරන්නෙකුවේ. භික්ෂු භාවයට පත්වීමට රතම් ධාර්මික වේ. සඳු දුර්වලවී සිටියොත් මවට විපත් ඇති වේ. ජලයෙන් අනතුරුද ඇති වේ.
දහයේ සඳු සිටින විටදී නෑදැයින්ගෙන් සැප ලබයි. රජයෙන්ද ගෞරව ලබයි. චිත්ත බලය ප්‍රධානකොට සියලු දෙයින් ජය ලබයි. මවගේ දේපළ හිමි වේ. ජලයෙන් ප්‍රයෝජන ලබයි. සඳු දුර්වලව සිටියොත් සිතේ දුර්වලකම නිසා පිරිහෙයි. ජලයෙන් හානි වෙයි. පියාගෙන් මවටද කරදර ඇති වේ.
සඳු එකොළොස් වැන්නේ සිටියදී උපන් අය ගිය ගිය තැන මිතුරන් ඇතිකරගනී. සාර්ථක විවාහ දිවියක් ගත කිරීමට භාග්‍යය හිමි වේ. ව්‍යාපාර කටයුතුවලින් දියුණුවේ. සමාජසේවා, ආගමික කටයුතු මෙන්ම දේශපාලන කටයුතු කෙරෙහිද සිත් යොමුවෙයි. සඳු දුර්වලව සිටියොත් මවගේ රෝග පීඩාදියට විශාල වශයෙන් වියදම් කිරීමට සිදු වේ.
සඳු දොළොස්වැන්නේ සිටි විට අශුභ ඵල වැඩිවෙයි. හය, අට, දොළසේ චන්ද්‍රයා සියලු අභුභ ඵල ගෙනදේ. සතුරෝ බොහෝ වෙති. දුක් සහිත කාර්යවල යෙදෙයි. පාප සංයෝග, පාප දෘෂ්ටිලත් අව චන්ද්‍රයා වී ඒ දශාව ලැබුවොත් සිර අඩස්සි වීමටද ඉඩ ඇත. පුරා චන්ද්‍රයා ශුභ බවත් සිත තබාගත යුතුය. මාස පෝය සමග දෙපැත්තේ දවස් 10 ක් අව චන්ද්‍රයා වෙයි. පසළොස්වක පෝය සමග දෙපැත්තේ දවස් 10 ක් පුරා චන්ද්‍රයා වෙයි. ඉතිරි දවස් 10 තුළ මධ්‍යම බලවේ.
Wmqgd .ekSu